"හප්පද බොල පිලිහුඩු කිව්වලු....ර....ර රයිටර්.....දැක්ක කල්...දෙයියන්ගේ
වෙඩිමට ඇඩ්මිට් වුනා වගේ සිරාවට ...කොහෙද බං මෙච්චර කල් මකබෑවිලා
හිටියේ..අපි හිතුව උඹේ මිනියත් අද හෙට කැළණි ගඟේ පාවෙයි කියලා"
"නෙදකින් විතරක් මුගේ කට" මම කොල බොක්කටම කාරලා පාලං ගැට්ටට උඩින් කෙල පාරක් ගැහුවා. අපරාදේ කියන්ඩ බෑ, ඒ කෙල තලියම අවේලාවේ අවලමේ යන අසමජ්ජාති හුලං පාරක ප්‍රතිරෝධය එක්ක ප්‍රතික්‍රියා කරලා ආපහු මගේ මුණ මැදට වැටුනේ හෙන අයිස්චර්යක් විදිහට.
කට කැඩිච්ච කතාවක් කිව්වොත් ඉතින් ඒ එක බත් ගුලිය දෙකට කඩාගෙන කාපු එකෙක්මයි. එක ලේන්සුවට හොටු හුරපු, එක බුරුසුවෙන් දත් මැදපු, එක චුයින්ගම් එක දෙකට කඩාගෙන කාපු, එක වතුර බාල්දියෙන් කක්කුස්සි ගිය එවුන් බලන් ඉන්නේ බ්ලොග් කතුවර රයිටරයාගේ මල කඳ කැළණි ගඟේ පාවෙනකම්. අද ඊයේ ගෙට වුන ලමිස්සියගේ ඉඳන් මීට ගොඩක් කාලෙකට කලින් ගෙට වුන වයෝවෘද මහලු කාන්තාවන්ගේ පවා නියම් හා අනියම් ආදරය කවාකාරව වගේම වක්‍රවාකාරව දිනා ගත්ත රයිටර්ගේ වටිනාකම මේ කුහකයින්ට පාදඩයින්ට තේරෙන්නේ නැති හැටි අම්මාප. දුක වැඩිකමට හදවත දෙදරන්ඩ පටන් ගත්ත හින්දා මම ආමාශය කලම්බලා කලම්බලා පිත්තාශයෙන් අහිංසක හිනාවක් කට මැදට ආනයනය කරගත්තා.
"ර ර ර ම්බා......මට වාවන්නේ නෑ..මං මේ රටින් යනවා රම්බා..ඔව් මං මේ රටින් යනවා....මේ වින්ද දුක හොඳටම ඇති...මේ කෙනෙහිලිකම් තවත් විඳින්න බෑ......ඉහි..ඉහිහ්..." රම්බාගේ කරට අතක් දාගෙන පුපුරන්ඩ ලංවෙච්ච රුපියල් දෙකේ බැලුමක් වගේ මුණු තහඩුව හදාගෙන මම කිව්වා. කොහෙද මන්දා ස්ටක් වෙලා තිබ්බ කඳුළු බෝල ලීටරයක් විතර පලිඟු වගේ පොලවට බස බස ගාල වැටෙන්න ගත්තේ දෙකට නැමිලා ඇහැට ඇඟිල්ලෙන් ඇන්න හින්දා කියලා රම්බා දැක්කේ නෑ .
"හෑ..!!........" රම්බාගේ මුණ වොට් සීයේ පිච්චිච්ච බලුප් එකක පිලමන්ට් එක වගේ උනා.
"උඹ මෙහෙන් යනවනම් හොඳයි රයිටර්....මට ඕක උඹට කෙලින් කියා ගන්න බැරුව හිටියේ" හුට්ටාහ්.....! කෙලියා තාප්පෙට ප්ලාස්ටර් පැරිස් කිව්වලු.... මං බලාපොරොත්තු වුන මුඩ් එක රම්බාගේ මුනට ආවේ නෑ....ඒ වෙනුවට රම්බා හෙන සන්තෝසෙන් එහෙම කිව්වේ මගේ බලාපොරොත්තු චකබ්ලාස් කරලා.
"....අපේ බාප්පාගේ පුතාගේ ජිල්මාට් පාස්පෝට් ඔෆිස් එකට කියලා අඩුවට වීසා හදල දෙන්නම්...උඹ බය වෙන්න එපා එව්වා ඔක්කොම මම බලා ගන්නම්..උඹ උගේ ඊගාව බෝට්ටුවේ ඕස්ට්‍රේලියා පලයන්...මචන්...ඔව් ....උඹ පලයන්....උඹ අඬන්නේ උඹේ කෙල්ල ගැන දුක හිතිලා නම් ඒ ගැන තඹ දොයිතුවකට බය වෙන්න එපා...උඹේ යුතුකම මම ඒකිට ඉෂ්ට කරන්නම්....උඹේ කෙල්ල මට බාර දීල පලයන්..එයැයි ගැන මම බලා ගන්නම්..."
"අනේ...හ් මට සමාවෙයන් රම්බා......මම උඹ ගැන හිතාන හිටිය විදිහ වැරදියි. සිරාවටම රම්බා කියන්නේ මෙච්චර හොඳ හිතක් තියන උත්තුංග, යාලුවෙක්ද...මට සමාවෙයන් රම්බා මට සමාවෙයන්...සිරාවටම දැන් මට බයක් නෑ...ඉහි ඉහි ඉහි"
"හරි හරි ඔය ටැප වහලා උඹට වුනේ මොකෑ කියලා කියකෝ..."
