Thursday, July 6, 2017

හිම පියලි කුසුමි




යමහල් දෙතොල්
මුව අභියස,
පිපී පරව යන,
හිම පියලි
කුසුමියකි නුඹ,

දුටුවමුත්,
නොදුටුවා සේ හිඳ,
මිලින පත්
ළය තුරුළු කර,
නොනවත්වාම
වැළපෙමිනි මම,

සුවඳ මකරද
මුදු ලතාවිය,
හෙටත් ගිණි කඳු
හදක දුක,
ළය තුරෙහිම
හොවාගෙන,
නිහඬවමය මම

~ වීපින්ග් රයිටර් ~

4 comments: