අම්මගේ මල් පාත්තියේ අටපෙතියා මල් පොටෝ ගහන එක තමයි මම කැමතිම.කොහොම ගැහුවත් පට්ට...හොඳට අව්ව වෙලාවක් බලලා කැමරාව අල්ලපුහාම
මැක්සා... ඊට පස්සේ පොටෝසොප් වලින් පොඩ්ඩක් වැඩ කෑල්ලක් දාපුහාම ඊටත් වඩා
ගති.
අපේ ඔෆිස් එකට දවසක් පෙනුන කොළඹ අහස
කනෙයියාවෙක් මල උඩ
දඹුල්ලේ විහාරේ
බෝඩිමේ ඉඳන් ගෙදර යන දවසක ගත්ත ගංගාරාමේ සීමා මාලකය
පරාක්‍රම සමුද්‍රය
දඹුල්ලේ විහාරේ
පොළොන්නරුවේ "නරුපොළඟා" කොටලා තියන ගල උඩ ඉඳන්
12 MP ට ආසන්න කැමරාවකින් ගහපු එක
මතක විදිහට රුවන්වැලි සෑය
12 MP ට ආසන්න කැමරාවකින් ගහපු එකක්
අපේ ගමෙන් ටිකක් දුර ගියාම තියන නාන ස්පොට් එකක් | |||||
සාතන් අයියයි බට්ටයි මමයි ගිය අවුරුද්දේ අග ගියා නානු ඔය රේල් හයික් එකක්. මේ තියෙන්නේ එකේ පින්තුර ටික. |
ෆොටෝෂොප් වලින් කලර් බැලන්ස් හදලා පොඩ්ඩක් ක්‍රියේටිව් ටයිප් ලුක් එකක් දුන්නා ඇරුනම වෙන වෙනසක් කරලා නෑ
රදැල්ලට වැටෙන මුල්ම ඉර එලිය
ඈතින් සිරීපාදේ පේනවා
පැනරාමා එකක් ගැහුවා
දවසක් පොඩි ලෝගෝ එකක් ඩිසයින් කරලා පොටෝ වලට දැම්මා. සමහර පොටෝ වල තඩියට තියෙනේ ඒක තමයි. ලෝගෝ දාපු ටික ඔරිජිනල් ටිකට රීප්ලේස් වුනා. දැන් හොයහන්කෝ ඔරිජිනල් ටික..ඒ ටික ගෙදර ඇති. ඉතින් ඒවා ගේනකන් ඉන්න බැරි නිසා මම ගෙනත් තියපු ටික දැම්මා..
තව ටිකක් තියනවා. පස්සේ දාන්නම්..මේක දාන්න හිතුනේ අයිලාස්ගේ කැමරා පොස්ට් සෙට් එක කියවලා....
තව ටිකක් තියනවා. පස්සේ දාන්නම්..මේක දාන්න හිතුනේ අයිලාස්ගේ කැමරා පොස්ට් සෙට් එක කියවලා....
කැමරාවෙ කොලිටිය නෙවේ බං කැමරාකරුගේ දැකීමේ කොලිටිය තමා වැඩේ ගොඩ දාන්නේ..
ReplyDeleteජය වේවා.. !!
සහතික ඇත්ත සෑම් අයියේ...!!.ජය වේවා !!
Deleteමං කියන්න හදපු එක මේකා කියලනේ...
Deleteහික්ස්
Deletepathumo uba dakka neda ayilash ayyage blog eka..
ReplyDeleteuba wage ekekta ela...
me foto tikath ela...habayi macho bandwidth ekata
nam sorima thama polimata load weddi... 8mb wage..:D
සියලු චායාරූප උණ ඇත්තන් මෙතනට වාර්තා කරන්න...
අපේ අයිලෂ් අයියගේ මුල සිට සරළව චායරූපකරණය ....
ඔව් ඔව් මචං සහනා. අයිලාෂ් අයියගේ ඒ පොස්ට් සෙට් එක කියවලා තමයි ඇඟයට තිබ්බ උණ මතුවුනේ
Deleteමල කෙලියයි... දැන් ඩෙංගු මර්දනයෙන් එයිද දන්නේ නැහැ මාව හොයාගෙන... හික්ස්..
