චාරුලතා කෙල්ලට වැහිලා හිටපු අලුකුත්තේරු යක්ෂයව ඒකිගේ පංචස්කන්ධයෙන්
තොලොංචි කරලා දාන්න වැඩ කිඩ දන්න කට්ටඩියෙක් හොයන්න කරක්ගහලම මමයි රම්බායි
දෙන්නා අම්බානක හතරවරං වෙලා හිටියේ. දන්න කියන උදවියගෙන්, වට පිටාවෙන්
විස්තර අහගෙන ගියපු හැම ගෙදරකම වගේ හිටපු කට්ටඩියෝ මැරිච්ච තැන්වල ගෙවලුත්
හදලා ඒ ගෙවල් වල පදිංචි වෙච්ච අයට ළමයිනුත් හම්බෙලා උන් මොන්ටිසෝරිත්
යනවා. එහෙම නැත්තම් තොවිලේ අස්සේ ආතුර වෙච්ච බවලත් ගෑනු ලමිස්සියන්ට තනි
පංගලමේ සාන්තිකර්ම කරන්න ගිහින් අතේ මාට්ටු වෙලා රේප් සීන් වලට අවුරුදු
ගානකට මහා උළු ගෙදර තපින්න ගිහින්. "රියල් කට්ටඩියෝ කියන්නේ සොබා දහමේ
කෘරත්වය හින්දා මිහිපිටින් වඳවෙලා යන දුර්ලභ පුරවැසි කොට්ඨාසයක්ද බං"
කියලා රම්බා හෙන සිරා මුඩ් එකකින් මග එද්දී මගෙන් අහනවා. ඌ අහන අවලං දුර්ලබ
ප්‍රශ්න වලට උත්තර දෙන්න පශ්චාත් උපාධියක් තිබුනත් බැරි කොට මම තියන ලේ
පයින්ට් දෙක තුන දහනය කරගන්නේ මොකටද කියලා කට වහගෙන හිටියා.
උදේ ඉඳන් බඩගාලා බඩගාලා වතුර පිපාසාවේ දිව දොට්ට පැනලා කන් දෙකෙන් දාඩිය පෙරනවා. කොන්ද කුදු වෙලා නිකට මහ පාරේ ගෑවෙන සයිස් එකට. බඩගින්නට බුරිය සුෂුම්නාවේ ඇලිලා. යටි පතුල දනිස් දෙකේ බෝල කුහර හන්ධිය කිට්ටුවටම පොඩ්ඩක් අඩුවෙන් ගෙවිලා වගේ දැනෙනවා. කප්පරක් බලාපොරොත්තු අලුකුත්තේරු විදිහට විලම්බීත වෙලා සුන් වෙලා අපිට කෝචෝක් කර කර තිබුන ඇවටියෙල් වෙලාවක, පාරේ බස් හෝල්ට් එකක බිත්තියක් පුරාම පාට පාටින් සරසල තිබ්බ පෝස්ටරේ විස්තරේ දැකලා අපි දෙන්නගේ ඉස් මුදුනේ හෙන දඩාරන් බාබන්ඩේසියා මල් අහුරක් පිපිලා පරවුනේ හරියට පට්ටම රෑක එක පාරට හඳ පෑයුවා වගේ.
"නවීන තාක්ෂණයෙන් භූත දෝෂ ඉවත් කරනු ලැබේ"
උදේ ඉඳන් බඩගාලා බඩගාලා වතුර පිපාසාවේ දිව දොට්ට පැනලා කන් දෙකෙන් දාඩිය පෙරනවා. කොන්ද කුදු වෙලා නිකට මහ පාරේ ගෑවෙන සයිස් එකට. බඩගින්නට බුරිය සුෂුම්නාවේ ඇලිලා. යටි පතුල දනිස් දෙකේ බෝල කුහර හන්ධිය කිට්ටුවටම පොඩ්ඩක් අඩුවෙන් ගෙවිලා වගේ දැනෙනවා. කප්පරක් බලාපොරොත්තු අලුකුත්තේරු විදිහට විලම්බීත වෙලා සුන් වෙලා අපිට කෝචෝක් කර කර තිබුන ඇවටියෙල් වෙලාවක, පාරේ බස් හෝල්ට් එකක බිත්තියක් පුරාම පාට පාටින් සරසල තිබ්බ පෝස්ටරේ විස්තරේ දැකලා අපි දෙන්නගේ ඉස් මුදුනේ හෙන දඩාරන් බාබන්ඩේසියා මල් අහුරක් පිපිලා පරවුනේ හරියට පට්ටම රෑක එක පාරට හඳ පෑයුවා වගේ.
