Tuesday, December 18, 2012

ලෝක විනාශය වැළක්විය නොහැක්කක්මය (Must Read)

මුලින්ම මම මේ පැවසීමට යන දේ පිලිගැනීම මෙන්ම පිලිනොගැනීම ඇත්තේ කියවන ඔබ සතුව බව පැහැදිලිව කිව යුතුයි. මා මේ සියල්ල දැනගත්තේ කෙලෙසකද  යන දේට වඩා ඒ දැනගත් දෙයින් ලබා ගත හැකි ප්‍රයෝජනය ගන්නවා හැරෙන්න ඔබ ඒ ගැන හාරා ඇවිස්සීම මෙන්ම ඒ පිලිබඳ තවදුරටත් සිතීම නොකළ යුත්තක් ලෙසයි මගේ අදහස. "ප්‍රයෝජනයක්" යයි උක්ත වැකියේ සඳහන් කලත් ප්‍රයෝජනයක් ගැනීමට කාලයක් අප සතුව  නැත. ඔබ අපහසුතාවට පත්නොකර පැවසිය යුත්ත ඉතාමත් සංක්ෂිප්තව පවසන්නට උත්සාහ කරමි. ඒ සඳහා මුලික අඩිතාලම යොදාගනු පිණිස මෙසේ ආරම්භ කරනු කැමැත්තෙමි. විශේෂයෙන් සඳහන් කල යුතුයි ලබන විසි එක්වෙනි දින හිරු උදාවීමත් සමග ලෝක විනාශය නියත වශයෙන්ම ආරම්භ වෙන අතර, ඒ උදාවීමත් සමග පෘථිවියට හිරු එලිය පතිත වන අවසාන දිනයද එයම වන බව. ඔබ විශ්වාස කලත් නොකලත් මට කියන්න සිද්ධ වන දෙය නම් එදිනට මේ ලෝකය මහා විපර්යාසයකට බඳුන් වෙන බව.  නැවත යථාතත්වයට පත්කල නොහැකි තත්වයට පත්වන පෘථිවිය, විශ්වයේ පාවෙන තවත් අජීවී ග්‍රාහක අතරේ දුවිලි වලාවක් බවට පත්වෙන බව ඔබ අකමැත්තෙන් වුවද පිළිගත යුතුව ඇත. නමුත්  ඔබ සාම්ප්‍රදානුකුලව හිතන ආකාරයට ලෝක විනාශය, ක්ෂණයකින් මහපොලව පැලි, අහසෙන් ග්‍රාහක කඩා වැටි මුහුද ගොඩ ගලා සිදුවන්නක් නොවුනත්, ඒ සියල්ලම සිද්ධ වේවි සැළකියයුතු කෙටි කාලයක් තුල. අවාසනාවකට ඒ සිදුවන විනාශය දෑස් වලින් දැක ගැනීමට හැකි වුවත් ඒ විනාශයේ සාක්ෂිකරුවෙකු වන ඔබට ඔබ දුටු දෑ මිහිපිට වසන ඔබේ අවල්වාසියාට පැවසීමට නොහැකි වන්නේ මන්දැයි කියා විස්තර කිරීමට අවශ්‍ය නොවෙතැයි හැඟේ.   

බොහෝ විට සත්‍යයට මුහුණ දීමේ නොහැකියාව මත හා තවත් බොහෝ දේ හේතුකොටගෙන ඔබ මේ ලිපිය අවසානය තෙක් නොකියවනු ඇත. නමුත් ලිපියේ අවසාන වචනය තෙක් දිවෙන ඒ සත්‍ය කියවා හරි හැටි අවබෝධාත්මකව තේරුම් ගන්නා ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු කැමැත්තෙමි.


