Tuesday, August 28, 2012

රයිටර් කසාද බැඳී වගනම්...!

හම්බෝ කාලය යන ඉක්මන. හරියට ඔරලෝසුවේ පැයකට්ට පස්සෙන් තප්පර කට්ට මරන්න පන්නනවා වගෙයි....මේ බලලා මේ බලනකොට සතියක් ගිහින් ඉවරයි. උඩ බලලා බිම බලනකොට මාසයක් ගිහින් ඉවරයි. ඒත් දෙවියනේ කවුද හිතුවේ මේ දවස මෙච්චර ඉක්මනට මගේ ඇස්පනා පිටට ඒවි කියලා. කිරිම කිරි හුරතල් යෞවනත්වයෙන් ඔද්දල් වෙලා හිටපු මට, ඇලේ දොලේ පීන පීන නාලා, රබර් වත්තේ කොල්ලෝ එක්ක  ගස්මාරු, ගල්හත, මල් පහ, හැන්ගිමුත්තු, ඔට්ටු දාල, හීනියට කවියක්, කතාවක්, ලියුමක්, බ්ලොගක් ලියාගෙන සෆාන් එකේ උන්නු රයිටර්ට කසාද බඳින්න වයස ඒවි කියල. කසාද ජීවිතේ දරන්න තියන වගකීම් ගැන හිතෙනකොටම පපුවේ වම්පැත්තෙ ඉල ඇට කුඩුවේ  තුන්වෙනි පුරුක යටින් කැක්කුමක් එනවා... පුදුම වේදනාවක් කියන්නේ ඒක මුළු පංචස්කන්ධ සර්වාංගෙම කරකුට්ටන් වෙලා යන වේදනාවක්. පෝරුවට නගින්න කලින් මෙහෙමනම් පෝරුවට නැගලා දවස් හතරකින් පහකින් කොහොම දැනෙයිද කියල හිතෙනකොට ක්ලාන්ත වේගෙන එනවා.  මොකා කසාදෙ ගැන පඬි වදන් තෙපලුවත්, ගින්දර කොච්චර රස්නේ වුනත් ලපටි හිත් තියන අපි වගේ එවුන් ගින්දරට පනින්නමයි හිත. පැනලා පිච්චි පිච්චි ඉන්නමයි හිත. අනේ මෙහෙම ආසාවක්....! අනේ මෙහෙම.........!
 
 
සීවරන් දෙයියනේ මං කාලයක් ගස් උඩ, ගල් උඩ, ඇඳ උඩ,  දැකපු  හීනේ අද එළිවෙනවා...මගේ දකුණුපැත්තෙන් ඉන්නේ...ඔව්..මගේ ඇඟේ ගෑවී නොගෑවී ලස්සනම ලස්සන සුරංගනාවියක් වගේ මාල හතක් දාල, අයිස් ක්‍රීම් පාට  සාරියක් ඇඳලා දිලිසි දිලිසි හිටියේ වෙන කවුරුත් නෙමෙයි.....දිල්රුක්ෂි. ඔව් මගේ පණ.... බඩට නොකා, ඇඟට නොඇඳ ඉතුරු කරපු සල්ලි වලින් ෆෝන් එකට රීලෝඩ් දාල වරු ගණන් මල් කඩ කඩ උන්නු දිලූ. මගේ හිත පිරිලා ගියා.   කවදාවත් නොදැකපු නෑදෑයෝ පවා  බුරුතු පිටින් අපේ ගෙදෙට්ට ඇවිල්ලා නානා ප්‍රකාර ඇඳුම් ආයිත්තම් සළු පිලි පටලාගෙන. සමහරු මලකඩ  කාච්ච සැමන් ටින් පේන්ට් කරලා වගේ, සමහරු ලබු ගෙඩියට ඉරටු දෙකක් ගහලා වගේ. ඒ වුනාට  බලන්ඩ එපැයේ අපේ ආච්චිගේ ලස්සන........ ෂාහ්.......සීයා නොහිටියානම් ඇස්දෙක පියාන මනමාලයෙක් හොයාල බන්දල දෙන්න තිබුනා කැත නැතුව...
 
