Wednesday, November 8, 2017
උගන්වා නැත්තේ ඇයි ?
නෙක පැහැති
සුවඳැති මල්,
හොවා ඇකයෙහි,
වරින් වර
එකිනෙක ගෙන,
බිම දමා පාගයි ඔබ,
සුවඳැති මල්,
හොවා ඇකයෙහි,
වරින් වර
එකිනෙක ගෙන,
බිම දමා පාගයි ඔබ,
කොක් හඬලා සිනාසෙයි,
මහ හඬින් වැළපෙයි,
කිසිවක් සිදුනූන ලෙස
නිහඬව ඉන්නයැයි අයදියි,
සිය දහස් වෙනි වරටද
ඔබ පසුකර හමාගිය මම,
ඒ කාන්තාර සුළඟයි...
වියරු වූ විට ප්‍රේමය,
මේ ලෙසිනි මෙලෙසැයි,
හද රිදුම් පමණැයි,
කිසිවෙක් කිසිවිටක මට
උගන්වා නැත්තේ ඇයි..!
~ කන්ෆියුස්ඩ් රයිටර් ~
මහ හඬින් වැළපෙයි,
කිසිවක් සිදුනූන ලෙස
නිහඬව ඉන්නයැයි අයදියි,
සිය දහස් වෙනි වරටද
ඔබ පසුකර හමාගිය මම,
ඒ කාන්තාර සුළඟයි...
වියරු වූ විට ප්‍රේමය,
මේ ලෙසිනි මෙලෙසැයි,
හද රිදුම් පමණැයි,
කිසිවෙක් කිසිවිටක මට
උගන්වා නැත්තේ ඇයි..!
~ කන්ෆියුස්ඩ් රයිටර් ~
මව් තන බුරළු
තබා තම තුරු පත් හිස
දෙනියෙ ඇළ ඉවුරත,
උණ පඳුරු
පෙම්වතියන් මුමුණති,
පෙමින් දිය දහරාවක
ගීතය..
දෙනියෙ ඇළ ඉවුරත,
උණ පඳුරු
පෙම්වතියන් මුමුණති,
පෙමින් දිය දහරාවක
ගීතය..
යහමින් ගත හළාගත්
සේපාලිකා, කපුරු
මල් මුසු සුවඳක්,
සැක කළ හැකියි
පිය නගන බව,
සැඳෑ සාදය වෙත
මුදු සිහිල් සීතල
සුළඟක්,
පළමු වෙඩි පහරින්
ළය දැදුරු වුණ,
මුව මවක
සිරුරක් දැවෙයි,
අසල ගිණි මැලයක,
විතෙන් විත මධු
බඳුන් සපිරෙන'තර,
බිඳෙන් බිඳ
කටගැස්ම හිස්වෙයි,
ඈතින් වැයෙන
ඝන්ඨා නාද මැද,
ගහකින් වැටෙන පතටත්,
මායා'ඳුරු සෙවණැලිවලටත්,
රවටා ගනිති, රැවටෙති,
මුව පුතණුවන්
රෑනක හිත්,
මව්දෙන එතැයි ඇතිවුණ
තැවුල් සංකාවෙන්ද,
බැට කකා ඉල් මස
කුරිරු සීතල
චණ්ඩ සුළඟින්ද,
උනුන් උන් තුරුළුව නිදති
ඈ මියැදුන තැනම
තැන්නෙහි ලැග,
මව් තන බුරුල්ලක්
සිහිනෙන් දැක දැක,
හාමතින්
කිරි බඩගින්නෙම...
~ හන්ටඩ් රයිටර් ~
සේපාලිකා, කපුරු
මල් මුසු සුවඳක්,
සැක කළ හැකියි
පිය නගන බව,
සැඳෑ සාදය වෙත
මුදු සිහිල් සීතල
සුළඟක්,
පළමු වෙඩි පහරින්
ළය දැදුරු වුණ,
මුව මවක
සිරුරක් දැවෙයි,
අසල ගිණි මැලයක,
විතෙන් විත මධු
බඳුන් සපිරෙන'තර,
බිඳෙන් බිඳ
කටගැස්ම හිස්වෙයි,
ඈතින් වැයෙන
ඝන්ඨා නාද මැද,
ගහකින් වැටෙන පතටත්,
මායා'ඳුරු සෙවණැලිවලටත්,
රවටා ගනිති, රැවටෙති,
මුව පුතණුවන්
රෑනක හිත්,
මව්දෙන එතැයි ඇතිවුණ
තැවුල් සංකාවෙන්ද,
බැට කකා ඉල් මස
කුරිරු සීතල
චණ්ඩ සුළඟින්ද,
උනුන් උන් තුරුළුව නිදති
ඈ මියැදුන තැනම
තැන්නෙහි ලැග,
මව් තන බුරුල්ලක්
සිහිනෙන් දැක දැක,
හාමතින්
කිරි බඩගින්නෙම...
~ හන්ටඩ් රයිටර් ~
Friday, October 27, 2017
මග කී තාරුකා
මා සෞම්‍යාදර
හිතෛෂිවන්තිය,
හිතෛෂිවන්තිය,
වසත් සමයක්ව
වෙස්වලාගෙන පැමිණි,
"ගිම්හානයක්" අතර මැද,
වෙස්වලාගෙන පැමිණි,
"ගිම්හානයක්" අතර මැද,
වියළී කෘශව දුබලව,
පෙති පත් හැලී ගිය,
නම නොදත් මල්
උයනක් මැද හිඳ,
සුස්මන් වගුරුවමි,
ආ මගක් ගැන
නිච්චියක් නැත,
යා යුතු මගක් වුව
පැහැදිලිව නැත,
විසල් ප්‍රේමයක
සොහොන් සළකුණු මිස,
ඔබෙ නිල් දෑස මෙන් මට
මග කී තාරුකා නැත.