"ඉහි...ඉහි...ඊහි...රම්බා.....උඹට මතකද ග ...ග ....ගම්පහ සීන් එක...?"
"ගම්පහ...?"
"ඔව් ඔව්...අර බ්ලොග් ගෙට්ටුවක් තිබ්බේ...ඉහි...ක්" මම ඉකියක් අස්සෙන් කිව්වා.
"ඔව් ඔව් අර උඹ සාමාජිකත්වය අරන් ඉන්න අන්තර්ජාතික ලියන්නන්ගේ සංවිධානේ නේද...අර ඔබාමාගේ දුවත් ලියනවා කිව්වේ...?"
"ඔව් ඔව් ඒක තමයි...."
"ඉතින්....?"
"ඉතින් එදා මම ඒකට ගිහින් ආතල් එකක් අරන් බෝඩිමට එනකොට කොම්ඤ්ඤවීදියේදී....සු සු සු....දු..,"
"සුදු කෙල්ලෙක්ට උඹ පැණි හැලුවා....ඒකිගේ අයිය බොට නෙළුවා....නෙහ්...?" රම්බා විරිත්තාගෙන කිව්වා.
"තො...තො ..තොගේ ආච්චිගේ සර්පිනාව.....!!!..නෑ යකෝ... එදා...එදා සුදු පාටට හුරු වැන් එකක් නවත්තලා මට තර්ජනය කරලා මාව දාගෙන ගියා බං"
"නෑ......හ්....උඹව කිඩ්නැප් කළා .....?" රම්බාගේ උඩු ඇන්දේ රදනක දතක් පහල ඇන්දේ පුරස්චාර්වකයක පැටලුනා.
"ඉහි ඉහි...ඔව් බං.."
"හයියෝ....යෝ..." රම්බා දෑත ඔලුවේ බදා ගත්ත....."අනේ.....උඹේ පතිවත....උඹ කොච්චර අමාරුවෙන්ද ඕක රැකගත්තේ....අනේ උන් උඹව සමුහ දුෂණය ලක්කලාද....උඹට උන්ගෙන් බලහත්කාරමක් හෙම වුනාද රයිටර්....අනේ කියහන්කෝ.....උඹේ අවයව සේරම කලින් විදිහමයිනේ....උඹෙන් මොනවද ඉල්ලුවේ එවුන්?"
"මගුලක්......!! නෑ...නෑ...අග වක් වෙච්ච තඩි වේවැලක් පෙන්නලා මට තර්ජනය කළා බං බ්ලොගක් හදල, ලියන හැටි උන්ට උගන්වපන් කියලා...තව හිට්ස් ගන්න රහස් විදි ඔක්කොම කියලා දීපිය කියලා...."
"නැඃ....ඉතින් උඹ කිව්වද....?"
"නැත්තම්....මට කියන්ඩ සිද්ද වුනා රම්බා...මට කියන්ඩ සිද්ද වුනා, මං උන්ට කියාදීපු විදිහට උන් මාර සැටිස් වුනා හැබැයි, මං කිව්වා රාජකීය රහස් දෙකක්.... කියෙව්වේ නැතත් තියන හැම බොගකටම "පට්ටයි මචන් අපේ පැත්තෙන් ඇවිත් යන්න" කියලා කමෙන්ට් දාපන්, අනික් එවුන් ලියන එව්වා ගෙඩි පිටින් උස්සල පොස්ට් කරහන් කියලා...
මට දුක ඒක නෙමෙයි බං....මට අන්දකයිප්පු කැවිලද කොහෙද බං....බලහන් දැන් මට අයිඩියා එන්නේ නෑ බං....කතාවක් ලියන්න බෑ බං...ලිව්වොත් උඹෙයි මගෙයි අවලම්භන මගඩියක් තමයි...දැන් ඒක හරියට ලියාගන්නත් බෑ රම්බා..මෙලෝ රහක් නෑ රම්බා..මෙලෝ රහක් නෑ....මම ඒක වහලා දානවා ." ඇඬෙන්න ඔන්න මෙන්නය...
"සිරාවටම උඹ බෝග වහනවද බං...?"
--------------------------------------------
අපි දෙන්නා හෙමින් හෙමින් කයිය පිට කඩේ ගාවට ඇවිත් පුස් වඩේ දෙකකුයි කැරපොතු සුවඳ කවපු ප්ලේන්ටි දෙකකුයි ඔර්ඩර් කලා..වඩේ දීසියේ පුස් පිහ දදා ඉන්නකොට මල්එතනා ආච්චියි, ආච්චිගේ මොන්ටිසෝරි යන මුනුබුරයි කඩේට ආවා. පොඩි එකා ආච්චිගෙන් ප්‍රශ්න අහනවා ලොවෙත් නෑ.. ආච්චිට කට උත්තර නෑ..
"ආච්චි....ආච්චි....පොඩි බබ්බු මේ ලෝකෙට එන්නේ කොහෙ ඉඳන්ද......?" පොඩි එකා හුරතලෙන් අහපි...
"දිව්‍ය ලෝකෙන් මයේ පුතේ....දිව්‍ය ලෝකෙන්...."
"හෑ....මාත් දිවිය ලෝකෙන්ද ආවේ...?"
"ඔව් මයේ පුතේ ඔව්...ලස්සන සුරන්ගනාවියෙක් සේද සලුවක ඔතලා පුතාගේ අම්මට ගෙනත් දුන්නා.."
