Friday, July 7, 2017

බක පණ්ඩිත නුඹ




කොයි තරම් නම්
නෑ කීවද,
බක පණ්ඩිතයි නුඹ,
කී කිසි දෙයක් නාහන,
ඇඟිල්ලක්
කපාගෙන අද,

වැටෙන්නට
නොදී රැකගත්
කඳුළු ගුලි ඇහැ අග,
හැඬුම් ආයාසයෙන්
වැළකුව
මට පෙනෙයි
සැසැලෙන දෙතොලද,

ඔව් ඉතිං ඔබ
චණ්ඩි කෙල්ලක්...!

වහා දිව පැන
ඔබේ අත ගෙන,
උරා දෙතොලින්
විෂ නසන සඳ,
සිහින් හුස්මක් එකවර
ඉකියකට පෙරළෙයි,

ඇසිල්ලට පෙර
පෑ චණ්ඩිකම්,
ඔබටද අමතකයි,
මහ හඬින්
ඉකිලයි...!

නාඩන්න සුදු දැන්,
සියලු ඇට්ටර
දඩබ්බරකම් මැඩ,
ඔබ සතැපවිය හැකි
උරහිසක් මා සතු වෙයි..

~ බිලව්ඩ් රයිටර් ~

8 comments:

  1. මෙහෙමත් ලියනවද මට කවි හැබෑටම??????????????????????????????????????

    ReplyDelete
    Replies
    1. අනුන්ට ලියූූ කවි තමන්ගේ කරනොග‍ෙන විඳවීම අතහරිනු

      Delete
    2. එහෙම වෙන්නේ කොහොමද ? හුහ්.. මේක අයිති මට! කට වහගෙන හිටු!!!

      Delete
    3. බුහාහාහාහ්හා ! හැබෑට ?

      Delete
  2. කා ගැනද ලිව්වේ?

    ReplyDelete
    Replies
    1. ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ් ! එයා එයා !

      Delete