ලෝක විනාශය නිසැකවම සිදුවන්නක් බව දැන දැනත්, ලෝකය පිළිබද පර්යේෂණ පවත්වන ලෝ ප්‍රකට ආයතන වගකීමෙන් ඒ පිළිබද පැහැදිලි ප්‍රකාශයක් නොකරන්නේ මන්දැයි කියා ඔබට  සිතෙනු ඇත. ඔබේ සිතිවිලි සාධාරණය. නමුත් සිතන්න එවන් විනාශයක් සිදුවන බව කලින් ලෝවැසියන්ට දැන්වුවොත් උද්ගතවිය හැකි ප්‍රශ්නයේ බරපතල බව. පෘථිවියේ එකදු ජීවයක්වත්  උදාවන විසි එක්වනදායින් පසු ශේෂ නොවන බව ස්ථීරවම දන්නා නමුත් එවැනි නිවේදනයක් පූර්ව වශයෙන් නිකුත් කිරීම අනවශ්‍ය වන්නේ මන්දැයි ඔබට සිතා ගැනීමට හැකියාව ඇතැයි උපකල්පනය කරමි. එනමුදු සරලව මෙසේ ප්‍රකාශ කරනු කැමැත්තෙමි. ලෝක විනාශය අනිවාර්යෙන්ම සිදුවන බව ලෝකවාසී ජනයා දැනගතහොත් මිනිසාගේ හැසිරීම කෙබදු වියහැකියි ඔබටත් අපහසුවකින් තොරව වටහාගත හැක. ලබා ගත හැකි සියලු සැප සම්පත් මේ කෙටි දින කිහිපය තුල උපරිමයෙන් විඳීමට උත්සාහ කරනු ඇති. ඒ සඳහා මිනිසා ඕනෑම පහත් ක්‍රියාවක් කිසිදු පැකිලීමකින් තොරව කිරීමට පසුබට නොවනු ඇති..මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ ගිනිය නොහැකි තරම් පොලිස් පොත් වල සටහන් වනු ඇති. ඊට නොදෙවෙනි සංඛ්‍යාවක් රහසේම අඳුරේ සැඟවී යනු ඇති. වැරදි සඳහා බරපතල ලෙස දඬුවම් විඳීමට දීර්ඝ කාලයක් නොමැති නිසා කිසිදු තැති ගැනීමකින් තොරව මිනිසුන් පළිගතයුත්තන්ගෙන් පලි ගනු ඇත. සිදුවන මිනීමැරුම්ද සියල්ලන්ට නොදවෙනි වනු ඇත.   නගරයක් නගරයක් පාසා රතු රුධිරය වැගිරෙනු ඇත. සියලු ගංගා, සප්ත මහා සාගර රුධිරයේ රක්ත වර්ණයෙන් බබලනු ඇත. ස්වභාවිකව ලොව විනාශ වී යෑම වැළක්විය නොහැකි දෙයක් වුවත්, මරණයේ භීතියෙන් ආශාවල් සපුරා ගැනීම සඳහා සිහි විකල් වූ මිනිසුන්ගේ නින්දිත ක්‍රියා තුලින් ලෝකය විනාශ වීම වැළක්විය හැකිය. එබැවින් ගත යුතු හොඳම හා නිවැරදිම තීරණය එය නොවන්නේද?

මීලඟට ඔබ මගෙන් නගන ප්‍රශ්නය වනුයේ මෙමගින් ආරක්ෂා වීමට උපක්‍රමයක් නොමැතිද විය යුතුය. සත්තකින්ම තිබේ. දියුණු රටවල නායකයින් එමෙන්ම කුප්‍රකට ධනවතුන් දැනටමත් අභ්‍යවකාශ නවාතැන්පළවල් වල තම තමන්ගේ කුටි වෙන්කරගෙන හමාර බව ඔබ විශ්වාස කරනවා නොවන්නට පුළුවනි. ඔවුන්ගේ පැවැත්ම පිළිබද ගැටළු සහගත නමුදු සත්‍යය එයයි. විශාසනීය කටයුතු ආරංචි මාර්ග වලින් දැනගත් තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාවෙනුත් කීපදෙනෙක් මෙම කුටි සඳහා කලින් වෙන්කරගැනීමට මුදල් ඇනවුම් බාර දී ඇති බව අප්‍රසිද්ධ රහසකි. දුගී දුප්පත් ජනයා සැමදා අත් වින්දේ දුකම පමණය. ලෝක විනාශයේදීවත්  එය වෙනස් නොවන්නේ ඔවුන්ගේ බලවත් වූ  පුරුවේ කරුමය නිසාමදැයි සිතා ගත නොහැක. ධනවාදී සමාජය නියෝජනය කරන්නා,   හෙටත් කෙසේ හෝ සුපුරුදු  පරිදි අභ්‍යවකාශයේ හෝ  යෙහෙන් වැජඹෙනු ඇත. ඔබද මාද ඇතුළු අපේ දුප්පත් අසල්වාසීන්ද මේ ඉරණමට ගොදුරු වනවා දෑසින් දැක ගැනීමට තරම් අප අවාසනාවන්ත වනු ඇත.


