Friday, June 28, 2013

සාක්කිය

ඇය ශාන්ත පීටර් මාවත ඔස්සේ  මගීන් රැගෙන,  බිග් ටවුන් වෙත ඇදෙන අශ්වකරත්තයක අසුන්ගේ කුර හඬටත්, ඊට අනුරුපිව ඇසෙන යකඩ පට්ටම් ගැසූ රෝද යුගල වෙතින් නික්මෙන හඬටත් කන් දීගෙන සිටියේ ශාන්ත පීටර්ස්හි "ලුෂියා සාහිත්‍ය සමාජය" නිකුත් කරන මාසික කෙටි කතා සඟරාවක් කියවමිනි. එතරම්ම ඕනෑකමකින් නොවුනද, පසෙකින් ශ්‍රවනය වී කෙමෙන් හීන වී ගිය අශ්ව කරත්තයේ හඬ, දෙසවනින් මුළුමනින්ම වියැකී මද වෙලාවක් යනතුරුද එහි ගමන් මග මනසින් සටහන් කළේ පුරුද්දට වුවද, ඇය එමගින් ළමාකාලය තුල විඳි ආශ්වාදය පුන පුනා ලැබුවාය. ජෝශප් නම් මහල්ලාගේ නිවස අසල ඇති කල්වර්ට් බැම්ම මතිනුත්, මේරි ඈන්ගේ ඇපල් වත්ත මැදින් වැටී ඇති මද බෑවුමද ඇය නිසැකවම උපකල්පනය කලද යාර කීපයක් ඔබ්බෙන් ඇති තෙරේසා දෙව්මැදුරට යාබද අතැර දැමු කුලී නිවස අසල අශ්ව කරත්තය නැවතුනු වග ඇයගේ අවධානයෙන් ගිලිහුනේ, ඇය අතැති  සඟරාව ඇගේ පුර්ණ අවධානය ඩෑහැගෙන තිබු නිසාවෙන් විය යුතුය.

යොවුන් වියට සමුදෙමින් පසුවූ නැන්සි කුඩා කාලයේ සිටම ගුප්ත කතා මෙන්ම රහස් පරීක්ෂක කතා කියවීමට වැඩි  කැමැත්තක් දැක්වූ අතර යම් සිදුවීමක් දෙස බලා  තර්කානුකුලව ඒ ගැන සිතා සියුම් අනාවැකි මෙන්ම හෝඩුවාවන්ද පවා පළකරන්නට පුළුවන් අපුරු හැකියාවක් ඇය සතුව තිබිණි. වරෙක තම පියාගේ කමිසයේ තැවරී තිබුණු කහට පැල්ලමක් දැක ඔහු පාම් වතුයාය මැදින් වැටී ඇති පාම් වීදිය හරහා එන්නට ඇතැයි පැවසුවාය. තවත් වරෙක තම සීයා අසනීප වුයේ මීයන්ට දමන වස කැවීමෙන් බව ඇය පැවසුවේ රෝහල් වෛද්‍ය වාර්තාව නිකුත් වන්නටත් පෙරාතුවය. වික්ටෝරියා නදියේ ඉවුරක ගැට ගසා තිබු අඟුල කිසිවෙකු විසින් ගිල්ලවා නැති බවත් කිඹුලෙකුගේ පහර දීමක් නිසා සිදු වුවක් බව ඇය පැවසුයේ අඟුලෙහි බඳේ තියුණු දත්පාරවල් සියුම්ව නිරීක්ෂණය කරමිනි.

