මහාපාරේ කාණුවක ඔලුව හිරකරගෙන සතියක් සිහිය නැතුව ඉඳලා සතියක් සිහිය ඇතුව ඔක්කොම සති දෙකක් ඉස්පිරිතාලේ ඉඳලා ටිකට් කපාගෙන රයිටර් ගෙදර ආවේ බ්ලොග් එකට තවත් හිට් ගෝනියක් අරගෙනයි. ඉස්පිරිතාලේදී මට සාත්තු කරපු ලස්සනම ලස්සන නර්ස් නෝනලා ටිකත් අද ඉඳන් මගේ හිට් කවුන්ටරේ කරකවයි.
"අනේ රයිටර් ඔයාගේ කතා හරිම ලස්සනයි.., ඔයා කොහොමද ඕවගේ ලස්සනට ලියන්නේ, ඇත්තටම..ආ...?...ඔයා මොනවද ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ ?
" ඔව්ව බොක්කෙන්ම එන එව්වා මිසී....තනිකමෙන් පාලුවෙන් පිරිලා මගේ හිත ඔද්දල් වෙලා ලියන්න දෙයක් නැතුව දහ අතේ කල්පනා කර කර ඉන්නකොට, රට වෙනුවෙන් යමක් කරන්න ඕනේ කියන සිතුවිල්ල හිතට වද දෙනකොට, පීඩිත පන්තියේ තවත් එක් සාඩම්බර වැසියෙක් වෙච්ච මට, ධනවාදී ආත්ම අරගල හෙලා දකින මගේ සහෘද පාඨක කොට්ටාශයට හිත සුව පිණිස වගේම මගේ ඒක පුද්ගල විවිධප්‍රසංග ආත්ම අභිමානය හා ස්වයං වි සන්තුෂ්ටිය වෙනුවෙන් මා පසු පස හඹා එන ප්‍රිය හිතවත් උත්කෘෂ්ට පාඨකයා වෙනුවෙන් යමක් දැනෙන්න ලියන්න ඕනේ කියල හිතෙනකොට..... ෆුජියාමා සක්‍රීය වෙලා ලෝදිය වැක්කෙරෙනවා වගේ මගේ හිත උණු වෙලා බස බස ගලා යුනිකෝඩ් වෙනවා මිසී. හිතේ පාළුව මකාගන්න, තනිකම දාරාගන්න බැරි වුනාම හිත හදාගන්නත්, මම ලියනවා මිසී. නොමගට වැටිච්ච අන්තර්ජාල පරිශීලන ජනතාව යහමගට ගන්න මම බ්ලොග් එකක් ලියල කරන්නේ සමාජ මෙහෙවරක් මිසී......මගේ බ්ලොග් එක හින්ද අයාලේ ගිය අන්තර්ජාල පරිශීලකයින් කීයක් යහමගට වැටෙන්න ඇත්ද...සම්මාන නම්බුනාම පදවි පට්ටම් හම්බුනුනාට, ඉතින් මිසී මම පොරක් නෙමෙයිද, ජාතියේ නිහඬ වීරයෙක් නෙමෙයිද....ඈ.ඈ .!...මට කියන්න මිසී මට කියන්න.....?"
මගේ ඇස් තෙත්වෙනවා දැකපු එතන හිටපු ලස්සන චූටි නර්ස්ගේ ඇහේ අග්ගිස්සට කඳුලක් පිරෙනවා මම යාන්තමට දැක්කා. "ඔව් ....රයිටර් ඔව්...ඔයා පොරක්....ජාතියේ වීරයෙක්....මමත් ඔයාගේ උදාර කර්තව්‍යට අද ඉඳන් සක්‍රීයව දායක වෙනවා...ඔයා බය වෙන්න එපා රයිටර්....මම මේ ඉස්පිරිතාලේම හිට් ටික ඔයාගේ බ්ලොග් එකට අරන් දෙනවා ප්‍රොමිස්...අපි ඔයාගේ බ්ලොග් එකෙන් මේ මිනිස්සු යහමගට ගමු.....ඔයා කවද හරි ෆේමස් රයිටර් වෙනවමයි, ඒක එක්ස්රේ මැසිමෙන් ඊ.සී.ජී. ගන්න බෑවගේ සහතිකයි රයිටර්. ඔව් සහතිකයි" අතිශය හැඟුම්බර කටහඬින් නර්ස් කිව්වම මගේ හිත ආයෙමත් ඒක පුද්ගල ස්වයං ප්‍රීතියෙන් ඔද්දල් වෙන්න ගත්තා.