දෙසැම්බර් විසිඑක් වන දින එළිවන විට ශ්‍රී ලංකාව ඇතුළු ආසන්න රටවල පෘථිවිතලය වෙනදාට වඩා උණුසුමකින් යුක්ත වනු ඇත. කාලය වෙනස් වීම මත සෙසු රට වල මේ තත්වය රාත්‍රියේ උදාවේ. ඔබගේ දැන ගැනීම සඳහා පමණක්  ශ්‍රී ලංකාව පාදක කරගෙන විස්තර කරමි. සියලු ජනයා ගතින් වැගිරෙන දහදිය සමග අලුයම අවදිවෙනු ඇත. වෙනදා දකින මීදුම වෙනුවට පොළොවෙන් නික්මෙන උණුසුම් දුම් වලාවන් ඔබට දැක ගත හැකිවනු ඇත.. එය කෙමෙන් කෙමෙන් උපරිමයට වර්ධනය වන්නට  පැය විසි හතරකට නොඅඩු කාලයක් ගනු ඇත. උපරිමයට ලඟා වූ කල්හි එය බොහෝ මිනිසුන්ට දරාගත නොහැකි වනු ඇත. ගිනියම් වූ පර්වත රත් පැහැයෙන් නලියනු ඇත. සියලු ගස් හේබා ගොස් පත්‍ර හැකිලී මැලවී යනු ඇත. බොහෝ ගස් ගින්නෙන් දැවෙනු ඇත. සියලු ගංගා ජලාශවල ජලය වාෂ්ප වී ඉහල නගිනු ඇත. දරාගැනීමේ හැකියාව ඇත්තවුන් තවදුරටත් ජීවත් වනු ඇති..සෙස්සන්ට අත්වන ඉරණම කටගාටුදායකය. දිවි ගලවා ගන්නවුන්ද පිලිස්සී ගිය හම නිසා දැඩි ශාරීරික පීඩාවන්ට ගොදුරු වනු ඇත. උපරිමයට පත්වූ උෂ්ණත්වය කෙමෙන් පහවෙන්නට ගනී. කෙමෙන් සිතනවාටත් වඩා ඉක්මනින් පෘථිවි තලය සිසිල් වීමට පටන් ගනී. මෙය සිදු වන්නේ කවර විද්‍යාත්මක කාරණයක් නිසාද යන්න මා හරි හැටි නොදන්නේ මා මේ තොරතුරු ලබාගත් ආකාරයේ වරදක් කියා මා සිතුවද එය එසේ නොවන බව තර්කානුකුලව පැහැදිලි ලෙස කීමට අපොහොසත් වීම ගැන කනගාටු වෙමි.

