Wednesday, November 7, 2012

"ජයන්ත....?...කවුද පරට්ටියේ ජයන්ත.....?"

හමු වෙන්නට සමුගන්නට ඇවිත් යන එන
රටක් වටින අපි ජීවත් වෙලා මොකටද
උස්සන්ගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන
දුක්බර ගී ආයෙත් නෑ  ඔබට ඇසෙන්නේ
අඩ්ඩ  ඩඩා අඩඩ ඩඩා අඩ්ඩ  ඩඩා ඩා....ආආ    


රම්බාගේ ගෙදර සාලේ ඇතුලෙන් ආව  සැමන් බෙලෙක් ටින්  වොයිස් එකට මගේ අක්මාව අන්දකයිප්පු වෙලා ගියා. මල්වර නැකතෙන් දීගෙක යන්න ගිහින් ගෙදරට අතේ මාට්ටු වෙලා  උන්නු රම්බාගේ නංගිගේ අජරාමර වොයිස් එක මගේ කන්බෙරේ අභ්‍යන්තර පටක සිසාරා පා....වෙලා ආවා. ආව විතරක් නම් මදැයි ඒ සුමිහිරි සුගායනය මගේ කන්බෙරේ හිල්කරේ නැති එක විතරයි. ඒ  තරම්ම සුමිහිරියි, සුභාවිතයි, සුගම්‍යයි, සුරම්‍යයි.   ඕනේ පොකිරිස්සෙක් කිලෝ එකයි කියලා මම ඉස්තෝප්පුවට ආව. "ම්හු" බල්ලෙක් තියා බලු මැක්කෙක් නෑ ඒපාර. සාලේ පුරාම තීන්ත කුප්පි, බැනරුයි පිරිලා. යකෝ මුන් කැරැල්ලක්වත් ගහන්න යනවද..."


"ආ.......ආ......ආආආආආ"


දෙයීයනේ..........චාරුලතාගේ කෙඳිරිය... රම්බාගේ නංගිට ඒකිගේ පෙම්බර කොල්ලා ඇවිත් අවැඩක්වත් සිද්ද කරනවද මේ අවේලාවේ...ඉස්තෝප්පු කාමරේ අස්සෙන් ඇහුන සද්දෙට මාව හීතල වෙලා ගියා....යටි පතුලේ ඉඳන් හිස්මුදුන වෙනකම් හිරිවැටිලා ගියා. රම්බාගේ මික්ස් පෘට් යාළුකම වෙනුවෙන් ජීවිතේ වුනත් කැප කරන පොරක් රයිටර්. එහෙව් එකේ රම්බාගේ නංගි "චාරුලතත්" මගේ නංගි හා සමානයිනෙව . බිත්තියට හේත්තු කරලා තිබ්බ කොස්ස උලුක් කරගත්තා හැරෙන තැපෑලෙන් පැන්නා කාමරේට.


"ඇඩෝව්.....කෙල්ල අතැරපන්, කපනවා කෑලි කෑලි  වලට...හොඳ හිතින් කියන්නේ ලයිට් දාපන් නැත්තම් අල්ලනවා තුවක්කු බටේ සවලෙන් එකතු කරන සයිස් එකට උඹව කුඩු වෙලා යන්න .. කළුවරේ මොකද කරන්නේ උඹලා....දාපන් යකෝ ලයිට්....විලිසන්ගේ නැද්ද බොලව්...මහා දවාලේ රට්ටු හිනස්සන්න.....රට්ටු මේවා දැනගත්තාම බොලාගේ අම්මා, තාත්තා, අයියා, බාප්පා ලොකු මාමා රෙද්දක් ඇඳගෙන පාරේ බැහැලා යන්නේ කොහොමද..පොඩ්ඩක් හිතපන් චාරුලතා....මට උඹත් එකයි අපේ නැන්දගේ දුවත් එකයි අල්ලපු වැටේ  සයිමගේ දුවත් එකයි...ඒක හින්දා හොඳ හිතින් කිව්වම අහලා ඇඳුම් ඇඳගෙන ලයිට් දාපං....!"



