Monday, September 3, 2012

චිකෙයියා.......කනේ කොහෙද අනේ කන්‍යා පටල ?

මහාපාරේ කාණුවක ඔලුව හිරකරගෙන සතියක් සිහිය නැතුව ඉඳලා සතියක් සිහිය ඇතුව ඔක්කොම සති දෙකක් ඉස්පිරිතාලේ ඉඳලා ටිකට් කපාගෙන රයිටර් ගෙදර ආවේ බ්ලොග් එකට තවත් හිට් ගෝනියක් අරගෙනයි. ඉස්පිරිතාලේදී මට සාත්තු කරපු ලස්සනම ලස්සන නර්ස් නෝනලා ටිකත් අද ඉඳන් මගේ හිට් කවුන්ටරේ කරකවයි.


"අනේ රයිටර් ඔයාගේ කතා හරිම ලස්සනයි.., ඔයා කොහොමද  ඕවගේ ලස්සනට ලියන්නේ, ඇත්තටම..ආ...?...ඔයා මොනවද ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ  ?


" ඔව්ව  බොක්කෙන්ම එන එව්වා මිසී....තනිකමෙන් පාලුවෙන් පිරිලා මගේ හිත ඔද්දල් වෙලා ලියන්න දෙයක් නැතුව දහ අතේ කල්පනා කර කර ඉන්නකොට, රට වෙනුවෙන් යමක් කරන්න ඕනේ කියන සිතුවිල්ල හිතට වද දෙනකොට, පීඩිත පන්තියේ තවත් එක්‌ සාඩම්බර වැසියෙක් වෙච්ච මට, ධනවාදී ආත්ම අරගල හෙලා දකින මගේ සහෘද පාඨක කොට්ටාශයට හිත සුව පිණිස වගේම මගේ ඒක පුද්ගල විවිධප්‍රසංග  ආත්ම අභිමානය හා  ස්වයං වි සන්තුෂ්ටිය වෙනුවෙන් මා පසු පස හඹා එන ප්‍රිය හිතවත් උත්කෘෂ්ට පාඨකයා වෙනුවෙන් යමක් දැනෙන්න ලියන්න ඕනේ කියල හිතෙනකොට..... ෆුජියාමා සක්‍රීය වෙලා ලෝදිය වැක්කෙරෙනවා වගේ මගේ හිත උණු වෙලා  බස බස ගලා යුනිකෝඩ් වෙනවා මිසී. හිතේ පාළුව මකාගන්න, තනිකම දාරාගන්න බැරි වුනාම හිත හදාගන්නත්, මම ලියනවා මිසී.  නොමගට වැටිච්ච අන්තර්ජාල පරිශීලන ජනතාව යහමගට ගන්න මම බ්ලොග් එකක් ලියල කරන්නේ සමාජ මෙහෙවරක් මිසී......මගේ බ්ලොග් එක හින්ද අයාලේ ගිය අන්තර්ජාල පරිශීලකයින් කීයක් යහමගට වැටෙන්න ඇත්ද...සම්මාන නම්බුනාම පදවි පට්ටම් හම්බුනුනාට,  ඉතින් මිසී මම පොරක් නෙමෙයිද, ජාතියේ නිහඬ වීරයෙක් නෙමෙයිද....ඈ.ඈ .!...මට කියන්න මිසී මට කියන්න.....?"


