Friday, May 31, 2013

මේ දන්සැලේ දෙන්නේ කෑම නෙමෙයි අයියේ.

මොර සුරන වැස්සට මොර සුරලා මදි වෙලා දැන් වහලේ ටකරන් හූරනවා. ඒ සද්දේ මගේ කන් අඩි සූරද්දි විනාඩි පහෙන් පහට මුත්‍රා බර හැදෙනවා. වැස්ස කාලෙට වැඩිපුර මුත්‍රා බර හැදෙන්නේ ඔය ටකරන් සද්දේ හින්දා වෙන්න ඇති. කොහෙද ඉතින් විද්‍යාත්මක හේතු ඔලුවට හරියට වැටෙන්න නම් ප්‍රායෝගිකව එව්වා අත් විඳින්නම ඕනි. මෙච්චර කල් මම හිතාගෙන හිටියේ වලාකුළු ඝනීබවනය වෙනකොට, වතුර බොන්න බොන්න වගුගඩු වල තියන වතුරත් ඒ හා සමාන විදිහට ඝනීබවනය වෙලා තව එක එක එව්වා වෙලා මුත්‍රා විදිහට පිටවෙනවා කියලා.

හඳ, තරුත් එක්ක අද ඕෆ් ඩියුටි ගිහින්. හුළඟ, හිරිකඩ එක්ක ඕවර් ටයිම් කරනවා. මුළු ලෝකෙම අන්ධකාරේ වේලිලා ගිලිලා ඇඹරිලා. මිනිස්සු ගැරඬි වගේ තමන්ගේ ගෑනි කොට්ටේ බදාගෙන සැපට නිදි ඇති. කොල්ලෝ කුරුට්ටෝ, කෙලි පැටික්කියෝ නිදි මරාගෙන එක එක කර්මාන්තවල නියැලෙනවා ඇති. රයිටර් කෙනෙක් විදිහට මගෙන් සමාජයට ඉටුවිය යුතු වගකීම ඉටු කරන්න මේක තමයි හොඳම වෙලාව. තප්පරයක්වත් අහක දාන්නේ නැතුව, ලොවෙත් නැති එන්කරිස්මන්ට් ජවයක් හිතට අරන්, අජරාමර අයිඩියාස් හිතට ගලන වෙලාවේ, වළලුකර ගාවට රෝල් වෙලා තිබුන  සරම ඉන ගාවට අරගෙන ගැටයක් ගහගෙන ඇඳෙන් බැහැලා පුටුවට පැන්නේ පාඨකයින්ගේ ඇස්වලින් කඳුළු සූ සූ ගාලා දොට්ට පනින, හෙන ලව් ස්ටොරියක් ලියනවා කියලා හිතාගෙන.

මේ දවස් ටිකේම දරුණු විදිහට "ඇවටියෙල් ඩිස්මැන්ටල්ස්" කියන මානසික ආතතියෙන් පෙළුණු හින්දා පාඨකයින්ගේ හදවත් කැවුතු උණුවෙන ටයිප් එකේ වචනයක් හරියට ලියා ගන්න බැරි වුනා. අධික ලෙස අන්දකයිප්පු වෙන එකෙනුයි අධික ලෙස කුපිත වෙන එකෙනුයි මිදෙන්න කියලා අල්ලපු ඉඩමේ තියන පශුවෛද්‍ය ඒකකයට පුසාට පණු බෙහෙත් ගෙන්න ගිය වෙලාවේ අලුතෙන් වැඩට ආපු හුරතල් ඕවලාකාර මුණ තියන ඩොක්ටර් මිසී කිව්වා.  