".එතකොට සේද සළුව කෝ ආච්චි.......? මේ මේ.... ආච්චියෙ කසාද බැඳපු අයට විතරද බලාලා හම්බෙන්නේ.....?" දැන් හැදෙන පොඩි එවුන්ගේ ප්‍රශ්න අහලා බබ්බු හම්බෙන්නේ අහක යන අපිටය...
"බොට දැන්ම වැඩක් නෑ ඒ පැහිච්චකම්...." ආච්චිට මල පැනලා
"ආච්චි...ආච්චි...එතකොට මේ ලෝකේ කොහෙද තියෙන්නේ"
"මේ ලෝක බොලේ පොලෝ මහී කාන්තාව සුළඟිල්ලේ තියාගෙන ඉන්නේ මයේ පුතේ," ඒපාර ආච්චි ටිකක් නිමිලා..."පොලව හෙල්ලිලා භූමිකම්පා එන්නේ ලෝක බෝලේ අතකින් අනික් අතට මාරු කරනකොට"
"හෑ.....!! පොලෝ මහී කාන්තාවටත් පයිත්තියන් නේද ආච්චි....ඔය ලෝක බෝලේ තියාගෙන පැන පැන දෙන්න යන්නේ නැතුව පැත්තකට වෙලා හිටියානම් භුමිකම්පාත් නෑනේ.....!!

ඔය ජාතියෙ කමෙන්ට් එකක් නම් මමත් දැක්කා. අදහසක් ඕන තැනකදි දැන්වීමක් වෙන එක නම් හොඳ දෙයක් පිළිගන්න බෑ. තමන් හොඳ දේ ලියනව නම් අඬගහලා ගෙන්වන්න ඕනෙ නෑනෙ. පහල කතාවට නම් මට තාමත් හිනා.... සිතුම් ට පොරොන්දුවක් උනා. ඒත් ඒක ඉෂ්ට කරන්න එන්න බැරි උනා. ඒකට සමාව ඉල්ලනවා...
ReplyDeleteහෙහ් හෙහ් හෙහ්..ඔක්කොම කියවනවා කියල කිව්ව එකද පොරොන්දුව....?
Deleteබොලාගේ රයිටින් තමයි රයිටින් පට්ටයි...
ReplyDeleteහාහ් හාහ් හාහ් මෙලෝ රහක් නැති රයිටින්....!
Deleteඅඩෝ..... රාජ අඩවියට දාපු කමෙන්ට් හෑල්ලු කරන්න එපා ඩෝ!!! :) :)
ReplyDeleteමට මැරෙන්ඩ හිනා ඕයි ඒක දැකලා... :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රාජ අඩවිය හැල්ලුවට ලක්කර රාජ උදහසට ලක්වීමට මට උවැසි නැත.. හහ්හ් හාහ් හාහ්
Deleteපට්ටයි මචන්... මේ පැත්තෙත් ඇවිත් යන්න....
ReplyDeleteමටත් ඕක ආවා... මම නම් පළ කළේ නෑ....
මොකද කියනව නම් අළුත් බ්ලොගයක් ප්‍රචලිත කරන එකේ එක්තරා විදියක් තියෙනවා....
හෙහ් හෙහ් මමත් මුලදීම මගේ බොග ප්‍රචලිත කරන්න හෙන කට්ටක් කෑවා තමයි. ඒත් මේ කමෙන්ට් එක දකිනකොට මට කහනවා කහනවා වගේ අප්පා.
Deleteරයිටරේ ගැන පොලිෂ් වාර්තාවල ලියැවිලා තිබුණ හැටියට මං හිතුවෙම කොම්පඤ්ඤ වීදියේ මඤ්ඤොක්කා හොයන්න ගිහින් සුදු වෑන්කට්ටකට බලෙන් ගොඩ වුණාය කියලා..
ReplyDeleteබලාගෙන යද්දි මේ.. හිට් සීන් එකක්නෙ.. :D
හෆ්ෆේ.. කාලෙකින්..
හෙහ් හෙහ් කොම්පඤ්ඤ වීදියේ මඤ්ඤොක්කා ගලවන්න....?...සුදු වෑන් එකකට බලෙන් නගින්න...මම..? මේ මම....?.හාහ් හාහ් හා...කීයක් හරි දෙනවා කිව්වොත් මිසක මම නම් නගීවි
Deleteඋඹ ලියන්න මෙච්චර කල් ගන්නෙ මේ යෙදුම් ටික හිතලා එකලස් කරගන වෙන්නැති. උඹේ පෝස්ට් කියවන ගානේ මට හිතෙන දෙයක් තමයි මේ භාෂාවෙන් උඹ දාන සෙල්ලම්!
ReplyDeleteඋඹලා හැමදාම අර කඩේට යන්නෙ පුස්කාපු කෑම කන්න. වෙන එකකට පලයව්කො. කොට්ටේ හේදුවද බොල?
පට්ටයි. අපේ පැත්තෙත් ඇවිත් යන්න, මේ අහවලා.
හාහ් හාහ් මේ පාර මෙච්චර මුකුත් ලියන්න පරක්කු වුනේ නම් අම්බානක වැඩ වැටුන හින්දා ඩුඩ් අයියේ.
Deleteපි...පි..පිස්සුද ඩුඩ් අයියේ...පුස් කෑම කොච්චර ලාබයිද....අනික තරු පහේ කෑම කන්න බෑ පුස් කෑම වලට දිව හුරු වෙලා...!!!...