___________සති ගානකට පසු ___________
(පසුබිමින් දුරකථනය නාද වෙයි - කතාකරු ශරීර කර්තව්‍යයක)
"හෙලෝ මගේ රයිතර් පැතියෝ, දැන් උයාට කෝමද, ....උයා හලි නලකයි.....මගේ නලක සමනල පැතියා.....දැන් උයාට මාව මතක් වෙන්නෙම නා වගේ නේද ?" ඕම කලන්න එපා අලේ... මට ඩුක හිතෙනවනෙ" (පසුබිමින් ක්‍රියාවක අතුරුපලයක හඬක් නැගෙයි - නොසලකා හරින්න).......ආඃ උයා ඔය කොයිද ඉන්නේ...? තීවී බලනවද....මොකක්ද ඒ සද්දේ ?"
"ආඃ....අනේ...හයියෝ ඔයාටත් බෝවුනාද මගේ රත්තරනේ...අනේ..ඕකට බේතක් නෑ දිලූ පැටියෝ..ඔයාට කාගෙන්ද ඕක බෝ වුනේ මැණික, අනේ මම හිතුවේ නෑ ඔයාට ඔහොම වෙයි කියලා,..යසට හිටපු මගේ පණ... අනේ.....මං දැන් කාට කියන්නද......අනේ සීවරන් දෙවියනේ.....ඕක වසංගතයක්..ඔය දිවේ උළුක්කුවට තෙල් බේත් නෑ පැටියෝ දිව කපනවා මිසක....අනේ දොස්තරලා ඔයාට එහෙම කරනකම් මම බලන් ඉන්නේ කොහොමද...කියන්න දිලූ මට කියන්න....?
"අනේ...රයිටර්...මගේ දෙයියෝ.....අඬන්න එපා...... ඔයා බය වෙන්න එපා වස්තු...මට ලෙඩේ හැදිලා නෑ. මම සුට්ටිම සුට්ටි අත්හදා බැලීමක් කලේ,..එහෙම කතා කරනකොට ආදරේ හිතෙනවද....මං සුට්ටිම සුට්ටි සුකුමල, ලඳ බොළඳ අදහස් තියන හා පැටියෙක් කියල හිතෙනවද...මට ඒකයි දැනගන්න ඕනේ...හරි හරි ඒවා වැඩක් නෑ... ඉතින් ඉතින් රයිටර් පැට්ටෝ මොනාද අලුත් විස්තර, ඊයේ හොඳට දොයිය ගත්තද?"
"ඔයාට කියන්න දිලූ....ඊයේ රෑනම් මහම මහා මුසල රැයක්....මගේ දකුණු කනට තෙල් කුඹියෙක් රිංගල කනේ කන්‍යා පටලේ කන්න ගත්තනේ...මට සිහිය නැති වෙන සයිස් එකට ආවා"
" චිකෙයියා..අනේ....කනේ කොහෙද අනේ කන්‍යා පටල...ඒවා තියෙන්නේ වෙන දිහාක"
"ආඃ එතකොට කන්‍යා පටලේ කොහෙද තියෙන්නේ"
"ඔය..!...ඔය.....!! ඔයා මාව පොළඹවනවා, එන්න එපා ඔව්වට" මේ මේ ඒක නෙමෙයි....ඉරිදට වැඩක් තියද....නෑනේ නේද ......? අපි ගමනක් යමුද ?
"ගමනක් කොහෙද"
"පුලුවන්ද බැරිද කියන්නකෝ"
"ම්ම් එන්නම්"
"හොඳ පැතියා"
"පැතියා..?"