එවලේ එතනට ඉතියෝපියන් ෂෙපර්ඩ් වර්ගයේ ලොම් හැලිච්ච බලු නකුටෙක් එක්කන් ආපු මද පමණින් පොෂ් ටයිප් කෙල්ලෙක් නහයෙන් අඩනව "ඩොක්ටර් මිසී... මට මයිල් එන්න මොකක් හරි බේතක් ලියලා දෙන්න" කියලා. ඕක ඇහිලා මගේ කට නිකන් කහන්න ගත්තායින් ඩොක්ටර් මිසීගෙන් මම ඇහුවා. "ඩොක්ටර් මිසී... මයිල් එන්න බෙහෙත් තියනම් මයිල් හැලෙන්නත් බෙහෙත් නැද්ද කියලා". ඩොක්ට මිසී මං දිහා හෙන අවලං ටයිප් කින්ඩි හිනාවක් දාගෙන කියපි "කපනවා ඇරෙන්න වෙන බේතක් නෑ ළමයෝ"  කියලා. අපරාදේ... මම හිතන් උන්නේ, මං රැවුල කපන්න ගේන ගේන රේසරේ හොරෙන් උස්සන අපේ අක්කට ඒ ජාතියෙන් ටැබ්ලට් බෝතලයක් තෑගී ගිහින් දෙන්න.

අපේ ගමේ එවුන් කැරකෙන කුඩුවක් හදලා ආධාර කවුන්ටරයක් දාලා හන්දියේ මේ පාර වෙසක් එකට. මුං කලින් පෝස්ටර් කැම්පේන් එකකුත් කරලා "මහා කරකවන විට කැරකෙන පහන් කුඩු රාජයා ... 26, 27, දෙදින පුරා හන්දිය බදු ගනී.. නොවරදවාම විදුලි පන්දමක් රැගෙන නැරඹීමට පැමිණෙන්න." අපරාදේ කියන්න බෑ හන්දියේ සූ ගාලා සෙනග. බලපු බලපු අත ටෝච් එලි විතරයි. හතරවටේට ටෝච් ගගහ බැතිමත්තු පාරිශුද්ධ වචන කියා කියා කුඩුව හොයනවා. කොහොම හරි කුඩුව හදපු එවුන්ගේ දෙමව්පියන්වත් මතක් කරගෙන, අඩු බජට් එකකින් හදපු කුඩුව විවෘර්ත කළා. අවාසනාවකට ඒක රවුම් දෙක තුනකට වඩා කැරකුණේ නැත්තේ කුඩුවේ බල්බ් දෙක තුනට කරන්ට් එක දෙන්න දාපු වයර් එක කුඩුවේ බඳේම එතිලා අන්තිමට කුඩුව නැවතුණ නිසා.

අල්ලපු ගමේ මහා දන්සැලක්. කුඩුව හදපු එවුන්ට ඇටැක් එකට උන් කරලා තියෙන්නේ. අහල පහලනේ, නොයා ඉන්න එක හරි මදිනේ. අපි සෙට් එක ඉතින් රම්බායි මමයි  තව අපතයෝ ටිකකුයි දන්සල් වඳින්න ගියේ ගෙදර ආර්ථිකයට පොඩි හරි සහනයක් දෙන එක අපේ යුතුකම හින්දා. දත කට බඩ මැදගෙන දන්සලට ගියා බඩ නැතිවෙන්න කනවා කියලා හිතාගෙන. දන්සැලේ හට් එකයි පුටු ටිකයි විතරයි දෙන කෑමක් නෑ.. රම්බාට මල විදපු පාර සංවිධායක ඩයල් එකක් එක්ක ටෝකක් දැම්මා.

"මල්ලි... කෝ අයිසේ කෑම" ටිකක් සැරෙන් වුනත් ෆිට් එකෙන් රම්බා අහපි.

"මොන කෑමද අයියේ..." සංවිධායක ඩයල් එක කෙලින් ඩිරෙක්ට් කිව්වා.

"ඇයි බොල ටිකිරි මයිනෝ දන්සලක් වුනාම කන්න තියෙන්න ඕනි නේද...?.. මේකේ කන්න තියෙන්නේ ටකරං පුටු සෙට් එකද..?"

"පික්ෂුද අයියේ මේක අලුත් සංකල්පයකට අනුව දෙන දන්සැලක්"
"ඒ කිව්වේ මේකේ දන් දෙන්නේ කෙල්....." රම්බා කියන්ඩ හදනකොටම මම පැනලා උගේ කට වැහුවා.