Delete@ සහන්
Deleteස්තුතියි මල්ලියේ සපෝර්ට් එකට.
@ පැතුම්
ඔය දන්නවද පැතුම් මගේ උණ සනීප වෙලා තිබුනා සැහෙන කාලයක්. ඒ කාලේ කැමරාවක් අල්ලුවෙවත් නැහැ. අපහු මට ඔය උන හසලා දුන්නේ මගේ පොඩි පුතණ්ඩියා.
හික්ස් කියන්න බෑ ඩෙංගු මර්ධන ඒකකයෙන් ආවත් ඉතින් අපිහෙම නැතෝ..
Deleteපොඩි පුතණ්ඩියා කරලා තියන වැඩේ නරකම නෑ ඉතින්
පින්තූර ටික හරිම ලස්සනයි. අර කිව්වත් වගේ මා ලඟ පැත්තකට දාලා ඔහේ පුස්කන කැමරාව පැතුම්ට එවන්න වටිනවා.මට වැඩියෙන්ම ආස හිතුනේ රේල් පාරේ පින්තූරවලට..ඒවා හරිම ලස්සනයි. කැමරාවක් තිබ්බ පලියට හොඳ පින්තූරයක් ගන්න බෑ. පැතුම් ගේ " ඇහැ " හොඳයි වගේ...හි හි හී
ReplyDeleteඔව් ඔව් ලිහිණි අක්කේ එව්වා පින් අතේ වැඩ ඈ...!!! ආත්ම ගානක් විපාක දෙන කුසල කර්ම.. හික්ස්...ගොඩක් ස්තුතියි ඈ
Deleteලස්සන ෆොටෝ ටික. මම ෆොටෝග්‍රෆි ගැන දන්න දෙයක් නම් නෑ. ඒත් ෆොටො ටික ලස්සනයි කියලා නම් දැනුණා.
ReplyDeleteමොකාටද කනෙය්යා කියන්නේ මම නම් ඇහුවමයි ඒ නම?
කනෙයියා කියන්නේ මී මැස්සන්ගේ වර්ගයට අයත් කුඩා මැස්සෙකුට. බඹර, මී, බුපලු, දඬුවැල්, කණවේ (කනෙයි) - පස් පැණි. පරණ ගෙවල් වල බිත්ති අස්සේ උන්ගේ ගෙවල් හදන්නේ. උන් විෂ නෑ විද්දත්. ඇවිල්ල ඇඟේ ඇලෙනවා.
Deleteබැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද
Deleteඉද්ද පනා මල් කැන් පිපිලා
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද
නැද්ද "කනෙයියනි" රොන් හැදිලා
ගොඩක් ස්තුතියි අරුන්දතී අක්කේ..කනේයියාව ගැන මේ දෙන්න හොඳටම කියලා තියනවනේ. මම කියන්න ඕන නෑනේ...
DeleteThis comment has been removed by the author.
Deleteහුඟාක් ස්තූතියි තිසර.. චන්දන..
Deleteඔය කියන ජාතියේ පුංචි වද වලට අපේ පැත්තේ කියන්නේ කුඩා මී වද කියලයි.. එහෙනම් මේ පැත්තේ කුඩා මී මැස්සෝ කියලා හඳුන්වන්නේ කනෙයියෝ වෙන්න ඇති.
නියමයි බන් මටත් තිබ්බා ඔහොම පිස්සුවක් හැබැයි වැඩිපුරම ඒවායේ තිබ්බේ මගේ මුහුණත් තහඩුව.
ReplyDeleteහික්ස්...!!! මම දැක්ක...මම දැක්කා...එෆ් බී එකේ හිට් වෙනවා..
Deletelassanai photo tika
ReplyDeleteගොඩක් ස්තුතියි සයු අක්කේ
Deleteහරිම ලස්සනම පින්තූර ටිකක්. ගොඩක් කලාත්මක විදියට අරගෙන තියනවා. ඩිජිටල් තාක්ෂණයෙන් වර්ණ සැකසුවේ නැත්ද? මට නම් සමහර ඒවා එහෙම පෙනුනා. එහෙම නොවේ නම් ගොඩක් හොදයි. ස්වභාවික තත්ව යටතේ නම්.
