හම්බෝ කාලය යන ඉක්මන. හරියට ඔරලෝසුවේ පැයකට්ට පස්සෙන් තප්පර කට්ට මරන්න පන්නනවා වගෙයි....මේ බලලා මේ බලනකොට සතියක් ගිහින් ඉවරයි. උඩ බලලා බිම බලනකොට මාසයක් ගිහින් ඉවරයි. ඒත් දෙවියනේ කවුද හිතුවේ මේ දවස මෙච්චර ඉක්මනට මගේ ඇස්පනා පිටට ඒවි කියලා. කිරිම කිරි හුරතල් යෞවනත්වයෙන් ඔද්දල් වෙලා හිටපු මට, ඇලේ දොලේ පීන පීන නාලා, රබර් වත්තේ කොල්ලෝ එක්ක ගස්මාරු, ගල්හත, මල් පහ, හැන්ගිමුත්තු, ඔට්ටු දාල, හීනියට කවියක්, කතාවක්, ලියුමක්, බ්ලොගක් ලියාගෙන සෆාන් එකේ උන්නු රයිටර්ට කසාද බඳින්න වයස ඒවි කියල. කසාද ජීවිතේ දරන්න තියන වගකීම් ගැන හිතෙනකොටම පපුවේ වම්පැත්තෙ ඉල ඇට කුඩුවේ තුන්වෙනි පුරුක යටින් කැක්කුමක් එනවා... පුදුම වේදනාවක් කියන්නේ ඒක මුළු පංචස්කන්ධ සර්වාංගෙම කරකුට්ටන් වෙලා යන වේදනාවක්. පෝරුවට නගින්න කලින් මෙහෙමනම් පෝරුවට නැගලා දවස් හතරකින් පහකින් කොහොම දැනෙයිද කියල හිතෙනකොට ක්ලාන්ත වේගෙන එනවා. මොකා කසාදෙ ගැන පඬි වදන් තෙපලුවත්, ගින්දර කොච්චර රස්නේ වුනත් ලපටි හිත් තියන අපි වගේ එවුන් ගින්දරට පනින්නමයි හිත. පැනලා පිච්චි පිච්චි ඉන්නමයි හිත. අනේ මෙහෙම ආසාවක්....! අනේ මෙහෙම.........!
සීවරන් දෙයියනේ මං කාලයක් ගස් උඩ, ගල් උඩ, ඇඳ උඩ, දැකපු හීනේ අද එළිවෙනවා...මගේ දකුණුපැත්තෙන් ඉන්නේ...ඔව්..මගේ ඇඟේ ගෑවී නොගෑවී ලස්සනම ලස්සන සුරංගනාවියක් වගේ මාල හතක් දාල, අයිස් ක්‍රීම් පාට සාරියක් ඇඳලා දිලිසි දිලිසි හිටියේ වෙන කවුරුත් නෙමෙයි.....දිල්රුක්ෂි. ඔව් මගේ පණ.... බඩට නොකා, ඇඟට නොඇඳ ඉතුරු කරපු සල්ලි වලින් ෆෝන් එකට රීලෝඩ් දාල වරු ගණන් මල් කඩ කඩ උන්නු දිලූ. මගේ හිත පිරිලා ගියා. කවදාවත් නොදැකපු නෑදෑයෝ පවා බුරුතු පිටින් අපේ ගෙදෙට්ට ඇවිල්ලා නානා ප්‍රකාර ඇඳුම් ආයිත්තම් සළු පිලි පටලාගෙන. සමහරු මලකඩ කාච්ච සැමන් ටින් පේන්ට් කරලා වගේ, සමහරු ලබු ගෙඩියට ඉරටු දෙකක් ගහලා වගේ. ඒ වුනාට බලන්ඩ එපැයේ අපේ ආච්චිගේ ලස්සන........ ෂාහ්.......සීයා නොහිටියානම් ඇස්දෙක පියාන මනමාලයෙක් හොයාල බන්දල දෙන්න තිබුනා කැත නැතුව...
"හරි පුතේ වෙලාව හරි පෝරුවට නගින්න...එහෙනම් පමා නොවී මේ දැරිවි එක්කන් ගොඩ වුනා නම් " දිලුගේ මාමද කොහෙද කියනවා ඇහුනා. ජයමංගල ගීත කියන කෙල්ලන්ගේ සද්දේ ඇහුනට ඒ දැරිවියෝ ටිකනම් පේන්ඩ උන්නේ නෑ. මං වට පිට බලද්දී...ඈත ඉඳන් රම්බා ජැන්ඩියට ඇඳගෙන මට අත වනනවා දැක්ක. උගේ අතේ රිමෝට් එකක් තිබුනා. එකත් එකටම ඔය ඇහෙන්නේ ජයමංගල ගාථ වල රෙකෝඩ් එක. හෙහ් හෙහ් හේ.