 
"හරි පුතේ වෙලාව හරි පෝරුවට නගින්න...එහෙනම් පමා නොවී මේ දැරිවි එක්කන් ගොඩ වුනා නම් " දිලුගේ මාමද කොහෙද කියනවා ඇහුනා. ජයමංගල ගීත කියන කෙල්ලන්ගේ සද්දේ ඇහුනට ඒ දැරිවියෝ ටිකනම් පේන්ඩ උන්නේ නෑ. මං වට පිට බලද්දී...ඈත ඉඳන් රම්බා ජැන්ඩියට ඇඳගෙන මට අත වනනවා දැක්ක. උගේ අතේ රිමෝට් එකක් තිබුනා. එකත් එකටම ඔය ඇහෙන්නේ ජයමංගල ගාථ වල රෙකෝඩ් එක. හෙහ් හෙහ් හේ.
මොඩර්න් කල්චර්....රම්බාගේ වෙඩින් ප්ලෑන් තමයි......මමත් රම්බාට තම්බ්ස් අප් කරලා දිලුව අල්ලාගෙන පෝරුවට නගින්න හදනකොටම "මම එක..අ..අ ..අ..!" කියල මාව පෙරලගෙන දිලූ පෝරුවට නැග්ගා. මට මතක් වුනේ කියවන්න කලින් බ්ලොග් වලට කමෙන්ට් දාන පුංචි ළමා ලපටියන්ගේ සිඟිති වැඩ. මට මනමාල හිනාවක් හියා. කමෙන්ට් දාන අයටනම් රයිටර්  තෑගී විදිහට ඊළඟ පොස්ට් එක දෙන එකත් මතක් වුනා. දිලූටනම් තෑගී වෙනුවට පොස්ට් මොකටද තෑගී අද රෑ.......(ටීක්).... .(නිලධාරී බලධාරී  විසින් කපා හරින ලදී) ................ කියල හිතාගෙන මමත් පෝරුවට නැග්ගේ මංගල සභාව දිහා බලාගෙනමයි.. හනේ......දිලුගේ කොමලේ, ලජ්ජාවෙන් ඇඹරෙනවා.. ප...ව්ව්ව්....ලස්සනේ බෑ... මම ඇහැක් වහල ඉඟි කළා.. එතකොටම මේකි අත මිටමොලොලා මට ගහන්න වගේ උලුක් කළා ඇස් වල ආදරනීය තරවටුවක් වගේ එකක් පුරෝගෙන "මලකොලන්" කියන්නැහැ .   ඕක බලාගෙන උන්නු මගේ වම්පැත්තෙ බිමින් හිටපු ලොකුමාමා මට රහසක් කියන්න තියනවා වගේ කතා කළා. මමත් පෝරුවේ ඉඳන්ම දෙකට නැමීගෙනම මාමට කන ලංකලා.
 
 
"යකෝ මදන යකා ඔලුවට ගහලද.. ඕක උඩ දඟලන්නේ කුලප්පුව හැදිලා වගේ. ඊයේ රෑ එලි වෙනකම් දඟලලා දඟලල අටවගත්තු පෝරුව...මගෙනම් උඹල දෙන්න ඕකට ගොඩවෙනකම්වත් විශ්වාසයක් තිබුනේ නෑ..යන්තම් ඉතුරු ටිකත් කරනකම් තැන්පත්ව ඉඳපන්"
 
 

"ආ දැන් දරුවනේ මංගල මුදු මාරු කරගන්න අවස්ථාව" දිලුගේ මාමද කොහෙද කියනවා ඇහුනා..මම දිලූ දිහා බලලා ලොක්කා වගේ සාකුවේ තිබ්බ මුද්ද අරන් මුද්ද උඩ දැම්මේ උරුවමකුත් බාගෙන වැඩකරු  වගේ මුද්ද ආයේ අල්ලගන්න හිතාන. "නෙදකින්" කොහෙවත් හිටපු පොටෝ ගහන එකා මගේ ඇක්ෂන් එක කාච ගත කරන්න  තඩි කැමරාවේ ඇස් කනකරන ෆ්ලෑෂ් එක ඇල්ලුවා. එපා කියන්නයෑ ඉතින්..... බරගානක් දීල ගෙන්නගත්තු එකානේ.. දේදුන්නේවත් නැති පාට වලින් කන වෙලා ගිය මගේ ඇස් දෙක නිලම නිල් පාටින් නිලංකාර වුනා. එතකොටම "ටින්" ගාල මුද්ද බිම වැටිලා බිම දිගේ රෝල් වෙන සද්දේ ඇහුනා. මම දනිපනි ගාගෙන බඩ ගාගෙන පෝරුවෙන් පැනල මුද්ද පෙරලෙන සද්දේ ඇහෙන දිහාවට දනගානෙන ගියා.
 
