Monday, July 3, 2017

වැහි




නළල් නිම්නය
පසුකොට,
හිසින් ගමනාරම්භ කළ,
දෙකන් පෙති පසින්
දෙපසට වෑහුන,
සීත දිය බිඳු
ළකුණු අහුරකි...

මල් වැහි දිය
පොකුරු හීසර
පලස් තිර පට යටින්
සංසුන්ව,
දුරින් බර අඩි තියා,
මා පසුකරමින්ය
නුඹ...

ඔබේ අත රැඳි
කුඩය යට,
තවකෙකුට ඉඩ
පැවතීම ගැන,
නොසන්සිල්ලෙන්ය..
මා සිත...

~ රේන් කෝටඩ් රයිටර් ~

2 comments: