Sunday, July 15, 2012

චිත්‍රෙ අඳින්නේ මෙහෙමයිලු

පොරොන්දු වෙච්ච දෙයක් ඒ විදිහට ඉෂ්ට කරන්න පුළුවන් නම් ඒ දේ පොරොන්දු වෙච්ච කෙනාට වගේම පොරොන්දුව ගන්න කෙනාට ලොකු සතුටක්. ඒවගේම වෙච්ච පොරොන්දු හරියට ඉටු නොකලාම දෙපාර්ශවයටම ඇති වෙන්නේ දුකක්. පොරොන්දුව දුන්න කෙනාට කෙසේ වෙතත් පොරොන්දුව ගත්ත කෙනාට ඒක දුකක් වෙයි. මමත් ගිය පාර පොස්ට් එකෙන් පොරොන්දුවක් වුනානේ. ඉතින් මමත් ඒ වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්නයි හදන්නේ. මතකයිනේ. අර පෙළක් පොස්ට් වල යටින් මම දාපු චිත්‍ර අඳින්නේ කොහොමද කියන එක.  අපි හැමෝටම ජීවිතේ එක එක උණ හැදෙනවා, සමහරුන්ට කැම්පස් උණ, සමහරුන්ට නළු උණ, සමහරුන්ට ගායක උණ, ඔය විදිහට කට්ටියට ඒවා හැදෙනකොට මට හැදුනා ග්‍රැෆික් උණක්. ඉතින් මම එක හොඳ කරගන්න ගොඩක් දේවල් කරා ඒ වගේම ඉස්සරහටත් කරනවා. තවමත් අඩුවක් නෑ.

ඒ ග්‍රැෆික් චිත්‍ර අඳින්න මම පාවිච්චි කලේ ඇඩෝබි ඉලස්ට්‍රේටර් කියන මෘදුකාංගය. ඔන්න ඉතින් මචන්, දුවේ පුතේ දැන් ඉලස්ට්‍රේටර් තියන අය පටන් ගන්න නැති අයත් කොහෙන් හරි හොයාගෙන මේ විදිහට පොඩි ට්‍රයි එකක් දීල බලන්න. පත්තරවල පලවෙන කාටුන් අඳින්න, ඒවගේම ග්‍රැෆික් තොරතුරු ඉදිරිපත් කරන්න යොදාගන්නේ බහුල වශයෙන් මේ මෘදුකාංගය තමයි. සමහර විට ගොඩක් දෙනෙක් දන්නවා ඇති.


මේ ක්‍රමයට කියන්නේ "ට්‍රේස්" කරනවා කියල තමයි.
ඉස්සෙල්ලම මචන්, දුවේ පුතේ මෙහෙමයි. ඇඩෝබි ඉලස්ට්‍රේටර් මෘදුකාංගය Open  කරලා තමුන්ට කැමති ඒ කියන්නේ ට්‍රේස් කරන්න ඕනේ පින්තුරේ Open කරගන්න ඕනේ.


ඒක  කරන්න File --> Open යන්න . ඕපන් කරන පින්තුරේ රෙසුලුෂන් වැඩි එකක් නම් අඳින්න ගොඩක් පහසු වෙයි.


දැන් ඒ පින්තුරේ එහෙමම තියෙද්දී ලේයර් පැලට් එක හොයා ගන්න. පාත රූපේ තියෙන්නේ ඒ පැලට් එක තමයි. ඒක අහල පහලක පේන්න නැත්තම් අප්සෙට් යන්නේ නැතුව කෙලින්ම යන්න  Windows --> Layer ගිහිල්ල Layer කියන තැනට හරියක් දාන්න. ඔන්න දැන් ඒ රූපේ විදිහට පැලට් එකක් තියනවා.


(1) ලේයර් පැලට් එක


දැන් අපි අලුත් ලේයරයක් හදා ගන්න ඕනේ ඒක කරන්න පාත මං අංක ඒක දාල තියන අයිකන් ඒක උඩ ක්ලික් කරන්න.