සිසිල්වන වාතලයද ජීවත්ව සිටින අවාසනාවන්තයින්ට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති.  අධික උණුසුම හා අධික සීතල කෙතුවෙන් පෘථිවි පෘෂ්ටය මත තැන තැන හටගත් පැලීම් සියල්ල තව තවත් විශාල වන්නේ ඒත් සමගම ඇතිවන නොනවතින දිගු භුමිකම්පා රැල්ල සමගයි. වාෂ්ප වී ඉහල ඇදී ජලයට අමතරව ගොඩබිම රැඳී සීමිත සාගර ජලය අධික සීතල නිසා අයිස් බවට පත් වී ඇත. භුමිකම්පාව නිසා අයිස් තට්ටුද කැබලි වී විනාශ වී යයි. බැලු බැල්මට ලෝක විනාශය  විකාර රූපී ස්වභාවයක් ඉසිලුවද සිදුවන විනාශය සුළුපටු නොවේ. භුමිකම්පා එක දිගට බොහෝ වෙලාවක් පැවතීමෙන් එක විට හටගන්නා විශාල පිපුරුමකින් සියල්ල නිමවෙනු ඇති. එතනින් ඔබ්බට යමක් ඔබට පැවසීමට මා අත කිසිදු සටහනක් ඉතිරිව නැත. විනාශයෙන් ගැලවීමට සැලසුමකට යාමටත් පෙර තව දින කිහිපයකින් මේ කුරිරු සත්‍ය ඔබද මාද වෙලාගනු ඇත. ඊට පෙර කවර ආකාරයේ හෝ  පලා යාමක් අවශ්‍යද නැත්ද යන කාරනාව මා ඔබෙන් නොවිමසන්නේ ඔබ බුද්ධිමත් ලෙස තීරණයක් ගනු ඇති බවට විශ්වාස කරමිනි. 
     

කෙටි කතා, රයිටර් ඇතුළු සීමිත වූ අනම් මනම් විකාර බ්ලොග් ලිපි ලෙස ලිය ලියා සිටි මා මෙවන් හෙළිදරව්වක් ඔබ හමුවේ කිරීමට සිදුවෙතැයි  කිසි විටකත් නොසිතුවෙමි. මෙය ඔබගෙන් වසන්කර ඔබත් සමග සත්‍යට මුහුණ දී මියැදෙන්නට මට හැකිය.  නමුත් හිත තුල තෙරපෙන අසීමිත පීඩනය තුලින් නැගෙන්නා වූ  බලය යතුරු පුවරුවේ යතුරු සමග තෙරපීමෙන් සටහන් වන්නා වූ යුනිකෝඩ් ඩ්රාෆ්ට් වී විනාශ වෙන ලෝකය සමග විනාශ වෙන්නට දීම නොකළ යුත්තක් නිසා මෙය ඔබ හමුවේ දිග හැරීමට කල්පනා කලෙමි. මායා වරුන් පවසන දේ සතයක් වන බව දැන් ඔබට වැටහෙනු ඇත. සත්තකින්ම එසේ විය යුතුය.  මේ සියලු කරුණු කාරණා මා සොයා එන්නේ පුදුම සහගත ලෙසය. නොසිතු නොවිරූ ලෙසය.  එනම් පෙරදින රාත්‍රිය  සිහිනයෙන් මා හමුවීමට පැමිණි ඉසිවරයෙක් නින්දේදී මා හිසඅත තබා සියල්ල මා හට අවබෝධ කළේය. ඉතින් ඒ විස්තර ඔබ හමුවේ තබා ඇත්ත යකාට දමා, සියුම් ආතල් එකක් ගැනීමට මටද සිත් විය. ඉතින්  මායාවරු කිසිදු නවීන තාක්ෂණික උපකරණයක් උපයෝගී නොකර පැවසුවේ හුදෙක් ආතල් එකක් ගැනීම සඳහා නොවන බව කාහට විශ්වාස කල හැකිද.?  

70 comments:

  1. ඉසිවරය මට කිව්වෙ වෙන කතාවක් බන්...

    ReplyDelete
    Replies
    1. ඇහ් : මොකෑ හැබෑටම කිව්වේ සාතන් අයියේ. ඒකා උඹත් දැක්කද ?

      Delete
  2. :D :D :D
    රයිටර් මලයත් අර අභ්‍යවකාශ කුටීර වලින් එකක් වෙන්කර ගෙන වෙන්න ඕනෙ.. මේ බවක් කොටා තැබුවෙ..
    එදාට හොදින් හිටියොත්.. :D පෘථිවි ඈයොන්ගෙන් යහතින් ඉන්න ලැබෙන එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ නන්දු අක්කේ. පීඩිත පන්තියට කුටීර වෙන්කරගන්න වත්කමක් නෑනෙ, අපි නියෝජනය කරන්නේ ඒ පන්තියනේ . හෙහ් හෙහ් විනාශේ වුනේ නැත්තම්නේ ඉන්ඩ හම්බෙන්න්නේ නැත්තේ.