මොඩර්න් කල්චර්....රම්බාගේ වෙඩින් ප්ලෑන් තමයි......මමත් රම්බාට තම්බ්ස් අප් කරලා දිලුව අල්ලාගෙන පෝරුවට නගින්න හදනකොටම "මම එක..අ..අ ..අ..!" කියල මාව පෙරලගෙන දිලූ පෝරුවට නැග්ගා. මට මතක් වුනේ කියවන්න කලින් බ්ලොග් වලට කමෙන්ට් දාන පුංචි ළමා ලපටියන්ගේ සිඟිති වැඩ. මට මනමාල හිනාවක් හියා. කමෙන්ට් දාන අයටනම් රයිටර් තෑගී විදිහට ඊළඟ පොස්ට් එක දෙන එකත් මතක් වුනා. දිලූටනම් තෑගී වෙනුවට පොස්ට් මොකටද තෑගී අද රෑ.......(ටීක්).... .(නිලධාරී බලධාරී විසින් කපා හරින ලදී) ................ කියල හිතාගෙන මමත් පෝරුවට නැග්ගේ මංගල සභාව දිහා බලාගෙනමයි.. හනේ......දිලුගේ කොමලේ, ලජ්ජාවෙන් ඇඹරෙනවා.. ප...ව්ව්ව්....ලස්සනේ බෑ... මම ඇහැක් වහල ඉඟි කළා.. එතකොටම මේකි අත මිටමොලොලා මට ගහන්න වගේ උලුක් කළා ඇස් වල ආදරනීය තරවටුවක් වගේ එකක් පුරෝගෙන "මලකොලන්" කියන්නැහැ . ඕක බලාගෙන උන්නු මගේ වම්පැත්තෙ බිමින් හිටපු ලොකුමාමා මට රහසක් කියන්න තියනවා වගේ කතා කළා. මමත් පෝරුවේ ඉඳන්ම දෙකට නැමීගෙනම මාමට කන ලංකලා.
"යකෝ මදන යකා ඔලුවට ගහලද.. ඕක උඩ දඟලන්නේ කුලප්පුව හැදිලා වගේ. ඊයේ රෑ එලි වෙනකම් දඟලලා දඟලල අටවගත්තු පෝරුව...මගෙනම් උඹල දෙන්න ඕකට ගොඩවෙනකම්වත් විශ්වාසයක් තිබුනේ නෑ..යන්තම් ඉතුරු ටිකත් කරනකම් තැන්පත්ව ඉඳපන්"
"ආ දැන් දරුවනේ මංගල මුදු මාරු කරගන්න අවස්ථාව" දිලුගේ මාමද කොහෙද කියනවා ඇහුනා..මම දිලූ දිහා බලලා ලොක්කා වගේ සාකුවේ තිබ්බ මුද්ද අරන් මුද්ද උඩ දැම්මේ උරුවමකුත් බාගෙන වැඩකරු වගේ මුද්ද ආයේ අල්ලගන්න හිතාන. "නෙදකින්" කොහෙවත් හිටපු පොටෝ ගහන එකා මගේ ඇක්ෂන් එක කාච ගත කරන්න තඩි කැමරාවේ ඇස් කනකරන ෆ්ලෑෂ් එක ඇල්ලුවා. එපා කියන්නයෑ ඉතින්..... බරගානක් දීල ගෙන්නගත්තු එකානේ.. දේදුන්නේවත් නැති පාට වලින් කන වෙලා ගිය මගේ ඇස් දෙක නිලම නිල් පාටින් නිලංකාර වුනා. එතකොටම "ටින්" ගාල මුද්ද බිම වැටිලා බිම දිගේ රෝල් වෙන සද්දේ ඇහුනා. මම දනිපනි ගාගෙන බඩ ගාගෙන පෝරුවෙන් පැනල මුද්ද පෙරලෙන සද්දේ ඇහෙන දිහාවට දනගානෙන ගියා.