"චිකෙයියා.....හ...අ..කියන කතා !"  චාරුලතාගේ  වොයිස් එක  පිළිකුල් ස්වරයෙන් ඈතින් ඇහුනා


"දොරරෙද්ද....! දොරරෙද්ද...!!... "


"ආච්චිගේ දොර රෙද්දක්  නෙමෙයි යකෝ....ඇඳ ගන්න චීත්ත රෙද්දක් ඇඳගෙන...දාපන් ලයිට්..."


"හා හා...රයිටර්...ඔය දොර රෙද්ද ඔලුවෙන් පැටලුම් ඇර ගනින්....කෝ කෝ ඉඳහන් මං පැටලුම් අරින්න"


ඉහේ පැටලිලා තිබ්බ දොරරෙද්ද කකුල් දෙක පාමුලට වැටුන, ලැජ්ජාව අවුන්ස පහයි ස්කෝප්ප කාලයි. විලි ලැජ්ජාව අස්වභාවිකව අදෘශ්‍යමානව දියරමය  වශයෙන් කකුල් දෙක පල්ලේ බේරෙනවා වගේ දැනුනා, ඒ මදිවට චාරුලතාගේ ඇස් ගෙඩි දෙක දොට්ට පනින්න ඔන්න මෙන්න, අපේ ගමේ තොරන්වලට සින්දු කියන "තොරන්  සුනිල්" අයියාගේ කට මරියානා ආගාදේ වගේ පළල්  වෙලා. උන් ඔක්කොම මං  දිහා බලන්නේ හරියට කසකස්තානෙන් ඒඩ්ස් හැදිලා ආව හැලි වඳුරෙක් දිහා බලනවා වගේ. සර්පිනා, වයලීන්, තබ්ලා සේක්සපොන්, ගැටබෙර, යක්බෙර, කාමරේ පුරවලා.     


"නෙදකින් අලගොඩුවා, හිකනලා...ගස් මයිනා...යකෝ තෝ හිතුවද අපේ නංගි ඒවගේ අසමජ්ජාති  කෙල්ලෙක් කියලා, දහ පහළොස්  දෙනෙක් එක්ක යාලු වුනාට මෙකි තාම නෑඹුල් නොයිඳුල් ගැටිස්සි...උඹ ඒක  හොඳටම දන්නවනේ...මේකි  උණුවතුරත් රත් කරලා බොන්නේ" රම්බා ආ...ඩම්බරෙන් චාරුලතා දිහා බැලුවා. මට එතන තිබ්බ යක්බෙරේ පලාගෙන ඔලුව ගහගන්න හිතුනා. නටන්න තියන දහඅට සන්නියම නටලා අලුතෙනුත් සන්නි දහයක් පහලවක් හොයාගෙන නටලා ගෙදෙට්ට වෙලා ඉන්නේ මෙකි තවත් අඩව්වක් අල්ලන්න තමයි කියලා මම නොදන්නවැයි.. 


හේහ්  හෙහ් හෙහ් හේ.......උඹලා රැවටුනාද..මම විහිළුවක් කලේ...කෝ හිනා වෙයන්, අනේ කිව්වම අහලා හිනා වෙයන්කෝ...අනේ ප්ලීස්ස්....ප්ලීස්...!!!!...මම අව්‍යාජය මිශ්‍ර ජෝක් මූඩ් එකෙන් කිව්වා.....ඔහේප්...පලයන්..කිරි අප්පගේ කෙටේරිය කිව්වලු ..උඹල ඔබාමා මහත්තයා ආයෙත් ඡන්දෙන් දිනුවට පාර්ටියක්වත් ඔර්ගනයිස් කරනවද ඇඃ...සර්ප්‍රයිස් පාර්ටියක්...මේක දැනගත්තාම මිනිහා මාර හැපී වෙයි හැබැයි...උඹල දෙන්නව දරුකමට හදා ගනීවි බොලන් ...දරු කමට හදාගනිවී?.


"ඉලව් පාර්ටියක් නෙමෙයි බොල....චාරුලතා...මගේ එකම නංගි චාරුලතා "මල් මල් ටීවී" චැනල් එකේ "රියල් රියලිටි" ටැලන්ට් ෂෝ එකට තේරිලා..."