"නවීන තාක්ෂණයෙන් භූත දෝෂ ඉවත් කරනු ලැබේ"
හිතට වද දෙන, ගතට දුක දෙන, ඇහැට නොපෙනෙන, කනට නොඇසෙන
අදෘශ්‍යමාන භූත බලවේගයකින් ඔබ තවමත් පීඩා විඳින්නේද..?
දුක් නොවන්න දරුවනි..
අදෘශ්‍යමාන භූත බලවේගයකින් ඔබ තවමත් පීඩා විඳින්නේද..?
දුක් නොවන්න දරුවනි..
තනි ඇහැට ඇඩෙන විසඳුම දැන් අප සතුයි
අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි....විලම්භිතයි, ප්රතිගම්යයි
- "යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ දෝස හඳුනා ගැනීම හා සමනය කිරීම"
- "මළගිය ප්‍රාණ කාරයින් මිනිත්තුවකින් පුළුල් තීරයකට, කටහඬ සරවුන්ඩ් සවුන්ඩ් ස්පීකර් වලින්"
- "සහකරුගේ සහකාරියගේ ෆේස්බුක් ගිණුම් රහස් තොරතුරු සැනින් ඔබ අතට"
- "නීච කුල අන්තර්ජාල වශී බන්ධන
- "ෆේස්බුක් හැර ගිය පෙම්වතා/ පෙම්වතිය වරු තුනෙන් නැවත ෆේස් බුක් ගෙන්වීම"
- "හූනියම් වයිරස් සදා සතුරන්ට පලි ගැසීම
- "මොඩර්න් සෙත් ශාන්තිකර්ම
- "මොබයිල් ෆෝන් සොරුන් , ලැප්ටොප් සොරුන් ඔන්ලයින් අල්ලා රෙදි ගැලවීම"
- "පංචස්කන්ධය ස්කෑන් කර අනාගත පලාපල නිවැරදිව කීම "
- "නොමිලේ සති අන්ත ඔන්ලයින් කට්ටඩි උපදේශන සේවය"
සම්පුර්ණයෙන්ම නොමිලේ...හරිගිය පසු පමණක් ආධාර කරන්න
නොපමාව විමසන්න
සතියේ දවස් හතම විවෘතයි | ඉරිදාත් විවෘතයි
ඇති දාට විතරයි නැති දාට බඩුම තමයි
මම භූතයන් එලවීමටම උපන්නෙමි.
දඩි බිඩි ගාලා මම සාක්කුවේ අඩියේ තිබ්බ ෆෝන් එක අරගෙන දැන්වීමේ තිබ්බ අංකෙ ඔබලා කනේ තියා ගත්තා.
"ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ...ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ.." අප්පට උඩු, නයි නගියිද ජම්බු ගස් කිව්වලු..කට්ටඩියගේ කෝල්-අ-ටියුන් එක..මගේ කකුල් දෙකත් බෙර පදේ තාලෙට නැටවෙන්න ගත්තා තිබුන අමාරුව පැත්තක තියෙද්දී.
"ආයුබෝවේවා...වාසනාවන්ත පින්වත් දරුව....කිමද මා ඇමතුවේ...කෙසේද මා ඔබට උදව් කල යුත්තේ ..නොපමාව පවසන්න" කෝල්-අ-ටියුන් එක නැවතුන ගමන් එහා පැත්තෙන් ඇහුණා දිව්‍යලෝක ටයිප් එකේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් එක්ක.