"ආ දරුවනේ දැන් මනමාල මහත්තයා මනමාලිට වස්තර දෙන චාරිත්රේ" ඈහ්..යකෝ මම මේ බිම බඩගාගෙන මුද්ද හොයනවා. දිලුගේ මාමා රෙද්දක් ගැන කතා කරනවා, මම ඔලුව උසල බැලුවේ කවුද යකෝ රම්බාවත් පෝරුවට නැගල මං වෙනුවට චාරිත්‍ර ඉෂ්ට කරනවද කියලා හිතලා." "ම් හොඳයි දරුවනේ දැන් පෝරුවෙන් බහින නැකත" "ආ දැන් දරුවනේ මංගල මුදු මාරු කරගන්න අවස්ථාව" "ම් හොඳයි දරුවනේ දැන් පෝරුවෙන් බහින නැකත" "හරි පුතේ වෙලාව හරි පෝරුවට නගින්න...එහෙනම් පමා නොවී මේ දැරිවි එක්කන් ගොඩ වුනා නම් " ඔවාගේ දෙබස් එක පිට එක ඇහෙන්න ගත්තා.
ඔලුව කරපට්ටම් වේගෙන එද්දී මගේ කවි මොලේට වැටහුනේ මේකත් රම්බාගේ වෙඩින් ප්ලෑන් එකේ රෙකෝඩ් කරපු රෙකොඩින් එකක් නේද කියලා. මට වෙච්ච ජල්තරේට රම්බාට ට්‍රැක් නම්බර් පැටලිලා. වසලා හමාරයි...දැන් ඉතින් උන්නත් එකයි, මලත් එකයි කියලා හිතාන, රෝල් වෙච්ච මුද්ද පැත්තක දාලා දුවගෙන දුවගෙන ආපු මං පෝරුවට නගින්න බිම ඉඳන්ම පැන්නේ චාරිත්‍ර පැත්තක දාල පෝරුව උඩ ඉන්න දිලූ අරගෙන පෝරුවෙන් බහින්න හිතාන.
".......දඩාන්.....!"
"නර්ස්...නර්ස්.....අපේ රයිටර්ට සිහිය ආවා..නර්ස් ස්..ස් .ස් ..! යකෝ නර්ස්.....මුට සිහිය ආවා..., හම්බෝ රයිටර් අපි බයේ හිටියේ බොලා ආයේ ඇස් අරින එකක් නෑ කියලා....නර්ස් නර්ස්......." රම්බා බලියනවා ඇහුනා..."
බොඳවෙච්ච ඇස් වලට පෙනුනේ ඇඳට උඩින් වහලේ හයි කරපු ගැලවෙන්න ඔන්න මෙන්න තියන "බරස්, බරස්" ගාල කැරකෙන ෆෑන් එකක්,
"අනේ බං පෝරුව......කෝ බං දිලූ....?......දිලුට අමාරුද....!"
"මගුලක් කතා කරනවද බං..මොන පෝරුද....මොන දිලූ ද,.......!!!...
යකෝ ගිය සතියේ අපි ටව්මට ආපු වෙලේ උඹේ පණ....උඹේ කෙල්ල...දිලූ දැකලා උඹ ගාලා කඩාගත්තු හරකා වගේ පාර පැනලා දුවනකොට ලෙස්සල ගිහින් කාණුවේ ගල් ලෑලි අස්සේ ඔලුව හිරවුනා අන්තිමට ෆයර් බ්‍රිගේඩ් එකට කතා කරලා උඹව එලියට ගත්තේ....එවලේ ඉඳන් බොට සතියක් යනකම් සිහිය නෑ........ඕක උඹ දැකපු හීනයක් වෙන්ඩ ඇති... !!!
"අනේ......එතකොට ....මගේ දිලූ.. කෝ දැන් ..!
"අනේ රයිටර්....ර්...ර්...ර්.." ..කියාන ඈත ඉඳන් දුවගෙන ආපු දිලූ දැකපුහම මගේ හිත අයෙමත් ප්‍රීතියෙන් ඔද්දල් වෙන්න ගත්තා...!
හිකෑස්............
ReplyDeleteමොනා උනත් රම්බා හොද එකා..
නැද්ද?
ආයෙත් අහලා.. රම්බා එල පොර..තරියෝ..!
Deleteඅයියෝ දිලූ.... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හයියෝ දිලූ තමයි රජෝ....!
Deleteරයිටර් අමාරුවේ වැටෙන හැටි බලන්න ආවා මදැයි :/
ReplyDeleteහෙහ් හෙහ් අපි අමාරුවේ වැටෙන හැටි බලාන තමයි ඉන්නේ නේද රෙපෝ?