      Delete
  3. අඩේ!මමත් වෙන් කලා කුටීරයක්!!!!හික්ස්! ලැප් එක අරං යන්න ඕනේ යද්දී....

    ReplyDelete
    Replies
    1. අම්මපා එහෙනම් උඹලා ගැන වෙන්න ඇති මට දැනගන්න ලැබුනේ.. මතක ඇතුව අරන් යන්න ඕන දේවල් අරන් පයලන් නාඩියා,ආයේ ආපහු එන්න කියලයෑ..!

      Delete
  4. මන් කියලා තියෙනවා උඹට ගංජා ගහන්න එපා කියලා.

    ReplyDelete
    Replies
    1. විශ්වාස කරපන් මඩියෝ..උඹ කිව්ව දේ තාමත් මම රකිනවා ඇස් දෙක පල්ලා. ගංජා ගැහුවේ නෑ බං...!!!

      Delete
  5. මායා ව නම් ඊයේත් මුණ ගැහුනා ඒකි ඔහොම කතාවක් කිව්වේ නැහැ නේ බං

    ReplyDelete
    Replies
    1. අප්පට සුර,මායා හම්බ වුනා, විශ්වාස කරන්නත් බෑනේ...ඉතින් ඒ කිව්ව කතාවවත් කියහන්කෝ බලන්න

      Delete
  6. ඔහොම වෙලා මදි පුකට ඉර එලිය වැටෙන කම් බුදියන් ඉන්නවට !

    ReplyDelete
    Replies
    1. වෙනී අයියට අන්දකයිප්පු...මේ දවස් ටිකේ ඉර දෑහෙට පේන්නවත් නෑ..ඉතින් පුකට තියා මොකටවත් වැටෙන්න ආසාවකට එළියක් නෑ

      Delete
  7. ආහ් .......... දැන් සෑහෙන්න කාටුන් බලනවා වගේ.... හෙහ් හෙහ් හේ...........

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙනම්...අපි බලන්නේ එව්වනේ..හෙහ් හෙහ් හෙහ්

      Delete
  8. කවදද අප්පේ මේ හීනේ දැක්කේ....දවසත් දැම්මනම් පට්ට අඃ,,,,,,,,,,,,,,,

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ලිව්ව දවසට කලින් දවසේ බං.. දිනේ යකාට දාපන් බොලං

      Delete
  9. අද දවල් නින්ද ගිහිං හිටි වෙලාවේ සෙට් උන ඩ්‍රීම් එකක්ද රයිටර්?
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. නෑ නෑ....කොමා...අති භයන්කාර සුන්දර රාත්‍රියක දැක්ක හීනයක්..අපි දවල් දොයියන්නේ නෑනේ

      Delete
  10. මට ලොකූ ණයක් ගන්න හිතෙනවා බැංකුවෙන් අවුරුද්දකින් ගෙවනවා කියලා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අපෝ කිසි දේකට බය වෙන්න එපා...ඩුඩ් අයියා ණය ගන්න. අරන් ටික ටික හෙමීට ගෙවල දාන්න.
      ඕනෙනම් නොගෙවා ඉඳලා හිරේ විලන්ගුවෙත් වැටෙන්න පුළුවන්නේ. හෙහ් හෙහ් හෙහ්

      Delete
  11. hisakes kelin wenna liyala thiyanawa...hihi

    ReplyDelete
    Replies
    1. කොණ්ඩය ස්ට්‍රේට් කරනු ලැබේ..හෙහ් හෙහ් හෙහ්

      Delete
  12. //මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ ගිනිය නොහැකි තරම් පොලිස් පොත් වල සටහන් වනු ඇති//

    යකෝ ලෝක විනාශ වෙනවා කියලා දන්නව නම්, මිනිස්සු පොලිසි යයිද? ගියත් පොලිස්කාරයෝ ඕවා පොත්වල ලිය ලිය ඉඳියිද? කොටින්ම මිනිහෙක් රස්සාවට යයිද මං අහන්නේ.

