එක පාරක් කීවම අහපන්
එපා ඔහොම බලන්න
මං දිහා
මට දුක හිතෙනවා මං ගැනම
උඹේ ඔය එලිය දකිනකොට
ඉර බැහැල ගියාම
උඹ එනවා
මහ ලොකුවට
ලොකුකම පෙන්නන්න
දන්නේ නැද්ද
මං දැන් තනියම කියල
කවි ලියන්න
ඔය එලිය
ඕනේ කරපු කාලයක් තිබුන
එත් දැන් එපා
කිව්වම අහල
දෑහැටම නොපෙනී
පලයන් අහකට
.......
ග්‍රැෆික් චිත්‍ර අඳින්න මේනියාව ඔලුවට ගහල තිබ්බ කාලේ ඇඳපු එකක්. තවමත් මේනියාව තියනවා. පොඩ්ඩක් යටපත් වෙලා තිබුනට.
//ඉර බැහැල ගියාම
ReplyDeleteඋඹ එනවා
මහ ලොකුවට
ලොකුකම පෙන්නන්න
දන්නේ නැද්ද
මං දැන් තනියම කියල// මෝහිණීද බං.... :-)
එල එල.... :-)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජාට හැමතැනම පෙන්නේ මොහිනිමයි...මොහිනි ගහලා වගේ......:P
Deleteඔව්... රජාට මොහිණි එක්ක මොකක් හරි සම්බන්ද කමක් තියෙනවා.
Delete:D
අඩවි රජෝ :- මොහිනීගේ නංගි බං. :D
Deleteහිරු අක්කේ :- ඒක තමයි මෝහිනී ගහලද මන්ද
නෙත්පානි අක්කේ :- ඒක නම් හොයන්න වටිනා කාරණාවක් නේද අක්කේ ?
ලස්සනයි කවි ටික ඒත් බලාගෙන එයා නාවොත් හැම දාම අපි කරුවලේ..රෑ කාලෙ ලස්සන දකින්න වෙන්නෙම නැහැ....:)
ReplyDeleteමේයැයිටත් හඳපානේ යන්ඩ හිතිලා. හික්ස් :)
Deleteකිරිල්ලි අක්කේ :- හඳ නැති උනාට ඔය ඕනේ තරම් ලයිට් තියෙන්නේ පාරවල් වල දිලිසි දිලිසි අප්පා. (කිරිල්ලි අක්කගේ කතාවත් ඇත්ත තමයි ඉතින්)
Deleteමධුරංග අයියේ :- එහෙම හිතිලද දන්නේ නෑ
හඳ දැක්කහම එයාව මතක් උනා නේ....
ReplyDeleteසුන්දර කවියක්... සුභ පැතුම්
මතක් වෙන්න එහෙම කෙනෙක් හිටියේ නෑ බං මී...!
Deleteමටත් මතක් උනේ අඩවි රජාගේ මෝහිනීව ඉර බැගෙන යනකොට එනවා කිව්වම... හික් හික්.... මොනවා උනත් ලස්සන චිත්‍රය. නිසඳැසත් අපූරුයි
ReplyDeleteරජාට මොහිනිත් එක්ක මොකක් හරි කෝන්තරයක් තියනවා වගේ තමයි අක්කේ.
Deleteපට්ටයි බන්... සිරාවටම පට්ට ලස්සනයි.. දුකත් හිතුන
ReplyDeleteඅඩේ දුක් වෙන්න එපා බං. මේක කවියක් විතරයි !
Deleteසඳ ගැන මුකුත් නොකියමි..
ReplyDeleteග්‍රැෆික් එක පට්ට්යි...
සඳ එක්ක අමනාපෙන්වත්ද දිනේෂ් අයියත් ?
Deleteඅලුත් වෙනස සැහෙන්න සාර්ථකයි වගේ..ඔහෝම යමු.....:)
ReplyDeleteමම කොහොමත් කැමති අමාවකටයි,තනි තරුවටයි....සද කොහොමත් හරි ගන්නේ..හිරුගෙන් එලිය අරන් අන්තිමට අහිංසකයින්ට ගණන් උස්සනවා..:/
හුගක් ලස්සනයි මල්ලියෝ..
සැහෙන්න දැනෙනවා....මේ හැකියාවන් හංගන්න ඉන්න එකට නම් මට සැහෙන්න කේන්තියි හොදේ..දිගටම ග්‍රැෆික් චිත්‍ර අදිමු..:)
ජයෙන් ජය....!!!
හඳ කොහොමත් ගණන් තමයි. චිත්‍රත් අඳිමුකෝ ඉස්සරහට !
Deleteසැබෑම වෙනසක්. ලස්සනයි මල්ලී...
ReplyDeleteඔය බැන්නට ආයෙම දවසක කවි ලියන්න මල්ලිට සද ඕන වෙනවා.
චිත්‍රයත් ලස්සනයි.
:)
එපා වුනත් හෙට ඕනා වෙවී. බලමුකෝ අක්කේ.
