Wednesday, April 10, 2013

"ඇයි බං රයිටර් අරූ මහා දවල් හෙඩ් ලයිට් දාගෙන යන්නේ....?"

එදා හරියටම අප්‍රේල් පළවෙනිදා. මං සරමේ ගැට්ට හපාගෙන තද නින්දක හිටියේ. හැමදාම උදේ ඇහැරෙනකොට සරම ඇඳ පල්ලේ වැටිලා තියන ඇවටියෙල් දර්ශනේ දකින්න අකමැති නිසා මම දැන් රෑට නිදා ගන්නේ සරමේ ගැට්ටක් කටින් හපාගෙන. ළඟදීම ඒ හඳුන්වාදීම ගැන පත්තරේකට ආර්ටිකල් එකක් ලියන්න හිතාන ඉන්නේ. කොහොමද කියහන්කෝ කරුමෙට නොබෙල් තෑග්ග එහෙම හම්බුනොත්. ඉස්සර වගේ නෙමෙයි දැන් පට්ට පාන්දර වුනත් බොක්ක තැම්බෙන්න දාඩිය දානවා. තුන්කාන්දෙන් පෙරෙන දාඩියවලින්  පෙඟුන හරියටම අවුරුද්දකට විතර කලින් හෝදපු මගේ සරං කොටෙන් හමන සුගන්ධවත් සුසිනිදු හඩු ස්මෙල් එක මාව මුළු රෑම දරුණු නින්දකට ඇද දාන එකනම් ඇත්තටම වාසනාවක්.

රයිටර් සීරිස් එක පටන් ගත්තත් හරි අම්බානක කතා ලියන්න පටන් අරං තියෙන්නේ මං හෙනකඳයා වගේ දපලා නිදාගෙන ඉන්නකොට අර රම්බා කියන වල් කෑදැත්තා ඇවිත් ඇහැරවපු සීන් වලින්. ඒත් වර්ෂ දෙදාස් දහතුනක් වූ අප්‍රේල් පළවෙනිදා දවසත් මට එහෙම කතාවකට වස්තු බීජය කරගන්න වෙයි කියලා මම තුන් හිතකින් තියා එක හිතකින්වත් හිතුවේ නෑ.

කොහොම හරි මම ඇහැරෙනකොට රම්බා හිටියේ ඇඳ ළඟ පුටුවේ ඉඳගෙන අතකින් නහයක් වහගෙන. මම ගැස්සිලා ඇහැරුනේ සීවරන් දෙයියන්ගේ වයිෆ් මතක් කරගෙන.

"මොනවද බං උඹ මැනර්ස් දන්නේ නැද්ද....?"

"සිරාවටම මොනාද බං මැනර්ස් කියන්නේ, පයිතගරස් වගේ ප්‍රමේයක්ද..?" රම්බා හෙන අවඥාවෙන් වගේ ඇහුවේ ඇස් දෙක වොලී බෝල් සයිස් කරගෙන.

එතනින් එහාට කතා කරලා වැඩක් නැති හින්දා මම කට වහගෙන හිටියා.

"නෙදකින් බං රයිටර්..ඔය සරම හෝදපන්කෝ..බලපන් හඩු ගඳ...මට ඔක්කාරෙට එනවා"

"මගුලක් කතා කරනවා..දෙයියනේ කියලා රෑ එලි වෙනකම් නින්ද යන්නේ මේ පුසුඹ නහයට දැනෙනකොට....උඹ හදන්නේ මට ඒ සැනසීමත් නැති කරලා දාන්නද" හෙන අහිංසක බැගෑපත් ලීලාවෙන් මං කිව්වා.

"අනේ දෙයියනේ කොහේ හරි ස්වේච්චාවෙන් සංවිධානෙකින් ඉදිරිපත් වෙලා මුගේ සරමයි කොට්ට උරෙයි හෝදලා දීලා සාන්ගීක දානයක් දුන්නා හා සමාන පිනක් අයිති කර ගනිත්වා....." රම්බා දොහොත් මුදුන් තියාගෙන දත්මිටි කකා වැඳ වැඳ ප්‍රර්ථනා කරා.