"ඔහෙප්ප් පලයන්...මගේ නංගිට හරි ගියාවාගේ බං....ඉතින් ඉතින් මගෙන් මොනවද වෙන්න ඕනේ"



"වැඩියම මුකුත් වෙන්න දෙයක් නෑ  රයිටර්..මම කොහොමත් උඹලගේ ගෙදර එන්න හිටියේ අද උඹට මේක කියන්න....කරන්න තියෙන්නේ මෙච්චරයි..දැන් අපේ අම්ම ලෝන් එක අරන් ඒවි, අපට තියෙන්නේ රුපියල් ලක්ෂෙක එක හමාරක විතර නිකන් වගේ දෙන සිම් අරගෙන ෂෝ එක දවසට ගෙදරට වෙලා  හිටු ගාලා එස්.එම්.එස් ගහන්න"


"කෝ කෝ චාරුලතා අපි ප්‍රැක්ටිස් පටන් ගමු , නැත්තම් ඔයාට ෂෝ එකේදී ස්ටෙප්ස් අමතක වෙලා අප්සැට් යයි"  තොරන්  සුනිල් අයියා වගකීමෙන් ප්‍රකාශයක් කළා." 
 මමයි රම්බායි බිමින් ඉඳගෙන පෝස්ටරයක් අඳින්න ගත්තා. ඔය අස්සේ අපට ඇහෙනවා සංගීත පාඩමත්.





"සා..... ආආආ......ආ"


"සා.......ආආආආ"


"හා හා..ඔහොම බෑ  නංගි ...මෙහෙම ගන්න..මෙහෙම..සආආආආ....කෝ ගන්න"  කියලා තොරන් සුනිල් අයිය මේසේ  උඩ  තිබ්බ වීදුරුව අරන් බිව්වා වතුර උගුරක්
චාරුලතා "සා...... ආආආ" ගාලා පැනපු ගමන් වීදුරුව අතට ගත්තා.


"හා හා නංගි....ඕක නෙමෙයි ඕක බිමින් තියන්න...මෙහෙම ගන්න......සාආආආ....."
"සා...........ආ"



ඔය අතරේ රම්බාගේ අම්මා හිනාවෙවී ඉහේ පිපුන මල් වල පැණි වලින් නෑවී  නෑවී කාමරේට ආවා.
"මගේ දුවට වරදින්නේ නෑ....හන්දියේ ඇස්කොට් මුදලාලි මට ණය දුන්නා..මොනවා වුනත් මිනිහා හොඳ එකා....තරගේ දවසට සෙනග අදින්න බස් එකත් දෙන්නම් කිව්වා. "


"අනේ ලොකු දෙයක්...දෙවියෝ බැලුවා.එහෙනම්..මං මේ ණය ගෙවනවා අම්මේ ඔව් මම මේ ණය ගෙවනවා.....මම කවද හරි රටේ ජනප්‍රියම කෙල්ල වෙනවමයි....අම්මේ ඔව් මගේ ජයන්ත අයියා පල්ලා" රම්බාගේ නංගි  චාරුලතා අධිෂ්ඨාන පුර්වකව කිව්වා.


"ජයන්ත....?...කවුද පරට්ටියේ ජයන්ත.....?"
   
  

96 comments:

  1. මල්ලීයේ යකෝ.. තොගේ මේ රයිටරය හින්දා මගේ ජොබ් කට්ටට කෙලවෙනවා... කොයිවෙලාවේ හරි.... අදත් බොසාට මාට්ටු හිනාවෙලා.....

    පට්ට ඕයි.. කොහෙන්ද බන් උබට මේ වචන එන්නේ...

    ReplyDelete
    Replies
    1. හනේ අප්පේ මී ගොඩේ අයියේ. හයියෙන් හිනා වෙන්න එපා බොලන්, බොසා දොට්ට දාවි.. මුඛ වාඩමක් දාගෙන බැලුවොත් නරකද ඔය කියන තරම් හිනා යනවනම් හෙහ් හෙහ් හෙහ්

      Delete
  2. පණ පලයන් ඔජායේ කිව්වලු! එහෙනම් කෙල්ලට හරි යන්නයි යන්නේ! මමත් දෙන්නම් එහෙනම් sms එකක් ඈ!!!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා කෝටි ගානක තෑගී, සවාරි, හොඳයි හොඳයි එස්.එම්.එස් මනාපේ තමා මසුරන් වටින්නේ ඈ....