අධම, කුරිරු, කුච්ච, පාහර, විලිසන්ගයක් නැති ලෝකේ ඒවගේ කාරුණික කට හඬින් කතා කරද්දී මගේ පපු කැවුත්ත වාවන්නේ නැතුව ගියා. මම ඒ හඬ ගැන එකතැන පැහැදුනා.. ආමාශේන් ආව ඉකියක් "ග්රඋප්" ගාලා හදිස්සියේ පිටවුනේ මං පර්මිෂන් දෙන්නත් කලින්.
"හෙ...හෙ..හෙලොව්..මම මේ කතා කරන්නේ රයිටර් කියලා ඩයල් එකක්." මම වොයිස් එක පොඩ්ඩක් ලෝ පිච් එකට ටියුන් කරලා විස්තරේ මුල ඉඳන් කිව්වා. රම්බා මං දිහා බලාගෙන හිටියේ ඇස් දෙක ඇරගෙන කට කොමඩ් එක වගේ කරගෙන උපේක්ෂාව මිශ්‍ර හැඟීමකින්. ඌ හිතන්න ඇති මං උගේ ප්‍රශ්න වලදී කොච්චර බොක්කෙන් බහිනවද කියලා. ඌ මං ගැන ආඩම්බර වෙන්න ඇති.
ගෙදෙට්ට එන පාරයි ඇඩ්රස් එකයි කියලා කට්ටඩියා කිව්ව විස්තරේ මට රම්බාට ආපහු රිපීට් කරන්න වුනා කැත නැතුව.
ඇඩ්වාන්ස් විදිහට රුපියල් දාහක රීලෝඩ් එකක් පොරගේ ෆෝන් එකට එවලා වැඩේ තක්කෙටම කන්ෆර්ම් කරගන්න කිව්වා. වැඩේ ගැන අපිට තඹ ඇටේකට බය වෙන්නේ එපා කිව්වා. ඔක්කොම තොවිලේට වුවමනා කරන බඩුත් එක්ක කට්ටඩියෝ දෙන්නෙකුයි ගොලයෙකුයි හවස හයට ගෙදරට එනවා කිව්වා. දොල පිදේනියට ඕනේ දේවල් ආවේශ වෙලා ඉන්න යකාගේ තත්වේ බලලා එවලේ එතෙන්ට පට් ගාලා ඇඩ්මිට් කරගම්මු කිව්වා.
නැහිලා නැහිලා පජාත වෙලා, බඩගාගෙන ගිහින් අරමුණක් ජයගත්තම තියන ප්‍රීතිය වගේ එක සමරන්න අපි දෙන්නා හන්දියේ පෙට්ටි කඩෙන් කිඹුලා බනිස් ගෙඩි දෙකක් කිරිහොදි එකක පොඟවගෙන කාලා අඩු සීනි වැඩි කහට කෝප්ප දෙකක් බීලා රම්බාගේ ගෙවල් පැත්තට ආවේ බුල්ටෝ එකක් හප හපා කට්ටඩියගේ ඇඩ්වාන්ස් රීලෝඩ් එකක් දාගෙනමයි.
ගෙවල් කිට්ටුවට එනකොට මුළු ගමම මිදුලේ තැන් තැන්වල කම්මුලට අත තියාගෙන කුටු කුටු ගානවා. හත්වලාමේ චාරුලතා කෙල්ල අකාලේ සෙත්තපෝච්චි වෙලාවත්ද කියලා මගේ බොක්ක ඇතුලෙන් හිරි වැටිලා ගියා..ඔලුව වටේ සුදු කොඩි කැරකෙනවා වගේ පෙනුනා...මේ මගුල් අස්සේ...දැන් ඇදපන්කෝ මළගෙදරට හට් එක. ගහපන්කෝ නයිට් එක දවස් හතක් එක දිගට...මටත් වෙන්නේ ඕවගේ ලොන්ත දොදොල් සීන් තමයි. අහල පහල එවුන්ටනම් සතියක් කෑම වේල් තුන ශේප්..එහෙම බලාගෙන ගියාම මල ගෙදරක් කීදෙනේක්ගේ හිත සුව පිණිස හේතුවෙනවද කියලා මට කල්පනා වුනේ හෙන මුසල හැඟීමක ප්‍රතික්‍රියාවකින් මගේ හදවත අභ්‍යන්තර පටක ජෝගි නටන්න ගත්තට පස්සේ. .