"රයිටර්....මාර සීන් එක බං.."

"ඇයි මොකෝ වෙලා තියෙන්නේ..බං අර ලංකාවෙන් යවපු චන්ද්‍රිකාව හරි පාරටවත් වැටිලද..අනේ වාසනාවන්..! එහෙම නැත්තම් උඹ කියන්න හදන්නේ ඒකට බඩු මැන්ගුස් වෙලා කඩාවැටෙන්නේ අපේ ගමට කියලනම් කරුණාකරලා ගිහින් ඕක කියලා වරෙන් කොල්ලුපිටියේ හංදියේ ඉන්න කොණ්ඩේ ස්ට්‍රේට් කරපු චයිනීස් කෑල්ලකට...මොකද අද දවස ගැන මම හොඳට දන්නවා...කොටින්ම කියනවනම් උඹල වෙනුවෙන් අන්තර්ජාතිකව පත්කරලා තියන දවස ගැන වෙන මොනවා දැන ගන්නද බං"

එක දවසක් හරි උන් වගේ එවුන් වෙනුවෙන් නම් කරලා තියන කතාව ඇහුව රම්බාගේ මුනේ ආඩම්බරේ දෝරේ ගලනවා සිරාවටම මං දැක්කා. කොච්චර ඒ කතාව ඌට හිතට වැදුනද කිව්වා නම් පොර කකුලක් පිට කකුලකුත් දාගෙන කොන්ද කෙලින් තියාගෙන මං දිහා හෙන වෛශාක්‍ය බැල්මට් එකක් දැම්මා. මට පේන විදිහට මූ පහුගිය මාස ගානකට කැලැන්ඩරේ බලලා නෑ. නැත්තම් ඉතින් අද කවද්ද කියලා නොදන්න මෝඩයෙක් අහල ගම් හතකවත් ඉන්න පුලුවන්ද..

කාමරේ පුරාම පිරිලා ඉතිරිලා ගියපු සරමේ හඩු ගඳ ඇරුනාම හෙන දඩාර් නිශ්ශබ්දතාවයක් තිබුනා විනාඩි ගානකට. මම මොකද කියලා ඔලුව පොඩ්ඩක් උස්සන් බලනකොට රම්බා, මේසේ උඩ තිබ්බ පත්තරේක අර ලලිතා අක්කගේ තෙලිඟු සිනමා ජීවිතේ වං හුං කියවනවා දිව දොට්ට දාගෙන.

"රම්බා...?...ඒක නෙමෙයි උඹ මොකක්ද කියාගෙන ආවේ..?"

"රයිටර්....ආ...ඔව් බං....ගල්බොක්කේ ගෙදර සිමියොන් සීයා....,"

"ඉතිං...පැනලා ගිහින්ද....?"

"මගුලක්....උන්දෑ  ඊයේ රෑ අන්තරා වෙලා බං"

අරූ මට රවාගෙන හෙන දුකෙන් වගේ කිව්වා  

"හෑ....!! පල යන්ඩ කෙප්ප නැතුව"

මම කෝකටත් ෂුවර් නොකර ඇහුවේ මු අද දවස ගැන හින්තේරුවකට නොදන්න එකේ මේක නම් කෙප්පයක් වෙන්න බැරි නෑ කියලා තක්කෙටම  හිතන ගමන්මයි.

"ඔව් බං ගැටයා කාලේ ඉඳන් අවුරුදු අසුවත් පනිනකම් අර උඩහ වත්තේ ඇග්නස් ආච්චිට ලයින් පාර දාගෙනලු හිටියේ..ගැටිස්සි කාලේ ඇග්නස් ආච්චි හේතුහාමි ආතාව බැන්දට පස්සේ  පොර අප්සැට් එකේ හිටියේ. දවසක් ඇග්නස් ආච්චි දොළේ නාද්දී මැරුණ සිමියොන් ආතා හොරෙන් බලාන ඉන්නවා මට අතේ මාට්ටු බං.....බලපන් දාර ආදරයක් නෙහ්  බං...."