~ ස්ට්‍රේන්ඩඩ් රයිටර් ~
පෙති පත් හැලී ගිය,
නම නොදත් මල්
උයනක් මැද හිඳ,
සුස්මන් වගුරුවමි,
ආ මගක් ගැන
නිච්චියක් නැත,
යා යුතු මගක් වුව
පැහැදිලිව නැත,
විසල් ප්‍රේමයක
සොහොන් සළකුණු මිස,
ඔබෙ නිල් දෑස මෙන් මට
මග කී තාරුකා නැත.
~ ස්ට්‍රේන්ඩඩ් රයිටර් ~
Tuesday, October 24, 2017
බිළිඳු කෝළම්
අඩ අඳුරු
විදුලි පහනක,
මද එළිය හා මුසුව
මහ රෑක මැදියම අවදිව,
බිත්ති මත සෙවණැලි
මවයි දෑතින් ඔබ,
විදුලි පහනක,
මද එළිය හා මුසුව
මහ රෑක මැදියම අවදිව,
බිත්ති මත සෙවණැලි
මවයි දෑතින් ඔබ,
"ඔන්න ඔන්න
දැක්කද බස්සෙක්"
"මේ මෙන්න මේ
වළහෙක්"
ගෙදර ගෙන ආ
කන්තෝරු අධික වැඩ,
මගේ තනියට
පසෙකින්ය ඔබ,
ගිණුම් වගු හා
ලේඛන ගණන් මට,
පිට පිටම පටලයි
කිහිප සැරයක්ම,
හෙටත් බැනුමක්
අසනු පිණිසව,
හදාගත යුතුය හිත,
කන්තෝරු "මහතැන" මට
කමාවුව මැන,
හිත එකලාසයක් නැත
මෙ'බිළිඳු කෝළම් අස
~ ඕවර් වර්කින්ග් රයිටර් ~
දැක්කද බස්සෙක්"
"මේ මෙන්න මේ
වළහෙක්"
ගෙදර ගෙන ආ
කන්තෝරු අධික වැඩ,
මගේ තනියට
පසෙකින්ය ඔබ,
ගිණුම් වගු හා
ලේඛන ගණන් මට,
පිට පිටම පටලයි
කිහිප සැරයක්ම,
හෙටත් බැනුමක්
අසනු පිණිසව,
හදාගත යුතුය හිත,
කන්තෝරු "මහතැන" මට
කමාවුව මැන,
හිත එකලාසයක් නැත
මෙ'බිළිඳු කෝළම් අස
~ ඕවර් වර්කින්ග් රයිටර් ~
![]() |
| Pic | Internet |
Monday, October 23, 2017
ඔබ ලියුම් එවිය යුතු ලිපිනය
කුඩා කඳු වළල්ලක්
මැදි කොට
තැනූ පටු මාවතක,
මැදි කොට
තැනූ පටු මාවතක,
බිම අතුල මුදු
රෝස තිරුවාණය,
විලෝ තුරු
වියන හිසටය,
රෝස තිරුවාණය,
විලෝ තුරු
වියන හිසටය,
දෙපස නිල් මල් ගොමුවද,
ඔබ කැමැතිම
කැමේලියා පඳුරුද,
හඳුනාගැන්ම පහසුය,
කෙළවර තිබෙයි පොකුණක්,
අද්දර පෙනෙයි කුටියක්
...................................
මුදු සුළං
සරැළිතක බාරේ,
විලෝ තුරු
සෙවණ පාරේ,
ඔබ කැමති නමකින්
"ආමන්ත්‍රණය" කොට,
විහඟ බිඟු ජනපදය,
ශේෂ කඳු නිම්නය,
යන ලිපිනයටය,
ඔබ ලියුම්
එවිය යුත්තේ...
~ එඩ්‍රස්ඩ් රයිටර් ~
ඔබ කැමැතිම
කැමේලියා පඳුරුද,
හඳුනාගැන්ම පහසුය,
කෙළවර තිබෙයි පොකුණක්,
අද්දර පෙනෙයි කුටියක්
...................................
මුදු සුළං
සරැළිතක බාරේ,
විලෝ තුරු
සෙවණ පාරේ,
ඔබ කැමති නමකින්
"ආමන්ත්‍රණය" කොට,
විහඟ බිඟු ජනපදය,
ශේෂ කඳු නිම්නය,
යන ලිපිනයටය,
ඔබ ලියුම්
එවිය යුත්තේ...
