ගොත ගහ ගහ ඉන්න රම්බාගේ මුණ නිකන් හරියට පැණි කොමඩු ගෙඩියක් වගේ වුණා. මු කියන දෙයක් කියන්නේ නැති කොට මමත් අමාරුවෙන් දත කාගෙන හංගගෙන ඉන්න ඉවසීම, පනින්න ඔන්න මෙන්න වගේ.
"ඉතින් මොකද උඹ මට ආදරෙයිද. එව්වා හරියන්නේ නෑ පුතෝ ලංකාවේ තාම ඒ නීතිය සමාජගත කරලා නෑ, හොරෙන් ජීවත් වෙන එවුන් ඇති. ඒත් උඹේ අදහස් සුම්මා, එව්වා හඳේ හරිය, හොඳ හිතින් ඔය විකාර හිතෙන් අතැරලා දාපන්" මටත් ඇති වෙච්ච කුතුහලේ හින්දයි මුගේ කෙකර බෑවිල්ල අන්තිමට මොකක් වෙයිද කියල නොදන්න හින්දයි බයේම මමත් කියලම දැම්ම.
"බොල අලගොඩුවෝ, මගුලක් කියනවද, බොට ආදරේ කරන්ඩ මට මඤ්ඤඃද......ඊට වඩා හොඳයි පිහියෙන් කෑල්ල කෑල්ල කපාගෙන මැරෙනවා. ඒක නෙමෙයි බං මම........උඹට...."
"දඩාන්....."
එතකොටම මගේ රතු කට්ට පනිනවා පනිනවා වගේ දැනුනා. මට මාවම කන්ට්‍රෝල් නැතුව ගියා, එවලේම අතට අහුවෙච්ච පොත් මිටිය රම්බාගේ මුණ සිපගත්ත සද්දේ තමයි ඒ..
රම්බගේ වම් කම්මුල ආනමාලුව වගේ දික් වෙලා එද්දී, ඇහැකින් දොට්ට පැන්න කඳුළු කැට සට සට ගාල වැටෙද්දී,
"මචන් මට හිතෙනවා මම බොරලුවත්තේ වෙරළු කඩේ ඇන්ටිගේ දුවට ආදරේ කරනවා කියලා, පෙරේදා ඒකි මට හිනා වුන වෙලේ ඉඳන් මං නිකං පාවෙනවා පාවෙනවා වගේ බං. මේ පපුව අස්සෙන් හිරි වැටෙනවා වගේ බං ඒකි මතක් වෙනකොට, අනේ බං මට ඒකි දකින්නේ නැතුව ඉන්න බෑ ..මට ඒකි මගේ කරගන්න ඕනේ බං. ඒකිගේ අතින් අල්ලන් ගම වටේ ඇවිදින්න ඕනේ බං..... එයා කන්න කැමති කෑම ගෙනත් දීල ඒවා ආසාවෙන් කන හැටි බලන් ඉන්න ආසයි බං...., බත් පංගුව අනල හිමින් සැරේ කට කට කවන්න ආසයි බං.... එයත් එක්ක ෆිල්ම් හෝල් ඒකෙ අඩ අඳුරට වෙලා චිත්‍රපටි බලන්න ආසයි බං. මුහුදු වෙරළේ අත් අල්ලාගෙන ඇවිද ගෙන ගිහින් රැල්ල පාගන්න ආසයි බං. රෑට රෑට එස්.එම්.එස්. වලින් මල් කඩන්න ආසයි බං, ගමටම මගුල් කියල ඒකිත් එක්ක එක වහලක් යටට එන්න ආසයි බං. ළමයි පෝලිමක් හදල උන් එක්ක ඇලේ නාන්න යන්න ආසයි බං.එයත් එක්ක රෙදි අපුල්ලන්න
ආසයි බං.... මට කන්නත් ඕනේ නෑ බං......, බොන්න ඕනෙත් නෑ බං....... ඊයේ දවසටම එක වේලයි කෑවේ. මං කියන්නේ බොරුනම් අත තියල බලපන් මේ පපුවට ගැහෙනවා දිඩි දිඩි ගාල"
ආසයි බං.... මට කන්නත් ඕනේ නෑ බං......, බොන්න ඕනෙත් නෑ බං....... ඊයේ දවසටම එක වේලයි කෑවේ. මං කියන්නේ බොරුනම් අත තියල බලපන් මේ පපුවට ගැහෙනවා දිඩි දිඩි ගාල"
"ඉතින් බොල රත්තරනේ පපුව ගැහෙන්නේ නැත්තම් තෝ මැරිලානේ." වෙන්නේ මොකද කියල හිතා ගන්න බැරිව වෙව්ලන මගේ කටහඬ වෙව්ල වෙව්ල එහෙම කියනකොට, මෙච්චර වෙලා කටේ පිරිලා තිබ්බ කෙළ ටික මම අමාරුවෙන් ගිල්ලා.