තාවකාලික පැසසුමක් විනා ඇගේ මේ හැකියාවන් අගය කිරීමට මෙන්ම දිරි ගැන්වීමට දැනුමක් ඇති අයෙක් නිවස තුල නොවුනද  ඇය එමගින් අපුර්ව වින්දනයක් ලැබුවේ යම් යම් කරුණු කාරණා තනිවම ගවේෂණය කරමිනි. ඇයගේ හෝඩුවාවක් ඔස්සේ යමින් අශ්ව හොරෙක් සොයා ගැනීම පිළිබද කාලයක් ගම පුරා  කතාවුනද, මෑතක් වන විට බොහෝ දෙනෙක්ට ඒ ගැන අමතකවී ගොස් ඇති සෙයකි. ඒ ගිණිය නොහැකි තරමේ හොරකම් ශාන්ත පීටර්හි නිතර නිතර සිදුවෙන නිසා විය යුතුය. ජීවිතය ලුහුබඳින කාලය විසින් බොහෝ දේ යටපත් කරන්නා සේම ඇගේ හැකියාවනුත් කෘතිමව යටපත් කර ගැනීමට සිදුවුයේ ගමේ විසු මිත්‍යාදෘෂ්ටිකයින් ඇගේ හැකියාව, දෙවියන් විසින් පරිත්‍යාග කරන ලද්දක් යයි කියමින් ගම් වැසියන්ගේ රෝගා පීඩාදිය සුවකිරීමටත්, යාග හෝම පැවැත්වීමටත් ඇයට බලකිරීමත් සමගය.

කුඩා සාලයේ මැදට වන්නට තැනු ගිණි උඳුන වෙතින් ආ, අවසාන මාංශලය තෙක් දැවුණු ෆයින් අතු කැබලිවල සුවඳ ඇගේ නාස් පුඩු තුල දැවටෙමින් ඒත්තු ගැන්වුයේ එය නිවී යාමට ආසන්න බවය. ඇය වහා නැගිට උඳුන අසල තබා තිබු වියලි දර මිටියෙන් අතු කැබලි කීපයක් උදුන තුලට ඇතුළුකර, තනි කවුළුවක් සහිතව තෙරේසා දෙව්මදුර පෙනෙන පරිදි තනා තිබු වීදුරු ජනේලය අසල පුටුවක හිඳ ගත්තේ සාහිත්‍ය සඟරාව රස විඳීමේ අටියෙනි. කවුළුවෙන් එපිට එතරම් අන්ධකාරයක් නොවුනෙන් මීදුම පටල අතරින් වුවද සැතපුම් කාලකට නොදුරු සීමා ප්‍රදේශයක් පැහැදිලිව වෙහෙසකින් තොරවම ඇසට හසුකර ගත හැකිවිණ. එහෙයිනි දෙව් මැදුර යාබද කුලී නිවස අසල සිදුවෙමින් තිබු සිදුවීම ඇය අහඹුවකින් මෙන් දුටුවේ. කවුරුන් හෝ, හොරකමේ ගිය පුද්ගලයෙකු අල්ලා ගනු පිණිස සෝදිසි කරන්නේ යැයි මුලින් සිතුනද ඊට හාත්පසින් වෙනස් යමක් එහි සිදුවනු ඇතැයි සිතීමට, කුතුහලය මෙන්ම පරිචය විසින් ඇයව මුලික වශයෙන් පෙළඹවූවත්, කාන්තාවන් සතු සුලභ ඕපාදුප විමසීමේ රුචිය එහිදී ප්‍රභල වුවා කියා යමෙකුට පැවසිය හැකි වුවද නිසැකවම වුයේ යටපත්වූ ඇගේ ගවේෂණය කිරීමේ ආශාව දැඩිව මතුවීමය.

සීතලෙන් ආවරණය වනු පිණිස අඳින කළු කබා පැළඳ,  හිස තෙක්ද වසාගත් පුද්ගලයින් කීප දෙනෙකු  ඔබ මොබ ඇවිදමින් කලබලයෙන් අවට යමක් විපරම් කරනු පෙනිණි. ඒ සමගම තවත් අශ්ව කරත්තයක් සෘජුකෝනාශ්‍රාකාරයට කුට්ටි කරන ලද කුඩා පැතලි කළුගල් අතුරන ලද ශාන්ත පීටර් මාවත මත තුනී හිම තට්ටුව කපාගෙන දැඩි ඝර්ෂණයක් යොදමින් සෙමින් බිග් ටවුන් දෙසට ඇදෙනු ඇයට ඇසුණි. එය සුපුරුදු ලෙස ජෝශප් මහල්ලාගේ නිවස අසල කල්වර්ට් බැම්ම මතිනුත් මේරිඈන්ගේ ඇපල් වත්ත මැදින් වැටී ඇති බෑවුම් සහිත මාවතත්, සෙන්ට් තෙරේසා දෙව් මැදුර අසල පාලු කුලී නිවසත් පසුකර බිග් ටවුන් වෙත බාධාවකින් තොරව ඇදෙනු ඇය සීරුවට බලා සිටියේ කෙළ පිඩක් හෝ නොගිලිමිණි.