කෝට්ටේ හෝදන්ඩ..පිස්සු හැදෙයි..ඒක හේදුවොත් නින්ද යන්නේ නෑ...ඇඳට වැටුන ගමන් නින්ද යන්නේ ස්මෙල් එකට..වස විස නැති නිදි පෙත්ත = හෝදපු නැති මගේ කොට්ටේ
පට්ට රහයි බං මේ ලියවිල්ල .... සුපිරිම සුපිරි .. කොහොම බොට මෙව්වා කල්පනාවට එනවද මන්දා ..
ReplyDeleteමම අරක ලියන අරයා
හාහ් හාහ්..අමුතුවෙන් කල්පනාවට එන්ට දෙයක් නෑනේ සත්‍ය සිදුවීම් ලියනකොට...මීස්..හෙහ් හෙහ් හෙහ්
Deleteහික්ස්! තෝව එදා ඉස්සුවද බොල! නිකම්වත් කතා කලානම් අපිත් එන්ටර් වෙනවනේ ගේම් එකට!
ReplyDeleteමේ මගේ එක පැත්තෙත් වරෙන්! නැත්නම් දන්නවනේ!කෑලි කෑලි වලට කපනවා ඈ!
ඔව් බං...වේවැලක් පෙන්නලා ඉස්සුවා..මට උඹලව මතක් වුනා..කෝ ඉතින් ටැලිපොන් නම්බරයක් නෑනේ
Deleteබෑ බෑ එහෙ ඇවිත් මගේ වැටෙන නාඩි දෙක තුනට කෙලවගන්න බෑ
හිකිස් මරු... එහෙම තමයි කමෙන්ට් දාන්න ඕනේ :)...මට මාතෘකාව දකිනකොටම හිතුනා මේ ගැන වෙන්නැති කියන්නේ කියලා.. :D
ReplyDeleteහොඳ කතිකාවතක්...
නියම අදහසක්..
හොඳ ලිපියක්... ඔය මොනා හරි ලියලා අන්තිමට ලියන්න ඕනෙ අපේ පැත්තෙත් ඇවිත් යන්න කියලා... :P
හෙහ් හෙහ් අපි වැඩිය ගණන් ගන්නේ නැතුව හිටියට මේක හෙන ජාතික ප්‍රශ්නයක් අරු අක්කේ. ඒකයි රයිටර්ගේ සියුම් ඇස මේ ගැන යොමු කලේ.
Deleteඇත්තටම රයිටර් මොකෝ කාලයක් පේන්න හිටියෙ නැත්තෙ? අර පහලින් දාල තියෙන කතාව නම් නියමයි. පොඩි අප්සෙට් මූඩ් එකක ඉන්න ගමන් තමයි මේ කතාව කියවන්න ආවෙ. ඒත් දැන් නම් හිනාව නවත්තගන්නත් බෑ :D :D
ReplyDeleteබලහත්කාරයෙන් උස්සගෙන කිඩ්නැප් කරගෙන ගියාම කොහොමද අප්පා පේන්ඩ ඉන්නේ.
Deleteඔයා හැමදාම මයේ කතා කියවන්නේ ශෝක මුඩ් එකේ ඉඳන්නේ...!!! හෙහ් හෙහ් හේ
ලිපිය කියවන්නෙවත් නැතුව කමෙන්ට් කරන එක මටත් පෙන්නන්නම බැරි දෙයක්. ඔය කියන ජාතියේ කමෙන්ට් මම කිහිප තැනකදිම දැක්කා. හිට්ස් කමෙන්ට්ස් වලට වහල් නොවී හොඳ දෙයක් කරනවානම් නිකන්ම කට්ටිය ඒ පැත්තේ යයි.
ReplyDeleteපට්ටයි. නියමෙට ලියලා තියනවා. අපේ පැත්තෙත් එන්න. :D
හෙහ් හෙහ්....මල හොඳ නම් බඹරු ඒවි....මල තැන තැන ඇඩ් දාන්ඩ ඕනේ නෑනේ..හෙහෙ..ඔය කිව්වට මමත් ආපු මුල් කාලේ හෙන ඇඩ් එක දැම්ම අප්පා හතර වටේට.
Deleteසෝක් මෙවුවා එක....
ReplyDeleteමං කෙරුවාව ලියන *රියා....
මොකා ලියන මොකා..මට කියවෙන්නෙම කුණු හරුපයක් බං
Deleteඅපේ පැත්තේ නම් එන්න එපෝ ,
ReplyDeleteආවට තේ එකක් වත් දෙන්න නෑ
සිකේ..ගෙදරට ආව හතුරෙකුටවත් ඔහොම සලකනවද....ආගන්තුක සත්කාර ඉගෙන ගන්ට එපැයි හෙහ් හෙහ්
DeleteAmmoo..mehema hina wela pilikaawak wath hedeida danne ne.. :P
ReplyDeleteහුටා හිනා වුනාමත් එව්වා හැදෙනවද බං...?
Deleteමාත් මේ කියන්න හැදුවේ අපේ පැත්තේ නම් නිකමටවත් එන්න එපා, ඒ පැත්ත දැන් වේයෝ මීයෝ කාලා එහෙම දිරලා තියෙන්නෙ කියන්න. අර උඹ කියලා තියන එක තමා හේතුව..
ReplyDelete//දැන් ඒක හරියට ලියාගන්නත් බෑ රම්බා..මෙලෝ රහක් නෑ රම්බා..මෙලෝ රහක් නෑ....මම ඒක වහලා දානවා//...
ඇඩේ අර එක බාල්දියෙන් කකුස්සි ගිය එක දිගට ඇදං ගියා නම් කොහෙන් නවතීද කියලා කල්පනා කලේ...
ඒක නෙමේ උඹ ගම්පහ ගෙට්ටුවට ආවද? දාපංකෝ පොටෝ එකක්වත් බලාගන්න උඹේ හැඩරුව..
මගුලක් කියන්ඩ එපා තිසා..වහන්ඩ තියා හිතන්ඩවත් එපා...
Deleteඅන්න අන්න කක්කුස්සි කතාව මිස්අන්ඩර්ටෙකින් කරලා...වරකට එකා බැගින් එක බාල්දියෙන් බාගේ බාගේ....හෙහ් හෙහ්..නැතුව වරකට දෙක බැගින් නෙමෙයි බොල..
ගෙට්ටුවට ආවා නේන්නම්...!
මේකත් හොඳ පබ්ලිසිටියක් යකෝ අපිට කොහෙද බූල් බල්ලො
ReplyDeleteඅපේ පැත්තෙත් ඇවිත් යන්න .... හික් හික් හික් ඇඩ් ඕනෙ නෑ අපේ පැත්තෙ එන්න
හෙහ් හෙහ් දත් දොස්තරට කියල විටමින් එකක් ලියාගෙන වල් බල්ලෙකුට දුන්නත්ගේත් උන්ගේ බූල් ඒවි ජෝන් අයියේ.
Deleteඊයෙ මම දාපු ගොඩක් කොමෙන්ට් වලට උඩිං ඔය කොමෙන්ට් එක වැටිල තිබුණ.
ReplyDeleteකොහොමද අර කැරපොතු සුවඳ කවපු ප්ලේන්ටි නියම රහට ඇති නේද?
නියම ලිපියක් අපේ පැත්තෙනං නාවට කමක් නෑ... :D
:D :D :D
Deleteඅපේ පැත්තත් දැන් ඒ වගේ තමයි....!
හෙහ් අර අවි ආවුධ සීන් එකකුත් මතු වුනා නේද ඊයේ පෙරේද...!!
Deleteආයෙත් අහනවා...ඒ තරම් රස බීමක් මම බීල නෑ වෙන කොහෙන්වත්.
කොහෙත් එහෙමද මන්දා දැන් සුමිත් අයියේ
සමහරවිට ඒ බ්ලොග් කරන්නෙ වෙන කවුරු හරි වෙන්න ඇති. අදාල පුද්ගලයා ඇඩ්මින් හැටියට "පෙනී ඉන්නවා" විතරක් වෙන්න ඇති.එහෙම වුනොත් කමෙන්ට් කරන්න තරම් අවබෝධයක් ඇති වෙන්න විදියක් නෑ.
ReplyDeleteහප්පට සිරි..එහෙමද දන්නෙත් නෑ..එක්කෝ අර 100 වර්ඩ්ස් එකේ තිබ්බ කතාවේ සොෆ්ට්වෙයාර් එකෙන්ද දන්නේ නෑ..
Deleteඅද කාලේ එවුන් අහන ප්‍රශ්න වලට උත්තර ලොවෙත් නැහැ
ReplyDeleteදැන් හැදෙන්නේ ළමයි නෙමෙයි තාත්තලා කොමා
Deleteඇත්තට බන් මහී කාන්තාවට පයිත්තියන්ද?...
ReplyDeleteපයිත්තියන් නැද්ද කියලා උඹම හිතලා බලහන්කො...අන්තිමට උඹටත් හිතෙයි ඒකිට පයිත්තියන් කියල.
Deleteහික්.... මං මොකුට් නොකිය ඉන්නම් නේඩ පැටූ......;)
ReplyDeleteඅනෙහ්...මොනවා හරි කියයිම කියල මම හිතාගෙන හිටියේ ශෂී...!
Deleteඅපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න අනේ......;)
Deleteඔය කිව්වට මමනම් සින්ඩියකවත් නෑ හලිඩ.....:පී
ඒ වුනාට මට මතකයක් තියනවනේ ඉස්සර දවසක ඔයා මොකක් හරි සින්ඩියක් එල්ලගෙන හිටියා කියල ශෂී...
Deleteයා යා හිටිය හිටිය.......ඒවුනාට මං ඒක ගලෝල ඩැම්මනේ...;)
Deleteහා හා එව්වා ඔට්ටු නෑ ඩලෝ
Deleteඔය වගේ කමෙන්ට් එකක් දැකලා, එතනටම ගිහින් කරුණවෙන් පැහැදිලා කරලා දීලත් තාමත් ඒ වැඩේම කරන එකෙන් මම හිතාගන්නා මේකා නම් හැදෙන එකෙක් නෙවෙයි කියලා.. ඒක නිසා දැන් නං මම ගනං ගන්නෙවත් නෑ...
ReplyDeleteඒක නෙවෙයි පැතුම්... මේ අර උඹලා දෙන්නා කළාය කියපු ඒවා.......... නෑ නෑ.. එක්‌කෝ ඒක ඕනේ නෑ.. හි හි...
