Wednesday, July 5, 2017

යටැස් ඉඟි



හහා !!
කෙල්ලේ,
ඒ බැලුම් ඉඟි,
යටැසින් එවා
පා කළ මෘදු
කැළුම් එළි,
නොදැක්කා සේ
සිටි නිසාවෙන්වද
මට,
ඔය තරම් හද
දවනසුළු
රැවුමන්..!

~ ඉග්නෝර්ඩ් රයිටර් ~

7 comments:

  1. කැලුම් එළි
    නොපෙනෙන තරමට,
    ඇතිවාද නිර්වින්දිතව
    බැලුයෙමි
    රවා මා

    ReplyDelete
  2. හැඩිය යුතු තැනදී
    සිනාසී ඉමි
    පෙම් හැඟුම් ඉහිරෙනකොට
    ඉවත බලමි
    විහිදුනු දෑත් දැක දැක
    කබායක ගුලිවෙමි
    ආපසු හැරී යන ඔබ දැක
    සුසුම්ලමි

    ReplyDelete
  3. දිගු වරල අතැ'ර මම
    තට්ටු විලාසිතයට කැපුනු
    වරලසක් - පැලැන්දෙමි....

    හැකිපමන සීරුවෙන්
    නෙක සඳුන් වීරියෙන්
    කරන රූ - කරන්නෙමි....



    බුහුටි මගෙ රත් දෙපා
    උස්ව ගෙන යන වහන්
    නේක වර්ණෙන් විටෙක - ඇවිද යමි....

    කලෙක මෙතෙකත් නොදුටු
    මගේ සියුමැලි හැඩය
    යලිදු ඔබගේ නෙත'ග - වෙලෙව්වෙමි.....

    වරද කීම මා අතම
    මගේ රණහස් සැඟවූ
    ආදරේ නොදිටිනම් - අසන්නෙමි....

    ReplyDelete
  4. අනේ කොල්ලෝ.. කට වහන් හිටු

    ReplyDelete