මගේ ඇස් තෙත්වෙනවා දැකපු එතන හිටපු ලස්සන චූටි නර්ස්ගේ ඇහේ අග්ගිස්සට  කඳුලක් පිරෙනවා මම යාන්තමට දැක්කා. "ඔව් ....රයිටර් ඔව්...ඔයා පොරක්....ජාතියේ වීරයෙක්....මමත් ඔයාගේ උදාර කර්තව්‍යට අද ඉඳන් සක්‍රීයව දායක වෙනවා...ඔයා බය වෙන්න එපා රයිටර්....මම මේ ඉස්පිරිතාලේම හිට් ටික ඔයාගේ බ්ලොග් එකට අරන් දෙනවා ප්‍රොමිස්...අපි ඔයාගේ බ්ලොග් එකෙන් මේ මිනිස්සු යහමගට ගමු.....ඔයා කවද හරි ෆේමස් රයිටර් වෙනවමයි, ඒක එක්ස්රේ මැසිමෙන් ඊ.සී.ජී. ගන්න බෑවගේ සහතිකයි රයිටර්. ඔව් සහතිකයි" අතිශය හැඟුම්බර කටහඬින් නර්ස් කිව්වම මගේ හිත ආයෙමත් ඒක පුද්ගල ස්වයං ප්‍රීතියෙන් ඔද්දල් වෙන්න ගත්තා.


___________සති ගානකට පසු ___________
(පසුබිමින් දුරකථනය නාද වෙයි - කතාකරු ශරීර කර්තව්‍යයක)


"හෙලෝ මගේ රයිතර් පැතියෝ, දැන් උයාට කෝමද, ....උයා හලි නලකයි.....මගේ නලක සමනල පැතියා.....දැන් උයාට මාව මතක් වෙන්නෙම නා වගේ නේද ?"  ඕම කලන්න එපා අලේ... මට ඩුක හිතෙනවනෙ" (පසුබිමින් ක්‍රියාවක අතුරුපලයක හඬක් නැගෙයි - නොසලකා හරින්න).......ආඃ උයා ඔය කොයිද ඉන්නේ...? තීවී බලනවද....මොකක්ද ඒ සද්දේ ?"



"ආඃ....අනේ...හයියෝ ඔයාටත් බෝවුනාද මගේ රත්තරනේ...අනේ..ඕකට බේතක් නෑ දිලූ පැටියෝ..ඔයාට  කාගෙන්ද ඕක බෝ වුනේ මැණික, අනේ මම හිතුවේ නෑ ඔයාට ඔහොම වෙයි කියලා,..යසට හිටපු මගේ පණ... අනේ.....මං දැන් කාට කියන්නද......අනේ සීවරන් දෙවියනේ.....ඕක වසංගතයක්..ඔය දිවේ උළුක්කුවට තෙල් බේත් නෑ පැටියෝ දිව කපනවා මිසක....අනේ දොස්තරලා ඔයාට එහෙම කරනකම් මම බලන් ඉන්නේ කොහොමද...කියන්න දිලූ මට කියන්න....?


"අනේ...රයිටර්...මගේ දෙයියෝ.....අඬන්න එපා...... ඔයා බය වෙන්න එපා වස්තු...මට ලෙඩේ හැදිලා නෑ. මම සුට්ටිම සුට්ටි අත්හදා බැලීමක් කලේ,..එහෙම කතා කරනකොට ආදරේ හිතෙනවද....මං සුට්ටිම සුට්ටි සුකුමල, ලඳ බොළඳ අදහස් තියන හා පැටියෙක් කියල හිතෙනවද...මට ඒකයි දැනගන්න ඕනේ...හරි හරි ඒවා වැඩක් නෑ... ඉතින් ඉතින් රයිටර් පැට්ටෝ මොනාද අලුත් විස්තර, ඊයේ හොඳට දොයිය ගත්තද?"


"ඔයාට කියන්න දිලූ....ඊයේ රෑනම් මහම මහා මුසල රැයක්....මගේ දකුණු කනට තෙල් කුඹියෙක් රිංගල කනේ කන්‍යා පටලේ කන්න ගත්තනේ...මට සිහිය නැති වෙන සයිස් එකට ආවා"


" චිකෙයියා..අනේ....කනේ කොහෙද අනේ කන්‍යා පටල...ඒවා තියෙන්නේ වෙන දිහාක"


"ආඃ එතකොට  කන්‍යා පටලේ කොහෙද තියෙන්නේ"


"ඔය..!...ඔය.....!! ඔයා මාව පොළඹවනවා, එන්න එපා ඔව්වට" මේ මේ ඒක නෙමෙයි....ඉරිදට වැඩක් තියද....නෑනේ නේද ......? අපි ගමනක් යමුද ?