එකී අශ්ව කරත්තය දර්ශන පථයෙන් මෑත්ව ගිය හෙයින් ඇයගේ කුතුහලය නැවත පෙර ජවනිකාව වෙත යොමු වුයේ ක්ෂණිකවය. ඉනික්බිතව ඇය ජනේල වීදුරුව මත නාසයද, නළලද, දෙතොලද  ගෑවෙන සේ බොහෝ ලංවී උවමනාවෙන් ඒ දෙස බලන්නට වුයේ දෙඅල්ලෙන් දෑස වටා ආවරණය කරගනිමින්ය. ඇගේ මුවින් නික්මුණ උණුසුම් ප්‍රාශ්වාස ධාරා නිසා වීදුරුව මත ජලවාෂ්ප ස්ථරයක් බැඳුනෙන්,කෙතරම් කුතුහලයකින් ඇය පෙලුනිද යත්, ප්‍රාශ්වාස කිරීමේ අන්තරය පවා උවමනාවෙන්ම පමාකරන බවක් ඇවෙතින් දක්නට ලැබිණි.

අශ්ව කරත්තය අසල සිටි පිරිසෙන් එක් අයෙක් නැවත එයට ගොඩ වූ අතර යලි මොහොතකට පසු ඔහු එයින් පිට වුයේ තවත් පුද්ගලයෙකුද සමගිනි. විශේෂිත වූ කාරණය නම්, ඒ අමුත්තාගේ දෑත් පිටුපසට කර එකිනෙක බැඳ තිබු අතර කරත්තයෙන් බිමට පනිද්දී සමබරතාව ගිහිලි ඔහු හිම තට්ටුව මතට ඇද වැටුණෙන් එබව පැහැදිලිවම පෙනිණි . එහෙයින් ඔහු යටත් පිරිසගේ ග්‍රහණයට නතුව ඇති බැව් නැන්සි නම් වූ කල්පනාකාරීව කුතුහලයෙන් මෙතෙක් වෙලා ඒ දෙස බලා සිටි ඇයට ඒත්තු ගියේය. මෑතකදී  විල්ෂයික් නාට්‍යාගාරයේ තිරගත වූ "ස්නොව් ඇන්ඩ් ද තීෆ්" නාටකය ඇයට සිහි විය. එහි කතාවෘර්තයට අනුව දාමරිකයින් හඹා යන "සිවිල් ක්‍රයිම් හන්ටර්" කෙනෙකු වන්නට තමාටත්නොහැකි මන්දැයි ප්‍රශ්නාර්ථමුඛ්‍යව තවමත් එදෙස බලමින් ඈ සිතුවේ ගවේෂණයක ආරම්භක පියවර තැබීමට නොහිම් ආශාවෙන් නලියමිනි.

චිත්තවේගවල බල කිරීම හමුවේ හදිසියේම ඇයට පහල වු ඒ අදහස නිසා මොහොතකට පසු ඇය උන්නේ නිවසින් යාර කීපයක් ඈතින්ද කුලී නිවසට යාර කීපයක් කිට්ටුවෙන් පිහිටි කුඩා පර්වතයක් වසා පැවති ඝන හිම කණ්ඩියකට මුවා වෙමිනි. දැඩි සීතලෙන් පීඩා විඳිමින් වුවද ඈ පයින් ගසක් අසල වැවී තිබු පඳුරකට මුවා වුයේ නිර්භීත වික්‍රමයක් කිරීමේ අසීමාන්තික ආශාව මුසු පොපියන දෙනෙතින් වුවද කිසියම් භීතියක සලකුණුද ඇයව මන්දගාමී කරමින් තිබුණු මොහොතකය.

Contd. with Comments


කමෙන්ටුවෙන් කමෙන්ටුව, කතාව ගොඩ නැගීමට පාඨක ඔබට බාරයි.