හෙහ් හෙහ්...හිරු අක්ක කියා දෙන්නත් ගියාද...මම නම් කියා දෙන්ඩ ගිහින් නෑ...(මට දුකයි අප්පා ඒ මනුස්සය ගැන..පොස්ට් එකක් කියවල කමෙන්ට් දැම්මත් ඒ කමෙන්ට් දාන විදිහෙන් හිතෙන්නේ කියවලා නෑ කියල තමයි....මේ අපි වගේ මොලේ පාවිච්චි කාලා කමෙන්ට් දාන්න එපැයි....හෙහ් හෙහ්හෙ)
Deleteමේ මේ හිරු අක්කේ "මේ අර උඹලා දෙන්නා කළාය කියපු ඒවා.." අර ගිල ගත්ත වචනේ එලියට දැම්ම නම්...හොඳා
ඒ ළමයා පෝස්ට් කියවලා නෙවෙයි පැතුම් කමෙන්ට් එක දාන්නේ.. ඒ සමහර පෝස්ට් එයාට කියෙව්වා කියලා අඟක් මුලක්වත් තේරුම් ගන්න බෑ....
Deleteතාම ඉස්කෝලේ යන ළමයෙක්... ඒකයි ගිහින් පැහැදිලි කරලා දීලා, ලින්ක් එක දාන විදියත් කියලා දීලම ආවේ... අනිත් එක අපෙනුත් පොඩි දිරි ගැන්වීමක් තියෙන්න එපැයි.... ඒත් මෙයා නම් තේරුම් ගන්න කෙනෙක් නෙවෙයි.
ගිල ගත්ත හරිය එහෙමම තිබ්බදෙන්... හි හි...
ඒක ඇත්ත හිරු අක්කේ..අලුත් අයට ඉස්සරහට එන්න දිරි ගැන්වීම නම් අනිවා තියෙන්න ඕනි..කියවන්නේ නැතුව කමෙන්ට් දාන එක නම් මහා ජෝක් සීන් එකක්. හිනා යනවා..
Deleteඅපෝ මොකක් හරි අන්දකයිප්පු කතාවක් වෙන්න ඇති ගිල ගන්න ඇත්තේ.
මෙහෙම ලියන්න පුළුවන් හැබැම දක්ෂයෙකුට විතරයි. රස අන්දර කියන්නේ මේව්වට. ඒක විසේෂ හැකියාවක් නිසා තවත් දියුනු කර ගන්න. අනාගතයේදි හොඳට ලියන්න හැකි රසවතෙක් බවට පත්වේවි.
ReplyDeleteහෙහ් හෙහ් ස්තුතියි දයා අයියේ
Deleteහි හි හි.. එළ එළ සිතුමා!
ReplyDeleteමං දැක්කා ඒ බ්ලොග් එකේම ඔහොම කරන්න එපා කියලා කට්ටිය කියලා ගිහින් තියෙනවා.ඒත් වෙනස් වෙලා නෑ බං.බලමු මේක බලලවත් වෙනසක් වෙයිද කියලා.
පට්ටයි මචන්.. ඒ පැත්තෙත් ඇවිත් යන්න. ;)
ඒ වගේ කමෙන්ට් දාන පොරවල් හැදුනොත් හෙම කොහොමද මගේ මේ සත් ගුණවත් ක්‍රියාව හින්දා නේ ඉෂා?
Deleteමාර්කටීන් නැතුව මොකුත් කරගන්න බැරි තැනට සේරම ඇවිත්තෙ රයිටර්. ඒ හන්දා මේකත් ඒ වගේ කියලා හිතමු. හැමදාම වගේ රයිටර්ගෙ ලියවිල්ල නියමයි ..
ReplyDeleteහි හි හි ඒ පැත්තෙ එන්න හොඳේ.. :P
මාර්කටින් මාර්කටින්...කසාදෙත් මර්කටින්..හෙහ් හෙහ් . අපි හිත හදා ගමු නේ... එහෙනම් ?
Deleteපට්ටයි මචන්.. අපේ පැත්තෙත් එන්න.
ReplyDelete(හුටා මට ලොග් වෙන්න අමතක උන )
හැක හැක
Deleteපොඩි එකාගේ කතා ටිකට නම් හොදටම හිනා ආව
ReplyDeleteමට පැතුම් .
හෙහ් හෙහ් විසි එක් වෙනි සියවසේ පොඩි එවුන් එහෙම තමයි
Deleteme post ekatath e comment ekama watenna thibuna..aparade mathrukawa dakkama wade upset yanawane ....hi hi ...
ReplyDeleteහෙහ් හෙහ්..එක්කෙනෙක් නෙමෙයි අප්පා ඒවගේ කමෙන්ට් ගොඩක් තියනවනේ
Deleteමාර පෝස්ටුව පැතුම්..අපේ පැත්තෙත් ඇවිත් යන්න..හික්ස්..
ReplyDeleteඒක නෙවි දැන් ඔයා ඔය කියලා දුන්න විදිහට ලියපු බ්ලොග් තියනවද?
හෙහ් හෙහ්..ඔව් ඔව් මේ ස්ටෑයිල් එක බොගක වැටුනොත් හිතාගන්ටකෝ එහෙමයි කියලා රූ අක්කේ
Deleteරෙහානි ++
ReplyDeleteස්ටයිල් එක නියමයි... වෙනස්... :)
මාත් මේක කියෙව්වේ මාතෘකාව දැකලා... :D
රයිටර්ගේ සාටර් ඉට්ටැයිල්එක නෙව...හෙහ් හෙහ්
Deleteකතාවේ ගලාගෙන ගියපු වචනත් එක්ක මේක සිරාම පොස්ට් එකක්.
ReplyDeleteඅර කැනහිලා මේකට ඇවිත් යන්න ඒවිද දන්නේ නැහැ.ආවත් කියවන ඊක් නෙවෙයි නේ.