    උඹට තිබ්බේ අර ඉසිවරයගේ කතාව නොදා මේක සිරා කේස් එකක් වගේ ඉන්ඩ.

    ReplyDelete
    Replies
    1. උඹ හිතනවද ලෝකේ විනාශ වෙනව කියලා මිනිස්සු අනුන්ට වෙන අසාධාරණය මායිමකට නොගෙන හිටියට තමන්ට වෙන අසාධාරණයට කට පියාන ඉඳීවි කියලා. මිනිස්සු තමන්ගේ ගෙදර බඩු මුට්ටු හොරෙන් අරන් යනකන් බලාගෙන ඉඳීවි කියලා, එතකොට ගෑනු "ආ....ඔ්න්න ඔහේ මාව දුෂණය කරලා පලයන්..ලෝකේ විනාශ වෙන එකේ තව මොනවා විනාශ වෙන්නද" කියලා කියාවිද..නෑනෙ..පොඩ්ඩක් ඒ ඈංගල් එකෙන් හිතලා බලාපන්කෝ තිසා/මුදි..


      ඉසිවර කතාවෙන් පොඩි ආතල් එකක් ගන්න හැදුවේ බං. නැත්තම් මෙතන වැටෙන කමෙන්ට් වෙනස් විදිහක් ගනීවි. හැමෝම ලෝක විනාසේ ගැන කියවයි බං. දැන් එහෙම නෑනෙ..බලපංකෝ මන් ගන්ජාත් ගහලලු. ඉතින් පට්ට ආතල් නේ

      Delete
  13. මලක් ඇදල නිදාගත්තම ඔය විකාර පේනව.මමත් පෙරේද පක්කෙග්ගෙන් හම්බවෙච්ච චරාස් කෑල්ලක් පුච්චල සිගරට් එහෙකට දාල ඇදල නිදාගත්ත.මෙන්න බොලේ 21වෙනිදා ඇහැරෙද්දි මුලු ලෝකෙම පොඩි එකාගෙ ඉදල මහල්ලා/මැහැල්ලිය දක්වාම එව්වනන්ට තමුන් ඉපදිච්ච දවසෙ ඉදල 20වෙනිදා නිදාගන්න යනකන් වෙච්ච දේවල් මෙලෝ දෙයක් මතක නැතිව බලාගත්ත අතේ බලාගන ඉන්නවා.මොලේ කර උනාම තමයි මේවගේ දේවල් පේන්නෙ :):):)

    ReplyDelete
    Replies
    1. අප්පට උඩු...උඹ ඔය හීනේ දැක්ක විදිහ පොඩ්ඩක් කියකෝ තරහා නැතුව..හෙහ් හෙහ් හෙහ්...යකෝ ඒ...සිරාවට එතකොට මගේ මොළ කටුවත් කර වෙලාද බං ජපා..?

      Delete
  14. එතකොට ඒකත් එහෙමයි. රයිටර් කියනව නම් ඇත්ත වෙන්න ඇති. ඕකෙන් බේරෙන්න ක්‍රමයකුත් කාගෙන් හරි අහල කිව්ව නම් හොඳයි නේද!

    ReplyDelete
    Replies
    1. මං කියන නිසාම පිලි ගන්න එපා. දන්න කෙනෙකුගෙන් අසා දැනගන්න කෝකටත් ගිමා අයිය්යේ... විනාශේ අවොත් ගැල වෙන්න විදිහක් නෑ..කතාවේ හැටියට බඩු බනිස් වෙනවාමයි

      Delete
  15. නියම හීනයක්නෙ දැකල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා Praසන්ன අයියේ ෆුල් 3ඩී HD හීනයක්

      Delete
  16. අන්න හීනේ හැබෑ වෙලා... :)

    ReplyDelete
    Replies
    1. අම්මපා..අයියේ මයිල් ඉස්මයිල් වෙනවා..බයේ බෑ.. දෙසැම්බර් සාමාන්යෙන් ගංවතුර ගලන්නේ නෑ නේද බං

      Delete
    2. ඒක තමා. මේ ටිකේ කාළගුණයත් අමුතුයිද මන්දා.