45 comments:

  1. අර උඩ කැරකෙන අකුරු සෙද්දේ මොකක්ද බං ගහල තියෙන කුනුහරුප

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං මාත් ඕක ඉස්සෙල්ල දැක්ක. ඒක සිංහලෙන් ලියල තියෙන්නෙ.

      rhsg¾ = රයිටර්
      wejáh,a = ඇවටියල්

      Delete
    2. ප්‍රසා අයියා හරි.. අපේ මලයා එපා කියද්දී අටවලා දුන්න එකක්. ෆොන්ට් එක නැති මැෂින් වල පෙන්නේ නෑ ඒක

      Delete
    3. ප්‍රසා අයියා හරි.. අපේ මලයා එපා කියද්දී අටවලා දුන්න එකක්. ෆොන්ට් එක නැති මැෂින් වල පෙන්නේ නෑ ඒක. ගලවලා දාන්න ඕනි

      Delete
  2. මේක පරිවර්තනයක්ද බං, උබ ලියලා තියෙන්නේ පරිවර්තනයක් විදියට,

    //කමෙන්ටුවෙන් කමෙන්ටුව, කතාව ගොඩ නැගීමට පාඨක ඔබට බාරයි.//

    ඒ කියන්නේ අපිට ලියන්න කියලද ..හික්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඔව් ඔව් බොලාට තමයි ලියන්න කිව්වේ

      Delete
  3. මේ වගේ කතාවල ඉතුරුහරිය ලියන්න අපටනං බෑ පැතුමො.

    ReplyDelete
    Replies
    1. අර මොකෑ... ට්‍රයි එකක් දීලා බලකො අයියේ නිකමට

      Delete
  4. හැ ......... මක්කෙයි ඒ උනේ

    ReplyDelete
    Replies
    1. එක පාරට හිරවුනා වගේ එකක් වුණා බං... කතා නායිකාව මරලා දාන්න හිතුණත් දුක හිතුණා එහෙම කරන්න.

      Delete
  5. අනේ මේකේ තව කොටසක් ඔයාම ලියන්න අනේ...මන් ආසාවෙන් කියෙව්වා ."ඇය " නිකන් ෂර්ලොක් හෝම්ස් වගේනේ ආ ..

    ReplyDelete
    Replies
    1. පුදු අම්මෝ තව කොටසක් ??

      Delete
  6. අප්පටසිලි සිරාවට පරිවර්තනයක් කියෙව්වා වගේ. දැන් ඉතුරු ටික කමෙන්ට් අනුවද ලියවෙන්නේ එතකොට..

    ReplyDelete
    Replies
    1. බලහන්කො එහෙම හිතං හිටියට මේ කම්මැලියෝ වචනයක්වත් ලියන්නේ නෑනේ

      Delete
  7. හැමෝටම ඔයාට වගේ හැකියාවක් නෑ සිතුම් . ඉතිරියත් ඔයාම ලියන්නකෝ .

    ReplyDelete
    Replies
    1. අම්බෝ ඉතිරියක් ඕනි නෑ අප්පා. මේ කතාව මෙහෙමම අල්ලලා දාමු

      Delete
  8. මොකෑමලයෝ මේ ඉතිරිය කොමෙන්ට් අනුව කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා අවසානයක් දෙන්න කියලා කිව්වේ.

      අර මනුස්සය මේ කෙල්ලගේ නෑදැයෙක් |එක්කෝ පෙම්වතා
      එක්කෝ අර මිනිහා මැරෙනවා| එක්කෝ කෙල්ල මැද්දට පැනලා මැරුම් කනවා

      ඔය වගේ අවසානයක් පේලි දහයකින් දොළහකින්

      Delete
  9. කථාවෙ ඉතුරු ටිකත් ඔයාම ලිව්ව නම්නෙ හොඳ :)

    ReplyDelete
    Replies
    1. අම්බෝ වෙන කතාවක් ලිව්වත් මේක නම් බැරියෝ

      Delete
    2. අම්බෝ...මට නම් බැරියෝ

      Delete
  10. කතාව ඉවරයක් වෙන්න ලියපන් ගුටි කන්නේ නැතිව

    ReplyDelete
    Replies
    1. ගුටි කන එක සැපයි වගේ කොමා

      Delete
  11. වහාම බිම වැ‍ටුණු පුදගලයා වෙත ලඟාවූ කලු හැඳ සිටියවුන්ගෙන් අයෙක් කොලරයෙන් අල්ලා ඔහුව ඉහලට එසවීය. රථයෙන් එලියට බට අනිත් පිරිස අත බැඳ තිබූ පුද්ගලයා වටකර ගන්නා අයුරු දු‍ටු ඇය සිය දුර දක්නය ඒ දෙසට එල්ල කලේ සිදුවීම වඩා පැහැදිළිව දකිනා අයුරුනි.