අඩේ පව් අසාර් අයියේ එහෙම කමෙන්ට් දාන එවුන්....බනින්ට එපා.
Deleteකෝ බං රම්බගෙ නංගි චාරුලතා...ලගකදි දැක්කෙත් නෑ...
ReplyDeleteරම්බාගේ නංගි චාරු ගැන සිරා අයිය ඔච්චර උනන්දු මක්කෙයි ඈ .....?
Deleteසිරා ඉතිං තවම තනිකඩයා නොවැ මලේ...
Deleteහා හා...නරකද ඒ පැත්තේ ඇවිත් චාරු කෙල්ලට ලයින් පාරක් දියත් කරානම්..හරි ගියොත් කාටද නේ..?
Deleteඅද කතාව නම් වැඩිය හිනාගියේ නැහැ බන් මොකෝ උඹට වුනේ?.හරි අවුලක් නැහැ ඊලඟ එක ලෙසටම ලියපන්.
ReplyDeleteකිඩ්නැප් සීන් එකට පස්සේ මොලේ කුරුවල් වෙලා මචන්
Deleteඅදත් මරු ඈ!
ReplyDeleteඅර පොඩි එකාට නම් හොඳ අනාගතයක් තියන පාටයි :D
අපි උන් ගැන ආඩම්බර වෙන්න ඕනේ නේද ...? හා නැද්ද මං අහන්නේ
Deleteහි හි.. අර අන්තිම කතාවට නම් තවමත් හිනා...
ReplyDeleteහෙහ් හෙහ්...
Deleteසුපිරියි ඈ... මම සිරාවටම හිතුවේ ගෙට් එකට ගියපු වෙලේ කවුරු හරි උදව් කරන පරමාර්ථයෙන්වත් වෑන් එකක දාගෙන ගියාද කියලා එහෙම වුනානම් ඉතින්................... :P
ReplyDeleteමම මේ දැන් ටිකකට කලින් මියුරු අක්කගේ පෝස්ට් එකකත් කියෙව්වා ඔහොම අප්සට් සීන් එකක් පරිස්සමෙන් ඈ දැන් කාලේ කොල්ලෙක්ටත් පාරෙ බැහැලා යන්න බැරි තත්වයක් තියෙන්නේ ඕං අපි නොකිව්වයි කියන්න එපා හරිද
මේ ලියන ලිවිල්ල නම් මරු ඈ මම හිතුවා මට කොටස් බර ගානක් මගඇරිලා ඇති කියලා වෙලාවට කොටස් දෙකයි මග ඇරිලා තිබ්බේ....
එහෙම වුනා නම් ඉතින් රයිටරයාගේ මළකඳ කැළණි ගඟේ පාවෙයි නැත්තම් කොම්පඤ්ඤවීදියේ හරි කොල්ලුපිටියේ හරි පිච්චෙන වාහනයක කරකුට්ටන් වෙයි... හෙහ් හෙහ්.
Deleteඅඩේ ඒ අප්සට් සීන් එක තියන බොගේ ලින්කුව දෙන්ඩ බැරිද මලේ..කියවල බලලා පොඩ්ඩක් පරිස්සම් වෙන එක ඇඟට ගුණයිනේ..
http://miyuruworld.blogspot.com/2013/02/blog-post_11.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+Miyuruworld+%28Miyuruworld%29
Deleteඔං බලන්ඩෝ
අහා මම අද උදේ ඒ පැත්තේ ගියා මලේ, මියුරු අක්ක මගේ බොගේ කමෙන්ට් කරලා තිබ්බනේ.. ඉතින් මම එකෙන් පාර හොයාගෙන ගියා, මට නිකමට හිතුන මලයා කියන්නේ ඒක වෙන්න ඇති කියල.
Deleteඔන්න මාත් ආව මේ පැත්තේ, අර අහිංසක දරුවෙක් අමාරුවෙන් තනියම බ්ලොග් එකක් ප්‍රොමෝට් කරනකොට ඉතින් ඔහොම කරන එක හරිද?
ReplyDeleteදරුවා අහිංසක වෙන්න ඇති අප්පා ඉතින්..එක දරුවෙක් ගැන විතරක් නෙමෙයිනේ මේ කියන්නේ..දැන් තියන ට්‍රේන්ඩ් එකනේ..එහෙම කරන දරුවෝ ගොඩක් ඉන්නවන්... හෙහ් හෙහ් හෙහ්...අපි කවුරුත් එක මවකගේ දරුවොනේ...නේ..?..දීර්ඝ කාලීන පරීක්ෂණ වල ප්‍රතිපලයක් හැටියට මම ඒ රාජකීය රහස් හෙළි කලාට ඉතින්....
Deleteමම අමාරුවෙන් ටයිප් කරල දාන සින්දුවකටත් ඔහොම කොමෙන්ට් එකක් දාල තිබුනනේ... මම මේ එලො මෙලො නැතුව හිටියෙ දාන රිප්ලයි එක හිතා ගන්න බැරුව. පස්සෙ ඩිලීට් කරල දැම්ම...
ReplyDeleteහෙහ් හෙහ් කෝකටත් තෛලය වගේ පාවිච්ච් කරන්න පුළුවන් කමෙන්ට් එකක්. හෙහ් හෙහ්
Deleteමාත් ඔය වගේ සීන් කෝන් එකක් දැක්ක තමා හැම තැනම වගේ තියෙනවා.......
ReplyDeleteමේ ඒක නෙමෙයි අද කාලේ හැදෙන ළමයි නම් අනේ මන්දා නේ...... අපි වගේ ලොකු වෙනකොට කොහොම ඉදිද මන්දා.....
