Friday, June 1, 2012

පලයන් අහකට





එක පාරක් කීවම අහපන්
එපා ඔහොම බලන්න
මං දිහා
මට දුක හිතෙනවා මං ගැනම
උඹේ ඔය එලිය දකිනකොට

ඉර බැහැල ගියාම
උඹ එනවා
මහ ලොකුවට
ලොකුකම පෙන්නන්න
දන්නේ නැද්ද
මං දැන් තනියම කියල


කවි ලියන්න
ඔය එලිය 
ඕනේ කරපු කාලයක් තිබුන
එත් දැන් එපා
කිව්වම අහල 
දෑහැටම නොපෙනී
පලයන් අහකට
.......



ග්‍රැෆික් චිත්‍ර අඳින්න මේනියාව ඔලුවට ගහල තිබ්බ කාලේ ඇඳපු එකක්. තවමත් මේනියාව තියනවා. පොඩ්ඩක් යටපත් වෙලා තිබුනට.  

54 comments:

  1. //ඉර බැහැල ගියාම
    උඹ එනවා
    මහ ලොකුවට
    ලොකුකම පෙන්නන්න
    දන්නේ නැද්ද
    මං දැන් තනියම කියල// මෝහිණීද බං.... :-)

    එල එල.... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාට හැමතැනම පෙන්නේ මොහිනිමයි...මොහිනි ගහලා වගේ......:P

      Delete
    2. ඔව්... රජාට මොහිණි එක්ක මොකක් හරි සම්බන්ද කමක් තියෙනවා.
      :D

      Delete
    3. අඩවි රජෝ :- මොහිනීගේ නංගි බං. :D
      හිරු අක්කේ :- ඒක තමයි මෝහිනී ගහලද මන්ද
      නෙත්පානි අක්කේ :- ඒක නම් හොයන්න වටිනා කාරණාවක් නේද අක්කේ ?

      Delete
  2. ලස්සනයි කවි ටික ඒත් බලාගෙන එයා නාවොත් හැම දාම අපි කරුවලේ..රෑ කාලෙ ලස්සන දකින්න වෙන්නෙම නැහැ....:)

    ReplyDelete
    Replies
    1. මේයැයිටත් හඳපානේ යන්ඩ හිතිලා. හික්ස් :)

      Delete
    2. කිරිල්ලි අක්කේ :- හඳ නැති උනාට ඔය ඕනේ තරම් ලයිට් තියෙන්නේ පාරවල් වල දිලිසි දිලිසි අප්පා. (කිරිල්ලි අක්කගේ කතාවත් ඇත්ත තමයි ඉතින්)

      මධුරංග අයියේ :- එහෙම හිතිලද දන්නේ නෑ

      Delete
  3. හඳ දැක්කහම එයාව මතක් උනා නේ....

    සුන්දර කවියක්... සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. මතක් වෙන්න එහෙම කෙනෙක් හිටියේ නෑ බං මී...!

      Delete
  4. මටත් මතක් උනේ අඩවි රජාගේ මෝහිනීව ඉර බැගෙන යනකොට එනවා කිව්වම... හික් හික්.... මොනවා උනත් ලස්සන චිත්‍රය. නිසඳැසත් අපූරුයි

    ReplyDelete
    Replies
    1. රජාට මොහිනිත් එක්ක මොකක් හරි කෝන්තරයක් තියනවා වගේ තමයි අක්කේ.

      Delete
  5. පට්ටයි බන්... සිරාවටම පට්ට ලස්සනයි.. දුකත් හිතුන

    ReplyDelete
    Replies
    1. අඩේ දුක් වෙන්න එපා බං. මේක කවියක් විතරයි !

      Delete
  6. සඳ ගැන මුකුත් නොකියමි..

    ග්‍රැෆික් එක පට්ට්යි...

    ReplyDelete
    Replies
    1. සඳ එක්ක අමනාපෙන්වත්ද දිනේෂ් අයියත් ?

      Delete
  7. අලුත් වෙනස සැහෙන්න සාර්ථකයි වගේ..ඔහෝම යමු.....:)
    මම කොහොමත් කැමති අමාවකටයි,තනි තරුවටයි....සද කොහොමත් හරි ගන්නේ..හිරුගෙන් එලිය අරන් අන්තිමට අහිංසකයින්ට ගණන් උස්සනවා..:/
    හුගක් ලස්සනයි මල්ලියෝ..
    සැහෙන්න දැනෙනවා....මේ හැකියාවන් හංගන්න ඉන්න එකට නම් මට සැහෙන්න කේන්තියි හොදේ..දිගටම ග්‍රැෆික් චිත්‍ර අදිමු..:)
    ජයෙන් ජය....!!!

    ReplyDelete
    Replies
    1. හඳ කොහොමත් ගණන් තමයි. චිත්‍රත් අඳිමුකෝ ඉස්සරහට !

      Delete
  8. සැබෑම වෙනසක්. ලස්සනයි මල්ලී...
    ඔය බැන්නට ආයෙම දවසක කවි ලියන්න මල්ලිට සද ඕන වෙනවා.