    දුර දක්නය සීරු මාරු කලවිට දු‍ටු දෙයින් ඈ බියෙන් ත්‍රස්තවූවාය.

    ReplyDelete
    Replies
    1. නියමයි ඩුඩ් අයියේ නියමයි....

      දෑත් වෙව්ලන්නට වුයේ සීතලටම නොවන වග ඇයට සිතන්නට වෙලාවක් නොතබමින් කොලරයෙන් අල්ලාගත් තැනැත්තාගේ අත වූ කිනිස්ස දුටුවෙන් ඇය භීතියෙන් ත්‍රස්ථ වුයේ කුමක් කළයුතුදැයි පැහැදිලි අදහසක් ඇය සතු නොවූ නිසාය.

      Delete
    2. වාසනාවකට හෝ අවාසනාවකට කිනිස්සෙන් වැඩක් නොගෙනම එය කබාය තුල රුවාගත් ඔහු සිර කරුවාගේ කොලරයෙන් ඇදගෙනම කුලී නිවස තුලට යද්දී, සිරකරු, ලිස්සන සුළු හිම මත සමබරතාවය රැක ගන්නට අසීරු උත්සාහයක යෙදෙන අයුරු නැන්සිගේ දුර දක්නයට හසු විය. කළු ඇඳගත් සෙස්සන්ද අවතාර මෙන් ඒ පසුපස ඇදෙත්ම නැන්සිගේ මුවින් නොදැනුවත්වම සුසුමක් පිට වූයේ කථාංගයේ ඉතිරිය නැරඹීම ඒ තරම් පහසු නැති බව පසක් වූ නිසා විය යුතුය..

      Delete
    3. ඉදිරියෙන්ම ගමන් කල උස පුද්ගලයා දොර විවෘත කලේය. සියලු දෙනාම ඇතුලු වන තෙක් පසෙකට වී සිටි ඔහු වට පිට හොඳින් බලා, දොර වසා ගත්තේය. එවිටම නැන්සිගේ නහස් පුඩු වලට දැනුනේ දැවෙන දුම්වැටියක සුවඳකි. ඒ සමඟම පයකට කෝ‍ටුවක් කැඩෙන හඬක් තමන් පසු පසින්ම ඇසුනෙන් නැන්සි හිස හරවා පසු පස බැලුවාය.

      Delete
    4. ගැස්සී ගිය ඇය හිස කරකවා බැලුවාය. ඇය සිහිනෙන් හෝ අපේක්ෂා නොකළ රුවක් ඈ දෙස බලා සිටියේය. වාතලයට මුසුවන සිගරට් දුම් රැලි අතරින් ඔහුගේ මුහුණ පැහැදිලිව දැකගත හැකි විය. මුහුණ පුරා වවන ලද රැවුල නිසා රෞද්‍ර පෙනුමක් ආරුඨ වී තිබුණු අතර පමණට වඩා පිටතට නෙරා ගිය දෑස, ඝනව වැවුණු ඇහි බැම යුගලය අතරින් තමා දෙසට සෘජුව එල්ල වී තිබිණ. ඇයට ඔහුගෙන් ඇසීමට ප්‍රශ්න යුගලක් තිබුන අතර ඉන් කුමක් ප්‍රථමව ඇසීයයුතුද යන්න සිතාගත නොහැකි විය.

      Delete
    5. "උඹ නිර්භීත කෙල්ලක් එහෙනම්..." අමුත්තා නැන්සිට කිසිවක් කීමට ඉඩ නොතබාම තම දුර්වර්ණ වූ දත් දෙපෙළ දක්වා සිනාසුණේය. "උඹ මට උදව්වක් කරන්න ඕනේ... මම දැන් යනවා අර අශ්ව කරත්තය ලඟට, ඒක පදවන්නා එක්ක මට පොඩි ගනුදෙනුවක් තියනවා" ඔහු නැවතත් දෑස් පුංචිකර සිනාසුණේය. "ඒක ඉවර වෙලා මම උඹට අත වනන්නම්... එතකොට උඹ, ගෙදර මේ පැත්තේ වීදුරුවකට ගලක් ගහන්න ඕනේ.. තේරුණාද?" එසේ විමසුවාට, තමා පැවසූ දෑ නැන්සිට තේරුණාදැයි දැනගැනීමට ඔහු එහි පමා වූයේ නැත.