ReplyDeleteසුභපැතුම් සහෝ.
@ වන වදුල
Deleteමෙහෙමයි යාලුවේ, ඩිජිටල් ඡායාරුප කරණයේදී, ඩිජිටල් තාක්ෂණයෙන් වර්ණ සැකසීම, යම් දේවල් ඡායරුපයට එකතු කිරීම මෙන්ම ඉවත් කිරීමත් අනුමතයි. සමහර අවස්ථා වලදී මේ දේවල් උපරිමයට යොදාගෙන තියෙනවා. ඒ තමයි නව ප්‍රවනතාවය.
නමුත් මම නම් පුද්ගලිකව එසේ කිරීමට කැමති නැහැ. හැකි සැම විටම ස්වභාවික තත්වගෙන් රුපය කැමරාවට අල්ල ගැනීම තමයි මම කැමති. එහෙම උනත් සමහර විට පරිසරයේ තියෙන අධි තාක්ෂණික තත්වයන් මත, ලයිට් වයර් වගේ දේවල් අයින් කරන්න සිදුවෙනවා, තාක්ෂණික ක්‍රම මගින්.
ගොඩක් ස්තුතියි වන වදුල... ඔව් පොටෝෂොප් වලින් කලර් බැලන්ස් හදලා සමහර ඒවා ටිකක් ඩාර්ක් කරලා තියෙන්නේ..එක ෆොටෝ එකක අයිලාස් අයියා කියනවා වගේ ලයිට් වයර් එකක් මැකුවා..
Deleteඅයිලාෂ් අයියේ : ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීමට..මගේ හිතෙත් පොඩි කහටක් තිබුනා මෙහෙම එඩිට් කරන එක සාධාරණද නැද්ද කියන එක ගැන...
ඔක්කොම පින්තූර ලස්සනයි. //පොළොන්නරුවේ "නරුපොළඟා" කොටලා තියන ගල උඩ ඉඳන්// කියල තියෙන පින්තූරයට යටින් තියෙන ගහකුයි වැවකුයි තියෙන පින්තූරයට මං ගොඩක් කැමතියි
ReplyDeleteගොඩක් ස්තුතියි Chams
Deleteඇත්තටම මාර ලස්සනයි පැතුම්.
ReplyDeleteඅව්ව වෙලාවෙ ගහපුවා වගේම අර මද අඳුරේ ගහපුවත් නියමෙට තියෙන්නෙ ඔය. විශේෂයෙන්ම අර ඔෆීස් එකේ ඉඳන් ගත්ත කොළඹ ෆෝටෝ එක හරියට හොලිවුඩ් මූවී එකක කෑල්ලක් වගේ.
ඔය ලොකු කැමරාවලට වඩා ප්‍රැක්ටිකල් බං ෆෝන් කැමරා. ඒ මොකද හැමතිස්සෙම අතේ තියෙනවා. ගෙනියන්න ලේසියි. වැඩි ෂෝ එකක් නැතුව නෝන්ඩි නැතුව ෆෝටෝ එකක් ගහගන්න පුලුවන් තැන නොතැන බලලා.
ගොඩක් ස්තුතියි ඩුඩ් අයියේ..!!! ෆෝන් කැමරා ලේසියි පහසුයි ලාබයි...විනෝදෙට පොටෝ ගන්න මරු
Delete@ ඩුඩ්
Deleteඔන්න මචන් උඹට නම් තේරුණා. ඔය දේ තමයි මම කිවේ, point & shoot ගන්නවට මැකේ කැමැත්තක් නැහැ ඒ වෙනුවට ෆෝන් කැමරා එකක් ගන්න කියලා, හැමවෙලේම ළඟ තියාගන්න. හොඳ කැමරා එක තියාගන්නවා සීරියස් වැඩ වලට.
ඒක ඇත්ත...සිරාම සිරා
Deleteඔක්කොම වගේ හරිම ලස්සනයි පැතුම්! විශේෂයෙන් ගංගාරාමේ සීමා මාලකය , පරාක්‍රම සමුද්‍රය , රුවන්වැලි සෑය , කොළඹ අහස වගේ ඒවා ගොඩාක්ම කලාත්මකයි!