"ගමනක් කොහෙද"


"පුලුවන්ද බැරිද කියන්නකෝ"


"ම්ම් එන්නම්"


"හොඳ පැතියා"


"පැතියා..?"


"සොලී සොලී"


"ගර් ර්...ර්....ර්...ර්..ර්."

72 comments:

  1. අම්මපා ඕන් කිවා නියමයි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් එච්චරයි එහෙනං

      Delete
  2. මේ වගේ උංව ඉස්පිරිතාල වලට වද්ද ගන්න හොද නෑ..
    පේනවනේ..
    අසරණ මිසීලව නොමග යවලා...

    ReplyDelete
    Replies
    1. නොමග ගිය එවුන් සුමගට ගත්තේ බොලං.

      Delete
  3. දැන් මේ දෙන්නා එක්ක කොහේ යයිද මන්දා..
    අර කූඹියා නිසා අහිංසක ගෑනු ළමයා වරදට පෙළඹිලාද දන්නේ නැ.. ;)

    ReplyDelete
    Replies
    1. හිකිස්‌.අම්මියෝ නංගාටත් හිතෙන දේවල්....:D

      Delete
    2. හෙහ් හෙහ්....වරදට පෙළඹෙන එකක් නෑ දඬුවම සැරයිනේ....! ඒක තමයි ගමන ගිහින් ඇවිත්ම බලන්න ඕනේ...!

      Delete
  4. ane paw ara nursela tika... :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. ඇයි අප්පා පව්..රයිටර් වැරද්දක් කරලා නෑනේ..!

      Delete
  5. මේ උඹ අර කියපු මකබාව පරිස්සම් කර ගනින් කූඹින්ගෙන් හොඳේ.

    ReplyDelete
    Replies
    1. හරි හරි බොලං. දැන් කනට පුළුන් ඇබයක් ගහගෙන නිදාගන්නේ

      Delete
  6. තාම හොඳටම හොඳ වෙලා නෑ වගේ කියලා මට හිතෙනවා.
    තව ටිකක් රෙස්ට් කරන්ඩ රයිටර් මලේ !! හික්ස් :)

    ReplyDelete
    Replies
    1. හැබෑටම එහෙම හිතෙනවද මධුරංග අයියේ. ඊගාව ක්ලිනික් දවසේදී කියන්න ඕනි එහෙනම් ඒ ගැනත්

      Delete
  7. ක්‍රියේටිව් යැ....පොසිටිව් යැ.... :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් එලේ එලයි....!

      Delete
  8. මොනවද යකෝ මේ මුන් ලියන්නේ ඔය වෙලාවට තමා ඇයි අපි අකුරු ඉගන ගත්තේ කියල හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඉතින් උඹට එහෙම හිතුනට මං එහෙම හිතන්න මට පයිත්තියන්ද බෝල ඇනෝ යකෝ

      Delete
  9. ඉස්පිරිතාලෙම තියාගන්ටයි තිබ්බේ

    ReplyDelete
  10. ඔය හා පැටික්කිගේ කනේ ඇඟිලි ගහනවා නෙවෙයි ඕන්.

    ReplyDelete
  11. හා වොයිස් එකත් නරකම නෑ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් එක එකාගේ රුචිකත්වෙනේ බොලං අපි මක්ක කොරන්ටද ඉතින් ඔව්වට...!

      Delete
  12. අඩේ නර්ස්ලා බ්ලොග බලයි දැන් හෝ ගාලා.. මටත් හිතෙනවා සතියක් ඇඩ්මිට් වෙන්න. ඇඩ්මිට් වෙලා සේලයින් බෝතලයක් ගහගෙන ලස්සන නර්ස් ලා ගැන පෝස්ට් දාන්න !

    සිරා අහ් !