      Delete
  3. අම්මට සිරි කරටි කැඩෙන මෝල් මංගල්ලේ . කවදද බං ඕක තියෙන්නේ රයිටර් මලයා. පට්ට ඈ. :D :D

    ReplyDelete
    Replies
    1. වැඩි ඈතක නෙමෙයි රෙපා අයියේ. වැඩි ඈතක නෙමෙයි

      Delete
  4. යකෝ ඕයි... උඹ දෙන්නේ හාස්සය අමුවෙං... සැරවැඩියි බං මහ රෑ, හිනා වෙන්නත් බෑ... ලඟදිම දවසක උඹ එකෙක් දෙන්නෙක්ගෙ රස්සාවල් නැතිකරලා තව කීප දෙනෙක්ව ඉස්පිරිතාලේ යවනවා ඉළඇට පන්නලා.

    ReplyDelete
    Replies
    1. හප්පට සුර....තිසා... ඔව්වට නම් මට වගකීම බාරගන්න බෑ කොල්ලෝ

      Delete
  5. අනේ අප්පේ අපිත් දෙන්න ඕන ඔය නගාට පොඩි සප් එකක් :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ ගිම් අක්කේ.. අකාලයේ කැලේ පිපිලා පර වෙන්න දෙන්නේ නැතුව අත දෙන එක යුතුකමක්නේ..!

      Delete
  6. මචො මෙ 50 නෙද මගෙන් සුබ පැතුම් වසන්තය්ක්ම උදා වෙවා :D පොස්ට් එකනම් එකෙන්ම සිරා සුපිරි... ජය

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් 50 මචෝ....ගොඩක් ස්තුතියි මචන්...උඹේ ඊගාව පොස්ට් එකෙන් උඹ 50 යි නේ ?

      Delete
  7. Replies
    1. හයියෝ... බන්ඩිය ඌවං උනාද සුදු මහත්තයෝ...?

      Delete
  8. හික්ස්..... අයියයියෝ...... මට හිනාව නවත්ත ගන්නත් බැරි වුනා....... :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්....හිනා වෙන්නෝ හිනා වෙන්නෝ.. ඇඟට හොඳයි සමනලියේ

      Delete
  9. හැබෑටම කවුද යකෝ ජයන්ත .!!!! ( මටත් ඕනනැති ඔපයක් නෑ )

    ReplyDelete
    Replies
    1. චාරුලතාගෙන්ම තමයි දිනේල්කයෝ අහගන්න වෙන්නේ හෙහ් හෙහ් හෙහ්

      Delete
  10. හි හි.... හොඳ වෙලාවට මං මේක තනියෙන්ම බැලුවේ... හි හි....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අර මොකෝ අර හිරු අක්කේ තනියම හිටිය හින්දා හොඳයි කිවේ

      Delete
    2. ඇයි අප්පා.... අපේ මනුස්සයා දැක්කනං එහෙම හෙටම මාව පිස්සන්කොටුවට පටෝනවා.... හි හි

      Delete
    3. හප්පේ....හෙහ් හෙහ් හෙහ් !!!

      Delete
  11. Replies
    1. බාප්පොච්චේ හෙහ් හෙහ් හෙහ්

      Delete
  12. පට්ටයි බං හිනාවෙලා බඩත් රිදෙනවා

    ReplyDelete
    Replies
    1. අලුත් තීම් එකත් පට්ට ඈ

      Delete
    2. හෙහ් හෙහ් හිනා යනවනම් හිනා වෙයන්කෝ, හිනා වෙයන්කෝ, ඇඟට හොඳයි බොල..හිනාවෙන එක. තීම් එක මාරු කරලා කල්ප කාලයක් බං. තැන්කියු ඈ

      Delete
    3. හැහ් එහෙමද බන්.විභාග හින්දා බ්ලොග් පැත්තේ එන්න වෙන්නේ කලාතුරකින් බන්

      Delete
    4. හප්පේ ඒකට මොකද බං . විභාගේ කලේ නැත්තම් ඉතින් කොහොමත් එන්න වෙන්නේ නෑනේ

      Delete
  13. අපිටත් ඔය නගාගේ sms නම්බර් එක දුන්නනම් ඇහැකිය අපිටටත් සප් එකක් දෙන්ට! :)

    පට්ටයි..!

