Wednesday, July 12, 2017

වැළඳ ගනු නොහි සොවින්,



ඔබ බදා,
වැළඳ ගනු
නොහි සොවින්,
රිදුම් දෙයි
ඇදුම් දෙයි,
දෙඅත්
බාහු යුග,

අතර මගදී
අත් හැරුණු බව
හැබෑවකි ඔබ,
ඒ අල්වා ගත
යුතුම තැනදිය,
ඔබේ අත...

ප්‍රේමියෙනි
කම්පිතව,
තැවෙද්දීත්
දැවෙද්දීත්
මම,
වරින් වර පැමිණ
හද මැදලස,
අකුණක්ව
පිපිරෙයි
ඔබ...!

~ බ්ලාස්ටඩ් රයිටර් ~

9 comments:

  1. බදා තෙරපී තැලී,
    පුරුදු සිරුරම පෙළයි
    මේ සියුම් තනිකම...

    විටෙක දෙකොපුල් හොවයි
    ආදර චුම්බන රිසිසේ නිදහස්කළ
    තුරුණු මත - ලා පාට....

    අහස ගුගුරා
    හෙලන වැහිබිඳු,
    මුදන මේ සුසුමද
    අකම්පිත අකුණක
    එළියම පතයි...

    එහෙයින්
    අකුණු නම් පිපිරිය යුතු,
    හඳ පවා
    නොබැලියයුතු


    p.s බ්ලාස්ටඩ් මිසක් 'බාස්ටඩ්' නෙවෙයි නේ නේද?

    ReplyDelete
    Replies
    1. බ්ලාස්ටඩ් අාෆ්ටර් බස්ටඩ්

      Delete
  2. For sure this poem regarding your blog.... :) :)

    ReplyDelete
  3. එවන් තවුම්
    එවන් රිදවුම්
    අතරේ වුව
    ඔබේ පැමිණීම නම්
    සැනසීමකි අකුණක් වුව....

    ජයවේවා!!!

    ReplyDelete
  4. රයිටර්, පොඩි වෙනසකටත් එක්ක රම්බා ගැනයි චාරුලතා ගැනයි ලියපංකෝ බං...

    ReplyDelete
    Replies
    1. කම්මැලියි හත්තිලව්වේ

      Delete
  5. උඹ මේ එක සිදුවීමක් ගැනද කියන්නෙ නැතිනම්...?

    ReplyDelete
    Replies
    1. එකම සිද්ධියක් ගැන Dude අයියෙ !!

      Delete