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අන්න දානවනම් පොස්ට් සෑම් අයියේ ...හිට් වැටෙයි එපා කියද්දී

      Delete
  13. Replies
    1. මදක් අසභ්‍ය ගනයේ සිනාවක් හෙහ් හෙහ් හෙහ්....!

      Delete
    2. දැඩි අසහනයෙන් නැගූ සිනහවක් බව පෙනේ !!!!!! :D :D :D

      මැක්ස කථෘව ඈ ........... ඉරිදට බලමු

      Delete
  14. රයිට්ගේ කතාව නියමෙට ලියනවනේ...මාතෘකාව දැක්කම මන් බැලුවා මොකද්ද අප්පා මේ කියලා...
    ඇත්තටම කවුද මේ දිලූ.......? අපිට කොලේ වහනවද මන්දා මෙයා....
    දෙන්න එක්ක කොහේ යන්න ඇත්ද..? එකත් ඉක්මනටම දාමු...:)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්....අඤ්ඤකොරොස් වෙලා ගියාද අප්පා. නෑ නෑ අක්කේ වාහන කොලයක් නැතෝ....හෙහ් හෙහ්

      Delete
  15. එල එල ඔන්න ඉරිදට ලෑස්තිවෙලා පල
    ඔන්න නොකිව්වයි කියන්න එපා හරී :ඩ්

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා එකෙන්ම සැදී පැහැදී යමි

      Delete
  16. මචං ආතල්! කන්‍යා පටලේ තියෙන්නෙ ඇත්තටම කනේ නෙමෙයිද බං??

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ බං ඔව්වා....!!

      Delete
  17. ම්ම්ම්...රයිටර් ලියනවා සුපිරි ලිවිල්ලක් නේ.. අපිට ඇඩ්රස් නෑ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ග්‍රාමසේවක මහත්තයට කිව්වනම් අලුතෙන් ඇඩ්‍රස් එකක් හදල දේවි අනු....!

      Delete
  18. ඕ..............

    ReplyDelete
  19. Replies
    1. හෙහ් හෙහ් හපොයි හපොයි ඩී...

      Delete
  20. මාර කනක්නේ ඒක :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මාර කනක් නේන්නම් සයුරි අක්කේ..!

      Delete
  21. අඩේ එල රයිටරේ... හීනියට කන් අතගාන්නෙ... කෝකටත් කන්‍යා පටලෙ පරිස්සමින් :)

    ReplyDelete
    Replies
    1. හොඳමයි හොඳමයි සාතන් අයියේ. හිමීට තමයි අතගාන්නම්කො එහෙනම්.....!!!

      Delete
  22. හිකිස්... මම මේ තාම මෙකේ මුල් ටිකේ ලියලා තියෙන වචන වල තේරුම් හොයනවා අප්පා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් කවදාවත් බැරි වේවි කවි අක්කේ...

      Delete
  23. සිරාවටම එල බන් සුපිරියටම තියනවා

    ""හෙලෝ මගේ රයිතර් පැතියෝ, දැන් උයාට කෝමද, ....උයා හලි නලකයි.....මගේ නලක සමනල පැතියා.....දැන් උයාට මාව මතක් වෙන්නෙම නා වගේ නේද ?" ඕම කලන්න එපා අලේ... මට ඩුක හිතෙනවනෙ"

    මම හිතුවේ අග්නිය උබට කොල් කරල කියලා

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙයි මීගොඩේ...අග්නියා මගේ හොඳ යාලුවෙක් හෙහ් හෙහ් හෙහ්...ඕකි තමයි ඕක බෝකළේ...!

      Delete
  24. ammo..... Nurseta kiyala thiyena ewa.baya wennath ethi..

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියන්නයි බිම ඉන්දගන්නයි බය වෙන්න ඕනේ නෑනේ නිසුපා අක්කේ. හෙහ් හෙහ් හෙහ්

      Delete
  25. ඇත්තටම බං ඕක කනේ නෙවෙයිනම් කොහෙද ඈ තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ බොලන් ඔව්වා ....!!