      Delete
  17. ආ මම හිතුවේ 21 වෙනිදට ඉර පායන්නේ නැතිවෙයි කියලා

    ReplyDelete
    Replies
    1. එකනේ උඹ හිතාන උන්නු විදිහ වැරදියි.. අපි හිතාන ඉන්න සෑම්පලේට නෙමෙයි වෙන්නේ. අන්ඊවන් ටයිප් එකට වෙන්නේ.

      Delete
  18. ලොක විනාශය අද සිහිනයක් ම පමණද?
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. හීනයක් වෙන තරමට හොඳ නැද්ද අප්පා අක්කේ

      Delete
  19. අඩා මල් ඇද්දාට කමක් නැහැ, එක එක විකාර ලියලා මිනිස්සු බය කරන්න එපා. ලෝක විනාසේ වෙන්නේ නැහැ. කියවන්න

    ReplyDelete
    Replies
    1. යකෝ අවකැපෙන කතා කියන්න එපා..දුක හිතෙනවනෙ... මම මල් ගහන්නේ නෑ බං.. මල් අයිති සමනලුන්ටයි බබරුන්ටයි..

      Delete
  20. ලෝක විනාසේ අනිවා සිහිනයකි...

    ReplyDelete
    Replies
    1. අනිවා සිහිනයක්ම වෙයන් දෙයියනේ

      Delete
  21. මං මේක කියවන ගමන් කරන්න තියන වැඩ ටිකක් ප්ලෑන් කළා.. :)

    ReplyDelete
    Replies
    1. යකෝ අපිටත් කියපන්කො තනියම ගොඩ යන්න හදන්නේ,

      Delete
  22. අනේ අම්මේ මේ ඉසිවරයටත් වෙන වැඩ නැති හැටි මේ පැතුම් මල්ලිටමනේ ඔය වගේ දේවල් පේන්නේ...ලෝකේ විනාසෙට කලින්වත් පවුලක් පන්සලක් උනොත් නරකද රයිටර් මලේ....;)

    ReplyDelete
    Replies
    1. මේං මෙයත් පවුල් පංසල් ගැන කතා කරනවා මාත් ඕකමයි අක්කේ කියන්නේ ඔක්කොටම කලින් බඳින්ටෝන

      Delete
    2. ලෝක විනාසෙට කලින් පවුලක් පන්සලක් වුනා කියන්නේ ලෝක විනාසෙට කලින් ලෝකේ විනාස වුනා කියන එකනේ ප්‍රදී අක්කේ හෙහ් හෙහ්.


      හෙහ් හෙහ්.. ගැමි මල්ලිටත් ලෝක පෙර සුදානමක් ඕනේ වෙලා වගෙයි

      Delete
  23. ‍මාර හීනයක්නේ බොලේ........

    මේක කියවද්දි මට මතක් වුනේ අර ඇල්වතුරට වඩා ඉක්මනින් රස්නේ වතුර මිදෙනවා කියන කතාව මොනා උනත් එලට ලියලා තියෙනවා මටත් හිතයි ටිකක් කල්පනා කරලා බලන්න ඕං ලෝකේ විනාස වෙනවා‍ කියලා කවුරුහරි කිව්වොත් හිතෙන්නේ මොනාද බලන්න හැබැයි ඉතින් දැන්ම බෑ තව වැඩ තියෙනවා

    ReplyDelete
    Replies
    1. හම්බෝ කල්පනා කරන්න වටිනවා මලේ...හැබැයි මොලේ අවටියෙල් වෙනකන් කල්පනා කරන්න ගියොත් බඩු මැන්ගුස් වෙනවා හොඳේ.. නරකද අලුත් ප්‍රබන්ධයක් ගොඩ නැගුවොත්..

      Delete
    2. ට්‍රයි කොලා.... විනාසේ වෙනවයි කියපු දවසට පබ්ලිෂ් කොරන්නයි හිටියේ ඒත් ඒක මගේ කවදාවත් පබ්ලිෂ් නොකරන ගොන්නට දැම්මා...