 
 
"ආ දරුවනේ දැන් මනමාල මහත්තයා මනමාලිට වස්තර දෙන චාරිත්රේ" ඈහ්..යකෝ මම මේ බිම බඩගාගෙන මුද්ද හොයනවා. දිලුගේ මාමා රෙද්දක් ගැන කතා කරනවා, මම ඔලුව උසල බැලුවේ කවුද යකෝ රම්බාවත් පෝරුවට නැගල මං වෙනුවට චාරිත්‍ර ඉෂ්ට කරනවද  කියලා හිතලා." "ම් හොඳයි දරුවනේ දැන් පෝරුවෙන් බහින නැකත" "ආ දැන් දරුවනේ මංගල මුදු මාරු කරගන්න අවස්ථාව"  "ම් හොඳයි දරුවනේ දැන් පෝරුවෙන් බහින නැකත"  "හරි පුතේ වෙලාව හරි පෝරුවට නගින්න...එහෙනම් පමා නොවී මේ දැරිවි එක්කන් ගොඩ වුනා නම් " ඔවාගේ දෙබස් එක පිට එක ඇහෙන්න ගත්තා.
 
 
ඔලුව කරපට්ටම් වේගෙන එද්දී මගේ කවි මොලේට වැටහුනේ මේකත් රම්බාගේ වෙඩින් ප්ලෑන් එකේ රෙකෝඩ් කරපු රෙකොඩින් එකක් නේද කියලා. මට වෙච්ච ජල්තරේට රම්බාට ට්‍රැක් නම්බර් පැටලිලා. වසලා හමාරයි...දැන් ඉතින් උන්නත් එකයි, මලත් එකයි කියලා හිතාන, රෝල් වෙච්ච මුද්ද  පැත්තක දාලා දුවගෙන දුවගෙන ආපු මං පෝරුවට නගින්න බිම ඉඳන්ම පැන්නේ චාරිත්‍ර පැත්තක දාල පෝරුව උඩ ඉන්න දිලූ අරගෙන පෝරුවෙන් බහින්න හිතාන.
 
 
".......දඩාන්.....!" 
 
 
"නර්ස්...නර්ස්.....අපේ රයිටර්ට සිහිය ආවා..නර්ස් ස්..ස් .ස් ..! යකෝ නර්ස්.....මුට සිහිය ආවා..., හම්බෝ රයිටර් අපි බයේ හිටියේ බොලා ආයේ ඇස් අරින එකක් නෑ කියලා....නර්ස් නර්ස්......."   රම්බා බලියනවා ඇහුනා..."
 
 
බොඳවෙච්ච ඇස් වලට පෙනුනේ ඇඳට උඩින් වහලේ හයි කරපු ගැලවෙන්න ඔන්න මෙන්න තියන "බරස්, බරස්" ගාල කැරකෙන ෆෑන් එකක්,
 
 
 
"අනේ බං පෝරුව......කෝ බං දිලූ....?......දිලුට අමාරුද....!"
 
 
 
"මගුලක් කතා කරනවද බං..මොන පෝරුද....මොන දිලූ ද,.......!!!...
යකෝ ගිය සතියේ අපි ටව්මට ආපු වෙලේ උඹේ පණ....උඹේ  කෙල්ල...දිලූ දැකලා උඹ ගාලා කඩාගත්තු හරකා වගේ පාර පැනලා දුවනකොට ලෙස්සල ගිහින්  කාණුවේ ගල් ලෑලි අස්සේ  ඔලුව හිරවුනා අන්තිමට ෆයර් බ්‍රිගේඩ් එකට කතා කරලා උඹව එලියට ගත්තේ....එවලේ ඉඳන් බොට සතියක් යනකම් සිහිය නෑ........ඕක උඹ දැකපු හීනයක් වෙන්ඩ ඇති... !!!
 
 
"අනේ......එතකොට ....මගේ දිලූ.. කෝ දැන් ..!
 
 
 
"අනේ රයිටර්....ර්...ර්...ර්.." ..කියාන ඈත ඉඳන් දුවගෙන ආපු දිලූ දැකපුහම මගේ හිත අයෙමත් ප්‍රීතියෙන් ඔද්දල් වෙන්න ගත්තා...!

61 comments:

  1. හිකෑස්............
    මොනා උනත් රම්බා හොද එකා..
    නැද්ද?

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. රම්බා එල පොර..තරියෝ..!

      Delete
  2. අයියෝ දිලූ.... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හයියෝ දිලූ තමයි රජෝ....!

