Wednesday, March 23, 2016

කොටු




උද්‍යානය දසත
සැඳෑ සුව,
සුපෙම් සුව
විඳිනු පිණිස,
නව නගර
සැලසුම් අනුව,
මිලාධික තෘණ පත්
පේලි පිඩලි මැද,
කැටයමින් ඉදිකළ
සුපිරිසිදු මංතීරුය...

උද්‍යානය මැදට වන්නට
කලු ගලින් නිමවූ
නිහඬව වැඩ හිඳින
ශාන්තුවර
පිළිමය ..

වරින් වර
කොනින් කොන මතුවන
සංචාරයේ යන
මහත්වරු දෙදෙනෙකි
විසිල් නලාවක් මුව රැඳීව
අශෝභනවුන්
කරමුලින් කුදලගෙන යන

~ කන්ෆියුස්ඩ් රයිටර් ~

2 comments:

  1. අන්තර්ජාලය සැරිසරමින් නිතරම “බ්ලොග්” කරන මාගේ මනසට වැටහුනේ ශ්‍රි ලාංකික ලේඛකයෙකු ලෙස අන්තර්ජාලයෙහි ප්‍රසිද්ධවීමට ඇති ඉඩ ප්‍රස්ථාවන් ඉතාම අල්පමාත්ර බවය. උදාහරණයක් ලෙස, ශ්‍රි ලාංකික “බ්ලොග්” සමාජය සරු වුවද, යම් පාඨකයෙකුට ලාංකික ලිය කියවිලි සොයා ගැනීමට නම්, ඔවුන්ට මේ සියලුම “බ්ලොග්ස්” එකින් එකට සෙවීමට සිදු වන අතර, එවිටද ඇතැම් ප්‍රමුඛ රචකයන් හමු නොවේ.

    මේ නිසා, ශ්‍රි ලාංකික රචකයින් දිරිගැන්වීම සඳහා පහසුවෙන් තමන්ගේ ලියවිලි නිර්මාණය කරමින් ඒවා බෙදා හදා ගැනීමට, අන්තර්ජාල වේදිකාවක් නිර්මාණය කිරීමේ උවමනාව මට ඇත. මෙතුලින් ලාංකික ලිවීමේ කුසලතාව පෝෂණය කිරීමට සහ එළිදැක්වීමට අමතරව, “කමෙන්ට්” කිරීම, “ෆොලෝ” කිරීම, තරඟ පැවැත්වීම, රචකයින්ට ඔවුන්ගේ ලියවිලි විකිණීමට හැකිවීම වැනි අතිරේක අංග ගොඩනැගීමටද මම බලාපොරොත්තු වෙමි.

    මෙම කෙටි සමීක්ෂණය පිරවීමට මොහොතක් ගැනීමෙන්, මට මෙය ගොඩනැගීමට අවශ්‍ය සහය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි.

    ස්තුති

    Sri Lanka writers survey or -> http://goo.gl/forms/DaFKZlDC6a

    ReplyDelete