ReplyDeleteගොඩක් ස්තුතියි ෆා අක්කේ..
Deleteලස්සන ෆොටෝ ටික බං. ඩෙස්ක්ටොප් එකට දා ගත්තා එකක්.
ReplyDeleteහික්ස් එල ඈ..ගොඩක් ස්තුතියි මචං
Deleteනියමයි ෆොටෝ ටික.. මාත් කාලෙකින් කැමරාව උස්සන් කොහේවත් ගියේ නෑ බං..
ReplyDeleteඅපරාදේ....!!!
Deleteමට මතකයි දිනේෂ් අයියා පොස්ට් එකක් දැම්මා ඉතාලියේ තියන ප්‍රතිමා ගැන නේද ?
ඒ බං රයිටර්...
ReplyDelete//පොළොන්නරුවේ "නරුපොළඟා" කොටලා තියන ගල මොකක්ද බං?????
අද්භූත විස්තරයක් ඒම තියෙනවනං ඒ ගැන දහංකෝ...
නම ටිකක් අද්භූතයි වගේ.....
අත්භූත සීන් එකක් නම් හරියටම දන්නේ නෑ..තරියා..මට මතක විදිහට හෙන දරුණු ලොකු පොලගෙක්,පොළොන්නරුවට ඇවිත් මේ ගල උඩින් ගිහින්, එතකොටලු ඌ ගලේ යනකොට උගේ පාර හිටලා තියෙන්නේ...නරු පොළඟා පස්සේ කාලේ පොලොන්නරුව වුනා කියලත් කියනවලු..හරියටම ෂුවර් නෑ මචං..
Deleteඅර කොළඹ ගත්තු ෆොටෝ එක තමා මම වැඩියෙන්ම කැමති එක. එකේ අමුතුම ගතියක් තියෙනවා.
ReplyDeleteඔව් මම කෝල් එකක් ගන්න එලියට ආවම දැක්කේ..ඉතින් පට ගාල කෝල් එක පැත්තකට දාල ෆොටෝ එක ගැහුවා
Deleteමල් පොටෝ ටික නම් බුකියෙත් මම දැක්කා. කැමරාවක් තිබ්බට හැමෝටම හොඳ ඇහැක් නෑනේ , ඒ අතින් උඹ පස්ටයි. ඵල!
ReplyDeleteගොඩක් ස්තුතියි ලහිරුවා
Deleteමරු චායාරූප ටික.. කපල එකක් දෙකක් ගත්තට කමක් නැද්ද ?
ReplyDeleteගොඩක් ස්තුතියි සරත් අයියේ...අයියෝ කමක් නෑ
Deleteගොඩක් හොඳ ඇහැක් තියෙනවා පැතුම් ඔයාට. ෆොටෝ ටික number කළා නම් ගොඩක් හොඳයි. මම කැමතිම ෆොටෝ කීපයක් තියෙනවා.
ReplyDeleteරුවන්වැලි සැයට පහලින් තියෙන කහ මල් වල ෆොටෝ එක. අන්න ඒ විදිහනට අපි නිතර දකින කෝණයෙන් වෙනස්ව බලන්න එතකොට හරි ලස්සනයි.
දඹුල්ලේ විහාරේ කියලා තියෙන එකට පහලින් තියෙන වෙහෙර,
රේල්පාරේ ෆොටෝ වල පලවෙනි එක,
ඔයාගේ ඔෆිස් එකට කොළඹ පේන හැටි,
ඔය ෆොටෝ ටික විශේෂයෙන් ම මගේ හිත ගත්තා. ඔයා හොඳ කැමරාවක් යොදා ගත්තනම් ගොඩක් හොඳ ෆොටෝ ටිකක් හදා ගන්න තිබුනා.
මට නම් හිතෙන්නේ ඔයා හොඳ කැමරාවකට යා යුතුයි කියලා, අවම ලෙස bridge එකකට වත්.
පොටෝ ටික නම්බර් කරන්න බැරි වුනා.