"නෑ යකෝ විනාඩියට වාර එකසිය පනහක් විතර ගැහෙනවා බං. මං හිතන්නේ ආදරේ කරනකොට එහෙම වෙන්න ඇති. ඇයි බං මගේ හදවත විතරක් නෙමෙයිනේ, හදවත් දෙකක්නේ"
මම නිකමට කිට්ටු වෙලා රම්බාගේ පපු කිණිත්තට අත තියල බැලුවා. විනාඩියට එකසිය පනහක් තියා ඒකෙ එක ගැස්මක්වත් නැති තරම්. එක පාරක් ගැහිලා ආයේ තප්පර දහයක් පහලවක් යනකම් හාවක් හුවක් නෑ. මගේ පපුවත් සීතල වෙලා ගියා. මු දැනටමත් මැරිලද කොහෙද කියල, වෙරළු ඇන්ටිගේ සකුන්තලා ලමිස්සිට ආදරේ කියල කියන්නත් කලින් මෙහෙමනම් කිව්වට පස්සේ මේ ගැහෙන ටිකත් නතර වෙලාම යාවිනේ කියලා.
දැන් මගෙත් තුන්කාන්දෙන් දාඩිය වැක්කෙරෙනවා, මුට දිෂ්ටියක්වත් වැහිලද කියල, ඇයි පෙරේදා බෝක්කුවේ කොපින් කනුව උඩ ඉඳගෙන "ඕන් බලපන් මගේ ජීවිතේට මං කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ නෑ" කියපු රම්බා අද මෙහෙම කියනකොට. බයවෙච්ච පාර මම,
"කියපන් කියපන් ඉතින් මගෙන් කෙරෙන්න ඕනේ" මොනවා වුනත් මගේ බොක්කේ යාලුවනේ, ඕනේ සප් එකක් දෙන්න මේ රයිටර් එවරෙඩි
උගේ මුනෙන් ආදරේ පිටාර ගලල යනවා. පොල්කට්ටක් තිබ්බනම් එකතු කරන්න තිබුනා කියල මගේ කවි හිතට හිතුනා, පව් අහිංසකයා, මිත්‍යාවෙන් වෙලිලා, ආලෝකය හොයාගන්න බැරුව ලත වෙනවා. බ්ලොග් එකට කෙටි කතාවක් ලියන්න පට්ට මාතෘකාව, මම ශේප් ඒකෙ මේසේ උඩ තිබ්බ නොට් පොතේ ලියා ගත්තා. "රම්බාගේ විලාපය කියලා".
"මචන් රයිටර් උඹ අර බ්ලොග් ඒකෙ ලියන වචන සෙට් එක පාවිච්චි කරලා මට ආදරණීයම ආදරණීයම ආදරණීයම... පෙම් පතක් ලියල දියන්කෝ බං"
හුටා මු මගේ බ්ලොග් එකත් කියවනවද ඇයි හත්වලාමේ ඊයේ පෙරේදා වෙනකම් කියෙව්වට නම් කමක් නෑ ලඟක් වෙනකම් යස අගේට තිබුනා, ඒත් මේ ලඟදි ඉඳන් ලියවෙන කැටගරිය දැක්කොත් රම්බා මගේ ආයේ මුණ බලන එකක් නෑ. මගේ අත කට වෙව්ලනවා. මු අපහාස නඩු දාන්න බැරිකමකුත් නෑනේ.
"උ...ඹ.. කොහෙන්...ද මම බ්ලොග් එකක් ලියනවා කියල දන්නේ"
"ඇයි බං අර රෙදි නැන්දගේ දුව කිව්වේ...... ඒකිගේ ෆේස්බුක් ෆේක් අකවුන්ට් එකෙන් දවසක් උඹත් එක්ක චැට් කරනකොට උඹෙන් දස වදේලු."
