දවල් වරුව තිස්සේ ආතක් පාතක් නැතුව රට වටේ කරක් ගහලා ගහලා
හැන්දෑවේ ගෙදර ආවේ නිරපරාදේ ගෙවිලා යන වටිනා කාලෙන් හවස්කාලෙවත් ප්‍රයෝජනයක් ගන්නවාමයි
කියලා හිතාගෙන. ආපු හැටියේ ලිඳ ගාවට ගිහින් දනි පනි ගාල වතුර බකට් දෙකක්
ගණන් කරලා වක්කරගෙන සබන් නොගා ආවේ කම්මැලිකමටවත් තිබුන
හදිස්සියකටවත් නෙමෙයි, පත්තරේක තිබුනා හැමදාම ඔලුවට සබන් දාන්න හොඳ නෑ
කියලා. ඔලුවට හැමදාම සබන් දාන්න හොඳ නැත්තම් ඇයි හත්වලාමේ ඇඟට කොහොමත් හොඳ
නෑනේ. ඔලුවට වඩා වැඩිහරියක් වටිනාම අංග උපාංග ටික තියෙන්නේ ඇඟේනේ. පත්තර වල
රුවගුණ උපදෙස් යන්නේ ඒවායේ වැඩකරන එවුන්ගේ අතපය කහනවට නෙමෙයිනේ. පත්තරේ
ගන්න වියදම් කරන සල්ලිවල වටිනාකමට හරියන්නවත් ඒ උපදෙස් ඉඳලා හිටලාවත්
පාවිච්චි කරන්න එපැයි.
අක්කා කුකරි ක්ලාස් එකේ උදේ දහයට විතර හදපු "හොට් ඩෝග්" එකක් අම්මා හදපු කරවල හොද්දේ පොඟවගෙන මම කෑවේ තිබුන පට්ට බඩකින්නට ඇටැක් එකට. මොනඃ ඒක බඩට දැනෙන්නේවත් නෑ. ඒක කාලා මදි පාඩුවට චිලි පේස්ට් එක්ක බතල අල දෙක තුනක් ගිල්ලේ වම්බටු සෝස් එක්ක. වම්බටු සෝස් එකත් අක්කගේ කුකරි ක්ලාස් එකේ පාඩමකට කියා දීපු එකක්ලු. කාපු කෑමේ හැටියට ස්වාරාලෙට පොඩ්ඩක් ලඟට එනකම් බඩ පිපිිලා. මහා රෑ දෙගොඩ හරියක් වෙනකම් බ්ලොග් එකට කතාවක් ලියන්න කල්පනා කර කර ඉඳලා බැරිම තැන දිලුත් එක්ක කිතුලට නැගලා මලක් කපාගෙන යන්තම් දෙයියනේ කියලා ඇහැ පියාගත්තා.
"හෙන ගහනව උඹට සුදූ...ඌ" කියන්නැහේ මල ඉලව් ෆෝන් කට්ටට කෝල් එකක් ආව සද්දෙට දඩස් ගාල ඇහැරුනා. ඇහැරුනා කිව්වට ඇහැරුනේමත් නෑ.ඒ වුනාට ඇහැරුනා, ඒත් හරියට පියවි සිහියට ආවේ නෑ. අත පත ගාලා ෆෝන් එක හොයා ගත්තේ බාගෙට පියවෙලා තිබ්බ එක ඇහැකින්. එක ඇහැක් සම්පුර්ණයෙන්ම පියවෙලා තිබුනේ කබවලට ඇලිලද කොහෙද. මේ මහ රෑ මොකා මොන අවලම් වැඩකට කතා කරනවද කියලා කතා කරන එකා තමයි දන්නේ. රෑ කියලා නෑ, ඇඳේ කියලා නෑ, මට මල විද්දේ අසුහාරදාස් ගානකට. මලාට කෝල් එක ආන්සර් කරන්නේ නෑ කියලා දරුණු තීරණයක් අරගෙන මම කට පැත්තකින් බේරෙච්ච කුණු කෙල තලිය සරමෙ කොනකින් පිහදාලා සරම අස්සටම ආයේ ගුලි වුනා.