Deleteමදැයි! රයිටර් ඇත්තටම කසාද බැන්දා කියලා හිතුවේ
ReplyDeleteහෙහ් හෙහ්....! ඒක හීනයක් අප්පා. සතියක දීර්ඝ නිද්‍රාවක්
Deleteනියමෙට ලියලා තියෙනවා..
ReplyDeleteහෙහ් හෙහ්. ස්තුතියි ගොඩක් ...!
Deleteහක්ක හක්ක හක්ක.... සිරාවට ලියල තියෙනවා
ReplyDeleteහක්ක හක්ක හක්ක හැක හැක...! ගොඩක් ස්තුතියි මී ගොඩස්
Deleteහීනයක් උනත් මොකද කසාද බඳින්න තියේනම් කිව්වලු...හි හි හි
ReplyDeleteහෙහ් හෙහ් එකනේ එකනේ... ලිඳට පැනලම බලන්න ඕනේ ලිඳ ගැඹුරුද කියල
Deleteගෙට ආ කළ ටිකිරි ලියා
ReplyDeleteනුඹ වේවිලු කබර ගොයා
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී...
දළ ගලවා අතේ තියා
නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී...
ඕක හීනයක් වුන එකම හොදා... ජය..!
හපොච්චියේ එහෙම වෙයිද ප්‍රදීප් අයියේ... එහෙනම් ඒක හීනයක් වුන එකමයි හොඳ..!
Deleteසිහි නැතිවෙනතරමට ලව් කරන්න යන්න එපා, කොහොමත් බැේදට පස්සෙ හොද සිහිය නැතිවෙනවා..... :)
ReplyDeleteහප්පේ ඔහොම කියනකොට බඳින්නත් බය හිතෙනවා සුමිත් අයියේ.
Deleteකවුද බොලේ මේ දිලූ?
ReplyDeleteදිලූ තමයි බොලේ දිලූ....!
Deleteහී හී..මරු මරු.'ඔද්දල්' කියන වචනෙනම් අදමයි ඇහුවේ :)
ReplyDeleteඑකත් එකටම "ඔද්දල්" කියන වචනේ තේරුම ඔයා හිතන එක නෙමයි වෙන්න ඕනේ හිරුවෝ
Deleteබැන්දා කීවාම මහේ ඇඟ හීතල වෙලා ගියා. අපොයි ඇඟට ලේ ටිකක් ඉනුවේ ඉස්පිරිතාලේ ඇඳේ ඉන්නවා කිවුවමයි.. තාමත් නොබැඳි සමුළුවේ නම් ඉතින් ඕකත් දුකක්ද ?
ReplyDeleteහෙහ් හෙහ් බලාන ගියාම නොබැඳ ඉන්න එක හොඳයි වගේනේ...භය හිතෙනවා මුන්නැහෙලා කියන කතා දැක්කම
Deleteඅම්මේ බේරිලා
ReplyDeleteහෙහ් හෙහ්.....බේරෙන්ඩ බැරිවෙයි අටම්පහුරෝ ඉස්සරහට....!
Deleteඅඩේ මරු බං ........ මුල් ටිකේ ,අපිත් නිකන් වෙඩින් එකේ හිටියා වගේ .......... අන්තිමට ආතල් එක වැළදුවානේ .... තිත් දෙකයි ඩී
ReplyDeleteහෙහ් හෙහ් උඹත් වෙඩිමට ආවද... ඉතින් ඒක හීනයක්නේ බොලන්
Delete:D මුලදිම ලාවට හිතුනා මේකා හීනයක්වත් දකිනවද කියල. එතකොට මේ අංගනාවි (දිලූ) ඇත්ත කෙනෙක්ද නැත්නම් තාම හිතේ විතරක් ඉන්න කෙනෙක්ද?
ReplyDeleteහ්ම් හ්ම් හීනයක් තමයි අප්පා...."දිලූ" කියන්නේ රයිටර්ගේ කෑල්ල ගිමන් නිවන්නෝ හෙහ් හෙහ් හෙහ්......!
Deleteහිහි අය්යෝ ඒක හීනයක්ද?
ReplyDeleteඔව් සයුරි අක්කේ හීනයක්නේ... බලන්නකෝ....!
Deleteමං හිතුවෙ ඇත්තටම බැදලා කියලා.වෙලාවට මගක් දුරක් යනකොට තේරුනා වැඩේ.:)))
ReplyDeleteනෑ නෑ නිසුපා අක්කේ හීනයක්නේ.... අප්පා
Deleteමුල ටිකනම් මැවිලා පෙනුන.