"උඹ ලයින්කු ද මොකක්ද හැමවෙලේම එවනවලු" "මං බ්ලොග් එකක් ලියනවා කියවන්න, ඔයත් බ්ලොග් එකක් ලියන්න මං උදව් කරන්නම්".. කියලා වැඳ වැඳ කියන සයිස් එකෙන් කියනවලු. ඉතින් ඒකිට දුක හිතිලාම ඒකට ගිහින් බලලා.
කවුද බොලේ මම කීදෙනෙක්ට එහෙම කියල තියනවද, රම්‍යාද, දීපාද, සුගන්දිකාද, ගීතිකාද, දිල්කිද, සරෝජිද, කවුද යකෝ මාව කාපු රෙදි නැන්දගේ දුව ? මම දිව හපාගෙන කල්පනා කරන අතරේ රම්බා කියනවා,
"අඩේ උඹ ලස්සනට ලියනවලු, හිතට වදින්න ලියනවලු. උඹ ලියපු ඒවා කියවලා ඒකිට ඇඬිලා. උඹට තියෙන්නේ කවි හිතක්ලු, කෙල්ලෝ මුලා කරන්න පුළුවන්ලු"
ඒක අහපු මගේ හිත ප්‍රීතියෙන් ඔද්දල් වෙන්න පටන් ගත්තා. නහරයක් නහරක් ගානේ ආඩම්බරකම දෝරේගලන්න ගත්තා. මම මෙතෙන්ට එන්ඩ කොච්චර දුකක් වින්දද, ඒවායේ ප්‍රතිපල තමයි මේ, මගේ ඇස් ලාවට තෙත් වුණා. කමෙන්ට් දාන උදවිය එහෙනම් බොරුවට නෙමෙයි කියන්නේ. හ්ම් හ්ම්..
"ඇයි බං උඹ අඬන්නේ" උඹ සකුන්තලාට ට්‍රයිද, මේ මේ මරාගෙන මැරෙනවා යාළුවා කියල බලන්නේ නෑ. ඒකි මගේ කැපුවත් මගේ. අදහසක් තියනවනම් දැන්ම අතැර ගනින් "
"පයිත්තියන් තොට ට්‍රයි මගුලක් නෙමෙයි..............උඹලට මං ගැන අගේ නැති වුනාට රටේ ලෝකේ එවුන්ට මාව මාව වටිනවා බං,"
ඉකියක් එක්ක පිට වුන මගේ කටේ අවංක සද්දෙට උට දුක හිතෙන්න ඇති
ඉකියක් එක්ක පිට වුන මගේ කටේ අවංක සද්දෙට උට දුක හිතෙන්න ඇති
"අනේ නෑ බං කාට නැතත් මට උඹව වටිනවා"
රම්බා ලෝකේ හදන බටර් ටික ඔක්කොම තලපේ වගේ හදල මගේ ගාන්නයි ලෑස්තිය.
"අනේ බං ඒ විදිහට මට සකුන්තලාට දෙන්න ලියුමක් ලියලා දියන්කෝ"
රයිටර් රම්බාට ලියල දුන්න ලියුන් කඩදහිය කියවන්න කැමති ළමයි ඉන්නවද ?
ලියුමත් පට්ටෙට ඕන ආ ..
ReplyDeleteඅනිවා අනිවා දෙනවා රොබින් අයියා !!
Deleteහෑ........
ReplyDeleteරම්බාගේ කෙල්ලගෙ අවාසනාව..
හෑ.....වාසනාව වෙයිද අවාසනාව වෙයිද දන්නේ නෑ තරියෝ බලමු බලමු !!!
Deleteඒකනේ මල්ලි මම් කිව්වේ. කවුරුහරි වැඩක් කරගන්ඩ ඕන උනාම සෑහෙන්ඩ බටර් ගානවයි කියලා. හික්ස් :)
ReplyDeleteඅනිවාර්යෙන්ම... රම්බාට ලියපු ලියුං කඩදහිය මමකියවන එක කියවනවමයි !
ඒක නම් එහෙම තමයි. බටර් යායයි, මොනවා හරි කරගන්න ඕනි වුනාම. එල එල. ලියුන් කඩදහියත් බලන්නකෝ එහෙනම් ඈ.....!!!