දුකට බයට දෙකටම බඩ බුරුල්වේගෙන වගේ ආපු හින්දා මම රම්බාවත් ඇදගෙන චාරුලතාගේ කාමරේට දිව්වා. අප්පට උඩු රඹුට කැකිරි කිව්වලු. චාරුලතාව ගැටගහලා තිබ්බ අල්මාරිය ඒකිගේ ඇඟ උඩට පෙරලගෙන. එතන යමර විකාරයයි. කට්ටිය අල්මාරිය උස්සලා කෙල්ලව ගන්න දඟලනවා. මොනඃ අරකි ගොරවනවා. රවනව, කෙල ගහනවා, අඬනවා, හිනා වෙනවා.
"ලඟට එන්න එපා හපනවා...කිව්වොත්.....කිව්වා..මං නරක ගෑනියි කියන්න එපා ග්ර්ර්ර්" මම පොඩ්ඩක් කිට්ටු වෙලා බලද්දී චාරු ගෙරෙව්වා.
"යකො....විනාසයි මම හිතාන උන්නේ මේකි කලින් කොච්චර අඩව් ඇල්ලුවත් තවමත් ලඳ බොළඳ සුකුමොල ලපටි කෙල්ලෙක් කියලා"
මේ කියන විදිහට බැරිවෙලාවත් දත්පාරක් කෑවොත් මට ලගින්න වෙන්නේ මහා ඉස්පිරිතාලේ තිස් තුනේ කාමරේ. කෝකටත් තෛලය ශේප්තෛලය කියලා ඒකිට එහෙමම අල්මාරිය කරතියාගෙන ආතල් පාඩුවේ ඉන්ඩ ඉඩ තියලා අපි පැත්තකට වුනා.
හවස හය විතර වෙද්දී කට්ටඩියා ආවා හෙන ලොරියක බඩු පටවාගෙන. අපේ හිතේ ඇඳිලා තිබ්බේ විටක් හපන, හක්ක බැහැපු, කොන්ඩේ වවපු මාස්ටර් කෙනෙක්ගේ රුපයක්. අපේ ඇස් අතේ පත්තු වෙන්න ගත්තේ වාහනෙන් බැස්ස මොඩර්න් කට්ටඩියා දැකලා. බුලත් විට වෙනුවට මම හිතන්නේ පොර හැපුවේ චුයින්ගම් එකක්.. කොන්ඩේ වවලා වුනාට ස්ට්‍රේට් කරලා. සරම වෙනුවට ඩෙනිමක් ගහලා ටී එකක් බස්සලා. පොර ලොරිය් ඉස්සරහ සීට් එකෙන් බැස්සේ සඟ දාලා කිට මරලා ආනල්ඩ් සුසිරිපාල වගේ. මං ඔය අස්සේ දහ අතේ කල්පනා කලේ පට්ට හැන්දෑවේ මු සඟ දාන්නේ හඳ එලිය දරාගන්න බැරුව වත්ද කියලා.
ලොරියේ සයිස් එක දැක්කාම මම හිතුවේ මල් පහන් තට්ටු ටිකයි බෙර කාරයෝ ටිකයි කලින්ම රෙඩි මේඩ් කරගෙන හදාගෙන පටවාගෙන එනවා ඇති කියලා ලේසියට. මොනඃ බැලින්නම් ඒක ඇතුලේ අඩුක් කරලා තිබ්බේ තඩි බෆල් සෙට් එකකුයි, සෙටප් එකකුයි හෙන තඩි ඩිස්ප්ලේ එකකුයි. රම්බායි මමයි අහල පහල කොල්ලෝ කුරුට්ටෝ දෙන්නෙකුයි එකතු වෙලා කට්ටඩි බොස් කිව්ව විදිහට බඩු ටික සෙන්ටිමෙන්ටල් කරා ඕනි ඕනි තැන්වලට. අපිත් අඹපු හරක් වගේ කට ඇරගෙන බලාගෙන ඉන්නවා .