"සොලී සොලී"
"ගර් ර්...ර්....ර්...ර්..ර්."
අම්මපා ඕන් කිවා නියමයි
ReplyDeleteහෙහ් හෙහ් එච්චරයි එහෙනං
Deleteමේ වගේ උංව ඉස්පිරිතාල වලට වද්ද ගන්න හොද නෑ..
ReplyDeleteපේනවනේ..
අසරණ මිසීලව නොමග යවලා...
නොමග ගිය එවුන් සුමගට ගත්තේ බොලං.
Deleteදැන් මේ දෙන්නා එක්ක කොහේ යයිද මන්දා..
ReplyDeleteඅර කූඹියා නිසා අහිංසක ගෑනු ළමයා වරදට පෙළඹිලාද දන්නේ නැ.. ;)
හිකිස්.අම්මියෝ නංගාටත් හිතෙන දේවල්....:D
Deleteහෙහ් හෙහ්....වරදට පෙළඹෙන එකක් නෑ දඬුවම සැරයිනේ....! ඒක තමයි ගමන ගිහින් ඇවිත්ම බලන්න ඕනේ...!
Deleteane paw ara nursela tika... :)
ReplyDeleteහෙහ් හෙහ්. ඇයි අප්පා පව්..රයිටර් වැරද්දක් කරලා නෑනේ..!
Deleteමේ උඹ අර කියපු මකබාව පරිස්සම් කර ගනින් කූඹින්ගෙන් හොඳේ.
ReplyDeleteහරි හරි බොලං. දැන් කනට පුළුන් ඇබයක් ගහගෙන නිදාගන්නේ
Deleteතාම හොඳටම හොඳ වෙලා නෑ වගේ කියලා මට හිතෙනවා.
ReplyDeleteතව ටිකක් රෙස්ට් කරන්ඩ රයිටර් මලේ !! හික්ස් :)
හැබෑටම එහෙම හිතෙනවද මධුරංග අයියේ. ඊගාව ක්ලිනික් දවසේදී කියන්න ඕනි එහෙනම් ඒ ගැනත්
Deleteක්‍රියේටිව් යැ....පොසිටිව් යැ.... :)
ReplyDeleteහෙහ් හෙහ් එලේ එලයි....!
Deleteමොනවද යකෝ මේ මුන් ලියන්නේ ඔය වෙලාවට තමා ඇයි අපි අකුරු ඉගන ගත්තේ කියල හිතෙන්නේ
ReplyDeleteඉතින් උඹට එහෙම හිතුනට මං එහෙම හිතන්න මට පයිත්තියන්ද බෝල ඇනෝ යකෝ
Deleteඉස්පිරිතාලෙම තියාගන්ටයි තිබ්බේ
ReplyDeleteහොඳට හිටී ...!
Deleteඔය හා පැටික්කිගේ කනේ ඇඟිලි ගහනවා නෙවෙයි ඕන්.
ReplyDeleteහෙහ් හෙහ් නෑ නෑ.....!
Deleteහා වොයිස් එකත් නරකම නෑ
ReplyDeleteහෙහ් හෙහ් එක එකාගේ රුචිකත්වෙනේ බොලං අපි මක්ක කොරන්ටද ඉතින් ඔව්වට...!
Deleteඅඩේ නර්ස්ලා බ්ලොග බලයි දැන් හෝ ගාලා.. මටත් හිතෙනවා සතියක් ඇඩ්මිට් වෙන්න. ඇඩ්මිට් වෙලා සේලයින් බෝතලයක් ගහගෙන ලස්සන නර්ස් ලා ගැන පෝස්ට් දාන්න !
ReplyDeleteසිරා අහ් !
හෙහ් හෙහ් අන්න දානවනම් පොස්ට් සෑම් අයියේ ...හිට් වැටෙයි එපා කියද්දී
Deleteහිකාස්....
ReplyDeleteමදක් අසභ්‍ය ගනයේ සිනාවක් හෙහ් හෙහ් හෙහ්....!