~ එඩ්‍රස්ඩ් රයිටර් ~
Friday, October 20, 2017
ළමැද මැද සාද
කෙටිම කෙටි
ඇස් පැටලුමකට
ඉනික්බිති,
ඉතා දිගු සාදයකි
ළමැද මධ්‍යයෙහි,
"ගිහිං එන්නම්" යැයි
නොකී තෙපුලෙහි,
උපසිරසි දිස්වේ
මුතු නීල නයනෙහි,
Thursday, October 19, 2017
කියන දේ නාහනකම
මහා හයියෙන්
වැහැපු හවසක,
මගෙන් පොඩි
බැනුමකුත් අහගෙන,
නාගෙන ආ ගමන්මය ඔබ
පුරව ගත්තේ
අයිස් මග් එක,
වැහැපු හවසක,
මගෙන් පොඩි
බැනුමකුත් අහගෙන,
නාගෙන ආ ගමන්මය ඔබ
පුරව ගත්තේ
අයිස් මග් එක,
සාලයේ අසුනක
හරිබරි වී වාඩිගෙන,
රව රවා හොරැහින් මට
පෙන්වයි තව
හයිරන්කාරකම,
"හදා ගන්නවකෝ, නැති ලෙඩ,
කියන දේ නාහනකම"
මතුර මතුරා තනියම,
පිපිරුණේ මම බොරුවට,
ඔබේ උඩු තොල'ග රැඳි මෘදු
සුදු හිම කිරම පැල්ලම,
බදා ඇදගෙන
තුරුල්ළට ඔබව,
සිපගත හැකි විදිහකුයි
සැලසුම් කලේ මම
~ ප්‍රිටෙන්ඩින්ග් රයිටර් ~
හරිබරි වී වාඩිගෙන,
රව රවා හොරැහින් මට
පෙන්වයි තව
හයිරන්කාරකම,
"හදා ගන්නවකෝ, නැති ලෙඩ,
කියන දේ නාහනකම"
මතුර මතුරා තනියම,
පිපිරුණේ මම බොරුවට,
ඔබේ උඩු තොල'ග රැඳි මෘදු
සුදු හිම කිරම පැල්ලම,
බදා ඇදගෙන
තුරුල්ළට ඔබව,
සිපගත හැකි විදිහකුයි
සැලසුම් කලේ මම
~ ප්‍රිටෙන්ඩින්ග් රයිටර් ~
![]() |
| Pic | www.istockphoto.com/photos/woman-eating-ice-cream |
ඇග්නස්
"මහ සභා රැස්වීම,"
අවමංගල
ආධාර සමිතිය,
අවමංගල
ආධාර සමිතිය,
නර කෙස් ගස් අරක් ගත්
හිස් ගෙඩි කිහිපයක දුර,
සභාවේ මැද,
බිමට බර දෙනෙතිනි,
ඇග්නස් හුන්නේ
හැමදාම නුඹ,
හිස් ගෙඩි කිහිපයක දුර,
සභාවේ මැද,
බිමට බර දෙනෙතිනි,
ඇග්නස් හුන්නේ
හැමදාම නුඹ,
සතලිස් හත්
වසරකට පෙර,
යෞවන සමාජය,
මුලසුන හෙබවූයේද මම,
සභා ගර්භය මැද
නිහඬව එදත් ඔබ,
"අනුශාසක කතාව"
ඔබේ "මරණෙට",
අවමංගල කමිටුව
පවරා තිබුණේද මට,
දෙඅත් ළයේ බැඳ
නිසලව,
පියාගෙන අැස් නිහඬව,
අදත් ඇග්නස්,
එදා වාගෙම නුඹ !
~ සීක්‍රට්ලි වීපින්ග් රයිටර් ~
වසරකට පෙර,
යෞවන සමාජය,
මුලසුන හෙබවූයේද මම,
සභා ගර්භය මැද
නිහඬව එදත් ඔබ,
"අනුශාසක කතාව"
ඔබේ "මරණෙට",
අවමංගල කමිටුව
පවරා තිබුණේද මට,
දෙඅත් ළයේ බැඳ
නිසලව,
පියාගෙන අැස් නිහඬව,
අදත් ඇග්නස්,
එදා වාගෙම නුඹ !
~ සීක්‍රට්ලි වීපින්ග් රයිටර් ~
Friday, October 13, 2017
වටොරෙහි මල්
සුදු පාට පසුබිමක
අයාලේ විසිරුණ ,
ලා පැහැති
නිල් නිල් මල්,
අයාලේ විසිරුණ ,
ලා පැහැති
නිල් නිල් මල්,
දෙදණට මදක් කොට
හිර ගවුම් වාටියෙහි අග,
සඟවමින් මැහුමක
ලෙහී ගිය නූලක රැල්,
රවාගෙන මට
ගස්සා ලඟින් ගිය,
තප්පරේකට පසුවයි
පතබෑවුණේ ඔබ,
අන්න ඒ
මොහොතෙදියි මම,
පිපෙණු දුටුවේ
වටොරෙහිද මල්...
~ ස්ලැප්ඩ් රයිටර් ~
හිර ගවුම් වාටියෙහි අග,
සඟවමින් මැහුමක
ලෙහී ගිය නූලක රැල්,
රවාගෙන මට
ගස්සා ලඟින් ගිය,
තප්පරේකට පසුවයි
පතබෑවුණේ ඔබ,
අන්න ඒ
මොහොතෙදියි මම,
පිපෙණු දුටුවේ
වටොරෙහිද මල්...
~ ස්ලැප්ඩ් රයිටර් ~
Thursday, October 12, 2017
රහසින් කළ පව්
ආනාපානසති, සමථ
විදර්ශනා භාවනාදී,
සියලු වැඩසටහන්
මා පැවැත්වූ අතරතුරදී,
අර්ධ පර්යංකයෙන්
බිත්තියට පිට දී,
හුන්නේ ඇයයි
බණ මඩුව කෙළවර,
දැහැනකින් ධ්‍යාන ගතවී,
සිල්ගත් උපාසක හිස් ගෙඩි
සියක් බාධක පවුරු මගහැර,
වටාපත මත හැපී විසිරි බිඳුණ,
ඇගේ ළය සීතල හුස්මක්ය,
මේ මහා නස්පැත්තියට මුල,
ධර්මයේ ගාථා අතර,
පැරණි බණ පොත්
පුස්කොල ගර්භ මැද,
පෙම් කවි ලිය ලියා සැඟවීම,
රහසින් කළ පවකි
ඈ රූ කටු කුරුටුගෑම.
~ ඩිස්රෝබ්ඩ් රයිටර් ~
රතු පාට ලදරං ටකරං බස්
ඉතිහාසයක ගැඹුරු දුර
ගොඩකර දමන්නට,
නොහැකිවී ලතැවෙන
ඝනාලේපිත 'තීන්තස්ථර'
ගොඩකර දමන්නට,
නොහැකිවී ලතැවෙන
ඝනාලේපිත 'තීන්තස්ථර'
උසස්පෙළ අවසාන දවසක
බස් රියක පසුපස අසුනක,
'කුරුටු' ගෑ අපි අපේ නම්වල
ඡායාවකිය හිත්වල,
උපාධියෙන් ඉක්බිතිව
දෙවෙනි පත්වීම ගමට,
ම'ප්‍රිය බිරිඳ හා පුතුද
අතීතෙන් ලද කදමලු බරද,
රතු පාට ලදරං ටකරං බසය,
අතීතෙන් පැන ආ
යගදාවක් විලස,
තලා පෙලා හදවත මැඩ
දුක් සුසුම් ගිලිහෙන'තර,
"හා ! හා !! පුතා බස්වල,
සීට්වල, යන එන තැන්වල,
බලි කුරුටුලන්නෑ
හොඳ ළමෙක් වුණහම..!"