(2)අලුත් ලේයර් එකක්



එතකොටම ඊට උඩින් Layer 2 කියල අලුත් ලේයර් එකක් හැදෙයි. දැන් ඊළඟට වැඩේ පටන් ගන්න කලින් කරන්න දේවල් ටිකක් තියනවා. ඒකට ඒ අලුතෙන් හැදුන Layer ඒක උඩ ක්ලික් කරගෙනම ඒක ඒ වෙනකොටත් කලින් තිබුන ලේයර් එකෙන් පහතට ඇදලා දාන්න.


(3) ලේයර් දෙක උඩ යට මාරු කරන්න


රුප සටහන් බලන්න. අංක 1 රුපයේ  Layer 2 තියන විදිහයි අංක 2 රුපයේ Layer 2 තියන විදිහයි. අන්න ඒ විදිහට ලේයර් දෙක උඩ යට මාරු කරන්න.

මීලඟට උඩින් තියන ලේයර් ඒක ලොක් කරගන්න ඕනේ පින්තුරේ පෙන්නලා තියන විදිහට ලේයර් ඒක ඉස්සරහින් තියන කොටුව ක්ලික් කලාම ඉබ්බෙක්ගේ ලකුණක් වැටෙනවා. ඒ කියන්නේ ඒ ලේයර් ඒක ලොක් කියන ඒක.


(4) ලේයර් ඒක ලොක් කරගන්න


ඔන්න අපි දැන් පින්තුරේ අඳින්නයි හදන්නේ. ඒකට අපි කරන්න ඕනේ මුලින්ම ලේයර් 2 (Layer 2) සිලෙක්ට් කරලා ඒ කියන්නේ ලේයර් පැලට් එකෙන් යට තියන ලේයර උඩ ඒක පාරක් ක්ලික් කලාම ඒක නිල් පාට වෙනවා. ඒ කියන්නේ ඒ ලේයරය සිලෙක්ට් වෙලා හොඳේ !


හරි...මීළඟට පෙන් ටූල් ඒක හොයා ගන්න ඕනේ මෙන්න එහෙනම් පෙන් ටූල් ඒක . එත් එක්කම අයිඩ්‍රෝපර් ටූල් එකත් බලාගන්නකෝ ඒක පස්සේ ඕනේ වෙනවා.    

(5) පෙන් ටූල් එක / අයිඩ්‍රෝපර් ටූල් එක



දැන් පෙන් ටූල් ඒක අරන් ඕපන් වෙලා තියන පින්තුරේ උඩ නිකන් ජොලියට වගේ ක්ලික් කරන්න පෙන් ටූල් එකට හුරු වෙන්න. පෙන් ටූල් ඒක වැඩ කරන්නේ කොහොමද  කියල අවබෝධයක් ලබා ගන්න පුළුවන් එතකොට.(මේක අපි කරන වැඩේට අදාළ නෑ. නමුත් සමහරුන්ට පෙන් ටූල් එකට හුරු වෙන්න ටිකක් වෙලා යනවා එක නිසා එහෙම පුරුදු වෙන එක ගොඩක් හොඳයි හරිය !!)


ඒ වුනාට මම කියල දෙන්නම් ඒ පෙන් ටූල් ඒක වැඩ කරන විදිහත්.


පාත රූපේ තියෙන්නේ ඒ විදිහට ක්ලික් කරාම ඇඳෙන කර්ව් එකක්.

.(6) පෙන් ටූල් ඒක වැඩ කරන විදිහ


දැන් අපි අර ඕපන් කරගත්ත පින්තුරේ තියන සෑම රේඛාවක්ම අරවිදිහට ඇඳගන්න ඕනේ.
අඳිනවා කියන්නේ මෙහෙමයි, සෑම වෙලාවකදීම පෙන් ටූල් එකෙන් අඳින සිලෙක්ෂන්
එකේ අග මුල (සංවෘර්ත) සම්බන්ධ වෙන්න ඕනේ. හරියට නිකන් අර ඉස්සර "MS PAINT" වලින් ඇඳීම වගේ වුනත් මේකේ එහෙම හරියටම ඕනේ නෑ. ඒකෙ පොඩි හිඩැසක් තිබුනොත් පින්තුරේට පාට දානකොට හත්පොලක ගෑවෙනවනේ. නමුත් නිර්මාණයේ සාර්ථකත්වයට සංවෘර්ත
වීම බලපාන හින්ද තමයි සංවෘර්ත කරන්න කියල කිවේ.