ඇයි හත්වලාමේ මේක හරි ලැතපොමේඩියාස්  සීන් එකක්නේ. මගෙත් කුතුහලය නහුතෙට තද වෙලා දොට්ට පනින්න ඔන්න මෙන්න.. මම ඇහුව පාර පොර කියපි,

"අයියේ මෙහෙමනේ... මේක සියවසේ අලුත් සංකල්පයක් කියලා මම කිව්වනේ... එක එක උදවිය  එක එක ඒවා දන් දෙනවා..සමහරු ලාම්පුතෙල් දෙනවා, සමහරු පෙට්රෝල් දෙනවා, සමහරු හයර් දන්සල් දෙනවා... කොස් පොලොස්, ජීවිත පවා දන් දෙනවා. අන්න ඒවගේ අපි දන් දෙන්නේ කෑම නෙමෙයි...මේ ශාලාව...  ඒකයි දන් සැල කිව්වේ ..අයියලා කැමති කෑමක් පිටින් අරං ඇවිත් මෙතන නිදහසේ කන්න පුළුවන්"

උට පින් සිද්ධ වේවා කියලා අපි ඒ ශාලාව ඇතුලට වෙලා දත්මිටි කාලා එලියට ආවේ ලබන අවුරුද්දෙත් කරන්න පුළුවන් වෙන්න කියලා ඌගේ හිතට ධෛරීය දීලා.

66 comments:

  1. හා අළුත් සංකල්ප, ඒවගේ තරුණයයෝන්ට උදවු කරන්න ඕනේ..

    ReplyDelete
  2. මටත් මේ දවස්වල ඇවටියල් ඩිස්මැන්ටල්ස් වාගෙ...අර ඩොක්ට මිසී කොහෙද බං ඉන්නෙ බේත් ටිකක්වත් ගන්ඩ

    ReplyDelete
    Replies
    1. හැලපයාටත් එහෙනම් පශුවෛද්‍යවරුන්ගෙන් බේත් ගන්න කාරණා කටයුතු සිද්ධවෙලා...???!!!

      Delete
    2. හිටින් හිටින් අයියේ මම මේලක් දාන්නම්

      හෙක් හෙක් හෙක් ඒකනේ සුමිත් අයියේ

      Delete
  3. ඔය ශාලාව අරං අර දොස්තර එක්කන් ඇවිත් "මහා ලොං කැපීමේ දන්සලක්" දුන්න නම් කොහොමද ?
    (අළුත් සංකල්ප)

    ReplyDelete
  4. ඒකත් හොඳ සංකල්පයක්....!

    ReplyDelete
  5. අපරාදෙ කියන්න බෑ ඒ අය කියපු දේ කරල තියෙනව.දන් සැලක් දෙනව කියලනෙ කිව්වෙ..ඉතින් හරිනෙ ;)

    ReplyDelete
    Replies
    1. වචනයේ පරිසමාප්ත අර්ථය

      Delete
  6. අම්මට....පුතේ උඹ කන්නේ බොන්නේ මොනවද කියහන්කෝ. කීයක් දීලා හරි මටත් ගන්න.

    ReplyDelete
    Replies
    1. ඒ කීවේ බං අයියේ මට තේරුනේ නෑනේ

      Delete
  7. හෑ... දෙන්නොනි.. මහා.. දන්සලක්.. සෝක් අයිඩියා එක ..

    ReplyDelete
  8. අවංකව කියන්නෙ මචන්, අර වෙනද කතාවල තියන බඩ බොකු හිරවෙන තරමට හිනා ගිහින් මැරෙන්න යන ගතිය මේකෙ නෑ. උඹ හදිසියෙන් ලිව්ව වගෙ, වෙලාව අරන් දපන් මචන්, අපි එනව කොච්චර පරක්කු උනත් මේක බලන්න. වෙලාවක ඉස්සර අර සංඛ අමරජිත් ලිව්ව කොමිටල් විජිතෙ පරදයි බන් උඹෙ කතා වලට
    -ප්‍රසා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ප්‍රසා අයියේ..මටත් පොඩ්ඩන් අවුලක් දැනෙනවා. ලොකු හයියක් ඈ ලඟින් ඉඳන් සප් එක දෙන එක