Deleteදැඩි අසහනයෙන් නැගූ සිනහවක් බව පෙනේ !!!!!! :D :D :D
Deleteමැක්ස කථෘව ඈ ........... ඉරිදට බලමු
රයිට්ගේ කතාව නියමෙට ලියනවනේ...මාතෘකාව දැක්කම මන් බැලුවා මොකද්ද අප්පා මේ කියලා...
ReplyDeleteඇත්තටම කවුද මේ දිලූ.......? අපිට කොලේ වහනවද මන්දා මෙයා....
දෙන්න එක්ක කොහේ යන්න ඇත්ද..? එකත් ඉක්මනටම දාමු...:)
හෙහ් හෙහ් හෙහ්....අඤ්ඤකොරොස් වෙලා ගියාද අප්පා. නෑ නෑ අක්කේ වාහන කොලයක් නැතෝ....හෙහ් හෙහ්
Deleteඑල එල ඔන්න ඉරිදට ලෑස්තිවෙලා පල
ReplyDeleteඔන්න නොකිව්වයි කියන්න එපා හරී :ඩ්
අනිවා අනිවා එකෙන්ම සැදී පැහැදී යමි
Deleteමචං ආතල්! කන්‍යා පටලේ තියෙන්නෙ ඇත්තටම කනේ නෙමෙයිද බං??
ReplyDeleteකවුද දන්නේ බං ඔව්වා....!!
Deleteම්ම්ම්...රයිටර් ලියනවා සුපිරි ලිවිල්ලක් නේ.. අපිට ඇඩ්රස් නෑ...
ReplyDeleteහෙහ් හෙහ් ග්‍රාමසේවක මහත්තයට කිව්වනම් අලුතෙන් ඇඩ්‍රස් එකක් හදල දේවි අනු....!
Deleteඕ..............
ReplyDeleteඕ..............ඕ..............
Deleteහෆොයි :D
ReplyDeleteහෙහ් හෙහ් හපොයි හපොයි ඩී...
Deleteමාර කනක්නේ ඒක :)
ReplyDeleteහෙහ් හෙහ් මාර කනක් නේන්නම් සයුරි අක්කේ..!
Deleteඅඩේ එල රයිටරේ... හීනියට කන් අතගාන්නෙ... කෝකටත් කන්‍යා පටලෙ පරිස්සමින් :)
ReplyDeleteහොඳමයි හොඳමයි සාතන් අයියේ. හිමීට තමයි අතගාන්නම්කො එහෙනම්.....!!!
Deleteහිකිස්... මම මේ තාම මෙකේ මුල් ටිකේ ලියලා තියෙන වචන වල තේරුම් හොයනවා අප්පා
ReplyDeleteහෙහ් හෙහ් කවදාවත් බැරි වේවි කවි අක්කේ...
Deleteසිරාවටම එල බන් සුපිරියටම තියනවා
ReplyDelete""හෙලෝ මගේ රයිතර් පැතියෝ, දැන් උයාට කෝමද, ....උයා හලි නලකයි.....මගේ නලක සමනල පැතියා.....දැන් උයාට මාව මතක් වෙන්නෙම නා වගේ නේද ?" ඕම කලන්න එපා අලේ... මට ඩුක හිතෙනවනෙ"
මම හිතුවේ අග්නිය උබට කොල් කරල කියලා
පිස්සු හැදෙයි මීගොඩේ...අග්නියා මගේ හොඳ යාලුවෙක් හෙහ් හෙහ් හෙහ්...ඕකි තමයි ඕක බෝකළේ...!
Deleteammo..... Nurseta kiyala thiyena ewa.baya wennath ethi..
ReplyDeleteඇත්ත කියන්නයි බිම ඉන්දගන්නයි බය වෙන්න ඕනේ නෑනේ නිසුපා අක්කේ. හෙහ් හෙහ් හෙහ්
Deleteඇත්තටම බං ඕක කනේ නෙවෙයිනම් කොහෙද ඈ තියෙන්නේ...
ReplyDeleteකවුද දන්නේ බොලන් ඔව්වා ....!!