ඔන්න දැන් එහෙනම් අපි පින්තුරේ අඳින්නයි යන්නේ. කෝ දැන් ඔක්කොමල මවුස් එකට එක පාරක් වඳින්න මේ කරන වැඩේ සර්වප්‍රකාරයෙන් හරි යන්න කියල.  මොකද මවුස් එක  හසුරුවන එකෙන් තමයි වැඩේ වෙන්නේ. කෝ කෝ කෝ වඳින්න. ම්ම්.... හරි.... හරි.



මුලින්ම පින්තුරේ වටේ රේඛා ටික සම්පුර්ණ කරගත්තොත් වැඩේ ලේසියි, ඒ කියන්නේ අඳින්නේ මනුස්සයෙක්ගේ රුපයක්නම් ඒ රූපේ (මුණ) වටේ පෙන් ටූල් එකෙන් ඇඳගෙන මුනටම පොදු පාටක් දාගන්න එක ගොඩක් ලේසියි. පාට දාන විදිහ මම කියන්නම්

මම පින්තුර දාන එක ගොඩක් අඩුකරන්නේ මගේ කනෙක්ෂන් එක ස්ලෝව් හින්ද පබ්ලිෂ් කලාම මුළු පොස්ට් එකම මඤ්ඤං වෙන හින්ද හොඳේ.


රුපයේ තියන සෑම සියුම් අංගයක්ම ඇඳ ගත්තොත් තමයි නිර්මාණයේ ප්‍රතිපලය ලස්සන වෙන්නේ.
පහල තියෙන්නේ ඒ විදිහට ඇඳගත්ත  රූපේ.





(7) ඒ විදිහට ඇඳගත්ත  රූ.


ඇඳ ඇඳ පාට දාන්න ඕනේ. මෙන්න අඳින විදිහ. පාට යොදන විදිහ මම ඊළඟට කියන්නම්.  


දැන් ඔහොම ඇඳගත්ත සිලෙක්ෂන් එකට පාට දාන්න කී බෝඩ් ඒකෙ (I) අකුර ඔබන්න, නැත්තම් මම කලින් කීව eyedropper ටූල් එක සිලෙක්ට් කරන්න. මීලඟට අපි අන්දපු පින්තුරේ මුනට ක්ලික් කරන්න දැන් සැනින් ටූල් බාර් ඒකෙ (අර පෙන් ටූල් එක හෙම තියෙන්නේ) එක බොක්ස් එක අර සිලෙක්ට් කරපු පාට වැටෙයි. දැන් අපි ඒ පාට හරියට වැටිලා තියද කියල බලා ගන්න මෙන්න මේ පහත පින්තුරේ තියන ලකුණට ක්ලික් කරන්න, එවිටම ඔරිජිනල් පින්තුරේ හැංගිලා ඔයා
ඇඳපු සිලෙක්ෂන් එක පාට වැටිලා තියනවා පෙනේවි. 



(8) මේ  පින්තුරේ තියන ලකුණට ක්ලික් කරන්න




(9) ඉහත පින්තුරේ තියෙන්නේ මම ඇඳපු පින්තුරේ "ඇහැ" ඇඳලා පාට කරපු විදිහ  



ඔය විදිහට සම්පුර්ණ පින්තුරේ තියන සෑම සියුම් රේඛාවක්ම පෙන් ටූල් එකෙන් ඇඳලා අර විදිහට පාට දාපුහාම ලස්සන නිර්මානයක අයිතිකාරයෙක් වෙන්න පුළුවන්.


සමහර විට තේරුම් ගන්න ඇති. සමහර විට නොතේරෙන්නත් ඇති. තේරුන් නැති කෙනෙක් ඉන්නවනම් මාව ෆේස්බුක් එකෙන් හරි ඊ මේල් එකෙන් හරි සම්බන්ධ කරගත්තොත් උදව් කරන්නම්. 

පහත තියෙන්නේ ඒ විදිහට ඇඳපු නිර්මාණයේ සැලැස්මයි පාට දාල ඉවර කරපු නිර්මාණයයි.