    ReplyDelete
    Replies
    1. නගාගෙ නම්බරේට SMS කරලා හරියන්නේ නෑ බොලන්. මල් මල් ටීවී චැනල් එකේ නම්බර් SMS කරන්න ඕනේ...

      ආ එව්වා යුතුකම්....

      Delete
  14. ඕන පොකිරිස්සෙක් කිලෝ එකයි කියන්න වගේ පට්ට පෝස්ට් එක... පිස්සු හැදිලා ආයිත් හැදෙනව සිතුමො... එල ඈ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඕනේ පොකිරිස්සෙක් කිලෝ එකයි....එල ඈ එහෙනම්

      Delete
  15. මදෑ උදවු කරන්න ගිහින් රයිටර්ට වෙච්ච වැඩේ ...

    ReplyDelete
    Replies
    1. එකනේ අප්පා රොබිනෝ ....මරාලමයි පාත්වෙන්නේ ඔලුවට

      Delete
  16. මම මඤ්ඤං වෙලා රයිටර්...ඉහි ඉහි ඉහි :P

    ReplyDelete
    Replies
    1. හයියෝ මඤ්ඤං වෙන්න එපා ලිහිණියෝ...ඇයි තේරුනේ නැද්ද අප්පා මුන්ගේ විගඩම් ඈ ...?

      Delete
  17. අඩේ මේ මෝල් මංගල්ලෙ ඇත්ත එකක්ද බං? හැබැයි සෝම ඇන්ටි දැක්කොත් අනිව කක්කවාහානියෙ දානව.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.....ඇත්ත එකක් නේන්නම් රාජ් අයියේ.

      Delete
  18. සා ගන්න කියපු එක හොඳයි...රී ගන්න කියන්නේ නැතුව :)

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ පා ගන්න.. ගා ගන්න එහෙම්ත් කිය වෙන්න තිබ්බා

      මග රිරී පාග පාග ගාගනීධ මා

      Delete
    2. හෙහ් හෙහ්..එහෙම කිවනම් චාරුලතා එහෙමත් කරයි. සයුරි අක්කේ.හෙහ් හෙහ්...

      අඩේ මීගොඩයෝ මේ රාගේ මොකක්ද බං..පට්ට ආතල් ඒක

      Delete
  19. හප්පේ........ රම්බගේ අම්මට කලබල නොවී ඉන්න කියන්න... මොකෝ ඔය ජයන්තලා අරුන් මෙවුන්, මොකුන් හිටියත් චාරු ලතා ලංකාවේ ජන(අ)ප්‍රියම කෙල්ල වුණාම පොරව නිකන්ම අමතක වෙලා යයි...

    හික් හික්... මරේ මරු... එදිරිගේ සාටරේ මතක් වුණා.. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉතින්..එහෙම වෙනවනේ හෙහ් හෙහ්...වැඩේ කියන්නේ ඔය වගේ දේකදී කොයි අම්මත් කලබල වෙන එකනේ..බලමුකෝ මොකෝ වෙන්නේ කියලා

      Delete
  20. හපොයි මගේ තේ ටික. @(මොනිටරේ පිහදමන්නට එකක් හොයමින්) :D
    එල එල..!!

    ReplyDelete
    Replies
    1. හපෝ බං...බලපන් කලිසම මැදට හෙම වැටුනා නම්....අනාගතේම අඳුරේ නේද ?

      Delete
  21. අදමයි මේ පැත්තේ ආවේ... අෆ්ෆෝ.. ආව දවසේම ඇති වෙන්න හිනා වෙන්න පුළුවන් උනා.. ඒක නෙමි අයියේ ඇත්තටම කවුද මේ ජයන්ත...?

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් මේ පැත්තෙන් ඇවිත් වාඩි ගන්නකො එහෙනම්..මේ හිනා මල කාලා..කතාවක් දෙකක් කියවන්න හෙහ් හෙහ් හෙහ්

      Delete
  22. උඹේ වචන සැට් එක එක කොහෙන්ද එන්නෙ හැබෑටම ඈ... මරු මරු !

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං කොහෙන් එනවද කියලා. හෙහ් හෙහ් හෙහ් යුගයේ (අ)වාසනාවට පහල වෙනවද දන්නේ නෑ බං..!

