චණ්ඩ වාසුළි
හද සයුර මැද
විසුල පයෝධර
ගිරි සිරසක
හැපෙමි...
සුණු විසුණුව යමි...
කැබලි අණු වලට
විසිරෙමි...
ලැම බෙයද පාමුල
ඔත්පලව හිඳිනෙමි...
ඉක්බිති
නළල් තල
නිම්නයෙන්
මෘදු හාදු
ටොනේඩෝවක්
අරඹමි...
"වැනීශියා....."
එනමුදු
අවැසි වන්නේ ඔබට
එක් දිගු දෙතොල්
හාදුවක් අවසන
කල්පයක් පපුවට
තුරුලු වී හිදුමටද...
~ ඩිස්ටර්බන්ස්ඩ් රයිටර්
~
No comments:
Post a Comment