(10) අර විදිහට ඇඳ ගත්තු රේඛා සියල්ලම



ඔරිජිනල් පින්තුරේ මුල් අයිතිය හා සම්පුර්ණ ගෞරවය එහි මුල් අයිතිකරු සතුය  

49 comments:

  1. වැඩේ නම් පංකාදුයි. මම් ෆොටෝශොප් වලින් ඔය විදිහට පොඩි පොඩි ලොගෝ කෑලි ට්‍රේස් කරලා තියෙනවා. මේක නම් පන යන වැඩක් වගේ. මොනා උනත් ට්‍රයි කරනවා.

    මේ වැඩේ කියපු එකට බොහොම ස්තුතියි. ඉලස්ට්‍රේටර් වලින් පට්ට වැඩ කරන්ඩ පුලුවන් කියලා දන්නේ අදමනේ.

    උබ නම් මරු වැඩකාරයෙක් සුදු පුතේ !!! :)

    ReplyDelete
    Replies
    1. ඉලස්ට්‍රේටර් වලින් සිත්තර අඳින විදිහ කියා දුන්නට ස්තුතියි මලේ !!

      Delete
    2. ගොඩක් ස්තුතියි මධුරංග අයියේ. මේවගේ කමෙන්ට් දැක්කම මේ පොස්ට් එක ලියන්න වෙච්ච මහන්සිය වගේම කාපු කට්ට අමතක වෙලා මාර කික් එකක් එනවා.

      අපි ඉස්සරහට තව තව වැඩ සෙට් එකකින් හම්බෙමුකෝ

      Delete
    3. මම ප්ලෑන් අඳින්නත් වැඩිපුරම භාවිතා කරන්නෙ ඉලස්ට්‍රේටර්, ඔටෝ කැඩි නෙවෙයි.

      Delete
    4. මං ප්ලැන් අඳින්න පුළුවන් කියල දැනගෙන හිටියේ නෑ සුමිත් අයියේ. ගොඩක් ස්තුතියි කීවට ඒ ගැනත්

      Delete
  2. වැඩේ අපූරුයි සහෝ හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. අපුරුයි නේන්නම්. ගොඩක් ස්තුතියි හොඳේ

      Delete
  3. අඩෝ.....මල් හතයි බං... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. දනුවත් කිරිම් හරිම වටිනවා...එල

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම රාජ් අයියේ

      Delete
  5. මමත් 2000 වගේ මේ කොස් එක කළා එත දැන්නම් කිසි දෙයක් මතක නැහැ. උනන්දුවක් තියෙන කෙනෙකුට ගොඩාක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා මමත් දකින විදිහට හොඳ ක්ෂේත්‍රයක් !!!

      Delete
  6. නියම වැඩක්..
    කරලා බලන්න ඕනේ..
    කියලා දුන්නට තැංකූ වෙරි මච් ආ..

    ReplyDelete
    Replies
    1. එල කිරි මචන් ට්‍රයි එකක් දීල බලපන්

      Delete
  7. එල එල මචන්.මමත් උඹව මේ වගේ පොඩි වැඩකට කන්ටැක් කරගන්න හිටියේ!:)

    ReplyDelete
    Replies
    1. අනිවා මචං. උඹලට දෙන්නේ නැති හෙල්ප් කාට දෙන්නද ? ඒනි ටයිම් !!!

      Delete
  8. පොටෝසොප් එකේ ඕක නිකංම කරන ඔප්ෂන් එකක් තිබ්බ නේද බං.. ?

    ReplyDelete
    Replies
    1. යා.. යා.. මොකෝ නැත්තේ. පොටෝෂොප් වල අඳින්න ඕනේ පින්තුරේ ඕපන් කර ගත්තා Filter ගියා Filter Gallery ගියා පොඩ්ඩක් ගණන් ටික එහාට මෙහාට කළා හරියන Filter එකක් තේරුවා Ok කළා වැඩේ ගොඩ. මෙච්චර දඟලන්න ඕනේ නෑ. හැබැයි නිර්මාණ දෙකේ පට්ට වෙනසක් තියනවා නිර්මානාත්මකබව අතින් නම්.