Deleteසිරා වාක්‍ය ගැලපීම ඈ... :D
ReplyDeleteඋඹ හැබැයි කලින් ඒ වගේ මේකත් බාගෙට ලියල නැවැත්තුවොත් තමා බලාගන්නෙ.. :/
හෙහ් හෙහ් ඇයි නතර කලොත් බොලා මාව එල්ලන්නද ?
Deleteහා හා බලාගෙන ඔය පටල තියෙන තැන් පටලවා ගන්නවා එහෙම නෙමේ ....
ReplyDeleteහෙහ් හෙහ්. පැටලෙනවනේ අප්පා පටළේ
Deleteහෆ්ෆටසිලි කිව්වාලු..::D ඉස්පිරිතාලයි, නර්ස් ලයි ඔක්කොම ඉවරයි... :P
ReplyDeleteඇයි අප්පා අර යස අගේට ඉන්නේ නර්ස්ලා ටික....!!!
Deleteහොඳටම සනීප උනාට පස්සෙ ද මේක පොස්ට් කරෙ..ඒක කියලා ඉන්නකො :D
ReplyDeleteඔව් ඔව් ෆාතිමා අක්කේ, හොඳටම සනීපයි. ඔහොම කතාවක් මධුරංග අයියත් කිව්වා...අප්පා !!!
Deleteකොහේ එක්කන් යන්න හදනවද මන්දා...
ReplyDeleteකවුද දන්නේ දිනේෂ් අයියේ
Deleteමට දැනෙන සිරා හැඟීම මෙතන ලියන්නට බැරි නිසා නොලියා ඉඳිමි..
ReplyDeleteහඩේ අප්පේ එච්චර දරුනුයිද ?
Deleteඅනේ ඇයි බං කන්‍යා පටලේ කවාගත්තේ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කවුද දන්නේ බං. කුඹින්ට ඕනේ නැති දෙයක් නෑනේ
Deleteහම්මප අපිනම් දන්නේ නැහැ ඔය පටලේ කොහෙද තියෙන්නේ කියල
ReplyDeleteඑකනේ අප්පා අපි දන්නෙත් නෑනේ කොහෙද තියෙන්නේ කියලා
Deleteයකෝ.. උඹව ඉස්පිරිතාලෙකට වත් වැද්ද ගන්න වටින්නේ නෑ නේ!! :)
ReplyDeleteචිකේ බං ඔහොමත් කියනවද ඈ...!
Delete//ලියන්න දෙයක් නැතුව දහ අතේ කල්පනා කර කර ඉන්නකොට, රට වෙනුවෙන් යමක් කරන්න ඕනේ කියන සිතුවිල්ල හිතට වද දෙනකොට, පීඩිත පන්තියේ තවත් එක් සාඩම්බර වැසියෙක් වෙච්ච මට, ධනවාදී ආත්ම අරගල හෙලා දකින මගේ සහෘද පාඨක කොට්ටාශයට හිත සුව පිණිස වගේම මගේ ඒක පුද්ගල විවිධප්‍රසංග ආත්ම අභිමානය හා ස්වයං වි සන්තුෂ්ටිය වෙනුවෙන් මා පසු පස හඹා එන ප්‍රිය හිතවත් උත්කෘෂ්ට පාඨකයා වෙනුවෙන් යමක් දැනෙන්න ලියන්න ඕනේ කියල හිතෙනකොට..... ෆුජියාමා සක්‍රීය වෙලා ලෝදිය වැක්කෙරෙනවා වගේ මගේ හිත උණු වෙලා බස බස ගලා යුනිකෝඩ් වෙනවා මිසී. //
ReplyDeleteමගෙ දිවත් තව පොඩ්ඩෙන් උලුක්කු වෙලා දත කට පූට්ටුවෙනවා... අඩේ මොකක්ද මේ වෙන්න යන්නේ අපේ පැතුමයියට
ඇත්තට කොහෙද අප්පා කන්‍යා පැටලේ තියෙන්නේ
ReplyDelete