    චිත්‍රයත් ලස්සනයි.
    :)

    ReplyDelete
    Replies
    1. එපා වුනත් හෙට ඕනා වෙවී. බලමුකෝ අක්කේ.

      Delete
  9. හඳ පව් අප්පා....

    ReplyDelete
    Replies
    1. ඒක අතකට පව්නෑත් අප්පා

      Delete
  10. හඳගැන නෝකතා නෝ සිනා කීල පැතූ දන්නවනේ.....

    ග්‍රැෆික් එක මරු...

    ReplyDelete
    Replies
    1. හඳ ගැන කොච්චර නම් කතා තියද ශෂීයෝ ?

      Delete
  11. චිත්‍රය කවියටත් වඩා ලස්සනයිනෙ...
    හඳට බුරන්නේ කවුද මේ...?

    ReplyDelete
    Replies
    1. කෝ කෝ...කවුද...කෝ බුරන්නේ ආ.....?

      Delete
  12. ග්‍රැෆික් එක ලස්සනයිනේ.කොහොමද බං හැදුවේ?

    ReplyDelete
    Replies
    1. ඉලස්ට්‍රේටර් වලින් බං මචෝ !!

      Delete
  13. සඳ නම් මතක කරන්න එපා :/
    චිත්තරේ පට්ටය් :)

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා හඳත් එක්ක අමනාපෙන්ද ?

      Delete
  14. සිරාවටම චිත්තරේ නම් ලස්සනයි ඕං! හැබැයි හඳට ඔහොම කියනවටනම් මම විරුද්ධයි!

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න වැඩ කරනකොට නොකියා බෑනේ මචෝ !

      Delete
  15. හඳට බනින්න එපා බං!
    ග්‍රැෆික් චිත්තරේ නම් එල
    උඹ මේවා නේද ඉගෙන ගන්නව කිව්වේ??

    ReplyDelete
    Replies
    1. බැනුම් අහන වැඩ කරනකොට නොබැන ඉන්නේ කොහොමද මචෝ.

      යා යා. මේවා තමයි බං !

      Delete
  16. දැන් ලයිට් තියෙනවනේ නේද....

    ලස්සනයි කවි පොඩ්ඩ.. චිත්‍රේ ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ලයිට් තියනවා ඕනේ තරම් !!!

      Delete
  17. අමාවකටත් බැනුම් අහන්නෙ
    ඒත් හදමනේ.. :D
    ග්‍රැෆික් එක නම් උපරිමයි..

    ReplyDelete
    Replies
    1. කොහෙන් කැරකුනත් හඳ බැනුම් අහන වැඩ කලොත් බැනුම් අහන්න වෙනවා අක්කේ.

      Delete
  18. අමාවකට ලියපං.. ජය !

    ReplyDelete
    Replies
    1. නියම විසඳුම සෑම් අයියේ !

      Delete
  19. Replies
    1. ඔහේ ලිව්ව කවියක් අයියේ. තුන් හිතකවත් තිබ්බ අදහසක් නෙමෙයි

      Delete
  20. හදට වෛර කරනවාද?? :) ලස්සනයි.. වෙනස් ලිවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. වෛරයක්මත් නෙවෙයි...!!!

      Delete
  21. හඳ එපා කියපු කෙනෙක් ගැන මම් ඇහුවමයි.... කවිය පට්ට !

    ReplyDelete
    Replies
    1. හඳත් එපා වෙන වැඩ කලාම එපා වෙනවා අයියේ

      Delete
  22. දැන් මොකද හැමෝම හඳට බනින්නේ. සඳ රැස් ද අර වටේට බේරෙන්නේ.

    නිර්මානයනම් ගොඩක් ලස්සනයි.මම මේ කවියක් දක්කමයිද කොහේද පැතුම් ගෙන්

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද අයියේ. හැමෝටම හඳ එපා වෙලා ඇති ඒක වෙන්ඩෑ බනින්නේ. ඔව් ඔව් ඒ ගලන්නේ සඳ රේණු !!!

      කවි කියන්ඩත් බෑ අප්පා මෙව්වට. නිකන් ලියල දැම්මේ

      Delete
  23. බනින්නට නම් එපා සඳහට...
    ජිවිතේ සෙවනැල්ල සඳ මගෙ...

    ( ලස්සනයි මල්ලි )

    ReplyDelete
    Replies
    1. බනින්න වෙනවා අක්කේ මේවගේ වෙලාවට.

      Delete
  24. හදට ගල් ගහන්න යන්නෙ නෑ අලී.
    චිත්‍ර අදින පිස්සුව දැන් මට හොදටම

    ReplyDelete
    Replies
    1. ගල් ගැහුවේ නෑ අප්පා.. පොඩ්ඩක් බැන්නා විතරයි.

      ඉතින් කෝ මම චිත්‍ර දැක්කේ නෑනේ ඔයාගේ ?

      Delete
  25. හඳ දැකල පිස්සු තද වෙලා වගේ මලයට......

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා.උපරිමේට. පිස්සුව බුරුල් කර ගන්න ක්‍රමයක් හෙම දන්නේ නැතෙයි අක්කා ?

      Delete
  26. අපූරු සිතුවිල්ලකින් ලස්සන කවියක් පැතුම්..:)

    ReplyDelete