ඇසෙයි තරවටුවක්
බිරිඳගෙන් පුතුට,
පණ ඇද ඇද දුවන
ලංගම ඇන්ජින්
සද්දෙට මුසුව
~ ශොක්ඩ් රයිටර් ~
බස් රියක පසුපස අසුනක,
'කුරුටු' ගෑ අපි අපේ නම්වල
ඡායාවකිය හිත්වල,
උපාධියෙන් ඉක්බිතිව
දෙවෙනි පත්වීම ගමට,
ම'ප්‍රිය බිරිඳ හා පුතුද
අතීතෙන් ලද කදමලු බරද,
රතු පාට ලදරං ටකරං බසය,
අතීතෙන් පැන ආ
යගදාවක් විලස,
තලා පෙලා හදවත මැඩ
දුක් සුසුම් ගිලිහෙන'තර,
"හා ! හා !! පුතා බස්වල,
සීට්වල, යන එන තැන්වල,
බලි කුරුටුලන්නෑ
හොඳ ළමෙක් වුණහම..!"
ඇසෙයි තරවටුවක්
බිරිඳගෙන් පුතුට,
පණ ඇද ඇද දුවන
ලංගම ඇන්ජින්
සද්දෙට මුසුව
~ ශොක්ඩ් රයිටර් ~
![]() |
| Pic | http://sltbbus.blogspot.com |
Friday, October 6, 2017
"නාලක" "විජිත"
දුවයි මාවයි ගෙදර තනිකොට
ආපහු එන ගමනකුත් නැති කොට,
මගේ ඇස් දෙක මට තව
අදහගන්නට බෑ තමයි "නාලක",
බල්ලෝ රෑනක් උඩු බුරපු දවසක
"බ්රාස්" ගාගෙන ආව ජීප් එක,
ගෙනා මූසල පයින්ඩේටම
අවුරුදුම කීයක් ගතවුණාවද,
උඹේ හැඩරුව බැල්ම කැටි කොට
ගමේ උන් විරු පිළිමෙ හැදුවට,
එතැන පහු කර කර ආව වාරෙට
පිච්චුණේ මැරි මැරි, මමයි තනියම
කුස්සි කළමනාවෙන් පටන්ගෙන
නිදි පැදුරේ අඩුපාඩු
හොයනකොට "විජිත",
දුකක් තනියක් නොදැනීම
ඇත්තක් නම් තමයි "නාලක"
ඒ වුණත් හංදිය පහුකර
උඹේ ඇස්දෙක දිහා බලාගෙන
බඩක් උස්සන් ක්ලිනික් යන්නට
කියාපන් දෙවියනි පුලුවන්ද මට
~ දිස් ඊස් නොට් රයිටර් ~
ආපහු එන ගමනකුත් නැති කොට,
මගේ ඇස් දෙක මට තව
අදහගන්නට බෑ තමයි "නාලක",
බල්ලෝ රෑනක් උඩු බුරපු දවසක
"බ්රාස්" ගාගෙන ආව ජීප් එක,
ගෙනා මූසල පයින්ඩේටම
අවුරුදුම කීයක් ගතවුණාවද,
උඹේ හැඩරුව බැල්ම කැටි කොට
ගමේ උන් විරු පිළිමෙ හැදුවට,
එතැන පහු කර කර ආව වාරෙට
පිච්චුණේ මැරි මැරි, මමයි තනියම
කුස්සි කළමනාවෙන් පටන්ගෙන
නිදි පැදුරේ අඩුපාඩු
හොයනකොට "විජිත",
දුකක් තනියක් නොදැනීම
ඇත්තක් නම් තමයි "නාලක"
ඒ වුණත් හංදිය පහුකර
උඹේ ඇස්දෙක දිහා බලාගෙන
බඩක් උස්සන් ක්ලිනික් යන්නට
කියාපන් දෙවියනි පුලුවන්ද මට
~ දිස් ඊස් නොට් රයිටර් ~
Friday, September 22, 2017
Wednesday, September 20, 2017
S + M
දත් මිටි කාගෙන හිටියේ මම. ඔව් මං හිතෙන් ගණන් කළා. හරියටම ඒ හයවෙනි වතාව. බස් එකක, ෆිල්ම් හෝල් එකක ත්‍රි වීල් එකක හරි මොන බඩකඩිත්තුවක හරි එකට යද්දී, ඉද්දි මොන කෙල්ලද කැමති තමන් ආදරේ කරන එකා තමන්ගේ ඇස් දෙකෙන් මිදිලා වෙන වෙන ඒවා දිහා බලනවට. ඇරත් කෙල්ලෙක් දිහා හරි ගෑනියෙක් දිහා හරි බැලුවනම් හොඳවයින් දෙකක් කියලා අඩව්වක් අල්ලන්න තිබුණා. ඇරත් ඒ එදා අපේ පළවෙනි නිල හමුවීම. ඉස්කෝලේ තැන් තැන් වල කලින් හම්බ වෙලා තිබුනත් ස්කොලෙන් පිට මුණගැහෙන පලවෙනි වතාව.
දෙකේ ලේන් එක ඉවර වුණාම තියන ඉඩම පිටිපස්සෙ කනත්තේ, මිනී භුමදානේ කරන්න කලින් ගෙනත් පැන් වඩන මඩුවේ, ඇති තරම් ඉඩ තියනවා කියලා එතනදී හම්බෙමු කියලයි එයා මට කිව්වේ. මොන ඉලව්වක්ද !
පොඩි එවුන් ලොකු වෙච්ච දාක උං අහද්දී අම්මයි තාත්තයි ඉස්සෙල්ලම හම්බුනේ කොහෙදිද කියල, කටක් ඇරලා කියන්නවත් පුලුවන් තැනක්ද කනත්ත කියන්නෙ.
මැස්සෙක් ! මැස්සෙක් හින්දා මින්හෙක්ට මෙච්චර නොසන්සුන් වෙන්න පුලුවන්ද...? ජීවිතේ පළවෙනි පාර නිසා කියල හිතලා මං ඉවසන් ඉන්න තීරණය කළා. ඇයි පිරිමියෙක්ට, ඒ වගේ ලස්සන දවසකදිවත් ටිකක් හිතලවත් සීරියස් වෙන්න බැරි.
බස් එකේ පිටිපස්සෙම සීට් එකේ, මම වීදුරුව පැත්තේ. "ස්පයික්" ඔව් එයා හිටියේ මගේ දකුණු අත පැත්තේ. එයාට එහායින් ඕනනම් දෙන්නෙක් ඉන්න ඇති. බස් එකේ සෙනග නෑ, අඩුයි. දවස් ගානක් බඩගින්නේ හිටපු කටුස්සෙක් වගේ ස්පයික් අර මැස්සට කුරුමානම් අල්ලනවා ඒ මිනිස්සුත් බලාගෙන. මොන විකාරයක්ද මේ?. පිස්සෙක් !
යාලුවෙන්න අහ අහ පස්සෙන් ආව දවස්වල මගේ හිතේ ස්පයික් ගැන අබමල් රේණුවක අදහසක්, පැහැදීමක් තිබුනේම නෑ. හොටු නාවර පෙරාගෙන, අපිරිසිදු ඇඳුම් ඇඳගෙන ආපු එයා ගාවින් එන දාඩිය ගඳ මට අප්පිරියයි, අපුලයි. ස්කොලේ පන්ති පටන් ගන්න කලින් උදේ යාළුවො එක්ක ඇති පදම් නටල නටලා, දවසක් බෙල් එක ගහන වෙලාවට පන්තියට දුවගෙන ආවේ දොරකඩ ගාව හිටපු මාව තල්ලු කරගෙන. මදනයා ගහපු ඇතා වගේ කුලප්පු වෙලා මාව පහු කරන් ගිය ස්පයික් ආපහු හැරිලා මගේ දිහාට ආව. ඉහින් කනින් බේරෙන දාඩියයි, සපත්තු ගඳයි... ෂික්.! හිරිකිතයි !
නසරානියා... මාව කොන්ඩෙන් ඇදගෙන ගිහින් කළු ලෑල්ලටයි උගේ ඇඟටයි මැද්දෙන් තියලා මාව හිර කරලා තද කරලා, මහ අවලං හිනාවක් දැම්මා. සුදු කමිසේ බත් වෙන්න දාඩිය දාලා, ඒ මදිවට හපුටු ගඳයි දාඩිය ගඳයි මේස් ගඳයි. වේදනාවට වඩා අප්පිරියාවට මට කඳුළු පනින්න ආවා. මම දත් කාගෙන ඉඳලා ගුලිවෙලා එක පාරට පාත් වෙලා උගේ ග්‍රහනෙන් මිදුනා.. මිනිහට පුදුම හිතෙන්න ඇති.
මං කනට ගහන්න නෙමෙයි හිටියේ. හිතා ගන්න බෑ කොහේ තිබුන ආවේගයක්ද කියලා.. මං හිතන්නේ ගිණිකඳු පිපිරෙන්නෙත් එහෙම වෙන්නැති. උගේ ග්‍රහනෙන් මිදිච්ච මම ඉස්සෙල්ලම කලේ වටයක් කැරකිලා ඌ ගාවට ඇවිත් අත පුරවලා රත් වෙන්න කන අතගාපු එක. මිනිහා හීනෙකින්වත් බලාපොරොත්තු වෙන්න නැතිව ඇති ඒ මොහොත. කම්මුලේ අඩුම තරමේ ඇඟිලි දෙකක වැවිරියක් නම් හිටින්න ඇති. මිනිහගේ කම්මුලෙන් මගේ අත නිදහස්වුණ ඇසිල්ලක තප්පරේ ඉඳන් අත පුපුරු ගහන්න ගත්තා.
හිත..? ! නෑ.. ඒක එවලේ පුපුරු ගැහුවද කෑ ගහල මොනා හරි කිව්වද කියල මං මොකටද කාටවත් කියන්නේ. ජීවිතේ මිනිස්සුන්ට රහස් තියෙන්න ඕන. මිනිස්සු ඒ රහස් රකින්න ඕන. පොඩි කාලේ ඉඳන් එහෙම රහස් මවාගෙන රකින පුරුද්දක් මට තිබුණා. .
එදා මගේ උපන්දිනේ. ජීවිතේට උපන්දිනේට කියලා තෑග්ගක්, සුබ පැතුමක් හම්බවෙලා තිබුනේ නැති මට, පුදුම වෙන්න තරම් සහ ජීවිත කාලෙම අමතක නොවෙන විදිහේ සිද්දියක් වුනා. ගෙදර මිනිස්සුන්ටත් අමතක වෙන ඒ දවසෙත් වෙනද වගේම මම ස්කොලේ ආවා. දහය පහුවෙලා විනාඩි පහ හයක් ගතවෙන්න ඇති. හිස් පීරියඩ් එකක්. මගේ ඩෙස්ක් එක උඩට පිටිපස්සේ ඉඳන් ආපු ටෙනිස් බෝලයක් විතර ලොකු කඩදාසි ගුලියක් ඔලුවේ වැදීගෙන, කකුල් දෙක ගාවට වැටුණා. මොන හේතුවකටද මංදා මට ඒක අරං ලෙහන්න හිතුනා.