      නැන්සි හදිසියේ මතක් වූ දෙයක් මෙන් ළය රැදී තිබූ හුස්ම වේගයෙන් පිට කලාය. තවත් කිහිප වතාවක් වේගයෙන් හුස්ම ඉහළ පහළ හෙලුවාය. පාර අයිනේ වැවී තිබූ පයින් ගස් පේළියට මුවාවෙමින් අශ්ව කරත්තය දෙසට ඇදෙන අමුත්තාගේ උරහිසේ රැඳී තිබූ රයිෆලය ඇගේ ඇස ගැසුණි. 'දෙවියනේ' ඇයට කෙඳිරිණි. මෙතැනින් පැන දුවන්නේ නම් තවමත් බාධාවක් නැති බව ඒ සමගම ඇයට වැටහිණි. නමුත්....

      Delete
    6. ඇය කෙටි සුසුමක් හෙලා දෙවියන්ට ස්තුති කලේ අමුත්තා ඔවුන්ගෙන් සාමාජිකයෙකු නොවූ නිසාය. එහෙත් ඔහු ඒ පිරිසගෙන් අයෙක් නොවීම පිලිබඳ සියුම් සතුටක් වුවද, ඇගේ සිතට තවත් අමතර චකිතයක් එක්වුයේ ඇගේ මනස සිතුවිලි වලින් වෙහෙසට පත්කරමින්ය. ආගන්තුකයෙක්ගේ විධානයකට තමන් අනුගත විය යුත්තේ මන්දැයි ඇයට නොතේරෙන්නට විය. ඔහුගේ අණ පිළිපැදීම හැර විකල්පයක් වශයෙන් ඉතිරිවනුයේ පැන දිවීම පමණය. තත්වය බොහෝ බැරෑරුම් අවධියක පැවති හෙයින් වාසනාවකට හෝ අවාසනාවකට ඇය පලවෙනි විකල්පය තෝරා ගත්තේ සිදුවීමට ඇති දරුණුම ඛේදවාචකය නම් අකාලයේ මරණයට මුහුණ දීම පමණක් වන නිසාවෙනි.

      තමා ගැන විශ්වාසය තබා මොහොතකට පෙර අශ්ව කරත්තය දෙසට ඇදුනු ඔහුගේ සංඤාව ලැබෙන තුරු ඇය පසු වුයේ නොයිස්පාසුවකිනි.

      "ෂ්ෂ්ෂ්...ෂික්....අයියෝ.. !" කුලී නිවසේ දොරපලුව අනපේක්ෂිතව විවෘත වුයෙන් ඇයට ඉබේම කියවිණි. ඒ සමගම ඒ දෙසින් සිනා හඬක් ඇසෙන්නට වුවේය. ඔවුන් එකා පසුපස එකා පැමිණ අශ්ව කරත්තය අසල කඩා වැටී තිබු පයින් ගස උඩ හිඳ ගත්තේ සුරුට්ටුවක් දල්වමිනි

      Delete
    7. ඇය කෙටි සුසුමක් හෙලා දෙවියන්ට ස්තුති කලේ අමුත්තා ඔවුන්ගෙන් සාමාජිකයෙකු නොවූ නිසාය. එහෙත් ඔහු එසේ නොවීම පිලිබඳ සියුම් සතුටක් වුවද, ඇගේ සිතට තවත් අමතර චකිතයක් එක්වුයේ ඔහු කවුරුන්ද යන්න පැනය, ඇගේ මනස සිතුවිලි වලින් වෙහෙසට පත්කරමින්ය. ආගන්තුකයෙක්ගේ විධානයකට තමන් අනුගත විය යුත්තේ මන්දැයි ඇයට නොතේරෙන්නට විය. ඔහුගේ අණ පිළිපැදීම හැර විකල්පයක් වශයෙන් ඉතිරිවනුයේ පැන දිවීම පමණය. තත්වය බොහෝ බැරෑරුම් අවධියක පැවති හෙයින් වාසනාවකට හෝ අවාසනාවකට ඇය පලවෙනි විකල්පය තෝරා ගත්තේ සිදුවීමට ඇති දරුණුම ඛේදවාචකය නම් අකාලයේ මරණයට මුහුණ දීම පමණක් වන නිසාවෙනි.