Deleteලියල තියෙන විදිහ නම් හරිම ලස්සනයි පැතුම්...හරිම ආසාවෙන් කියෙවුවෙ.ලියුම නම් කියවන එක කියවනවමයි :D
ReplyDeleteඑල එල ලියුන් කඩදහියත් කියවන්නෝ එහෙනම් හොඳේ
Deleteඅඩේ...දාපංකො බංස් ඒ ලියුම..ඒකෙන්වත් අදහසක් ගන්න ;)
ReplyDeleteඑළට ලියල ඈ..පට්ට..
හරි හරි එහෙනම් ඒකෙන්වත් අදහසක් ගනින්කෝ ඈ !!
Deleteමට මතක් වුණේ එදිරි ගෙ සාටරේ!! ඵල ඵල!
ReplyDeleteඔව් බං ගොඩක් අයට ඒක මතක් වෙලා ගිය පාර පොස්ට් එකෙත්. එදිරියාගේ ලිවිල්ල තරම් සුපිරි ලිවිල්ලක් මං ජීවිතේට දැකලා නෑ
Deleteඅලෙ නියමයිනේ....ඉතුරු ටික ඉක්මන්ටම දන්නා මල්ලියෝ...ලියුම කියවන්න අපි එනවා අනිවාර්යෙන්ම...
ReplyDeleteඔයා නියමෙටම ලියනවා මල්ලියෝ...
ඉතිරිය කියවන්න අපි එනවා..අනිවාර්යෙන් දාන්න හොදේ..:)
ජයෙන් ජය...!!!
හරියෝ එන්නෝ ලියුන් කඩදහියත් කියවන්න එන්නෝ !!!
Deleteයකෝ ලියුම දාපිය... ඒක මීට වැඩිය ආතල් ඇති...
ReplyDeleteමැක්ස් මචං ලියවිල්ල නම්...
දානෝ දානෝ. ඒකත් දානවෝ මචෝ
Deleteonna mamath enawa sithum ayye a letter eka kiyawanna....... :) (ayyata hamoma kiyanne pathum kiyalane.....wenasakatath ekka mama ayyata sithum kiyala kiyannam hode....kamak nane?)
ReplyDeleteහරි හරි නංගියෝ කොහොම ආමන්ත්රණේ කරත් මම මමමයි. මේ ලෝකෙටම මං වගේ ඉන්නේ මං විතරයි :D :D ඔයාගේ කැමැත්තක් !!!
Deleteඑහ්.. කවුරුවත් නැත්තෙ නෑ.. මමත් දැකපු දවසෙ ඉඳං මූට කියන්නෙ සිතුම් කියලනේ ඈ.. ;)
Deleteඑකෙන්ම කැමතියෝ :ඩ්
ReplyDeleteඑල කිරි එහෙනම් හම්බෙමු ඒකෙන් ආ....!
Deleteමේක මෙහෙම නම් ලියුම කොහොමට තියෙයිද? එල ඈ
ReplyDeleteබලමු බලමු අවතාරේ !!! ලියුම් කඩදහිය කොහොම වෙයිද කියලා
Deleteඑතකොට "මම උඹට.." කියල පටන්ගත්ත වාක්කියේ ඉතුරු ටික මොකද්ද? ඒක හැලිලා නේ...මරු ආ
ReplyDeleteමම... උඹට.. උඹට... කියල සෙනේ කොළයක් ලියාගන්න ආවෙ...
Deleteඑහෙම හොඳයිනේ.. අඩේ ලොකු අයියේ.. මටත් ලියල දියකෝ ඈ..
නෑ සයුරි අක්කේ, හැලිලා නෙමෙයි. උට ඉතුරු ටික කියාගන්න හම්බෙන්නේ නෑ. රයිටර්ගෙන් කනවනේ අර පොත් මිටියෙන්. ඉතින් එතනින් එහාට වාක්‍යක් නැතෝ.
Deleteබට්ටෝ උඩ එක බලපන් ඈ...!
හහහා........ලොවෙත් ආ.. :-))))
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආයුබෝවේවා රජතුමනි !!!
Deleteඇත්තටම පැතුම් මේක නම් නියමෙට යනවා.. දැන ඔයා ෆේමස් රයිටර්ම තමා..
ReplyDeleteඅපි ඉතින් කොහොමත් අනුන්ගේ ලියුම් කියවන්න කැමති ඈයෝ නේ..
