Tuesday, January 31, 2012

ඔබිචුවරියේ යතාර්ථය හෙවත් මරණ දැන්වීමේ සත්‍ය

 "ඔබිචුවරී" (obituary) නොහොත් දන්නා සිංහලෙන් කිව්වොත් "මරණ දැන්වීම්" ගැන නොදත් අයෙක් නම් ඉන්න බෑ.  මොකද කෙනෙක් මිය ගිය විට පාරක් පාරක් ගානේ ලයිට් කණුවක් ගානේ බෝක්කුවක් ගානේ ඇලවෙන මරණ දැන්වීම් කලාව නොදත් කොල්ලෙක් කුරුට්ටෙක් මේ බ්ලොග් පිටු අතර නැති තරම්. නැති තරම් නෙමෙයි කොහොමත් නෑ.

කෙනෙක් මැරුණම "මරණය" අසල්වාසීන්ට දන්වන්න ලේසිම පහසුම ක්‍රමේ තමයි මේ මරණ දැන්වීම... අද මම මේ කතා කරන්න යන්නෙත් මේ එක්තරා විදිහක මරණ දැන්වීමක් ගැන තමයි.  සමහර විට මේ මාතෘකාව බ්ලොග් පිටුවල ලියවෙලත් නැතුව ඇති. ලියවෙලා  ඇත්නම් සමාව අයදිමි. මේ ලිපිය කියවල ඉවර වෙලා මට මේ ගැන තවත් අදහස් දෙන්න කියල මම අරාධනෙකුත් කරන ගමන් කතාව පටන් ගන්නවා. ඔබගේ ගල් මුල් වැනි වාග් ප්‍රහාරත් මම බලාපොරොත්තුවෙන් තමයි ලියන්න ගත්තේ.

අනම් මනම් කතා නැතුව කතාවට බහිමු ..."කෙනෙකුගේ මරණය" පුවත්පතක  දැන්වීමක් වශයෙන් පළකර කෙනෙක් මම ඉහත සඳහන් කල ප්‍රචාරණයම බලාපොරොත්තු වෙනවා. . මොකද බොහෝ දෙන පත්තර බලන අය නිසා. ඇත්ත වශයෙන්ම පිටරටවල ජීවත් වෙන නෑදෑයින් හිතමිතුරන් මෙන්ම මේ රටේ සම්බන්ධ කර ගත නොහැකි බොහෝ දෙනෙක් මේ දැන්වීම් ප්‍රයෝජනයට ගන්න බවක් තමයි පෙනෙන්නේ.  සමහර පුවත්පත් ආයතන මුදල් අයකර මෙන්ම තවත් සමහර ආයතන නොමිලයේ මේ මරණ දැන්වීම් ප්‍රචාරණය කරනවා.


ඇත්තටම මේ දැන්වීම පලකරන අය එනම් මරණ දැන්වීමේ අයිතිකරුවන්  "මරණය" දැන්වීමට නොහොත් ප්‍රචාරණයට අමතරව තවත් යමක් බලාපොරොත්තු වන බවයි මට හැඟෙන්නේ.  මොහොතක් සිතන්න....


"අසවලාගේ අසවලා වුද" "අසවලාගේ සහෝදරයා වුද", "අසවලාගේ නැන්දනිය වුද" "අසවලාගේ මාමණ්ඩිය වුද" "අසවලාගේ මුණුපුරා වුද"   යනුවෙන් සඳහන් කර තමන්ගේ වරිගේ ජීවත්ව සිටින නොසිටින බොහෝ දෙනෙක් මේ දැන්වීමට ඇඳාගෙන මොවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද. පිටුව පිරෙන තරමට තමන්ගේ පරම්පරාව බලගතු බවද. ? නැත්තම් කුමක්ද ?

මියගිය පුද්ගලයාට සම්බන්ධ කමක් ඇති නමුත් මීට පෙර බොහෝ කලකට මිය ගිය පුද්ගලයෙක් එමෙන්ම බොහෝ දුර නෑදෑකමක් වේනම්, ඔහු මේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් නම්, රාජ තාන්ත්‍රිකයෙක් නම්, රටේ නම ගිය ආයතනයක සේවය කරනවානම්, විදේශ රටක සේවය කරනවානම්, අසවල් පාඨමාලාව හදාරනවනම්  ඔහුගේ පට්ටම් තානාන්තර මේ මරණ දැන්වීමට කුමකටද.?
මෙයින් මම අදහස් කරන්නේ මරණ දැන්වීම් වලින් සියල්ලම නෙවෙයි. නමුත්  90% පමණ මේ ඝනයට වැටෙනවා.


කෙනෙක්ට මේ තර්කයට විරුද්ධ වෙනවනම් එකම එක තර්කයකින් විරුද්ධ වියහැකියි. එයත් සඳහන් කරලම මම මේක අවසන් කරන්නම්..