      තමා ගැන විශ්වාසය තබා මොහොතකට පෙර අශ්ව කරත්තය දෙසට ඇදුනු ඔහුගේ සංඤාව ලැබෙන තුරු ඇය පසු වුයේ නොයිස්පාසුවකිනි.

      "ෂ්ෂ්ෂ්...ෂික්....අයියෝ.. !" කුලී නිවසේ දොරපලුව අනපේක්ෂිතව විවෘත වුයෙන් ඇයට ඉබේම කියවිණි. ඒ සමගම ඒ දෙසින් සිනා හඬක් ඇසෙන්නට වුවේය. ඔවුන් එකා පසුපස එකා පැමිණ අශ්ව කරත්තය අසල කඩා වැටී තිබු පයින් ගස උඩ හිඳ ගත්තේ කතාබහක යෙදිමිනි. දැල්වූ සුරුට්ටුවක් එකිනෙකා අතර හුවමාරු කරගමිනින් ඔවුහු ක්‍රියා කලේ සැලසුමකට අනුව බැව් ඇයට වැටහිණි.

      Delete
    8. (අඩේ දැන් කතාව නැගලා යනවනේ. ඒයි කට්ටිය වරෙල්ලා. මේකට පොඩ්ඩක් අත ගහපල්ලා.

      කෝ මේ සයුරි ඒ ගමන??)

      Delete
    9. (නගලම ගිහිල්ල නේන්නම් :)

      මී දුමෙන් මතු වී තමාට කිසි ගරු සරුවක් නැතිවම උපදෙස් දුන් අද්භූත අමුත්තා ගැන මුලින් ඇගේ සිතේ අප්‍රසාදයක් ඇති උනත් ඇයටද ඔහුගේ සැලසුමේ කොටස් කාරියක් වන්නට ලැබීම ගැන ඇය පසු වුනේ විචිකිච්ඡාව මුසු සතුටක් යයි කිව හැකි හැඟීමකිනි. අමුත්තාගේ රළු ගතිගුණ වලට ඉබේම ඇගේ සිත නැඹුරු වනු ඇයට දැනෙත්ම පැහැදිලි කළ නොහැකි කිසියම් හුරු පුරුදු ගතියක් ඔහුගේ විනැයි ඇයට සිතිණ.

      ඔහුගේ සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර ලෝගු කාරයින් කුලී නිවසෙන් එලියට ඒම, ඇගේ සිත මෙතරම්ම අපේක්ෂා භංගත්වයකට ඇද දැමුවේ එබැවිනි. දැන් කුමක් කරන්නද? ඔවුන්ට නොපෙනී නිවසේ ජනේලයට ගලක් ගැසීම කිසි සේත් කළ නොහැක්කකි. දෑත් බැඳ ගෙතුලට ගෙන ගිය මිනිසාට කුමක් වන්නට ඇත්ද? අශ්ව කරත්තය දෙසට ගිය අමුත්තා ගැනද ඇයට දැනුනේ බියකි.

      මෙසේ දෙගෙඩියාවෙන් පසු වූ ඇය අවසානයේ කෙල්ලකට ගත හැකි නිර්භීතම තීරණයක් ගත්තාය. ඒ, කෙසේ හෝ අශ්ව කරත්තය වෙතට ගොස් අමුත්තා ගැන විපරම් කර බැලීමටයි.

      Delete
    10. මනෝමය දළ සැලැස්මකට අනුව ඈ හිම කණ්ඩියට සමාන්තරව වම්පසට බඩගාගෙන සැලකිය යුතු දුරක් ගිය කල්හි සෙමින් හිස ඔසවා යායුතු දිශානතිය තහවුරු කරගත්තාය. අත් මේස් හරහා විනිවිද ගිය හිම කැටිවල සීතල තමන්ගේ අස්ථි කුහර වලටම කිඳා බැස ඇතැයි ඇයට සිතිණි.