      Delete
  9. වෙන සැල් තිබුනේ නැද්ද බං??? ;)

    ReplyDelete
    Replies
    1. තව තව එව්වා තියෙන්න ඇති බොල

      Delete
  10. සාමාන්‍ය හාස්‍යයත් එක්ක හොද අදහසක්.
    ලොකු දන්සල් කීපයක් මැද ඔය වගෙ තැනක් තියෙනව නම් කුඩා ළමයි,වයසක අය,ගැබිණි මව්වරුන්ට අර තැන්වලින් අරගෙන ඇවිල්ල නිදහසේ අනුභව කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකත් පට්ට අයිඩියා එක අයියේ

      Delete
  11. ගෝනි එළුවා වගේ තමයි...

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ මම දන්නේ නෑ නෙව

      Delete
  12. අලුත් අලුත් අදහස් ඇති මේ වගේ තරුණ පරපුරකට ඉරිසියා කරන්න නරකයි. ගුටිකාලම ඉගෙන ගන්න දෙන්නයි තියෙන්නේ.

    මේ පාර සෑහෙන නැවුම් අදහස් දැනගත්තා දං සැල් ගැන. ඇයි අර මහා හුළං දංසැල සහ හයර් දංසැලත් මම ඇහුවේ මේ පාර. හැලප කඩෙන්.

    අර ඉතියෝපියන් ෂෙපර්ඩ් නම් එස්සර පාරක් පාරක් ගානේ හිටියා. ඇයි සෝමාලියන් ෂෙපර්ඩ්?

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා දිරි දෙන්න ඕන ඒවගේ උදවියට

      ආයෙත් අහලා ඩුඩ් අයියේ රට පුරාම එක එක සංකල්ප වලට දන්සැල්

      ඉතියෝපියන් ෂෙපර්ඩ්.. අඩු වියදම් වැඩිපුර සේවාව

      Delete
  13. ඒක ඊළග පාර කරමු.. හොද අයිඩියා එකක්. රයිටරයෝ

    ReplyDelete
  14. හොද අදහසක් ලබන පාර කරන්න ඕනේ මෙහෙම දන්සැලක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කරනවානම් වැඩ, ගුටි කන්න බලාගෙන හැබැයි ඈ

      Delete
  15. විනාඩි පහෙන් පහට මුත්‍රා බර හැදෙන්නෙනං අර බීපු බියර් වල පවර් එකට තමයි. :D

    අඩේ අර දංසැල් අයිඩියා එකනං නියමයිනෙ. මොකද දහයක් පහළොවක් තියෙන කන්න දෙන දන්සැල් වලිං කෑම ගත්තට ඕව තියාගෙන කන්න තැනක් තියෙන්න එපැයි. මහපාර මැද තියාගෙන කන්නයැයි.

    ReplyDelete
    Replies
    1. බියර්...? මොකක්ද ප්‍රසා අයියේ හැබෑටම ඒ කතාව ?

      ඔව් ඉඩක් කඩක් නැති දන්සල් ළඟ අටවා ගත්තා නම් හොඳ පිනක්

      Delete
  16. ඉල අද්දගන්න ඔනෙනම් කියවන්න තියෙන්නේ උබේ බ්ලොග් එක තමා... අදත් සිරා ඈ

    නිතර කොමෙන්ට් නොකලට ඇවිත් කියවල යනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඉඩක් කඩක් නැති දන්සල් ළඟ අටවා ගත්තා නම් හොඳ පිනක්

      Delete
  17. අක්කට රේසර් එකක් අරන් දීපන්කො :p :p
    මේක ඊයේ රෑ මට පෙන්නුවේ නැතුවට තෝ මැරිය

    ReplyDelete
    Replies
    1. ඊට වඩා ලේසියිනෙ බං අර ලොම් හැලෙන බෙහෙත හොයා ගත්තානම්

      Delete
  18. අපිත් ගිය පාර බඩු දන්සලක් දුන්න. බුදු අම්මෝ සු ගාලා පෝලිම...(කුළු බඩු ඇ...)