      Delete
  9. සිංහල ෆොන්ට් හදනවනම් ඉලස්ට්‍රේටර් වලින්ම අකුර නිර්මාණය කරන්න පුළුවන්.
    ඊට පස්සෙ -> පොටෝ ෂොප් -> ෆොන්ටොග්‍රැපර් වලද දාලා ඉස්පිලි පාපිලි ගානට සම්බන්ධ කරලා කර්නින් හදලා සේව් කළාම වැඩේ ඉවරයි. ඒත් එක අකුරු මෝස්තරයක් හදන්න සතියක්වත් යනවා.
    මම මෝස්තර දෙකක් හැදුවා, එච්චර ගතියක් නෑ අත්හදා බලන්න කළේ.

    ෆොන්ටොග්‍රැපර් රැම්එක වැඩි මැෂින්වල දුවන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අකුරු අතින් ඇඳලා ස්කෑන් කරලා මේවගේ මෘදුකාංගයක් හරහා තවත් හොඳට කරගෙන ෆොන්ටෝග්‍රපර් වලින් අකුරු හදනවා කියලත් අහල තිබුනා. Drawing Pad එකක් වගේ තියනම් ඉලස්ට්‍රේටර් වලින්ම අඳින්න ගොඩක් ලේසියෙන් පුළුවන් වේවි.

      රැම් එක වැඩි කම්පියුටර් වල වැඩ කරන්නේ නැති සොෆ්ට්වෙයාර් එකක් ගැන ඇහුවමයි මම.

      ගොඩක් ස්තුතියි සුමිත් අයියේ

      Delete
  10. නියමයි නියමයි.. කරලා බලන්න වෙලාවක් නම් නෑ.. ඒත් කියවලා බැළුව..

    ReplyDelete
    Replies
    1. මදැයි කියවල හරි බැලුව. පස්සේ දවසක හරි ඕනේ වෙන්නේ නැතෑ

      Delete
  11. බොහෝම ස්තුතියි.

    ReplyDelete
  12. මචන් මාමේ පොටෝ සාප්පුවෙනුත් ඔය වගේ කරන්න පුළුවන් වැඩ කෑලි ටිකක් කීලා දියන්කෝ.

    ReplyDelete
    Replies
    1. හොඳමයි නිසාන් පුතේ. උඹ කැමති නම් මම කියාලා දෙන්නම්කො. මේක ලියද්දි මුලදීඑහෙම අදහසක් ආව.. උඹල කැමතිනම් කියාලා දෙන්නම්කො ඈ..!!!

      Delete
  13. මම මේ ලිපිය කියවල නෙමෙයි මේක ලියන්නේ. මචං උඹ ගොඩක් මහන්සිවෙලා තියෙනවා මේ දේ කියල දෙන්න. ස්තූතියි. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. එහෙමද මචා. කියවනේ නැතුව මේකට කමෙන්ට් කරාට කමක් නෑ. අනික් ලිපි වලට (මගේ අනික් අයගේ) නම් කමෙන්ට් විතරක් කියවල කමෙන්ට් කරන්න ගියොත් ලොකු අමාරුවකයි වැටෙන්නේ. ඔව් මචෝ දවස් දෙක තුනක් ගියා නිදහස් වෙලාවක් හොයා ගන්නත් බැරුව

      Delete
  14. නියමයි අයියේ ඔයා ලස්සනටම ඒ ගැන කියලා දීලා තියෙනවා..ඉලස්ට්‍රේටර් වලට නම් මමත් හුගක් ආසයි..අයියා ට්‍රේස් කරපු පික් එකනම් සුපර්..ඇත්තටම හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නංගි. ඉලස්ට්‍රේටර් වලට මාත් ගොඩක් ආසයිනේ

      Delete
  15. ෂහ් මම මාර ආසාවෙන් කියෙව්වා.මම හිතුවා ඔයා මේක දායිම කියලා....