බොලාගේ කතා කියෙව්වම මට හිනාව නවත්ත ගන්න බැරියෝ........ :)
දැන් හැදෙන ළමයි ගැන කතාකර වැඩක් නැත..උන්ට බැරි දෙයක් නැත..හෙන දක්ෂයි මොනා නැති වුනත්. හොඳට මොලේ තියනවා. දැන් අවුරුදු 20-30 ඉන්න උදවිය කරන දේවල් ඒ ළමයි අවුරුදු 10-12 කරනවා.
Deleteපටටයි පට්ටයි.. ඒ පැත්තෙත් ඇවිත් යන්න !!
ReplyDeleteහෙහ් හෙහ් අපි නම් එනවා...
Deleteහිනා ගියා ඇත්තටම මේක කියවල... අපොයි ආච්චි වැටිච්චි අමාරුවක්... පව්.. :D
ReplyDeleteඔය කමෙන්ට් එක මුලදි මුලදි කවුරුත් එච්චර ගණන් ගත්තෙ නෑ, ස්තුතියි කියල දාල නිකම් හිටියා... පස්සෙ වසංගතයක් උනාට පස්සෙ තමයි කවුරුත් කුළු පොලු උස්ස ගත්තෙ... හික්ස්... මේක නම් හැමෝම එකතුවෙලා පොල්ලෙන් ගහල වගේ... සමහරවිට කවුරු හරි ඒ ළමයට ප්‍රොජෙක්ට් එකක්වත් භාර දීලද දන්නෑ බොගට කට්ටිය දක්කන් එන්නය කියල... :D
හාහ්....එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයිනේ ඉතින්, එහෙම කරන අය දෙතුන් දෙනෙක් හිටියනේ.
Delete"සමහරවිට ඒ බ්ලොග් කරන්නෙ වෙන කවුරු හරි වෙන්න ඇති. අදාල පුද්ගලයා ඇඩ්මින් හැටියට "පෙනී ඉන්නවා" විතරක් වෙන්න ඇති." මෙහෙම කියන්නේ සුමිත් අයිය.
හොකෑස්...
ReplyDeleteඅපේ පැත්තේත වර. නැත්නම් තෝව උස්සනවා.
අනේ රත්තරං කොහොම හරි එන්න ඈ...
හොකෑස්...පට්ට හිනාව බං...අපෝ බං කවුද ඒ පැත්තේ එන්නේ...අපි නම් එයි.. බලාගෙන හිටුකෝ. හෙහ් හෙහ්
Deleteඇත්තටම කසාද බැඳපු අයට විතරද බලාලා හම්බෙන්නේ.....?
ReplyDeleteපට්ටයි මචන් අපේ පැත්තෙන් ඇවිත් යන්න....
එන්නම ඕන හොඳේ...
අනී එන්නකෝ...
වරෙං $#%$#%^$ කිව්වම.....
ඔව් ඔව් පෝරුවේ නැග්ග එවුන්ට විතරයි බං
Deleteපුහ් අපිනම් එයි
අනේ පැතූ අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්නකෝ.......
ReplyDeleteමොනාද අනේ.... ඉතින් එන්නෙ නැද්ද? තරහයි ඈ....
(ඔය බ්ලොග් එකේ අයිතිකාරයා මගේ බ්ලොග් එකට නම් එක දවසයි ආවේ.. මම නොගිය නිසාද මන්ද ආයේ නම් ආවෙ නෑ)
බැරියෝ එහෙ එන්න බැරියෝ
Deleteඕනෑම බ්ලොගයක ඇති ඕනෑම ලිපියකට ඔබ කමෙන්ට් දැමිය යුත්තේ ඔබගේ බ්ලොගයට පෙරළා කමෙන්ට් ලබාගැනීම සඳහා නොව....ඕනෑම බ්ලොගයක ඇති ඕනෑම ලියවිල්ලක් ගැන ඔබේ හිතට දැනෙන සිරා හැඟීම ඔහුට/ ඇයට පැවසීමටය..!!
අය්යෝ පැතුම් අපේ පැත්තෙත් ඇවිත් යනවනම් හොඳයි ඉතිං :D :D
ReplyDeleteඔයාලගේ පැත්තේ අඹ වැටෙන්නේ අවාරෙටනේ ෆා අක්කේ...එතකොට මට මිස් වෙනවා...
Deleteමම මේ පැත්තට අවේ අද මල්ලි. මොකද මේ හැම එකාම අපේ පැත්තේ ඇවිත් යන්නේ කිය කියා අඬන්නේ?
ReplyDeleteඋඹ වැරදිලාවත් අපේ පැත්තේ එන්න එපා. අවොත් එහෙම මම කොරදේ බලා ගනින් *&^&()(($$ %$#@%^* )*&*(*^%
හෙහ් හෙහ් ඇඩ් එක අයියේ ඇඩ එක
Deleteකොරන දේ බලාගන්ඩත් එක්කම එන්ඩමයි හිත
හී හී අපේ පැත්තෙ නම් එන්න එපා එහෙනම්... එහෙම කිව්වට අවුලක් නෑනෙ නේද?
ReplyDeleteහෙහ් හේ..අවුලක් නෑ අවුලක් නෑ ලහියා
Deleteඒ මේක පට්ට සුපිරි බං.. හයියෙන් හිනාවෙන්න විදියක් නැති නිසා හුස්ම හිරවුණා.. :O
ReplyDelete