මගේ දිව හැපුනා අන්දකයිප්පු කතාව අහලා. "ඉතින් බං සිරාවටම කියහන්කෝ මිනිය මැරිලද කියලා"

"නෑ බං මිනිය මැරිලා නෑ..හන්දියට වෙලා බයිලා කිය කියා නටනවා..ආන් ගිහින් බලලා පොඩ්ඩක් ඉගෙන ගනින්.....ඇයි හත්වලාමේ මිනිය මැරිලද අහන්නේ තෝ කෙටල කොළ කොටලා බිව්වද?...මෙන්න මෙහෙ වරෙන් යන්න හට් එක ගහන්න බඩු ගෙන්න යන්න" රම්බාට අශුචි පනින්න ඔන්න මෙන්න.

----------------------------------------------------------------------------------------------------------

අපි දෙන්නා  ගමේ කොල්ලෝ සෙට් එකත් ඇහිඳගෙන මරණාධාර සමිතියේ හට් එක ගන්න ගියා. අපරාදේ කියන්න බෑ කැපවෙලා වැඩ කරන කොල්ලෝ දෙන්නෙක් හොයා ගන්න අපිට බැරි වුනේ නෑ..

ඔහොම පාර දිගේ යනකොට බයික් කාරයෙක් එනවා මහ දවල් හෙඩ් ලයිට් එක දාගෙන. රම්බා හෙන වෙලාවක් කල්පනා කරලා කරලා මගෙන් අහනවා

"ඇයි බං රයිටර් අරූ මහා දවල් හෙඩ් ලයිට් දාගෙන යන්නේ....?"

"කියන්ඩ බෑනෙ බං මේ සිද්ධ වෙන දේවල් අස්සේ කාටද කියන්න පුළුවන් එක පාරට රෑ වෙන්නේ නැති වෙයි කියලා...පොර හිතනවා ඇති එක පාරට පොල්ලෙන් ගැහුවා වගේ දඩස් ගාලා කළුවර උනොත්හෙම කියලා. කෝකටත් සුදානම හොඳ හින්ද ඉතින් පොර ලයිට් දාගෙන යනවා ඇති"

ලොවෙත් නැති වැල් බයිලා ලොන්තයක් හල හල අපි මරණාධාර සමිතියේ හට් එක බාරව ඉන්න සීයාගේ ගෙදරට ආවා.

"මරණාධාර සීයේ....මරණාධාර සීයේ..!!!"

"හිපාටුවෝ තොගේ අවමගුලත් මේ ගමන්ම ගන්න ඕනෙනම් තව පොඩ්ඩක් හයියෙන් ඔහොම කතා කරපන්..ඒක ලේසියි එක පාර දෙකක් ගන්න එක." අපිත් එක්ක ආව ඔඩියාට කනේ පාරක් ගහන ගමන් රම්බා කිව්වා.

"ආ ළමයිනේ..මගුලක්ද..කොටහළු මගුලක්ද..අවමගුලක්ද"

"මගුලක් මගුලක් සීයේ හැබැයි අවමගුලක්"

සීයාගේ කට මල පිපිලා පරවුනා වගේ වුනා

"සීයේ අපිට හට් දෙකම ගන්න ඕනෙ..කොහොමද සීයේ හට් දෙක අඳුන ගන්නේ පැටලෙන්නේ නැතුව" මම ඇහුවා.

"හෙහ් හෙහ් හෙහ්... බය වෙන්න එපා කොලුවෝ මම එකක රතු ගෑවා"

"එතකොට සීයේ අනික"

"ඒකෙත් රතු ගෑවා" සීයා හෙන ආඩම්බරෙන් කියපි.

81 comments:

  1. දාර ආදරයක් නෙහ් බං....

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා බං දඩාර් ආදරයක්

      Delete
  2. රතු පාටට කැමති සිය කෙනෙක් වගේ. රතු පාට තවත් රතු පාටකින් වෙන් කරලා අඳුර ගන්න හොඳ බුද්ධියක් ඕනේ.

    ReplyDelete
    Replies
    1. බලකො ඉතින් සීයාගේ නුවණ..

      Delete
  3. මම ඕන ඔට්ටුවක් දානවා මගෙ කොට්ටෙයි සරමයි ඔය රයිටරයගේ එකට වඩා සුවදයි!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් හාහ් වෙරළුමල් සුවඳ හෙම නෙමෙයිනේ නේ බං...?

      Delete
  4. අනේ මන්දා බං.... අද නම් මොන කෑල්ලට හිනා වෙන්නද මන්දා... ඔක්කොම එක වගේ.... හි හි..... උඹේ වචන සෙට් එක තමයි ඉතිං නියම....

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් හාහ් ඔන්න ඔහේ පොදුවේ පොඩ්ඩක් හිනා වෙන්න අප්පා.

      Delete
  5. :D රයිටර්ගෙ ඇත්තම විස්තරද කිව්වෙ?

    ReplyDelete
    Replies
    1. දිව පැලුනත් අපි බොරු කියන්නේ නෑනේ ගිම් අයියෙ

      Delete
  6. රතු පාට හින්දා පැටලෙන එකක් නෑ බන්...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා...කොහොමටවත් පැටලෙන්නේ නෑ

      Delete
  7. අනේ ඔය සරම හෝද ගනින් බන්.ගඳ මෙහෙට දැනෙනවා :)

    ReplyDelete
    Replies
    1. උඹ රම්බාට හපන් බං..එතකොට මගේ සැනසීම නැති වෙනවනේ බොල

      Delete
  8. අපොයි! තනියෙන් හිනා වෙනකොට මට පිස්සු කියලා හිතයි ගෙදර අය. :D

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක එයාලට අමුතුවෙන් දැනගන්න දෙයක් නැතුව ඇති මගේ හිතේ

      Delete
  9. රතු නේ බං!!! ආසාවට වෙන්ඩ ඇති! රෝස ලඟින් යනවනේ!!!

    ReplyDelete
    Replies
    1. රතු කියන්නේ රෝසද බොල

      Delete
  10. තද රතුයි, ලා රතුයි වෙන්න ඇති... හික්ස්

    සරම් කන්සෙප්ට් එක නම් මාර විදියට වටිනවා.. මමත් අද ඉඳන් ගැටේ හපං නිදා ගන්නවා...:P

    ReplyDelete
    Replies
    1. යා යා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

      Delete
  11. මට අන්තිමට බකස් ගාල හිනා ගියා බන් ..
    ඒකෙත් රතු ගෑවා කියද්දී ....ඔයත් අප්‍රේල්ද
    ඉපදුණේ ? මාත් සැප්තැම්බර් වගේ තමයි...:D

    ReplyDelete
    Replies
    1. ඔයත් අප්‍රේල්ද ඉපදුණේ ? මාත් සැප්තැම්බර් වගේ තමයි...:D

      Delete
  12. රයිටරයෝ හිනා හිනා හිනා... උඹ නියමයි..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හේ එල එල නලීන් අයියේ

      Delete
  13. එල එල. අර සහන් කිව්වා වගේ අනිති'මට හිනාව එලියටම පැන්න. :D

    ගඳක් වගේ සුවඳක් නම් එනවා බං. මං දැන් ඉන්නේ නම් මගේ කාමරේ. :D :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් එකත් එකටම බොගේ සරන් කොටේ තමයි,පොඩ්ඩක් හොඳට බලාපන්

      Delete
  14. හට් එකේ කතාව නම් ඇත්තම වෙන්න ඇති, මොකද ඔහොම ඒවා අපටත් හම්බවෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න නුවණක්කාර මිනිස්සු...නැද්ද සුමිත් අයියේ

      Delete
  15. තාම අපේ කාමර වල නෑ නොවැ ඔය සරම් කොට. :D :D

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් හාහ් ආස නැතුව ඇති නේ....?