      Delete
  23. නියමයි ඈ.
    අපිටත් ඔය නංගිගෙ නම්බර් එක දුන්නනං ඇස් ඇම් ඇස් කරන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් දෙනවා දෙනවා නැතුව දිනන්න බෑනේ Praසන්ன අයියේ...හෙහ් හෙහ්

      Delete
  24. අල්ලපු වංගුවේ චාරුලතා කියලා අපේ ඔබා ඉස්සර ලිවුවෙ මෙයා ගැන වෙන්න ඇති.. කියන්න සින්දුවක් එහෙම ඕන නම් ලියල දෙන්නම්.. නොමිලේ..
    ඉස්තිර ආලේ ෂපාදේ ෂපාදේ.. //

    ReplyDelete
    Replies
    1. ඇඃ ඔබා මාමත් චාරුලතා කෙනෙක් ගැන ලිව්වද ? මම දැනන් උන්නේ නෑනෙ..සරත් අයියේ.


      වාව් එළනේ....චාරුලතා ගොඩක් සන්තෝස වේවි මේක දැන ගත්තාම කවියක් ලියල දෙනව කිව්වම..

      ඉස්තිර ආලේ "ෂපාදේ ෂපාදේ" පට්ට අප්පා ඒක "ෂපාදේ ෂපාදේ"

      Delete
  25. උඹටත් ආවේනික හාස්‍යෝත්පාදක ශෛලියක් තියෙනවා. හක්කත් පැන්න ඒක කියවන්න ගිහිල්ලා. ඇත්තටම නියමයි ලියලා තියන විදිය, එතකොට උපමා...

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හයියෝ හකු පන්න ගන්නේ නැතුව කියවන ඩුඩ් අයියේ. හෙහ් හෙහ් හෙහ්

      Delete
  26. උඹේම කියලා ශෛලියක් ගොඩනගාගෙන තියෙන බව පේනවා... අලුත් වචන හා යෙදුම් ටික පස්ටයි..

    බොට ජය පතනවා...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ගොඩක් ස්තුතියි සිරා අයියේ....!

      Delete
  27. කවුද පරට්ටියේ ජයන්ත.....?

    ඔඅය තියෙන්නේ අමුවෙන්ම කියලා

    ReplyDelete
    Replies
    1. අමුවෙන් කියන එව්වා අමුවෙන්ම ලියන්න එපැයි ඉතින් මුදියන්සේ....!

      Delete
  28. මේ ලියවිල්ල නම් පට්ට ඈ... ඒක නෙමේ කවුද බං මලේ ඔය කියන ජයන්තයා ? අපි ඔය දන්න කියන එකෙක් ද ?
    ඉතිරු ටිකත් ඉක්මනට ලිව්වොත් නේද හොද.

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ මධුරංග අයියේ කවුද කියලා. චාරුලතගෙන්ම තමයි අහගන්න වෙන්නේ.

      Delete
  29. හිනාවුනාට ඉතින් මේකනෙ අමු ඇත්ත......එළ කිව්වා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත තමයි ගොඩක් එව්වා සුමිත් අයියේ....හෙහ් හෙහ් හෙහ්

      Delete
  30. මල්ලියේ උමේ ලිවිල්ල නම් ඇ‍ඬෙනවා. මේ තරම් රසට ලියන පැතුම් මලයට වරදින්නෙ නෑ. උඹ හොඳ ටැලන්ට් එකක් තියෙන ලේඛකයෙක්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් කට්ටියක් ඇඟේ තේ හලා ගත්තා, කට්ටියක් හක්ක පන්න ගත්තා, ඉල ඇටත් පන්නගත්තා, මට හිරේ විලංගුවේ වැටෙන්න වෙයිද දන්නේ නෑ දයානන්ද අයියේ. හෙහ් හෙහ් හෙහ්

      Delete
  31. හා හා.. "ග" ගන්නෙ නැතිව.. :D :D
    හිනාව නවත්ත ගන්න බෑ මල්ලියෝ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් "ග" ගත්තත් මොකද අක්කේ "රී" ගන්නේ නැතුව....හෙහ් හෙහ් හෙහ්

      Delete
  32. අන්තිමට බලලා මල්ලෙන් පැනලා නෙහ්?

    උඹේ කතාව නම් පට්ට ආ හිනා කාලා මැරෙනවා.