සාමාන්‍යෙන්, සාඩම්බර "වැටෙන පමා" නින්දකට උරුමකම් කියන මම දිලුත් එක්ක මල් මල් පාට හීන ලෝකේක පාවෙවී හිටියේ. දිලූ හීනෙන් පේනකොට හරි ලස්සනයි අප්පා. දිලූ හැබෑවට පට්ට දැකුම් කළු වුනත් හීනෙන් පේනකොට පේන්නේ කිරි කිරි මාෂ් මේලොෂ් කෑල්ල වගේ. වඩා ගන්න හිතෙනවා. උඩ දාලා අල්ලන්න හිතෙනවා. එවලේ අපි දෙන්නා අත් අල්ලාගෙන ගිනි කුටක අව්ව පායපු කාන්තාරෙක වගේ එකක ඇවිද ඇවිද හිටියේ. ඒ වුණාට අපි වටේට තරමක පට්ට මීදුමක් තිබුනා. වට පිටාවෙ අතරින් පතර තිබුන ගහක් ගලක්, බලුබෙට්ටක් ගොම්බෙට්ටක් ගානේම හෝ ගාල ශෘංගාරේ වෑහෙනවා වගේ මගේ හිතට දැනුනා. හැමුව හුළඟෙත් තිබුනේ හෙන කුපාඩි ගතියක්. ඒ හැමදේකින්ම පේන්නේ අදරේ විතරමයි කියලා මට හිතුණා.

"මගේ රයිටර් පැටියෝ...." දිලූ දොඩපි
"හ්ම්...ඇයි පැටී" මං හෙන ආඩම්බර පෙම්වතෙක්ගේ ලුක් එක මුනට ඇඩ්මිට් කරගෙන මයේ කෙල්ල දිහා බලුවා.
"ඔයා මගේ පණ...මං මළත් ඔයා ගාවින් යන්නේ නෑ...ඔයා ගාවටම වෙලා
ඉන්නවා..සත්තයි...වෙන කෙල්ලෙක්ට ඔයාට බැල්ම දාන්න ඉඩ තියන්නෙත් නෑ..ඔයාගේ
පස්සෙන් ඔයා යන යන හැමතැනටම එනවා...! ඇත්තමයි...!! ඔයාටත් මං ගැන එහෙම
හිතෙනවද සුදූ..මාව රකින්න, මව බලා ගන්න හිතෙනවද පැට්ටෝ...මට කියන්න..අනේ මට
කියන්නකෝ....!" අන්තිම ටික දිලූ කිව්වේ හෙන කොමලෙන් ඇද ඇද තාලෙට ලතාවකට..
හරිනං ස්ක්‍රිප්ට් එකේ හැටියට මගේ මුනට ඇඩ්මිට් වෙන්න ඕනි සෙවල ටයිප් පැණි
ඇඹල හිනාවක් වුනාට, ඒ හිනාව මගේ මුණේ එක මාංශ පේශියකටවත් එන්ටර් වුනේ නෑ..
"දෙයියනේ මං කරපු වැරැද්ද මොකක්ද දිලූ මට එහෙම කරන්න..මට කියන්න රත්තරන්...මට කියන්න ?" ගල් රෝලකට අහුවෙලා බාගෙට පස්ස චප්පවුන කඩියෙක් වගේ අනාත වෙලා මම කිව්වේ මං ගැන ඇතිවෙච්ච දුකටමයි.

ලිමිට් බිමිට් නැති මගේ වාචාල කටින් ඒ වචන දෙක තුන දෙපාරක් හිතන්න
කලින් පැන්නේ තුබූ තුබූ ගාල. එවලේ මං ගැනම ඇතිවෙච්ච ආත්මානුකම්පාවට ඇහෙන්
පෙරපු කඳුලක් කඳුලක් ගානේ මං දෙයියන්ගෙන් ඉල්ලුවේ .අනේ දෙවියනේ මේක හීනයක්ම
වෙයන් කියලා. හීනෙක ඉඳගෙන හීනයක්, හීනයක්ම වෙයන් කියන එක පට්ට ආතල් කියලා මම එදා දැන ගත්තා.
මල ඉලව් මල දානේ ආයේ රින්ග් වෙන්න ගත්තේ හීන කතා ඔක්කොම චකබ්ලාස් වෙලා යද්දී. මම දත්මිටි කාගෙන කබ කඩ කඩ ඇහැරලා බැලින්නම්, රම්බා. මොන පාන් ගෙඩියක් බැදලා කන්නද මේ මහා රෑ මේ හිපාටුවා කෝල් කරන්නේ. ඕනේ මගුලක්...ආන්සර් කරනවා..මගේ බුදු ෆිට් එකනේ..! මේ ටිකේ ලියන්න එව්වා නැති එකේ මු කෝල් කළා කියන්නේ අනිවා කතාවක් ලියන්න පුළුවන් මාතෘකාවකට පොටක් පෑදෙනවා. තණ්හාව මිශ්‍ර අවලන් කුපාඩි ටයිප් එකේ හිනාවක් මගේ කටින් පැන්නේ හක්ක පනින සයිස් ඈනුමක් එක්ක.
"හෙලෝ"
"රයිටර් ඉක්මනට.. දො..දොර ඇරපන්"
හත් ඉලව්වේ අද මුගේ චක්කරේ වැරදිලාද, මුගේ කොටු පැනිල්ල වැරදිලා මගේ කොටුවට පනින්න හදන්නේ..මගේ ඇඟ කිලිපොලා ගියා...නිදිමත මකබෑවිලා ගියා. දෙලෝ රත් වුනා. උන්හිටිතැන් අහිමි වුනා.