ReplyDeleteහයියෝ අග ටික මවාගත්තෙවත් නැද්ද .....!
Deleteඑකා වෙන්ටැ අපි කතා පෙට්ටියෙන් දැක්කේ හික්ස්
ReplyDeleteඇඃ... කතාපෙට්ටියේ ?. කොයි පෙට්ටියේද රාජ් අයියේ
Deleteහයියූ හිනා වෙලා පන ගියා අප්පා .... නියමයි අනේ මේකනම් මරු
ReplyDeleteහයියෝ කවි අක්කේ... පණ යනකම් හිනාවෙන්න එපා. පණ ගියෝතින් එහෙම...!
Deletekathawanam shoi ayya.hina wela wadi kamata kadulth awa as dekata.hodatama liyala tiyenawa.mulu kathawama matanam lassanata mawila penuna...... :D :D
ReplyDeleteහෙහ් හෙහ්...හා හා දැන් කඳුළු පිහිදගන්නකෝ....!
Deleteදිල්රුක්ෂි නගා මේක දැක්කොත් මොනා කියයිද බන්...
ReplyDeleteමම බොහොම සංයමයකින් කියවන් යද්දි, දිල් නංගි මං එකකක ගාගෙන පෝරුවට නගින තැනදි සංයමය නැතුව ගිහින් සද්දෙට හිනාගියා... :)
දිලූ දැක්කොත් බඩුම තමයි සාතන් අයියේ....!
Deleteදිලුත් බ්ලොග් කියවනවානේ. (මගේ ඒක හැර) හෙහ් හෙහ් හෙහ්.. ඒ පුරුද්ද වෙන්ඩ ඇති ඒක...අ..අ කියල නැග්ගේ හෙහ් හෙහ් හෙහ්
මරු මරු... බලමු ඊළගට මොකො වෙන්නේ කියලා..
ReplyDeleteබලමු බලමු දිනේෂ් අයියේ.
Deleteමන් කොමෙන්ට් කරන්න ගියේ අනේ හීන දකින්ට එපා පැතුම් කියල...අන්තිමේ බලද්දී ඇත්තටම හීනයක්..හිකිස්...
ReplyDeleteහෙහ් හෙහ් ඒක හීනයක් තමයි රෙහානියෝ....
Deleteකවුද මේ දිලූ දැන්??? O_o
ReplyDeleteහෙහ් හෙහ් දිලූ වනාහි දිලූ වේ
Deleteදිලූ??? මගෙ හොද යාලුවෙකුත් ඉන්නවා දිලූ කියලා.. දැන් මේ දිලූ කවුද??
ReplyDeleteඇඃ.......ඒ දිලූ හැර මේ දිලූ හැර තවත් දිලුල සිටිය හැකිද
Deleteපට්ටස් ඈ.....
ReplyDeleteපටස් පටස් පටස්
Deleteනියමයි බොලේ මාරම ගති... මරුවට එක එක මැවීගෙන ආවා හින්ට් පාරකුත් හීනියට දීලා තියෙන්නේ ඔය... රෙකෝඩින් එක මාරු වෙච්චි සීන් එක නම් මරු ඈ මේවා අත්දැකීම්ද මන්දා අයියගේ...
ReplyDeleteඅපරාදේ අප්පා හීනේ.... පැණි හදෙත් ගියාට පස්සෙම සිහිය ආවනම් කොච්චර සෝයිද... කට්ටිය හෙනම කැත වැඩේ කරලා තියෙන්නේ...
අනේ අප්පේ අත්දැකීම් නෙමියෝ.....!!!.... පැණි හඳේ යන්න...හප්පේ...ඔව් අප්පා සොයිවට තියේවි....
Deleteබඳින්ට විතරක් නම් මදෑ... තව මොනාදොත් කරන්න හීන බල බල හිටියා කියලනේ තිබ්බේ??? අනේ අපොයි වෙච්චි දෙයක්...
ReplyDeleteමීයක් කඩන්නේ අත ලෙවකන්නයෑ බොලං...!
Deleteදැන් ඉතින් හීන බල බල හිටියා මදෑ රයිටර්..
ReplyDeleteතව කල් තියනවනේ රූ අක්කේ.
Deleteමං බැලුවා බොලා අපිට නොකියම මගුල් කාලා වත් ද කියලා.. එව්වා නම් හරි යන්නේ නෑ හොඳේ!
ReplyDeleteජය වේවා!