දොලපිදේනියට රෝස්ට් කරපු චිකන් තුනයි, බිත්තර ආප්ප හතයි, ඔම්ලට් නමයයි කඩල ගොට්ටයි රෙඩිකරගන්න කිව්වා.
මිදුලේ මැද ඔක්කොම ටික භාණ්ඩ ටික ලෙසටම අටවගත්තා, තොවිලේ පටන් ගන්නකම් වර්තමාන යුගයේ ෆෙමස් ස්ටාර් කෙනෙක්ගේ අව කැපෙන සින්දුවක් ප්ලේ වෙන්න දැම්මා වටපිටාවේ ඉන්න කුම්භාණ්ඩයො ටික පන්නන්න ඕනි කියලා. ගමේ එකා දෙන්නා පෝලිමේ ඇවිත් මිදුලෙ ඉඳගත්තා. සින්දුවේ සද්දේ වැඩිවෙන්න වැඩිවෙන්න ගේ ඇතුලෙන් එන චාරුලතගේ සද්දේ එන්න එන්නම වැඩි වුනා. අපි හය හත් දෙනෙක් ගිහින් කෙල්ලව කුදලාගෙන ඇවිත් ඩිස්ප්ලේ එක ඉස්සරහ පැදුරේ ඉන්දෙව්වා.
චාරු ඇස් දෙකේ සුදුමද දෙක නළල දිහා අලවාගෙන වෙව්ලන්න ගත්තා..වටපිටාවේ ඉන්න අයට රවනවා රැවිල්ලක් කර වෙලා යන සයිස්.
කට්ටඩියා රිමෝට් එක අතට අරගෙන සෙටප් එක ඔන් කළා. අප්පට උඩු නරි බුරති කිව්වලු..තඩි ඩිස්ප්ලේ එකේ ප්ලේ වුනේ රෙකෝඩ් කරපු තොවිලයක වීඩියෝ එකක්.
මං පොඩ්ඩක් කිට්ටු වෙලා කට්ටඩියගෙන් ඇහුවා
"අයියේ වැඩේ හරි යයි කියලා ෂුවර්ද"
"ඇයි මල්ලි අවුල්ද"
"නෑ ඉතින් අයියේ තොවිලයක් නටන්නේ නැතුව මෙහෙම කරන එක හරිද.."
"යන්ඩ මල්ලි නිකන් යන්ඩ... තොවිලේ මෙතන නැටුවත් එකයි, වීඩියෝ එකක් ප්ලේ කරත් එකයි, අනික උඹලා හිතනවද දැන් ඉන්නෙත් ඉස්සර හිටපු යක්කුමයි කියලා..."
මගේ ඇස් දෙක දොට්ට පනින්න වගේ.. ඒ කතාවේ අත්තක් නැත්තෙමත් නෑ..
"....අපි මොඩර්න් වෙනවා වගේ තමයි මල්ලි යක්කුත් මොඩර්න් වෙනවා..ඒක අමතක කරන්න එපා...දැන් ඉන්න යක්කුන්ට තේරෙන්න නම් උන්ගේ විදිහට තොවිලේ නටන්න ඕනි...ඉස්සර යක්කු වගේ දැන් ඉන්න යක්කු තොවිල් නැටුවට පන්නන්න බෑ..උන් ඇට්‍රැක්ට් වෙන්නේ මේවගේ ටෙක්නොලොජි එකට..මල්ලි බය නැතුව ඉන්න මල්ලි...අලුතෙන් ආපු ගායකයෙක්ගේ සීඩී එක දාපු ගමන් ඔය යක්කු ආයේ මේ පැත්ත පළාතේ පස් පාන්නේ නෑ" කියලා පොර සෙටප් එකේ සද්දේ තව ටිකක් වැඩි කළා.
Soon on |