"රයිටර් කැහුට්ටෝ ඇරපන් බං දොර...හ..හදිස්සියක්" රම්බා හෙන ලාමක වොයිස් එකකින් කියපි. ඔය කචල් අස්සේ හෙට උදේ පත්තර වල යන හෙඩ් ලයින් ටික මට මැවි මැවී පෙනුනා. මම කෝකටත් දොර පොල්ලක් අතට අරගෙන කෝල් එක කට් කලේ "හා හා ඔහොම ඉඳින්...මං එන්නම්" කියලා.
මම එලියට යනකොට රම්බා දොරට පිටුපාල පඩිය උඩ ඉඳගෙන බයි කලර් කරමල් කුකුලෙක් එක දබ වලියක්. ඇර සොයිසා ඇර කියලා හිතින් චියර් කරගෙන මොකද වෙන්නේ කියල බලන්න මමත් දොර පොල්ල විසික්කා කරලා කිට්ටු වුනාම දැක්කේ රම්බා උගේ බෙල්ල පාගාගෙන කටට පාංකඩයක් ඔබන්න අම්බ ගේමක් දෙන හැටි.
"රම්බා..මොකෝ සීන් එක...?" බොක්ක පිච්චිලා ගියපු හින්දා මම කතා කලා.
"ර...ර..යිටර්.....රයිටර්..ඉක්මනට යමන්..අපේ නංගි පරල වෙලා"
"ඇහ්..සිරාවට....?" මගේ දිවත් හැපුණා ඒක අහලා.
"ඔව් බං විජහට මගෙත් එක්ක යමකො..."
"ඈ...බං දැන් කාලේ හැදෙන කෙල්ලෝ දෙපාරක් මල්වර වෙනවද බං....?" හෙනම හෙන විචිකිච්චාවෙන් ඇතිවෙච්ච කිචිය හින්දම මම ඇහුවා.
"තොගේ ආච්චිගේ මල්වරයක් නෙමෙයි යකෝ..අපේ නංගිට කළු කුමාරයා ගහලා"
"ඈ.... හුටඃ....එගොඩහ ප්‍රයිමරි ස්කොලේ කලු කුමාර..අර ඒබරන් ගේ පොඩි එකා..? ඒත් මං හිතුවා දෙන්නා එකක බැද්දේ කජු කඩන්ඩ යනකොට... ඉතින් උඹට වැඩේ අතේ මාට්ටුද..?..චාරුලතා ගැබ්බර වෙලාද.. උඹලා දැනගෙන ගොඩක් දවස්ද..?.. මල කෙලියයි...ගබ්සාව තාම නීතිගත කරලත් නෑ බං..?"
රම්බට දැන් ඇඩෙන සයිස්...
"අනේ රයිටර් වඳින්නම්....මාත් එක්ක යම....යන ගමන් කියන්නම් විස්තර.... විජහට යමකෝ ඉතින්" රම්බා කට නිකන් බොම්බයි මොටයි කවපු ගෙම්බාගේ වගේ කරගෙන මං දිහා බැලුවා.
මම එහෙම්මම දොර වහලා රම්බා එක්ක උන්ගේ ගෙවල් පැත්තට අඩිය තිබ්බා.
රම්බාගේ ගෙවල් වලට කිට්ටු වෙනකොට කන් අඩි පැලෙන සද්දෙට සෙටප් එකක් දාලා.
"යූ මයි පම්ප්කින් පම්ප්කින්...හෙලෝ හනී බනී"
"හව් මෙනි ටයිම්ස් ලේඩි ලව් හැඩ් ගිවන් මී මිස් කෝල්ස්"
එක යුද්දයයි..ආවේශ වෙච්ච කෙල්ලෙක් ඉන්න ගෙදරක් කියලා කියන්නවත් බෑ..හෙන පාටියක් වගේ. කෝකටත් මම රම්බා එක්ක කාමරේට ගිහින් දොර රෙද්ද ඈත් කරලා බැලුවා. බලන්ඩ දුකයි. චාරුලතාව අල්මාරියකට තියල ගැටගහලා. කෙල්ල යටිගිරියෙන් හනී බනී සින්දුව කියනවා. කොහොම හරි කෙල්ල මාව දැක්කා.
කෙල්ලට දැන් මල වගේ. මං දිහා කන්න වගේ බලාගෙන ඉඳලා ගෙරෙව්වා ගෙරවිල්ලක් දත් ටික උලමාගේ වගේ කරගෙන.
"ඇයි මීට කලින් මාව දැකල නැද්ද..නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න" කෙල්ල කියපි.
වැඩේ දරුණුයි වගේ. දැන් හොයපන්කෝ කට්ටඩියෙක්...!!!