පොඩි කරපු ෆුල්ස්කැප් කොළ පහක් විතර එක පිට එක ඔතලා තිබුණා ගුලියක් විදිහට. මං හීන් සීරුවේ ලෙහුවා. තුන් වෙනි කොලේ නම් ටිකක් කහ ගැහිච්ච එකක්. බිම තිබිල සපත්තුවලට පෑගුන ඒකෙ සපත්තු අඩි ලකුණු පවා තිබුනා. මට නහයට ස්පයික්ගේ සපත්තු ගඳ දැනුණා..!
අන්තිම කොලේ ලෙහද්දී තද රතු පාට සිලි සිලි බෑග් කෑල්ලක දාපු කඩදාසියකින් ඔතපු මොකක් හරි දෙයක් මගේ අතට අහු වුණා. මං ඕනකමින් ගැටේ ලෙහලා බැලුවා. මැරිච්ච කැරපොත්තෝ ජෝඩුවක් !. එකෙක් සුදුම සුදුයි, අනිකා සාමාන්‍ය එකෙක්.. උන් දෙන්නව සිගරට් පැකට් එකකින් ගත්තු ඊයං කොලේක ඔතලා තිබුණේ.
ඕනේ තැනක දිවුරලා කියන්න පුළුවන් කැරපොත්තෝ දැකලා මං අප්පිරියාවෙන් කෑගැහුවේවත්, බයේ නැගිටලා දිව්වෙවත් නෑ. හේතුව, සාම්ප්‍රදායික ගෑනුන්ට තියන කෘමි සත්තුන්ට තියෙන බය මට පොඩි කාලේ ඉඳන් තිබුනේ නෑ. ඒ ගැන පුදුම වෙන්න තරම්වත් ඒ ඇයි කියලා හොයල ආඩම්බර වෙන්න තරම්වවත් සමීප කෙනෙක් මගේ ජීවිතේ හිටියේ නෑ. කොටින්ම ඒක මට, ගෙදර හැමෝටම සාමාන්‍ය සරල කාරණයක්.
අර ඊයම් කොලේ. මට ඒක අනික් පැත්ත පෙරලලා නිකමට බලන්න හිතුනා. බලන්න හිතුනද , ඉබේ බැලුනද ?. ම්ම් නෑ ඕනෑකමින් බැලුවේ.
ඉවර වෙන්න කිට්ටු ලා නිල්පාට බෝල්පොයින්ට් පෑනකින්, කැත අකුරෙන්, කැඩී කැඩී ඉහිරුණු තීන්තෙන් "හැපී බර්ත් ඩේ" කියලා විතරක් ලියලා තිබුණා. කාටද කියලා කිසිම ආමන්ත්‍රණයක් තිබුනේ නැති ඒකේ අකුරු පේලිය යටින් from SPK කියලා තිබුණා..!
ස්පයික් ! නසරානියා..!!
සුබ පැතුම ඉංග්‍රීසියෙන් තිබුණේ. Birth වෙනුවට Brith කියල වරද්දලා.මට හිනා යන්න ආවත්, ඒක මගේ ජීවිතේ සැළකිය යුතු අති සුවිශේෂි මොහොතක් හින්දත් මිනී කන යක්ෂයකුට වුණත් ඒවගේ දවසක මාව මතක් වෙන එකත් මට ලොකු දෙයක්. මම අමාරුවෙන් ඒ හිනාව ගිලගත්තා. යටි හිත මෙහෙයවපු අණ කිරීමක් නිසාද මං එහෙම කළේ කියලා හරියට මතකයක් නෑ.
SPK , SPK , SPK , මේ මොන විකාරයක්ද. ඇයි මං ඒ අකුරු මිමුණුවේ. ඇයි මං ඒ විදිහට හැසිරුනේ. හිත එවලේ කෑ ගහලමොන දේ කිව්වත් ඒ මොනාද කියලා කාටවත් කියන්න මං කැමති නෑ. ඒක රහසක් !
ඊයං කොලෙන් ආපු දුම්කොළ ගඳත්, කැරපොතු ගඳත් එක්ක නහය හාරපු ඒ විකාර කුයිලේ, ඒ දවස ගෙවිල ගිහිං දවස් ගානකට පස්සෙත් ටිකෙන් ටික හිත හාරන්න ගත්ත හේතුවට උත්තරේ ලැබුණේ දවස් ගානක් ගිහින්.
ඒ උත්තරේ ලැබෙන්න කලින් මං කළේ හොරෙන් හොරෙන් ගෙදර කවුරුත් නැති වෙලාවක ඒ ඊයම් කොල කෑල්ල ඉඹ ඉඹ බලපු එක. එහෙම කරලා ඒක පපුව උඩ තියන් මං අහවල් දෙයක් කල්පනා කරාද. මනස්ගාත !
මොනවා කල්පනා කරත් ඒ පරිච්ඡේදෙ අතිශය පුද්ගලික රහසක් විදිහට මගේ රහස් ගබඩාවෙම මුල්ලක රහස් ගොන්න අතරේ හංගගත්තා. සිගරට් දුම්කොළ ගඳත්, කැරපොතු ගඳත් අස්සෙන් මට ස්පයිගේ දාඩිය ගඳ, සපත්තු ගඳ දැනෙන්න ගත්ත.. මට ඔල්මාදේ හැදීගෙන එනවද..!
ගෑණියෙක්ට ආදරෙන් බැඳෙන්න මහා ලොකු දෙයක් ඕන නෑ. ආදරෙන් එකම එක වචනයක් කියනවනම් කෙල්ලෙක් අවතාරයක් එක්ක වුණත් යාලුවෙයි.