      Delete
  3. රයිටර් අමාරුවේ වැටෙන හැටි බලන්න ආවා මදැයි :/

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අපි අමාරුවේ වැටෙන හැටි බලාන තමයි ඉන්නේ නේද රෙපෝ?

      Delete
  4. මදැයි! රයිටර් ඇත්තටම කසාද බැන්දා කියලා හිතුවේ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්....! ඒක හීනයක් අප්පා. සතියක දීර්ඝ නිද්‍රාවක්

      Delete
  5. නියමෙට ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. ස්තුතියි ගොඩක් ...!

      Delete
  6. හක්ක හක්ක හක්ක.... සිරාවට ලියල තියෙනවා

    ReplyDelete
    Replies
    1. හක්ක හක්ක හක්ක හැක හැක...! ගොඩක් ස්තුතියි මී ගොඩස්

      Delete
  7. හීනයක් උනත් මොකද කසාද බඳින්න තියේනම් කිව්වලු...හි හි හි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් එකනේ එකනේ... ලිඳට පැනලම බලන්න ඕනේ ලිඳ ගැඹුරුද කියල

      Delete
  8. ගෙට ආ කළ ටිකිරි ලියා
    නුඹ වේවිලු කබර ගොයා
    ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී...

    දළ ගලවා අතේ තියා
    නුඹ නටවයි ඒ ළමයා
    පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී...

    ඕක හීනයක් වුන එකම හොදා... ජය..!

    ReplyDelete
    Replies
    1. හපොච්චියේ එහෙම වෙයිද ප්‍රදීප් අයියේ... එහෙනම් ඒක හීනයක් වුන එකමයි හොඳ..!

      Delete
  9. සිහි නැතිවෙනතරමට ලව් කරන්න යන්න එපා, කොහොමත් බැේදට පස්සෙ හොද සිහිය නැතිවෙනවා..... :)

    ReplyDelete
    Replies
    1. හප්පේ ඔහොම කියනකොට බඳින්නත් බය හිතෙනවා සුමිත් අයියේ.

      Delete
  10. කවුද බොලේ මේ දිලූ?

    ReplyDelete
    Replies
    1. දිලූ තමයි බොලේ දිලූ....!

      Delete
  11. හී හී..මරු මරු.'ඔද්දල්' කියන වචනෙනම් අදමයි ඇහුවේ :)

    ReplyDelete
    Replies
    1. එකත් එකටම "ඔද්දල්" කියන වචනේ තේරුම ඔයා හිතන එක නෙමයි වෙන්න ඕනේ හිරුවෝ

      Delete
  12. බැන්දා කීවාම මහේ ඇඟ හීතල වෙලා ගියා. අපොයි ඇඟට ලේ ටිකක් ඉනුවේ ඉස්පිරිතාලේ ඇඳේ ඉන්නවා කිවුවමයි.. තාමත් නොබැඳි සමුළුවේ නම් ඉතින් ඕකත් දුකක්ද ?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් බලාන ගියාම නොබැඳ ඉන්න එක හොඳයි වගේනේ...භය හිතෙනවා මුන්නැහෙලා කියන කතා දැක්කම

      Delete
  13. අම්මේ බේරිලා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.....බේරෙන්ඩ බැරිවෙයි අටම්පහුරෝ ඉස්සරහට....!

      Delete
  14. අඩේ මරු බං ........ මුල් ටිකේ ,අපිත් නිකන් වෙඩින් එකේ හිටියා වගේ .......... අන්තිමට ආතල් ‍එක වැළදුවානේ .... තිත් දෙකයි ඩී

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් උඹත් වෙඩිමට ආවද... ඉතින් ඒක හීනයක්නේ බොලන්

      Delete
  15. :D මුලදිම ලාවට හිතුනා මේකා හීනයක්වත් දකිනවද කියල. එතකොට මේ අංගනාවි (දිලූ) ඇත්ත කෙනෙක්ද නැත්නම් තාම හිතේ විතරක් ඉන්න කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් හීනයක් තමයි අප්පා...."දිලූ" කියන්නේ රයිටර්ගේ කෑල්ල ගිමන් නිවන්නෝ හෙහ් හෙහ් හෙහ්......!

      Delete
  16. හිහි අය්යෝ ඒක හීනයක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි අක්කේ හීනයක්නේ... බලන්නකෝ....!

      Delete
  17. මං හිතුවෙ ඇත්තටම බැදලා කියලා.වෙලාවට මගක් දුරක් යනකොට තේරුනා වැඩේ.:)))

    ReplyDelete
    Replies
    1. නෑ නෑ නිසුපා අක්කේ හීනයක්නේ.... අප්පා

      Delete
  18. මුල ටිකනම් මැවිලා පෙනුන.