එක සැරයක් නවය වසරේදී මම මගේ යාළුවෙකුයි අක්කා කෙනෙක් අපිව ධූතයා කරගෙන අයියා කෙනෙක්ට දෙන්න කියපු ලියමක් කඩලා කියව කියව ඉන්නකොට ඒ අක්කටම මාට්ටු.. ඒත් හැබැයි එයා හෙන අවුලෙන් හිටපු නිසා ඒක එච්චර ගානක් වුනේ නැ.. නංගි ලියුම කියවල ආයේ හොඳට කවරෙට දාලා දෙන්න කිව්වා.. විලි ලැජ්ජාවේ බැ.. එදායින් එදා තමට අනුන්ගේ ලියුමක් කියවලා නැ..
ජය වේවා.. :D
සිකේ...මාට්ටු වෙන්න ඔය වැඩ කරන්නේ කවුද ඩබල්.ආර්.එච් ?
Deleteඅර අක්කට වහ කන්න හිතෙන්න ඇති. හපෝ !!!
නැ අනේ එයා ටිකක් විතර කොහොමත් අවුල් කෙනෙක්.. අනික එයා කිව්වා එය ලේ වලින් ලියුමේ ලිව්වා කියලා.. ඔහොම ෆිල්ම් සීන් නොබලා අතාරින්න පුළුවන්ද.. හිහිහිහිහිහි....
Deleteඇයි අප්පා ඒ අක්කට නිකන් අර අපි කියන්නේ මොංගල් වගේ මොංගල් නෑ කියල එහෙමද?
Deleteහැබෑව හැබෑව ඕවගේ ෆිල්ම් නොබලා ඉන්නේ කොහොමද ?
දෙන්න දෙන්න ලියුම දෙන්න...
ReplyDeleteහරියෝ හරියෝ දෙනවෝ
Deleteඅෆ්ෆා.. ලියුම මරුවට ඇතිනේ බ.. එකත් දාපං ඉක්මනට...
ReplyDeleteහරියෝ හරියෝ දෙනවෝ දිෂ් අයියේ
Deleteලියල තියෙනවා සුපිරියටම.නංගිලා නම මාරු කරලා කතා කරද්දී පැණි බේරෙනවා නේද?ලියුමත් ඉකනට දාන්න.
ReplyDeleteඑහෙම තමයි ඉතින් කෙල්ලොන්ට කොල්ලෝ පැණි හලන්නේ නැතුව වෙන මොක්කු හලන්නද අප්පා !!! හිහ් හිහ් හිහ්
Deleteනියමයි හ්ම්ම්..පව් කොහොම උනත් අර යාළුවා..ඉක්මනටම අපිටත් කියවන්න දාන්නකෝ ලියුම.. :)
ReplyDeleteරම්බා පව් වුනාට බ්ලොගේ මොනව හරි ලියන්නත් එපැයි. හිහ් හිහ් හිහ්
Deleteලියුමෙ කොපියක් බ්ලොගේටත් එයිවගේ.
ReplyDeleteඅනිවා රාජ් අයියේ දාන්නම වෙනවනේ. කට්ටිය බලාන ඉන්නවනේ ලියුම් කියවන්න
Deleteඔන්න යාළුවො.. මමනම් ජීවිතේට සිතුම් පැතුම්ට කියලා ලියුමක් ලියව ගන්නෙ නෑ. ලියුම කියවන්න නම් එනවාමයි... ජය...!
ReplyDeleteහපෝ ප්‍රදීප් අයියේ ඔහොමත් කියනවද ? රයිටර්ට කියල ලියෝගත්තොත් වරදින්නේ නෑ ඒක ෂුවර් !!!
Deleteකතාව මරුවට යනවනෙ :D
ReplyDeleteලියුම බලන්න වැඩි කල් ඉන්ට වෙන්නෙ නැති වෙයි නේද?
නැත නැත වැඩි කල් ඉන්න වෙන්නේ නැත. ඉක්මනට දානවෝ
Deleteඋඹ ලියුම ලියපන්.. නම වෙනස් කරල කවුරු හරි කෙල්ලෙක්ට මමත් ඕකම දෙනවා...
ReplyDeleteඑල කිරි සාතන් අයියේ. දුන්නොත් වරදින්නේ නෑ. කෙහෙල් ගහට ඇන්නා වගේ තමයි කොට්ටෝරුවා
Deleteඑළ...