මොන මගුලක්ද ගෑනු ඒ තරම් බොළඳයිද ? එතකොට මම ? මටත් වෙන්නේ ඒකද ? මං බොළඳයි ද? හඩු ගඳ ගහන කිසි කමකට නැති එකෙක් එක්ක ආදරයක් පටන් ගන්න. මට පිස්සුද ?
-----------------------------------------------------------
බරාරාරාරාස් ! ගාල බස් එක බ්රේක් පාරක් ගැහුවා පාරේ මැද... හත්වෙනි වතාවට ස්පයික් සාර්ථකයි. කුරුමානම් අල්ලමින් හිටපු ස්පයික් ඒ ඇසිල්ලට සීට් එක ඉස්සරහ වීදුරුවේ වහල හිටිය මැස්සාට කඩාගෙන පැන්නා. ස්පයික් ඌව ඇඟිලිවලින් පොඩි කරලා ජනේලෙන් එලියට විසික් කළා.
"ඌ ඔයාගේ ඇඟේ වහන්ඩ කුරුමානම් ඇල්ලුවේ, මං හිතුවා කොයි වෙලාවක හරි ඔයාට විදියි කියල, උං විසයි.. කෑවම පලු දානවා"
කෙල්ලෙක්ගේ ජීවිතේ රහසක් විදිහට තියාගෙන ආයේ ආයේ මතක් කර කර විඳින්න ඕන හැඟීමක්, මගේ ඇඟට අලුතෙන් ලේ පොම්ප කරනවා වගේ දැනුණා.
මං මුකුත් කියන්නේ නැතුව වීදුරුවෙන් එළිය බලාගෙනම ඒ වීදුරුවෙම තිබිච්ච දුවිලිවල
ඇඟිල්ලෙන් S + M කියලා ලිව්වා.. ඒ අපේ නම්වල මුල් අකුරු.
Friday, September 15, 2017
"ඇයි"
වීදිය තෙත බරිතය. මා වඩාත් ප්‍රිය කරන ලා අඳුරු පැහැයට හුරු කාලගුණයත්,
වළාකුලෙන් අහස බරවී, පහත් වූ ගතියත් හැරුණු කොට, පොළවෙන් ආ තෙත කුයිලය,
පැවැති මන්දාලොකය හා මුසුව ගෙන එනු ලැබූ සුපැහැදිලි වෙනසක් හාත්පස පෙනෙන්නට
තිබිණි. ඉකුත් පැය කිහිපයකට පෙර ඇදහැළුණු වර්ෂාවෙහි සිහිලස, ඒ වනවිටත්
මුලුමනින්ම පාහේ පරිසරයෙන් පහව ගොස් තිබුණේ නැත.
සැළකිය යුතු දුරක්
ඇවිද ඒමෙන් වෙහෙසට පත් වූ බවක් පෙනෙන්නට තිබු ඇගේ සිරුරෙන් විහිදුණු
සියුම් උණුසුමක නොපෙනෙන රැස් දහරාවක්, දහදිය සුවඳද එක්ව මුසුවූ විලවුන්
සුවඳක් සමග විහිදෙන්නට විය. මාගේ 'පෙණහළු තුළට ආශ්වාස වාතය පිරීමෙන් හා
පිටවීමෙන් සිදුවන අනිච්චානුගතවූ ස්වභාවික රටාව, කිහිපවරක්ම මා හිතාමතා
කඩාකප්පල් කර බිඳ දැමුවෙමි. ම'නාස්පුඩු අග වැදී ස්වාශනාලය හරහා ගොස්
රුධිරයට සම්මිශ්‍ර වූ, ඒ ආමෝදයෙන් ජනිතවූ, මිහිරි සෞන්දර්යාත්මක හැඟුමකින්
මා මත් වී උන්නෙමි.
මාගේ
දකුණතෙහි දබරඇඟිල්ල වටා, ඈගේ වමතෙහි අතැඟිලි එතී තිබිණ. පරිබාහිරව බැලූ
බැල්මටම, ගිලිහී යාමට ආසන්නව, නොසැලකිල්ලෙන් අල්වාගෙන හිඳිනා සෙයක්
දිස්වෙනමුදු, අප එකිනෙකා හා බැඳී හුන් අදිසි හුය, ඊට හාත්පසින් වෙනස්වූත්
ඉතා ශක්තිමත්වූත් එකක් බව හඟින ලෙස, මා හදවත මෙහෙය වූවෙමි. එසේම තව දුරටත්
එය තර්ජනාත්මක විධානයකින් නොවිය යුත්තක් යැයි සිතන්නට,
ම'අභ්‍යන්තරයෙන් පැන නැග ආ ප්‍රතිරෝධ බලයක් විසින් මා සිතිවිලි මෙහෙයවන ලදී.
කොයියම්ම මොහොතක හෝ ප්‍රේමය, ම'වෙතින් ගිලිහී යා හැකිනේදෝ'යි යන, සාධාරණ සැකයක් නිරන්තරව මසිත විය. අතීතය විසින් සපයන ලද ඌණ පුර්ණිත ජීවනාත්දැකීම් විසින් උසි ගන්වන ලද විලෝපිය යක්ෂ සිරුරු, එ'මොහොත වනවිටත් කඩා වැද, මා අඩපණ වූ සත්වයෙක් බවට පත්කර තබන්නට සමත් වී තිබිණ.
මට සමාන්තරව ලාලිත්‍යකට ඇවිදිමින් හිඳින ඈගේ ඉඟටිය විටෙක මාගේ බඳෙහි වැදෙයි, එකෙණෙහි නිරායාසයෙන් මට ඈ දෙස බැලෙයි. එසේ බලා හිඳිනා මොහොතක් බොහෝ විට දිගු වෙලාවක් පවතියි.