    ReplyDelete
    Replies
    1. බළලා බලාගෙන ඉන්නේ එලියට පනින්නමනේ මඩියෝ .හෙහ් හෙහ් හෙහ්

      Delete
  33. හෙහ්.. මරු බං.. හිනා උනා හොද එකෙන්.. අනිත් ටිකත් දාපං ඉක්මනට.. :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් . හැකි ඉක්මනට දමමි

      Delete
  34. උදේ පාන්දරම ඇති වෙන්න හිනා වුනා මං....මරු...

    ReplyDelete
    Replies
    1. හිනා වුනා නම් එච්චරයි අක්කේ .හෙහ් හෙහ් හෙහ්

      Delete
  35. මරු අලුත් චරිතෙකුත් එන්ටර් වෙලා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ගිමා අයියේ. අච්චාරුලතා......හෙහ් හෙහ් හෙහ්

      Delete
  36. දවසටම ඇතිවෙන්න හිනා උනා පැතුම්:)))) ඊළඟ කතාවෙන් දැනගන්න පුලුවන් වෙයිද කවුද ජයන්ත කියලා?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් සමහර විට දන ගන්න පුළුවන් වෙයි...මට ඔයාගේ නම හරියට ලියන්න බෑ අප්පා

      Delete
  37. අම්මෝ... ඊයේ කකා හිටිය ඉඳිආප්ප ටිකත් ඉස්මොල්ලේ ගිහින්... අද තමයි ආවේ කොමෙන්ට් එක දාන්න...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හප්පේ...මදැයි ඉඳි ආප්ප රැලක් ඉස්පොල්ලේ හෙම හිර වුනා නම්....මොන දෙයියන්ට කියන්නද ?

      Delete
  38. අෆ්ෆටසිලි!!! මල්ලි සිරාවටම කියන්නෙ,මේක කියෝලා මගේ හිනා බොක්ක අන්දකයිප්පු වෙලා ගියා :D :D

    50ට සුභ පැතුම් මල්ලියා!!!

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට ස්තුතියි හිතු අක්කේ... අන්දකයිප්පු වුනා..? මලාඃ.....හිනා බොක්ක යතා තත්වෙට පත් වුනානේ නෙහ් ?

      Delete
  39. අඩේ පට්ටම පට්ට ඈ....තාම හිනා ඕයි...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් හෙහ් හෙහ් හෙහ්

      Delete
  40. එල එල.. ලේ රතු කරගන්න හොඳයි ..

    දිගටම ලියන්න මේ වගේ වෙනස් විදියකින්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ස්තුතියි අසාර් අයියේ. පොස්ට් එකක් දාලා තිබ්බට මම එහෙ ගියා ඒක තිබුනේ නෑනේ

      Delete
  41. ලේ ටික පිරිසිඳු උනා. සිරසත් ලස්සනටට්ම කපල තියෙන්නේ. හිකිස්ස්

    ReplyDelete
    Replies
    1. සිරස තිරස කොයිකත් එකයි කොමා...හේ හෙහ් හෙහ්

      Delete
  42. SMS එකක් ගහලා දිනවන්න ඕන කතාවක් අප්පා..

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙනම් රු අක්කේ. මේවගේ කෙනෙක්ට අත දුන්න කියලා පාඩුවක් වෙන්නේ නෑ.. හෙහ් හෙහ්

      Delete
  43. ගොඩ කාලෙකින් රයිටර් කියවන්න ආවෙ... තාම රම්බා සීරිස්‌ එක දුවනවා නේ...? එල එල... මරු වචන ටික පැතූ...

    ReplyDelete
    Replies
    1. මෙන්න බොලේ අනුවා....ගොඩ කාලෙකින් නේන්නම්...ඔව් ඔව්..රයිටරෙත් ඇදගෙන යනවා ඉතින් හෙහ් හෙහ් හෙහ්

      Delete
  44. This comment has been removed by the author.

    ReplyDelete
  45. බත් එක මොනිටරේ කියහන්කො......................
    මාස ගානකින් බ්ලොග් එකක් කියවන්නෙ. පස්ටයි ඈ...

    ReplyDelete
    Replies
    1. "බත් එක මොනිටරේ" ඔන්න කිව්වා.. හෙහ් හෙහ් හෙහ්..

      Delete
  46. ලෙසටම ලියලා.. ජය වේවා.. :)

    ReplyDelete