    ReplyDelete
    Replies
    1. ආ එහෙනම් කුලු හරක් වෙන්න ඇති සූ ගාලා ආවේ
      -ප්‍රසා

      Delete
  19. මං එන්නේ මේ වක්කඩ කැඩුවා වගේ කටේ තොලේ නොගැවී කියන, උඹේ මේ කට කැඩිච්ච කතා ටික කියවන්න බං.... හි හි....

    ReplyDelete
  20. ලබන වෙසක් එකට හොද සංකල්පයක් ;) කෑම බෙදන දන්සැලක් කිට්ටුව මෙහෙම එකක් කලානම් තවත් හොදයි

    ReplyDelete
  21. මෙන්න ආයෙත් රයිටර් පරණ ට්‍රැක් එකට වැටිලා...එළ මලේ...අපේ චාරුලතා නංගිවත් ඔය කොහෙ හරි අස්සකින් යන්තම් හරි පෙන්නුවා නම් මගේ ඇවටියෙල් ගතිය අඩුවෙයි කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. හා හා හා චාරුලතාට සිරා අයියා මනාපයි නේන්නම් ඒ ඉඳන්ම ඉඳන්ම

      Delete
  22. හිනා වෙලා පන ගියා කියපන්කො.... ජය...!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  23. අළුත් සංකල්පයන්ට රයිටර්ගෙන් දිරිගැන්වීම.. :D
    ජය වේවා..!!!

    ReplyDelete
  24. ඒකත් හොදයි සමහර තැන්වල කන්න තිබුනට වාඩි වෙන්න ඉඩ නෑනේ... අනේ යකෝ.. වෙනදා වගේම කියන්න තියෙන්නෙ මගේ නම් කිසිම කැමැත්තක් නෑ පැතුමා එක්ක වැඩි සම්බන්ධයක් තියාගන්න... මොන මොන මඩ ගහයිද මන්දා..

    ReplyDelete
    Replies
    1. හාහ් හා හා ඉල්ලන් කනවා කියන්නේ ඔව්වට තමයිද කොහෙද ?

      Delete
  25. හෙහ්... ලබන සැරේ දෙමුද? මොකෝ කියන්නේ? මම එනවා ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනිවා දෙනවා වරෙන් ඈ

      Delete
  26. අප්පා.... මරු දැන් සැල්..... :D

    ReplyDelete
  27. මටත් දෙයියනේ කියලා ඇවටියල් ඩිස්මැන්ටල්ස් අඩු නැතුව මේ දවස් වල තියනවා

    ReplyDelete
    Replies
    1. එහෙනම් බල බලා නොයිඳ අර අක්කා ගාවට ගිහින් බෙහෙතක් ලියව ගනින්

      Delete
  28. මචං ඕවට කියන්නේ BYO (Bring Your Own) කෑම දන්සැල් කියලා....

    ReplyDelete
    Replies
    1. BYO සිරාද තිසා අයියේ ඈ

      Delete
  29. මාර වචන සෙට් එකක්නේ..දෙතුන් පාරක් කියවන්න වුනා තේරුම් ගන්න..!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් ඇවටියෙල් වොකැබ්ලරි

      Delete
  30. උට පින් සිද්ධ වේවා කියලා අපි ඒ ශාලාව ඇතුලට වෙලා දත්මිටි කාලා එලියට ආවේ ලබන අවුරුද්දෙත් කරන්න පුළුවන් වෙන්න කියලා ඌගේ හිතට ධෛරීය දීලා.
    ආයෙත් දෙන්න කිවුවද :D :D

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..අගේ කරන්න එපැයි

      Delete
  31. දන්සැල් වචනෙ ඇහෙනකොටත් දුකයි...
    මල්ලි එන්න එන්නම හොදට ලියනව දැන්.

    ReplyDelete