    ReplyDelete
    Replies
    1. හයියෝ අග ටික මවාගත්තෙවත් නැද්ද .....!

      Delete
  19. එකා වෙන්ටැ අපි කතා පෙට්ටියෙන් දැක්කේ හික්ස්

    ReplyDelete
    Replies
    1. ඇඃ... කතාපෙට්ටියේ ?. කොයි පෙට්ටියේද රාජ් අයියේ

      Delete
  20. හයියූ හිනා වෙලා පන ගියා අප්පා .... නියමයි අනේ මේකනම් මරු

    ReplyDelete
    Replies
    1. හයියෝ කවි අක්කේ... පණ යනකම් හිනාවෙන්න එපා. පණ ගියෝතින් එහෙම...!

      Delete
  21. kathawanam shoi ayya.hina wela wadi kamata kadulth awa as dekata.hodatama liyala tiyenawa.mulu kathawama matanam lassanata mawila penuna...... :D :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...හා හා දැන් කඳුළු පිහිදගන්නකෝ....!

      Delete
  22. දිල්රුක්ෂි නගා මේක දැක්කොත් මොනා කියයිද බන්...

    මම බොහොම සංයමයකින් කියවන් යද්දි, දිල් නංගි මං එකකක ගාගෙන පෝරුවට නගින තැනදි සංයමය නැතුව ගිහින් සද්දෙට හිනාගියා... :)

    ReplyDelete
    Replies
    1. දිලූ දැක්කොත් බඩුම තමයි සාතන් අයියේ....!


      දිලුත් බ්ලොග් කියවනවානේ. (මගේ ඒක හැර) හෙහ් හෙහ් හෙහ්.. ඒ පුරුද්ද වෙන්ඩ ඇති ඒක...අ..අ කියල නැග්ගේ හෙහ් හෙහ් හෙහ්

      Delete
  23. මරු මරු... බලමු ඊළගට මොකො වෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. බලමු බලමු දිනේෂ් අයියේ.

      Delete
  24. මන් කොමෙන්ට් කරන්න ගියේ අනේ හීන දකින්ට එපා පැතුම් කියල...අන්තිමේ බලද්දී ඇත්තටම හීනයක්..හිකිස්...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒක හීනයක් තමයි රෙහානියෝ....

      Delete
  25. කවුද මේ දිලූ දැන්??? O_o

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් දිලූ වනාහි දිලූ වේ

      Delete
  26. දිලූ??? මගෙ හොද යාලුවෙකුත් ඉන්නවා දිලූ කියලා.. දැන් මේ දිලූ කවුද??

    ReplyDelete
    Replies
    1. ඇඃ.......ඒ දිලූ හැර මේ දිලූ හැර තවත් දිලුල සිටිය හැකිද

      Delete
  27. නියමයි බොලේ මාරම ගති... මරුවට එක එක මැවීගෙන ආවා හින්ට් පාරකුත් හීනියට දීලා තියෙන්නේ ඔය... රෙකෝඩින් එක මාරු වෙච්චි සීන් එක නම් මරු ඈ මේවා අත්දැකීම්ද මන්දා අයියගේ...

    අපරාදේ අප්පා හීනේ.... පැණි හදෙත් ගියාට පස්සෙම සිහිය ආවනම් කොච්චර සෝයිද... කට්ටිය හෙනම කැත වැඩේ කරලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අනේ අප්පේ අත්දැකීම් නෙමියෝ.....!!!.... පැණි හඳේ යන්න...හප්පේ...ඔව් අප්පා සොයිවට තියේවි....

      Delete
  28. බඳින්ට විතරක් නම් මදෑ... තව මොනාදොත් කරන්න හීන බල බල හිටියා කියලනේ තිබ්බේ??? අනේ අපොයි වෙච්චි දෙයක්...

    ReplyDelete
    Replies
    1. මීයක් කඩන්නේ අත ලෙවකන්නයෑ බොලං...!

      Delete
  29. දැන් ඉතින් හීන බල බල හිටියා මදෑ රයිටර්..

    ReplyDelete
    Replies
    1. තව කල් තියනවනේ රූ අක්කේ.

      Delete
  30. මං බැලුවා බොලා අපිට නොකියම මගුල් කාලා වත් ද කියලා.. එව්වා නම් හරි යන්නේ නෑ හොඳේ!
    ජය වේවා!

    ReplyDelete