Wednesday, March 23, 2016

නා‍ෙස්ටැල්ජියානු හිසිට්‍රිය




ඩිංගිරි මැණික
පෙරේදා හවස,
පෙට්ටගම
පතුලේ තිබුණු
ඔබේ සුදු හැට්ටයක,
කැරලි කළු කෙස් ගස්
දෙකක් දුටුවෙමි...

ලොකු පුතා
ඉපදුණ දවසේ,
දෑතට ගත් ලෙසම,
ආදරෙන් අරගෙන
සෙමින් එය
සිප ගතිමි...

අත්ල මත
වැතිරී තිබුණ
ඔබේ හිසකේ අතර,
වසර විසි තිස්
ගණනකට එපිට,
ඔබ හිසගින්
හැමූ සුවඳ,
ඇබිඳකුදු
නොවෙනස්ව
ඒ ලෙසම
එහි තිබිණි...

~ ඕල්ඩ් රයිටර් ~

No comments:

Post a Comment