Friday, July 14, 2017

ඇට්ටරකාර මැතිණිය,



මුදු මදහස්නිය,
කී කිසි දෙයක්
නාහන,
ඇට්ටරකාර
මැතිණිය,

ඇඳන්, පාපිසි පැදුරු යට,
අල්මාරි, කැබිනට්ටු තුළ,
වරින් වර මතුවී හමුවන,
ඔබ නිධන් කළ
බෙහෙත් පෙති අහුරුය...

අදත් උරණ වී මම
තරවටු කළ නිසාවෙන්වද,
දහක් නැති ලෙඩ
මවාගෙන ඔබ...!

හේබා සුදුමැලිව ගිය
රෝස දෙකම්මුල,
මදහස සේදුන
දෙතොල උල් කර,
සර්ව රෝගී නිවාරණ,
හාදු චිකිත්සාවකටදෝ
මෙ'ඇරයුම...?

~ ඇන්ග්‍රි රයිටර් ~

3 comments:

  1. ඉඳහිට උනත් හිසමත
    පතිතවන ටොකු ආදර,
    අඩුවෙන් ගන්න හිතනෙ'ක
    ක්ලාන්තයක් ගෙනදෙයි මට!

    ඉවසාගෙන ඉන්න බැරිතැන
    කොපුල් තල මගේ මිරිකන,
    බාහුව ඔබේ මම නතරවන
    ඉදින් මම වැරදිකරු නොමවන!

    පෙති, කරල් මේ සැම
    පාට පාටින් තිබෙන්නේම
    ගෙන ගොහින් තබාගෙන
    ගන්නට තමයි හාදු ඉල්ලගෙන !

    ReplyDelete