ReplyDeleteඑල නම් එලේ එල
Deleteහපොයි රම්බට වෙච්චි දෙයක්...පව් අප්පා...මේවා දැක්කොත් වහ කාල මැරෙයි...
ReplyDeleteඅන්න එදාට තමයි රම්බගෙයි රයිටර්ගෙයි ජීවිතේ තීරණේ වෙන්නේ රෙහානා !!!
Deleteඅර විශ් ලිස්ට් කට මම හරිම ආසයි සිතුම්! මාර නිර්මාණාත්මකයි.
ReplyDeleteඔය ලියන්න යන ලියුම තියෙනවා නේද?
ඔන්න ඔයවගෙම ලියුමක් මම කියෙව්වා චමී4යූ කියන සයිට් එකේ. පොඩ්ඩක් කියවලා බැලුවනම්. ඒකත් මාරයි!
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
චමීගේ සයිට් එක මට හරියටම නෝට් නෑනේ අයියේ. ලින්කුව දුන්න නම් වටිනවා
Delete// උඹට තියෙන්නේ කවි හිතක්ලු, කෙල්ලෝ මුලා කරන්න පුළුවන්ලු//
ReplyDeleteහික්ස්ස්... රස නහර පිනා ගියානේ?? කොහොමවුනත් රම්බාට මොනාවෙයිද කියලා මටත් ශුවර් නෑ ලියුම බලනකම්..;)
ඒකනේ ලියුම බලන්නම වෙනවනේ රම්බාගේ අනාගතේ ගැන හිතන්න අක්කේ
Deleteහික් හික් හික්
ReplyDeleteලියපන්කො ලියපන්කෝ ලව් ලෙටර් එකත්
යා යා ලියලා තියෙන්නේ. මඩියෝ !!!
Deleteඅනුන්ගේ ලිවුම් කියවන්න හොඳ නැහැ ලු නේ. කමක් නැහැ දාපන් අපි කියවන්නම්. ෆෙමස් රයිටර් කෙනෙක් ලියන ඒවා කියෙවුවට කමක් නැහැ.
ReplyDeleteහිහ් හිහ් හිහ් එහෙනම් අසාර් අයියේ කියවන්නකෝ !!!
Deleteඅඩේ දාපං දාපං ලව් ලෙටර් එකක් කියවපු කාලයක් මතක නෑ..හුටා අපේ නොනට ඇහුනද දන්නැ...හික්ස්
ReplyDeleteනෑ නෑ ඇහෙන්න නැතුව ඇති බය වෙන්න එපෝ. කන ගාවට ගිහින් නවතින්න ඇති. හිහ් හිහ් හිහ්
Deleteකොහොම හරි පැතුම් ෆේමස් රයිටර් කෙනෙක් කියලා කපු නැන්දගෙ දුව ලවා කියවගත්තා නේද?
ReplyDeleteඅයියෝ සල්ලි..හික්ස්..
නෑ ඉතින් රෙදි නැන්දාගේ දුවමනේ කියලා තියෙන්නේ. රම්බා කිවේ එහෙමනේ !!!
Deleteහයියූ මම එන්න පරක්කු උනානේ මේ තියෙන්නෙ මරුවට, හි හී දිගටම ලියමු හොදේ
ReplyDeleteඒකනේ කවි අක්කේ මම බැලුව මොකෝ ඒත් මේ සුනංගු කියලා
Delete:)
ReplyDelete:) :D
Deleteඅනේ ඔයා රම්බාගේ ලියුම ලිව්වා කියලා මගේ බ්ලොග් එකේ පෙන්නවා..ඒත් ඔයාගේ එකට ආවම බලන්න බැනේ..ඒක නැ කියනවා... :'(
ReplyDeleteහයියෝ දැන් මේක කියෙව්වට පස්සේ ෆේමස් රයිටර් ගේ ලියුම බලන කල් ඉවසිල්ලක් නෑ... මොන මොනවා ලියල ඇද්ද දන්නෙ නෑ...
ReplyDeleteජංජාලේ පැතුම්ලා හතරපස් දෙනෙක් අස්සේ මට මේක මිස් උනානේ පැතුම්.. එළකිරි ලියවිල්ලක්නේ..
ReplyDelete