එනම් කෙනෙක් මේ මරණ දැන්වීමට මේ මම ඉහත කියූ දේ ඇඳාගන්නේ බොහෝ දෙනාගේ දැනගැනීම පිණිසය කියල.
හරි එකත් ඇත්ත වෙන්න පුළුවන්.

"අනේ මේ අපේ කොම්පැණියේ අසවලාගේ අසවලාගේ අසවලානේ මැරිලා තියෙන්නේ."
"මේ කොම්පැණියේ නමවත් නැත්තම් කොහොමද අපි දැන ගන්නේ"
"යාලුවන්ගේ යාළුවො නැත්තම් කොහොමද දැන ගන්නේ"

හරි එකත් හරි.  මෙවන් විස්තර අඩංගු විය යුතුයි.  නමුත් සීමා සහිතව. මුළු පරම්පරාවේම පුද්ගලයින් මේ මරණ දැන්වීමට සම්බන්ධ කරගත යුතුද.  මෙසේ කිරීමෙන් ඉඩ අහුරන්නේ තවත් දැන්වීමකට තියන ඉඩ කඩ නොවේද.  (එයත් මේ ඝනයේම එකක් හෝ හුදෙක් මරණය පමණක් ප්‍රචාරණය කිරීමට ප්‍රකාශිත එකක් විය හැක)..

මරණ දැන්වීමකට මුවා වී තමන්ගේ වරිගේ ප්‍රදර්ශනය කරනවද. නැත්තම් දැන්වීමට අවශ්‍ය කරුණු පමණක් ඉදිරිපත් කර වරිගේ බෙරගන්නවද කියා අපි සිතිය යුතුද  නැද්ද?

8 comments:

  1. සහතික ඇත්ත බං!
    පුහු අටෝපය හැම තැනම!

    ReplyDelete
    Replies
    1. word verification අයින් කරානම් හොදයි කමෙන්ට්වලින්!:))

      Delete
  2. ඔව් මචං හැමතැනම පුහු අටෝපය

    ස්තුතිය මචන් අඩුපාඩු පෙන්නලා දුන්නට
    තවම ආධුනිකයි මචන්.

    ReplyDelete
  3. අපේ පවුලේ වැඩිහිටියෙකුගේ මරණ දැන්වීමක් රේඩියෝ එකේ දන්න ගිය වෙලාවක එක ඥාතියෙකුගේ නම කිව්වේ නැහැ කියලා එයා ඒ දැන්වීම ගිහින් දීපු අය එක්ක හිත් අමනාප වෙලාත් හිටියා. පණපිටින් ඉන්න මිනිස්සුන්ට ඕනේ මරණදැන්වීමකින් හරි කමක් නැහැ තමන්ගේ නම රේඩියෝ එකේ යවා ගන්න

    ReplyDelete
    Replies
    1. ඔව් මචන්,
      මම දන්න පත්තරේක වැඩ කරන කොල්ලෙකුත් කිව ... දවසක් මේ මරණ දැන්වීමක එක අකුරක් වැරදිලා තිබිල අපහු කෝල් කරලා පලු යනකම් බැන්නලු.. (වැරදිලා තියෙන්නෙත් මරුන කෙනාගේ නම නෙමෙයිලු, නෑදෑයෙක් ගේලු)

      Delete
  4. හැබැයි මෙහෙමනෙ මචං.. පත්තර කාරයො කරන්නෙත් බිස්නස් එකක් වෙච්චි සල්ලි හොයන්නනෙ බලන්නෙ... තව දැන්වීමක් දැම්මත් ඔක ගොකු කරලා සල්ලි ගත්තත් උන්ට එකයි... කාටඋණත් ආසාවක් තියේනම් ආටෝපයක් දැම්මට අපිට කරන්න දෙයකුත් නැ නේද... හැබැයි ඒ පිටුව මග හැරලා වෙනදෙයක් බලන්නත් අපිට සම්පූර්න අයිතිය තියෙනවා..

    ReplyDelete
    Replies
    1. උඹ කියන කතාවත් හරි මචන්, හැම දෙයක්ම සල්ලි මත තමයි. නමුත් මචන් නොමිලයේ ප්‍රචාරය කරන පත්තරවලට තමයි මේක ගොඩක් බලපාන්නේ.

      ආටෝපයක් දාගන්න කාට හරි ආසාවක් තිබුන පලියට, මැරුණ කෙනා ඉත්තෙක් කර ගන්න එක හරිද මචන්

      Delete
  5. ඉස්සර ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනකොට උදේ 6ට ස්වදේශීය සේවයෙත් ඔය වගේ දිගට දිගේ මරණ දැන්වීම් යනවා, මටත් ලොකු ප්‍රශ්නයක් තිබුනා ඇයි මෙච්චර පම්පෝරියක් යන්නෙ මැරිච්ච මනුස්සයා ගැන කියලා.

    ReplyDelete