Deleteඅනිවා අයිලාෂ් අයියේ...මගේ ඊළඟ හීනේ තමයි ඒක.. කොහොම හරි ඒකත් ඉෂ්ට කරගන්නවා
ඇත්තටම පට්ටම පට්ට ෆොටෝ ටික.. පට්ටම ලසනයි... කියල නියම කරන්ට බෑ.... මම හිතුවෙ Nokia N8 හරි Nokia 808 කියල... ඒ වගේ කොලිටි එකක් තියෙන්නෙ.... අනික උබේ කැමරා ඇස නියමයි...
ReplyDeleteගොඩක් ස්තුතියි මචං
Deleteමොනවද ඕයි මේ පුකේ සිංහල වචන. තමුසේ අටේ පන්තියට විතරද සිංහල ඉගෙනගත්තේ. මේ වගේ අච්චාරු තුප්පහි වචන ලියන්න එපා. ආපුහාම, දාපුහාම. පොටෝසොප්, කනේක්ෂම, තමුසේ දෙමළද?
ReplyDeleteහික්ස් ඔව් ඕයි
Deleteකොළඹ අහස
ReplyDeleteරුවන් වැලි සෑය
රුවන් වැලි සෑයේ පොටෝ එකට දෙකක් පහලින් තියන අර අටපෙතියා? මල් එක්ක අහස බැක්ග්‍රවුන්ඩ් එකට අරං තියන එක
ඔය තුන මගේ කැමතිම ඒවා...
මාත් ෆොටෝග්‍රැෆි වලට ආස පොරක්... දාන්නංකෝ වෙලාවක
ගොඩක් ස්තුතියි තිසා..දාන්නකෝ අපිට බලා ගන්න
Deleteමගේ ලඟත් තියෙනවා පොඩි පොඩි පොටෝ සෙට් එකක් දාන්න ඕනේ බලන්න කොහොම උනත් රයිටර් වැඩේ පංකාදුයි.
ReplyDeleteදාමු... දාමු අපිටත් බලන්න.
Deleteඑල එල කොමා දාමු දාමු
Deleteමම සැනසිමට පත්වන කරුණු අතරට මෙවැනි ආකාරයට පින්තුර ගැනිමද අයත් වෙයි. ස්තුතියි ඔබට අපිව දැනුවත් කිරීම පිළිබදව.
Deleteස්තුතියි ගයනි අක්කේ
Deleteඅපූරු පින්තූර ටික පැතුම්..
ReplyDeleteඔන්න මමත් එකක් දාගත්තා වෝල් පේපර් එකට..අර ඔරිජිනල් ටික ගෙනත් ඒවයේ ලෝගෝ එක පොඩි කරලා ආපහු දාන්න පුළුවන්ද..එතකොට අපිටත් ඔය වැඩ වලට පාවිච්චි කරතෑකි..:))
ගොඩක් ස්තුතියි රූ අක්කේ..දාපු පින්තුර ටික නම් ආයේ දාන එක වෙන්නේ නැති වැඩක්...ඔයාට ඕනේ ෆොටෝ එකක් තියනම් කියන්න ගෙදර ගියාම මම හොයලා ගෙනත් දෙන්නම් ලෝගෝ එක නැතුවම..
Deleteඅඩේ ලොවෙත් බං... සුපිරි :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
තැන්කු රජා
Deleteඑල! බලාගෙන ගිහාම උඹත් මං වගේ ෆොටෝ පිස්සෙක්නේ!!!!
ReplyDeleteආයෙත් අහලා නාඩියා පිස්සෙක්ම තමයි
Deleteපට්ට ෆොටෝ කලෙක්ෂන් එක බං. නියමයි. :)
ReplyDeleteමගේ නම් වැඩි කැමැත්ත රේල් පීල්ලත් එක්ක තියෙන මලට. ඒකෙ අමුතු ගතියක තියෙනවා මට.
ඔය මල ගැන ටෙලෝ අක්කත් ඔය කතාවම කිව්වා ඉෂා..!!! ගොඩක් ස්තුතියි ඈ...!!!
Deleteලස්සනයි පැතුමො පින්තූර ටික ඔක්කොම.
ReplyDeleteඅර පොලොන්නරුවෙ එක ගස් අස්සෙං නියමෙට ඇවිල්ල තියෙනව.
අර නාන ස්පොට් එකේ ෆොටෝ ගහනකොට නාන ගැටිස්සියෙක් එහෙම අහුඋනේ නැතෙයි.
ගොඩක් ස්තුතියි ප්‍රසා අයියේ..නාන ගැටිස්සියෝ පොටෝ කරන්න ගිහින් පේනවනේ ලොකු ළමයි ගහ මරාගෙන තියන හැටි..
Deleteප්‍රසිද්ධ ස්ථානවල ෆොටෝ ගන්න කාගෙන්වත් වසර ගන්න ඕනේ නැහැ. නමුත් නිතිය බල්ලට ගිය රටක ?
Deleteලස්සන පින්තූර ටික.... පැතුමට කලා ඇහැක් නොවැ තියෙන්නේ.....
ReplyDeleteගොඩක් ස්තුතියි සමනලී
Deletemelo rahak ne
ReplyDeleteහෙහ් හෙහ්...වෙන්න පුළුවන් ඇනෝ ළමයෝ වෙන්න පුළුවන්
Deleteඑළ...
ReplyDeleteඑල ඈ
Delete//අපේ ගමෙන් ටිකක් දුර ගියාම තියන නාන ස්පොට් එකක් //
ReplyDeleteමෙන්න මේකෙන් පස්සෙ තියන පොටෝ ගත්තෙ කොහෙදිද කියන්නකෝ,,අර රේල් පාර එහෙම තියෙන්නෙ??
තව අර පැනරාමා පොටෝ එක කොහෙද?? //රදල්ලට වැටෙන මුල්ල ඉර එළිය// ඒකට කලින් තියන පොටෝ එක කොහෙද??
කියපියෝ..... මේ රදල්ලෙද??
එතනින් පහල තියන එව්වා ඔක්කොම රදැල්ල සිට ග්‍රේට්වෙස්ටර්න් හරහා වටගොඩ දක්වා ශම්මියෝ..
Deleteඇහ්...මටත් ඔය උණ නම් හෑව්. කැමරාවක් නැති හින්දා හූල්ල හූල්ල ඉන්නවා
ReplyDeleteසතේ සතේ එකතු කරලා අපි ගමු තරුස් හොඳ කැමරාවක්
Deleteකොළඹ අහස කළු කරගෙන-මුහුදු හුළඟ අඬලනකොට
ReplyDeleteමට මතක් වුණේ ඒ පින්තූරෙට මේ සින්දුව..
ගොඩක් ලස්සනයි මල්ලි. කොලිටි කැමරාවකට වඩා අවදිමත් ඇස් වලට කොයිතරම් දෙයක් කරන්න පුළුවන්ද.. ඕන වෙන්නෙ ඒ සුන්දරත්වය දකින මනසක්..! ඒ දේ මේ ෆොටෝස් වලින් කියවෙනවා.
ග්‍රැෆික් අතරින් ෆොටෝග්‍රැෆි වලටත් ඉඩක්.. :D
ජය වේවා..!
ගොඩක් ස්තුතියි නන්දු අක්කේ
Deleteෆෝන් කෑල්ලෙන් බලන්න බෑ වගේ. කොම්පීටරෙන්ම ඇවිල්ල බලන්නම් ආයෙ
ReplyDeleteපින්තුර ගොඩක් තියන හින්දා ලෝඩ් වෙන්න වෙලා යනවා ඇති මයේ හිතේ
Deleteලස්සනයි මචං. කටපුරාම ලස්සනයි කියන්න පුළුවන්. කොච්චර හොඳ කැමරාවක් තිබුනත් වැඩක් නෑ ඒක පිටිපස්සේ ඉන්න එකාට කලාත්මක ඇහැක් නැත්නම්. සුබපැතුම්...!
ReplyDeleteහුටා.. මං සිරාවටම හිතුවෙ නෙට් එකෙන් ගනිපු පොටෝ කියලා... ඇත්තටම ඔයාද ගැහුවේ ? මොකක්ද කැමරාව ?
ReplyDeleteමමත් අම්මා ගාවට ගිහින් අඬනව කැමරා එකක් ඉල්ලලා
කහ මල් ටික නම් උපරිමයි පැතූ.....
ReplyDelete