    මම මෙච්චර කල් ඔය පොඩි ජොලියක් ගියාම ට්‍රේස් කරන්න ගත්තේ artrage කියන මෘදුකාංගය.ඒකත් එක්තරා විදියකට ලේසියි.නමුත් මේක ඊට වඩා ලේසි බවක් දැනුනා ටූල් සෙට් එක පොටෝෂොප් වලට සමානයිනේ... නියමයි ඈ පෝස්ට් එක...

    දැන් වැඩේ මේකයි.අවශ්‍ය අමුද්‍රව්‍ය ගැන අයියා කලින් කිව්වේ නෑනේ.ඉලස්ට්‍රේටර් මං ගාව නෑනේ.හිමින් සැරේ ඩවුන්ලෝඩ් කරගෙන තමයි වැඩේට බහින්නෝන.

    බොහෝම ස්තූතියි අයියේ.මෙව්වා පිං අතේ වැඩ....

    ReplyDelete
    Replies
    1. මම නම් මලේ Artrage ගැන දන්නේ නෑ. මේකේ ටූල් සෙට් එකත් පොටෝෂොප් වලට ගොඩාක් සමානයි. අමුද්‍රව්‍ය ගැන කිව්වනේ අප්පා මම. හරි හරි කොහොම හරි කමක් නෑ ට්‍රයි එකක් දීල බලන්ඩකෝ.

      පින්සිද්ධ වෙච්චාවේ මට එහෙනම් !!!

      Delete
  16. Replies
    1. යා යා මරු. ට්‍රයි එකක් දීල බලන්නකෝ

      Delete
  17. පොස්ටුව කලින් කියෙව්වට ආපහු මේ පැත්තට එන්න පරක්කු උනානේ ලොකුපුතේ සොලී හොදේ...:(
    මෙච්චර කාලෙකට Gimp,Photoshop වලින් එක එක විකාර වැඩ කරලා බැලුවට මේක මේවා දැනං හිටියේ නැනේ... පොරොන්දුව එහෙනම් ඒ විදියටම ඉෂ්ට කොලා නේ...:)
    එහෙනම් ඔන්න මාත් ජුලි 30ට මේක අනිවා කරලා බලනවා ඉලස්ට්‍රේට දාගෙනම.....
    මන් එකනේ හැමදාම කියන්නේ වැඩකාරයෙක් කියලා..වැඩ කාරයන්ට බොරු බැලුනේ...:)
    හුගක් ස්තුතියි මල්ලියෝ....
    වැඩි වැඩියෙන් ග්‍රැෆික් පිස්සුව වැඩි වේවා....!!!
    ජයෙන් ජය..!!!

    ReplyDelete
    Replies
    1. යා...යා... පොරොන්දුවක් වුනොත් එක ඉටු කරන්න ඕනෙනේ. ජුලි 30 වෙනිදා විශේෂත්වේ මොකක්ද අප්පා.

      Delete
  18. ශා මරුනේ පැතූ... මටත් මේ ටූල්ස් දැක්කම මතක් උනේ පොටෝෂොප්...

    ReplyDelete
    Replies
    1. යෙප් යෙප් මරු. ට්‍රයි එකක් දීල බලන්නකෝ.. ටූල් ටික පොටෝෂොප් වලට සමානයි. මොකද දෙකම "ඇඩෝබි" නේ

      Delete
  19. චූටිනෝනාFri Jul 20, 02:02:00 PM 2012

    මම හිතාගෙන හිටියේ මේ වගේ චිත්‍ර බලාගෙන අදින ඒවා කියලා. දැන්නේ වැඩේ අහු උණේ. කොහෙන් හරි ඉලස්ට්‍රේටර් හොයාගෙන ට්‍රයි කරලා බලන්න ඕන. තැන්කු... ගොඩක් හොදේ.

    ReplyDelete
    Replies
    1. චුට්ටන් කාලේ මමත් හිතන් හිටියේ එහෙම තමයි. මමත් ලඟදි දැනගත්තේ චෝටි නෝනේ

      ට්‍රයි කරලම බලන්නකෝ

      Delete
  20. අවතාර්ගේ ලින්ක් ඒකෙන ආවේ..නියමයි මචං මමත් උත්සහා කරලා බලන්නම්...

    ReplyDelete
  21. ගොඩක් ස්තූතියි මචං

    ReplyDelete