      Delete
    11. දෙසවන් බිහිරි කරමින් නැගුණු වෙඩි හඬ මැද ගල්ගැසුණු ඇය, පියවි සිහියට පත්වූයේ පස් වැනි වෙඩි හඬ අවසානයේ නැගුණු නිහඬබව මිනිත්තු කීපයක් පැවති පසුවය. තව දුරටත් ගෙය හෝ කරත්තය දෙසට එබිකම් කරන්නට ධෛර්යයක් නොතිබූ ඇය හිම කණ්ඩිය පසුපසටම වී සීතලද, බියද, කුතුහලයද යැයි නිශ්චිතව කිවනොහැකි හැඟීමකින් වෙවුලමින් සිටියාය. සීතලද බියද පරදා කුතුහලය නැගී සිටියේ යැ‍යි සිතිය මොහොතක, ඇය හිම කණ්ඩියට මුවා වී කරත්තය දෙසට එක පිම්මේ දිව ගියාය. අශ්ව කරත්තය ඇගේ දෑස ඉදිරියේ දර්ශනය වෙද්දී ඇගේ ඇස නිතැතින්ම දිව ගියේ කබා කාරයන් දුම් උරමින් සිටි පයින් ගස් කොටය වෙතය. ඔවුන් තව දුරටත් දුම් උරමින් එතැන හිඳීය යන්න සිතන්නට තරම් ඈ අනුවණ එකියක නොවේ. නමුත් ඇය සිතුවා හරි නම්, ඔවුන් තව දුරටත් එතැන සිටිය යුතුය. නමුත් ඒ පණ පිටින් නම් නොවේ.

      ඇයගේ ඇස් පයින් ගස් කොටය දෙසට හැරෙන මොහොතේම ගේ ඇතුලෙන් ඇසුණු තවත් වෙඩි හඬකින් ඇයගේ අවධානය මොහොතකට බිඳුණි. ඒ සමගම ගේ තුල සිට කිසිවෙකු එළියට එන හඬ ඇසුණෙන් කබා කාරයන් ගැන බැලීම මොහොතකට කල් දා ඇය පයින් ගසකට මුවා වූවාය.

      Delete
  12. දැන් බොලව් අපිද කතාව ලියන්න ඖනි? O.o

    ReplyDelete
  13. මෙවන් විදෙස් කතාවක ඉතිරිය පුරවන්න ගියාම බං අපි හිරවෙනවනේ. ඒ හන්දා උඹම ඉතිරියත් දාපන් මලයා. විදෙස් අද්දැකීම් ගොඩක් තියන ඩූඩ් සයුරිවගේ අයට නම් මෙය ඉදිරියට සාර්ථකව ඉදිරියට ඇදගන යෑමට හැකියාව ඇත.

    ReplyDelete
    Replies
    1. පැතුම්, අනික් උන් කම්මැලි විතරයි, නලියා ඊට අමතරව ලෝකෝත්තර අණ්ඩපාලයෙක් නේද? :D

      Delete
    2. ආයෙත් අහලා මම කියන්ඩ හදපු එක ඩුඩ් අයියා කිවේ.. හෙහ් හෙහ්

      Delete
  14. අප්පටසිලි! දැන් අපිද ඉතිරි ටික ලියන්නෙ :O

    කතාව ලස්සනයි පැතුම්! ඉතුරු ටිකත් ඔයාම ලියන්නෝ..........

    ReplyDelete
  15. අනේ මේ පැතුමෝ අපිට වද නොදී ඔයාම ලියන්න සුදෝ ඉතුරු ටිකත්......
    ( ලස්සනට ලියන්න බැරි කමකට එහෙම නෙමෙයිලු හොදේ.... හික්... :P )

    ReplyDelete
  16. ඒ දිනේශ් අයිය ව හොයාගෙන වරෙල්ලා!

    ReplyDelete
  17. එල නෙ. ඩූඩ් අයියල සයුරිල තිසරල එහෙම ලෙසටම දීල තියන්නෙ. ආයෙත් ආවම අනෙක් ටික බලමු.

    ReplyDelete
  18. අයියෝ වාක්‍ය දිග වැඩියිනේ..රුසියන් නවකතා වගේ..:(:(

    ReplyDelete