ගෙදර ටීපෝව වට
කුඩා යුද්ධයකි,
බත් පිඟානක් අතැතිව
පුතු පිටුපසින් ඔබ දිව යන,
මැරතන් තරඟයකි,
කුඩා යුද්ධයකි,
බත් පිඟානක් අතැතිව
පුතු පිටුපසින් ඔබ දිව යන,
මැරතන් තරඟයකි,
ගුලි කොට අනා
ගත් බත් ගුලි
රැගෙන එන්නේ කුරුල්ලෙකි,
මුව අයාගත් ම'පුතුට බියවී
කොහේදෝ සැඟවෙන,
ගෝනි බිල්ලෙකි,
රැගෙන එන්නේ කුරුල්ලෙකි,
මුව අයාගත් ම'පුතුට බියවී
කොහේදෝ සැඟවෙන,
ගෝනි බිල්ලෙකි,
ආදරේ උතුරන
ඇස් හතරකට මැදිවී,
පාවී නිවී යයි මා දිවි
සරතැස් දුක්-දෝස සේදී
ඇස් හතරකට මැදිවී,
පාවී නිවී යයි මා දිවි
සරතැස් දුක්-දෝස සේදී
පුතු පිටු
පසින්
දිව ගොස් බිම වාඩිවී,
බත් පිඩක් කවා ගන්නට
හිත ආශාවක් උපදී,
දිව ගොස් බිම වාඩිවී,
බත් පිඩක් කවා ගන්නට
හිත ආශාවක් උපදී,
ආදරේ මට දැන්
නෙමේ නේදැ'යි කී,
මා මුව ගොතාගත්
බොරු අවනඩුවකි,
නෙමේ නේදැ'යි කී,
මා මුව ගොතාගත්
බොරු අවනඩුවකි,
එසැණින් බත්
පිඩක් විත්
ම'දෙතොල මත දියවේ,
තව එක් කටක් ඉල්ලුම
තරු ඇස් රැවුමකින් වැළැකේ
ම'දෙතොල මත දියවේ,
තව එක් කටක් ඉල්ලුම
තරු ඇස් රැවුමකින් වැළැකේ
~ මැරිඩ් රයිටර් ~
I enjoyed reading.
ReplyDeleteThank you. Love love, Andrew. Bye.
රැවුම් ගෙරවුම් වලට
ReplyDeleteවාඩුව ගන්නටද
සැලසුම් කරන්නේ?
Nope ! never !!
DeleteHeart warming!
ReplyDeleteThank you Dude Ayye ! Sooo Happy to see you read them !
Deletecheeers !
මේකනම් හරිම ආදරණීයයි... මේක බුකියේ දැකපු වෙලාවේ කමෙන්ට් කවියක් දාන්නමයි හිතුනේ.ඒත් ඔන්න ඔහෙ නිකන් හිටියා
ReplyDeleteඅන්‍න අන්‍න ඒකනෙ
Deleteඅහුවෙන්නෙපා බුකියේ කවි එහෙම ලියාගෙන! දාන එකක් මෙතන දානවා හොඳයි!
Deleteබුහාාහාහාහා !!
Deleteමරු.
ReplyDeleteඅඩේ ප්‍රසා අයියා !
Deleteඒ කියන්නේ ශෂිගේ ඉල්ලීම වැඩ කරලා... හොඳයි හොඳයි පැතුම් අයියේ... ලස්සන කවියක්..
ReplyDeleteඑල එල අෑ !
Deletenice
ReplyDelete:) Elass !
Deleteඅත්විඳිමි..එහෙයින්ම සොඳුරු බව දනිමි..
ReplyDeletegreat !!
Delete