      මොකද මගේ අදහසට සමාන අදහසක් අපේ ඔපීසියේ එකෙක් කිව්වා මං ඕක පල කලෝතින් අදහස් මංකොල්ලකෑමක් වගේ එකක් හිතෙයි ඒ පොරට...

      Delete
  24. මැරෙන එක හිත හොඳින් මැරෙන්න දියල්ලකො ! ඇයි වදේ...

    ReplyDelete
    Replies
    1. ඉතින් බොලේ මැරියකෝ...මං අහවල් එකක් කොලාටද..හෙහ් හෙහ් හෙහ්

      Delete
  25. ලෝක විනාසෙන් පස්සේ හම්බවෙමු ඈ

    ReplyDelete
    Replies
    1. එල කිරි තරුවා....දාපන් ඩොලර් එකක්...මේ මට මිස් කෝල් එකක් දීපන් උඹ යහතින් ඉන්නවනම් ඈ

      Delete
  26. හ්ම්ම්..ඒකත් එහෙමයි එහෙනම්.. මන් තාම උපාධිය ගත්තේත් නැ..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..ඒක එහෙමයි රේඩී...මල මගුලයි. ගන්න උපාධියක් ලෝක විනාසෙන් පස්සේ තමයි

      Delete
  27. ලියපු එක නම් හොදටම ලියල තියෙනවා..
    අර ඉසිවර කේස් එක නොදැ ඉන්න තිබ්බේ බන් ...

    ReplyDelete
    Replies
    1. ඉසිවර කේස් එක හින්දා බලපන්කො මෙතන තියන ආතල් එක... මම ගංජා ඩයල් එකක් වෙලා. හෙහ් හෙහ් හෙහ්

      Delete
  28. හික්..... මරු හීනේ ඈ.... ඔය ඉසිවරයා ඕක ඔයාටම කිව්වේ මොකෝ දන්නේ නැ........

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්....අයියෝ ඒක ඔයාට හිතා ගන්න බැරිද සමනලී...

      Delete
  29. උඔ මේක ලිව්වේ ගංජා පාරක් ඇදලද බං... ගානට අකුරැ ගැලපෙනවා

    ReplyDelete
    Replies
    1. ඔය බලහන්කො ඉතින්...මම ගංජා ඇද්දේ නෑ බං...හෙහ් හෙහ් යකෝ බලාන යනකොට මේකේ ඉන්න එවුන් බාගෙට බාගයක් ගංජා ගහන එව්වොනේ.

      Delete
  30. හ්ම්ම්... පැතූ.. මට නම් මේ පෝස්ට් එක කියවල දැන් කැරකිල්ල වගේ... මොකක්ද ලෝක විනාසෙ කියන්නෙ :0

    ReplyDelete
    Replies
    1. යකෝ මේ උපාසක කෙල්ල තියන්න වටින්නේ නෑනේ

      Delete
  31. අර රත් වෙනවා කියපු ගලක් උඩ රොටියක් පුච්චන් කාලා මැරෙනවා.

    ඔබටත් සුභ ලෝක විනාසයක් වේවා!!

    ReplyDelete
    Replies
    1. අන්න අන්න පට්ට අයිඩියා එක අසාර් අයියේ

      Delete
  32. මම කල්පනා කළේ හෙටින් පස්සෙ මොකද්ද තලු මරන්නෙ කියලා.....ඒ වගේම හෙටින් පස්සෙ අතුරුදහන් වෙන්න නියමිත දෙවල් මොනවද කියලා...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...අතුරුදන් වෙන්න ඕනේ කට්ටිය ඇඟට පතට නොදානෙන්න ශේප් එකේ යස අගේට මාරු වෙලා යාවි

      Delete
  33. උඹෙන් වෙනදට කියවන වචන සැට් එක නැතුව නිකං මොකක්ද මොකක්ද වගේ... ලෝක විනාශය කෙසේ වෙතත් මිනිසුන්ගෙ චින්තනේ වෙනසක් වෙලා උනුන් නසා ගන්නා වෑයම වත් නැතිවුනොත් මදෑ....

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ චින්තනේ නං මේ කපේදී වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි සිරා අයියෙය්

      Delete