      Delete
  16. උදේ පාන්දර හිනා වෙන්න ඕනෙනම් සිතුමගෙ පෝස්ට් එකක් කියවන්න ඕනෙ :D

    ReplyDelete
    Replies
    1. රෑ වෙලා කියවන්න ඉතින් රෑ වෙලා හිනා වෙන්න ඕනි නම් හාහ් හා

      Delete
  17. අර සරමෙ සුවඳට රයිටර්ට නං නින්ද යනවා ඇති සැපට..ඒ උනාට අහල පහල මිනිස්සු කොහොම විඳගන්නව ඇත්ද ? සෞඛ්‍ය පරීක්ෂකයාව යවමුද අසල්වාසීන්ගේ සුව සෙත සලකලා ?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතින් සරත් අයියත් අසරණ මගේ සැනසීම නැති කරන්නනේ හදන්නේ

      Delete
  18. නියමයි, ඇත්තටම දෙකම රතු පාට ගාලා තිබුනම පැටලෙන්නේ නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයිලයියේ......ඒක පට්ට උපක්‍රමයක්..ඔව් ඔව් පැටලෙන්න විදිහක් නෑනේ දෙකම රතුනේ

      Delete
  19. අඩෝ රතුපාට එකක්ද මළගෙදරට දැම්මෙ?

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් ඔව් ඔව් රාජ් අයියේ..රතු එකක් තමයි...අනික් රතු එක ඊට අල්ලලා ගැහුවා

      Delete
  20. සැමි අයියා මුලින්ම මාව එයාලගේ ගෙදර ගිය වෙලාවෙ, කාමරේ පෙන්නන්න ගෙනිච්චා අම්මෝ අර මහරගම කුණු ගොඩ ලග ගද ආවෙ.. මෙයත් ඊට දෙවෙනි නෑ වගේ, මේකට මේවා කොහොම හිතෙනවද මන්දා...

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් එතුමා මේ කමෙන්ටුව නොදකිත්වා.....!!

      Delete
  21. 'සිරාවටම මොනාද බං මැනර්ස් කියන්නේ, පයිතගරස් වගේ ප්‍රමේයක්ද..?' ඇත්තටම මොනවද පැතුමො මැනර්ස් කියන්නෙ.

    ‍ඔය සරමෙ ගැට්ට හපාගෙන ඉන්නකොට ඒකෙන් එන ප්‍රසන්න රසයට වෙන්න ඇති ‍බොට නින්ද යනව ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. අප්පට උඩු ඔව් ප්‍රසා අයියේ මැනර්ස් කියන්නේ පයිතගරස් නානකොට අපතේ යන වතුර වල ධාරිතාව හොයන්න ගෙනාපු නියමයක්.

      හා හා..ප්‍රසා අයියත් එහෙනම් ඒවායේ ප්‍රසන්න රසය දන්න පාටයි

      Delete
  22. දැන් ටිකක් වෙනස් එකක් ලියපං

    ReplyDelete
    Replies
    1. ඔව් තිසා ඒක තමයි හොඳම අයිඩියා ඒක....ඒකාකාරී වැඩියි..අච්චාරු වුනත් ගල්බනිස් වුනත් එක දිගට කනකොට වෙනවනේ

      Delete
  23. පැතුම්ගේ උපමා නම් අපූරුයි..බොක්කෙන්ම එනවා කියලා පේනවා..
    දැන් ඉතින් උපමා පැත්ත දියුණු කරගත්ත එකේ ලස්සන වියමනක් ලියමුද?

    ReplyDelete
    Replies
    1. වියමනක් කිව්වේ රූ අක්කේ..මීටර් නෑනේ වියමනක් කිව්වේ රූ අක්කේ..මීටර් නෑනේ ?

      Delete
  24. රම්බා තමයි හැමදාම රයිටර්ගෙ නිදි සුවය කන්නෙ නේද

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් හැලපයියේ..ඌ මහා අලුකුත්තේරු වැඩමයි කරන්නේ

      Delete
  25. දැන් නම් සර්ෆ් එක්සෙල් දැම්මත් සරමේ සුවඳ යවන්න ලේසි වෙන එකක් නැහැ. :D
    අපොයි! මේක කියවල මට හිනාව නවත්තගන්න බැරුව ගියා...

    ReplyDelete
    Replies
    1. සමහර විට ගෝනියක් දැම්මත් බැරිවෙන සයිස් එකක් තියෙන්නේ මචං

      Delete
  26. මොනා කියන්නද අප්ප මේවට ඉතින්...සුපිරියි කියනව ඇරෙන්න... කවුද පැතූ හැබෑට රංකිරිකට ගෑවෙ...???

    ReplyDelete
    Replies
    1. රංකිරි.....? අප්පට උඩු මගේ එහෙම එකක් කට ගාලද....? මට මතකවත් නෑනෙ

      Delete
  27. ඊයා චික් විතරක් හඩ්ඩා :/

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් යෞවනයේ පොපියන ආශ්වාදය..

      Delete
  28. ඉතින් මොකෝ අර හෙඩ් ලයිට් දාගෙන ගිහින් තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඇයි හත්වලාමේ සයු අක්කේ එක පාරට රෑ වුනොත් එහෙම කාට කියන්ඩද

      Delete
  29. අන්න මිනිස්සු

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා සුපිරි ඩයල් දිනා

      Delete
  30. අඩේ මගේ සරමේත් එනවද මන්දා බං. ඉඹල බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හික්ස් සිහි නැති වෙයි ප්‍රදීප් අයියේ

      Delete
  31. හෙහ් මරු බං.. රතු පාටේ වෙනස සීයා දන්නව ඇති නේ බං..

    ReplyDelete
  32. අම්මප හිනා කනවා. ඒක නෙමෙයි බොල මළ ගෙවල් වලට රතු හට් ගහන්නේ බොලාට පිස්සුද යකෝ

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං වෙන් කරලා හොයා ගන්න පාටක් ගානනම ඕනි

      Delete
  33. http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-prn1/535750_4036191322096_908010658_n.jpg

    ReplyDelete
    Replies
    1. මේ මොකක්ද අප්පා....මට හොයා ගන්න බෑනේ

      Delete
  34. පැතුමා ඇතුළු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
    Replies
    1. උඹටත් උඹේ පවුලේ යටත් එසේම වේවා මචං..මැක්සම මැක්සා පට්ට අවුරුද්දක් වේවා ඈ

      Delete
  35. උඹ කියන විදියට උඹේ ඇඳ ඇලෙනවා ඇති කියලා මට හිතෙනවා.

    අලුත් අවුරුද්දේ වත් ඔය කොට්ටේ සහ සරම හෝදපං, බං. :)

    උඹටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. හප්පච්චියේ එච්චර දරුණු නෑ ඩුඩ් අයියේ. අවුරුදු දෙක තුනකට සැරයක් හෝදනවනේ

      අයියගේ පවුලේ උදවියටත් සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා

      Delete
  36. Replies
    1. අනේද කියන්නේ අරුන්දතී අක්කේ.

      Delete
  37. ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹටත් උඹේ පවුලේ උදවියටත් සුභම සුභ නව වසරක් වේවා මචන් තිසා

      Delete
  38. ඔබටත් ඔබේ පවුලටත් එසේම වේවා අයියේ

    ReplyDelete
  39. ඔය සරමයි කොට්ටෞරෙයි හොස්පිට්ල් එකට ගිහින් දියන් මිනිස්සුන්ව සිහි නැති කරන්න. අපරාදෙ ඉන්ජෙක්ෂන් ගගහා ජාතික ධනය නාස්ති කරනවා...

    ReplyDelete
    Replies
    1. හාහා හා හා මම මේ එකතු කරලා ස්වයන් රැකියාවක් කරන්න හිතාගෙන ඉන්නේ බං අයියේ

      Delete
  40. //කොල්ලුපිටියේ හංදියේ ඉන්න කොණ්ඩේ ස්ට්‍රේට් කරපු චයිනීස් කෑල්ල// සිරාම වර්ඩ් එක බං. දන්නෝ දනිති. කොණ්ඩෙ බැඳපු චීන්නු ගැන තියෙන පරණ කතාව මොඩ් කළා වගේම තව වැඩිමනත් දෙයකුත්...

    ReplyDelete
  41. රයිටර් නියම වදන් ටිකක් හොය ගත්ත... කතාව පුරාවටම හිනා උනහැකි.....

    ReplyDelete