      Delete
  26. සිරා වාක්‍ය ගැලපීම ඈ... :D
    උඹ හැබැයි කලින් ඒ වගේ මේකත් බාගෙට ලියල නැවැත්තුවොත් තමා බලාගන්නෙ.. :/

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඇයි නතර කලොත් බොලා මාව එල්ලන්නද ?

      Delete
  27. හා හා බලාගෙන ඔය පටල තියෙන තැන් පටලවා ගන්නවා එහෙම නෙමේ ....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. පැටලෙනවනේ අප්පා පටළේ

      Delete
  28. හෆ්ෆටසිලි කිව්වාලු..::D ඉස්පිරිතාලයි, නර්ස් ලයි ඔක්කොම ඉවරයි... :P

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා අර යස අගේට ඉන්නේ නර්ස්ලා ටික....!!!

      Delete
  29. හොඳටම සනීප උනාට පස්සෙ ද මේක පොස්ට් කරෙ..ඒක කියලා ඉන්නකො :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ෆාතිමා අක්කේ, හොඳටම සනීපයි. ඔහොම කතාවක් මධුරංග අයියත් කිව්වා...අප්පා !!!

      Delete
  30. කොහේ එක්කන් යන්න හදනවද මන්දා...

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ දිනේෂ් අයියේ

      Delete
  31. මට දැනෙන සිරා හැඟීම මෙතන ලියන්නට බැරි නිසා නොලියා ඉඳිමි..

    ReplyDelete
    Replies
    1. හඩේ අප්පේ එච්චර දරුනුයිද ?

      Delete
  32. අනේ ඇයි බං කන්‍යා පටලේ කවාගත්තේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ බං. කුඹින්ට ඕනේ නැති දෙයක් නෑනේ

      Delete
  33. හම්මප අපිනම් දන්නේ නැහැ ඔය පටලේ කොහෙද තියෙන්නේ කියල

    ReplyDelete
    Replies
    1. එකනේ අප්පා අපි දන්නෙත් නෑනේ කොහෙද තියෙන්නේ කියලා

      Delete
  34. යකෝ.. උඹව ඉස්පිරිතාලෙකට වත් වැද්ද ගන්න වටින්නේ නෑ නේ!! :)

    ReplyDelete
    Replies
    1. චිකේ බං ඔහොමත් කියනවද ඈ...!

      Delete
  35. //ලියන්න දෙයක් නැතුව දහ අතේ කල්පනා කර කර ඉන්නකොට, රට වෙනුවෙන් යමක් කරන්න ඕනේ කියන සිතුවිල්ල හිතට වද දෙනකොට, පීඩිත පන්තියේ තවත් එක්‌ සාඩම්බර වැසියෙක් වෙච්ච මට, ධනවාදී ආත්ම අරගල හෙලා දකින මගේ සහෘද පාඨක කොට්ටාශයට හිත සුව පිණිස වගේම මගේ ඒක පුද්ගල විවිධප්‍රසංග ආත්ම අභිමානය හා ස්වයං වි සන්තුෂ්ටිය වෙනුවෙන් මා පසු පස හඹා එන ප්‍රිය හිතවත් උත්කෘෂ්ට පාඨකයා වෙනුවෙන් යමක් දැනෙන්න ලියන්න ඕනේ කියල හිතෙනකොට..... ෆුජියාමා සක්‍රීය වෙලා ලෝදිය වැක්කෙරෙනවා වගේ මගේ හිත උණු වෙලා බස බස ගලා යුනිකෝඩ් වෙනවා මිසී. //

    මගෙ දිවත් තව පොඩ්ඩෙන් උලුක්කු වෙලා දත කට පූට්ටුවෙනවා... අඩේ මොකක්ද මේ වෙන්න යන්නේ අපේ පැතුමයියට

    ReplyDelete
  36. ඇත්තට කොහෙද අප්පා කන්‍යා පැටලේ තියෙන්නේ

    ReplyDelete