Tuesday, March 8, 2016

සාහසික ප්‍රේමය





සැහැසි සැඩ
හිරු කිරණක
සමග වුව
දියවෙන
හිම කන්දකට
ප්‍රේමයෙන්
බැඳුණ හැක

~ අන්කන්ඩිෂනල් රයිටර් ~

පමාවීම






ඉතිං මතු ඒ
උදාවන්නට
නියමිතව තිබුණා වූ
රෝමාන්තික
සැඳෑවන්ද,
ඉසිඹුවක් නොලදින
අනුරාගී
ආලිංගනයන්ද,
හුස්ම හිරවී
සිහිසන්ව යන,
හාදු වැසි
ඇදහැලෙනා වූ
ප්‍රේම ආතුර
රාත්‍රින්ද,
අප පෙර
සැලසුම් කළ පරිදිමය,
අඩුවකට ඇත්තේ
ඔබගේ සුළු
පමාවීම පමණ‍ක්ය...

~ වෙයිටින්ග් රයිටර් ~

වැනීශියා







චණ්ඩ වාසුළි
හද සයුර මැද
විසුල පයෝධර
ගිරි සිරසක
හැපෙමි...
සුණු විසුණුව යමි...
කැබලි අණු වලට
විසිරෙමි...
ලැම බෙයද පාමුල
ඔත්පලව හිඳිනෙමි...
ඉක්බිති
නළල් තල
නිම්නයෙන්
මෘදු හාදු
ටොනේඩෝවක්
අරඹමි...

"වැනීශියා....."
එනමුදු
අවැසි වන්නේ ඔබට
එක් දිගු දෙතොල්
හාදුවක් අවසන
කල්පයක් පපුවට
තුරුලු වී හිදුමටද...

~ ඩිස්ටර්බන්ස්ඩ් රයිටර් ~















Monday, March 7, 2016

ඒ තරම් සෙන‍ෙහස


නිවෙන්නට
මොහොතකට
මත්තෙන්ද,
අවසාන තරුව
දෙතොල
තබාගෙනමය
හිටියේ අඳුරට

~ ඩාර්ක් රයිටර් ~

අවසාන තරු හාදු





නිවෙන්නට
මොහොතකට
මත්තෙන්ද,
අවසාන තරුව
දෙතොල
තබාගෙනමය
හිටියේ අඳුරට

~ ඩාර්ක් රයිටර් ~