Deleteහඳ පව් අප්පා....
ReplyDeleteඒක අතකට පව්නෑත් අප්පා
Deleteහඳගැන නෝකතා නෝ සිනා කීල පැතූ දන්නවනේ.....
ReplyDeleteග්‍රැෆික් එක මරු...
හඳ ගැන කොච්චර නම් කතා තියද ශෂීයෝ ?
Deleteචිත්‍රය කවියටත් වඩා ලස්සනයිනෙ...
ReplyDeleteහඳට බුරන්නේ කවුද මේ...?
කෝ කෝ...කවුද...කෝ බුරන්නේ ආ.....?
Deleteග්‍රැෆික් එක ලස්සනයිනේ.කොහොමද බං හැදුවේ?
ReplyDeleteඉලස්ට්‍රේටර් වලින් බං මචෝ !!
Deleteසඳ නම් මතක කරන්න එපා :/
ReplyDeleteචිත්තරේ පට්ටය් :)
ඇයි අප්පා හඳත් එක්ක අමනාපෙන්ද ?
Deleteසිරාවටම චිත්තරේ නම් ලස්සනයි ඕං! හැබැයි හඳට ඔහොම කියනවටනම් මම විරුද්ධයි!
ReplyDeleteඑහෙම කියන්න වැඩ කරනකොට නොකියා බෑනේ මචෝ !
Deleteහඳට බනින්න එපා බං!
ReplyDeleteග්‍රැෆික් චිත්තරේ නම් එල
උඹ මේවා නේද ඉගෙන ගන්නව කිව්වේ??
බැනුම් අහන වැඩ කරනකොට නොබැන ඉන්නේ කොහොමද මචෝ.
Deleteයා යා. මේවා තමයි බං !
දැන් ලයිට් තියෙනවනේ නේද....
ReplyDeleteලස්සනයි කවි පොඩ්ඩ.. චිත්‍රේ ලස්සනයි
අපොයි ඔව් ලයිට් තියනවා ඕනේ තරම් !!!
Deleteඅමාවකටත් බැනුම් අහන්නෙ
ReplyDeleteඒත් හදමනේ.. :D
ග්‍රැෆික් එක නම් උපරිමයි..
කොහෙන් කැරකුනත් හඳ බැනුම් අහන වැඩ කලොත් බැනුම් අහන්න වෙනවා අක්කේ.
Deleteඅමාවකට ලියපං.. ජය !
ReplyDeleteනියම විසඳුම සෑම් අයියේ !
Deleteලස්සන කවියක්....
ReplyDeleteඔහේ ලිව්ව කවියක් අයියේ. තුන් හිතකවත් තිබ්බ අදහසක් නෙමෙයි
Deleteහදට වෛර කරනවාද?? :) ලස්සනයි.. වෙනස් ලිවිල්ලක්..
ReplyDeleteවෛරයක්මත් නෙවෙයි...!!!
Deleteහඳ එපා කියපු කෙනෙක් ගැන මම් ඇහුවමයි.... කවිය පට්ට !
ReplyDeleteහඳත් එපා වෙන වැඩ කලාම එපා වෙනවා අයියේ
Deleteදැන් මොකද හැමෝම හඳට බනින්නේ. සඳ රැස් ද අර වටේට බේරෙන්නේ.
ReplyDeleteනිර්මානයනම් ගොඩක් ලස්සනයි.මම මේ කවියක් දක්කමයිද කොහේද පැතුම් ගෙන්
අනේ මන්ද අයියේ. හැමෝටම හඳ එපා වෙලා ඇති ඒක වෙන්ඩෑ බනින්නේ. ඔව් ඔව් ඒ ගලන්නේ සඳ රේණු !!!
Deleteකවි කියන්ඩත් බෑ අප්පා මෙව්වට. නිකන් ලියල දැම්මේ
බනින්නට නම් එපා සඳහට...
ReplyDeleteජිවිතේ සෙවනැල්ල සඳ මගෙ...
( ලස්සනයි මල්ලි )
බනින්න වෙනවා අක්කේ මේවගේ වෙලාවට.
Deleteහදට ගල් ගහන්න යන්නෙ නෑ අලී.
ReplyDeleteචිත්‍ර අදින පිස්සුව දැන් මට හොදටම
ගල් ගැහුවේ නෑ අප්පා.. පොඩ්ඩක් බැන්නා විතරයි.
Deleteඉතින් කෝ මම චිත්‍ර දැක්කේ නෑනේ ඔයාගේ ?
හඳ දැකල පිස්සු තද වෙලා වගේ මලයට......
ReplyDeleteඔව් අප්පා.උපරිමේට. පිස්සුව බුරුල් කර ගන්න ක්‍රමයක් හෙම දන්නේ නැතෙයි අක්කා ?
Deleteඅපූරු සිතුවිල්ලකින් ලස්සන කවියක් පැතුම්..:)
ReplyDelete