මේ සිහින සාගරේ
මායා දසුන් අතරේ
නිරතුරු රුවක් ඇඳුනේ
ඒ නුඹේ රුව ළඳුනේ
සිහින් ස්වරයෙන් සුසුමේ
නින්ද මගේ දුර ඇදුනේ
තුරුල් වී උර සයනේ
සිපගන්න කම්මුල් රහසේ
විඳගන්න ඔය සුවඳ රිසිසේ
තරු එක්ක මං එන්නම් සුළගේ
සඳ එක්ක නොගිහින් අහසේ
නවතින්න මං ලඟම මැණිකේ
අද තරුවක් පායනවලු
හඳට වඩා එලිය තියන
වෙන සඳ තරු මොකටද මට
මගේ සුදු සඳ පායනකොට
සඳ පිනි කැට දියේ හොවා
ඒ සිසිලෙන් දෑත දොවා
නිම්හිම් නැති ලොවක් සොයා
ඇවිද යමුද හෙටක් පතා
නුඹ සිහිනෙන් දැකපු හීන
හෙට වෙනවා සැබෑ ඔන්න
සතුටු කඳුළු පිටකරන්න
ඇති වෙනකම් දැන් අඬන්න
ඉස්සර ලිව්ව කවි දෙකක් එකට යන හින්ද එකටම ලියල දැම්ම.
චිත්‍රෙත් ඉතින් අර මේනියාව ඔලුවට ගහල තිබ්බ කාලේ ඇන්ද එකක්.
ඔරිජිනල් පින්තුරේ නම් ගුගල් ලොක්කගෙන්.
[මේ විදිහට චිත්‍ර අඳින්න ආස අය ඉන්නවනම් කියන්නෝ..ඊළඟ පොස්ට් එකකින් කියල දෙන්නම්කො අඳින විදිහ, හරිය !!! ]
සිරාවට කෝමෙයි චිත්‍රෙ අදින්නෙ??????
ReplyDeleteකවි ටිකත් ලස්සනි ඈ..
හයියෝ මෙයා මන් කොමෙන්ට් එක ටයිප් කරද්දී මුලින් කොමෙන්ට් එක දාලානේ........:)
Deleteගොඩක් ස්තුතියි තරියා. චිත්‍රෙ කරන විදිහ මතුවට
Deleteහිරු අක්ක පව් බං
ඔව් මන් පව්.............:)
Deleteමට දැනගන්න ඕනේ අදින විදිය පොස්ට් එකක් දාමු ඒ ගැන වෙනම......:)
ReplyDeleteවෙනදා වගේම කවිය ලස්සනයි මල්ලියෝ..
//සඳ පිනි කැට දියේ හොවා
ඒ සිසිලෙන් දෑත දොවා
නිම්හිම් නැති ලොවක් සොයා
ඇවිද යමුද හෙටක් පතා//
ඉක්මන්ටම මේ හීනෙ හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.. අනේ අපිටත් කේක් කැල්ලක් ඉක්මනටම ලැබෙනවා නම්...;)
ගොඩක් ස්තුතියි අක්කේ. චිත්‍රෙ අඳින විදිහ මතුවට.
Deleteදෙන්නම්කො කේක් ලොරියක්ම හීනේ හැබෑ වුන දවසට.
ගොඩක් ලස්සනයි පැතුම්........ඇත්තටම....
ReplyDeleteගොඩක් ස්තුතියි ශෂීයෝ
Deleteඑල !
ReplyDeleteඑල නම් එල
Deleteදැකපු සුභ හීන සැබෑ වෙනවා නම්
ReplyDeleteතවත් මොකට ආල වට්ටම්..
සුභ පැතුම් ඔන්න..
ගොඩක් ස්තුතියි අක්කේ හැබැයි මේක අනාගත වාක්‍යක් විදිහට තමයි කියන්න වෙන්නේ. තවම හීනේ හැබෑවෙලා නැතෝ.
Deleteඅපි කැමතියි මේ විදිහට චිත්‍ර අඳින්න
ReplyDeleteඑල කිරි. එහෙනම් චිත්‍ර අඳින විදිහ මතුවට හොඳේ
Deleteසිත්තර අඳින විදිහ අපටත් කියලා දෙන්ඩ !
ReplyDeleteඅපිත් ආසයි සිත්තර අඳින්න !
කවි සිතුවිල්ල නම් පට්ට ! මරු ආදර කතාවක් !
අනිවා කියල දෙන්නම් එකනේ කිව්වෙත්. ගොඩක් ස්තුතියි ඈ...
Deleteලස්සනට කවි ලියන්නේ කොහොමද ඇත්තටම ?
ReplyDeleteඒකට උත්තරේනම් මං දන්නේ නෑ රොබින්. ලස්සනට ලියන අයගෙන්ම තමයි අහන්න වෙන්නේ.
Deleteඔය කිව්වෙ මූ කතාවක්.. :D
Deleteපලවෙනි කවි 3ට මම ගොඩක් ආසයි හ්ම්ම්..හරිම ලස්සනයි!
ReplyDeleteගොඩක් ස්තුතියි හිරුහිමාවී
Deleteකවියත් හොදයි...චිත්තරෙත් හොදයි......
ReplyDeleteසිංහල ෆොන්ට් හෙම හදන්නැද්ද..?
ගොඩක් ස්තුතියි සුමිත් අයියේ. සිංහල ෆොන්ට් හදන්න පුංචා කාලේ ආසාවක් තිබ්බ. ඒත් ෆොන්ට් එකක් හදන විදිහ මම තේරුම් ගත්ත විදිහටනම් හෙන සංකීර්ණ වැඩක්. කොහොම කොහොම හරි ඒ ආසාව නැති වෙලාම ගියා. ඔන්න දැන් තමයි මතක් වුනේ
Deleteපෙම් බර කවිය ලස්සනයි පැතුම් :)
ReplyDeleteගොඩක් ස්තුතියි ෆාතිමා අක්කේ.
Deleteකවිය සිතුවම දෙකම අපූරුයි මල්ලි.
ReplyDeleteගොඩක් ස්තුතියි දිනිති අක්කේ.
Deleteඅපුරු කවිය ..ලස්සනයි
ReplyDeleteගොඩක් ස්තුතියි නිම්ශා
Deleteකවිය නියමයි.. චිත්‍රේ නියමාආආයි...
ReplyDeleteඅදින හැටිත් කියමු මලයා..
ගොඩක් ස්තුතියි දිනේෂ් අයියේ. අනිවා කියනවා අඳින විදිහ
Deleteඅයියෝ... අහවල් දේකටද අඬන්නෙ සතුටු වෙලාවක? චිත්‍රය පස්ටයි ඈ..
ReplyDeleteඅයෙත් අහලා. නෑ නෑ මේ ගොඩක් ගෑනු ළමයි සතුටටත් අඬනවානේ...... ගොඩක් ස්තුතියි ලහිරුවෝ.
Deleteනියමයි ඈ! චිත්‍ර අදින හැටිත් ඉක්මනට කියන්න.
ReplyDeleteගොඩක් ස්තුතියි ගිමන්. අනිවා කියා දෙනවා
Deleteනියමයි. සරා කාලෙකට ඉස්සර එහෙනම් ඊයක් විදල නේද?
ReplyDeleteඅපිත් කැමතියි චිත්‍ර අඳින්න. ඒකත් දාමු ඈ.( හැබැයි ඔන්න ෆොටෝ එකක් කාටූන් එකක් විදියට කන්වර්ට් කලා කියන්නනම් එප )
ගොඩක් ස්තුතියි සඳු මචෝ. අපෝ නෑ. මල් සරා විදලා නෙමේ. හීනයක් දැකපු එකක් විතරයි.
Deleteඅපෝ පිස්සුද. අතේ මහන්සියෙන් කැපවෙලා තමයි චිත්‍රෙ අඳින්න ඕනේ. කන්වර්ට් කරලා නෙමෙයි.
නියමයි මල්ලි පින්තූරෙන්ම සුපිරි පළවෙනි කවිය හොදා සිංදුවකට
ReplyDeleteගොඩක් ස්තුතියි කවි අක්කේ. .
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteපස්වාන් දහසකට ආයු බෝවේවා !!!
Delete//..සතුටු කඳුළු පිටකරන්න
ReplyDeleteඇති වෙනකම් දැන් අඬන්න..//
කවිය නම් ලස්සනම ලස්සනයි....
ගොඩක් ස්තුතියි සිතුවිලි.......!!!
Deleteඑළ ඈ....නියමයි...
ReplyDeleteගොඩක් ස්තුතියි තරුවා
Delete//නුඹ සිහිනෙන් දැකපු හීන
ReplyDeleteහෙට වෙනවා සැබෑ ඔන්න
සතුටු කඳුළු පිටකරන්න
ඇති වෙනකම් දැන් අඬන්න//
දැන් අඩලා හරි හීනෙ හැබෑ වෙනවා නම් කොයිතරම් හොදයිද? නියමයි මචං (Y)
ඔක්කොටම ඉස්සෙල්ලා මෙන්න මේකට අදහසක් දෙන්නම්
ReplyDelete//[මේ විදිහට චිත්‍ර අඳින්න ආස අය ඉන්නවනම් කියන්නෝ..ඊළඟ පොස්ට් එකකින් කියල දෙන්නම්කො අඳින විදිහ, හරිය !!! ]//
මටත් ආසයි කියන්ඩෝ.........
සිරාවට මේ වගේ අඳින්න මට මාර ආසයි.මීට කලින් එක් ගමනක් දාලා තිබුණු පින්තූරෙ දැක්කමත් මට අහන්න හිතුනා කොහොමෙයි ඇන්දේ කියලා ඒත් ඉතින් කියලා දෙන්න වෙලාවක්වත් නැතිවෙයි කියලයි මම හිතුවේ... මාර වටිනවා හොඳේ...
ඊළගට කවි පන්තිය...
මුලින් පටන් ගත්තාම මට හිතුණා ගීතයකට මාර ලස්සනයිනේ කියලා.... ඒ වගේම තැන් දෙක තුනක තියෙන කවි එකතු කලා නම් ගීතයකට මරුම තමා....
ඒක නෙමේ අර සිත්තරේ අඳින්න අවශ්‍ය ද්‍රව්‍ය ගැනත් දැනුවත් කරන්ඩෝ....
කවියට චිත්‍රයට වගේම කතාවටත් දක්ෂයෙක් ඔයා... ජය වේවා අයියේ...
ලස්සනයි චිත්‍රත් ඒවගේම තමා.
ReplyDeleteජය!!
//නුඹ සිහිනෙන් දැකපු හීන
ReplyDeleteහෙට වෙනවා සැබෑ ඔන්න
සතුටු කඳුළු පිටකරන්න
ඇති වෙනකම් දැන් අඬන්න//
මෙහෙම අහන්න තියෙනවානම්!!!! :D
ලස්සනයි මලයෝ!!
ලස්සන කවි ටික..
ReplyDeleteහරි.. කියන්න ඕනෙ මේකයි අයියෙ.. පළවෙනි කවි තුනට මගේ ඒ හැටි කැමැත්තක් නෑ.. ඒත් අනිත් කවි තුනට කැමතියි.. කවි පද හතර නම් එකකට එකක් ගැලපෙනව.. එත් එක එක පදයක වචන අතරෙ මීට වඩා තේරුමක් දෙන්න පුලුවන්නම් තවත් හොඳයි මට හිතෙන්නෙ.. ඒ වුනාට ආදරණීයයි ඈ.. :D (කවුරුහරි අමුතු විදියට බලලද මන්ද මුගේ දිහා)
Deleteකවිය එල..
ReplyDeleteමේං මේ ටික නම් පට්ටයි!!
//අද තරුවක් පායනවලු
හඳට වඩා එලිය තියන
වෙන සඳ තරු මොකටද මට
මගේ සුදු සඳ පායනකොට//
මේ කොටස කියවද්දී වික්ටර් රත්නායකයන්ගේ ආදරයේ උල්පත වූ අම්මා ගීතය මතක් වුණා!!
සඳ පිනි කැට දියේ හොවා
ඒ සිසිලෙන් දෑත දොවා
නිම්හිම් නැති ලොවක් සොයා
ඇවිද යමුද හෙටක් පතා //
ජය වේවා!!
කවියයි චිත්රෙයි දෙකම හරි ලස්සනයි මල්ලි....
ReplyDelete