ඈ විසින් හදිසියේ අනපේක්ෂිතව ග්‍රහණය කර ගන්නා එවන් මොහොතක, ඈ වහා හිස හරවා නිහඬ සංඥා බසින් "ඇයි" යනුවෙන් විමසයි. එවිට ඈගේ දෙතොල දෙපසට ඇදී, ඒ මත සංවෘත මන්දස්මිතයක් ඇඳෙයි, ඇස් සිහින් වෙයි. දෙවුර මදක් හැකිලෙයි. ඉනික්බිති ඈගේ මුහුණ මත, මා කවදත් දැකීමට ඉතා ප්‍රිය කරනා හැඟීම් සමුදායක් තටු ගසා ඉගිලෙන්නට තතනනු පෙනෙයි. එ'සියලු හැඟීම් චිත්‍රණය කළ, සියුම් කෝමළ රේඛා, ඉතා ගිජු බවකින් ඩැහැ ගන්නට ම'මනස සැදී පැහැදී හිඳියි.
ඈ එසේ කිහිප වරක් "ඇයි" දැයි යන්න විමසා ප්‍රශ්න කිරීම නතර වන්නේ, මා ඈ මෙන්ම ගොළු බසින් "මුකුත් නැහැ" යනුවෙන් පිළිතුරු ලෙස හිස දෙපසට සැලීමෙන් අනතුරුවය. පිළිතුර බාරගත්තා යැයි හැඟවීමට ඈ අල්වාගෙන හිඳින ම'දබරඇඟිල්ල තදින් මිරිකයි.
එවන් වූ මොහොතක පැහැදිලිව සන්නිවේදනය කරගත නොහැකි වියළි හැඟීමකින් මා පීඩාවට පත්වෙයි. ඉතා දැඩිව ඈ වැළඳ ගැනීමටත්, එක මිටකට ගෙන, ළය මැද තැනෙක සුරක්ෂිතව සඟවා ගත යුතුය'යි වැනි, උමතු ආශාවකිනුන් මා පෙළෙයි..
ප්‍ර්‍රේමය හටගත්තේ කවදාදැයි, කොතනකදැයි, එය කුමන පැහැයක් දැයි, ප්‍රේමයෙහි ඵල නෙලාගැනීමෙන් එහි ජීව ගුණය පිරිහෙන්නේයයි, වැනි සාම්ප්‍රදායික, බහුබූත, මනස්ගාත එවන් වූ මොහොතක සිහියට එළැඹීමත්, අතිශය බොළඳ ප්‍රේම ගීයක පදපෙලක් යටි සිතෙහි නොකඩවා මැතිරුමක් ලෙස ගායනය වීමත් ගැන මා වදවන අතරතුර, ඒ කිසිවක් නොහැඟෙන, නොතේරෙන ලෙස ඈ පියවර තබයි..
ප්‍රේමය හටගත්තේ කොතැනකද, නිතැතින්ම ඊට ඉතාමත් යාබද නිමේෂයකදී එය නිශේධ වීමක පළමු පියවර එළැඹෙනු ඇතැයි, කොහේ හෝ කියැවූ ඡේදයක කොටසක් මට සිහිවෙයි.
කොයියම්ම මොහොතක හෝ ප්‍රේමය, ම'වෙතින් ගිලිහී යා හැකිනේදෝ'යි යන, සාධාරණ සැකයක් නිරන්තරව මසිත විය. අතීතය විසින් සපයන ලද ඌණ පුර්ණිත ජීවනාත්දැකීම් විසින් උසි ගන්වන ලද විලෝපිය යක්ෂ සිරුරු, එ'මොහොත වනවිටත් කඩා වැද, මා අඩපණ වූ සත්වයෙක් බවට පත්කර තබන්නට සමත් වී තිබිණ.
මට සමාන්තරව ලාලිත්‍යකට ඇවිදිමින් හිඳින ඈගේ ඉඟටිය විටෙක මාගේ බඳෙහි වැදෙයි, එකෙණෙහි නිරායාසයෙන් මට ඈ දෙස බැලෙයි. එසේ බලා හිඳිනා මොහොතක් බොහෝ විට දිගු වෙලාවක් පවතියි.
ඈ විසින් හදිසියේ අනපේක්ෂිතව ග්‍රහණය කර ගන්නා එවන් මොහොතක, ඈ වහා හිස හරවා නිහඬ සංඥා බසින් "ඇයි" යනුවෙන් විමසයි. එවිට ඈගේ දෙතොල දෙපසට ඇදී, ඒ මත සංවෘත මන්දස්මිතයක් ඇඳෙයි, ඇස් සිහින් වෙයි. දෙවුර මදක් හැකිලෙයි. ඉනික්බිති ඈගේ මුහුණ මත, මා කවදත් දැකීමට ඉතා ප්‍රිය කරනා හැඟීම් සමුදායක් තටු ගසා ඉගිලෙන්නට තතනනු පෙනෙයි. එ'සියලු හැඟීම් චිත්‍රණය කළ, සියුම් කෝමළ රේඛා, ඉතා ගිජු බවකින් ඩැහැ ගන්නට ම'මනස සැදී පැහැදී හිඳියි.
ඈ එසේ කිහිප වරක් "ඇයි" දැයි යන්න විමසා ප්‍රශ්න කිරීම නතර වන්නේ, මා ඈ මෙන්ම ගොළු බසින් "මුකුත් නැහැ" යනුවෙන් පිළිතුරු ලෙස හිස දෙපසට සැලීමෙන් අනතුරුවය. පිළිතුර බාරගත්තා යැයි හැඟවීමට ඈ අල්වාගෙන හිඳින ම'දබරඇඟිල්ල තදින් මිරිකයි.
එවන් වූ මොහොතක පැහැදිලිව සන්නිවේදනය කරගත නොහැකි වියළි හැඟීමකින් මා පීඩාවට පත්වෙයි. ඉතා දැඩිව ඈ වැළඳ ගැනීමටත්, එක මිටකට ගෙන, ළය මැද තැනෙක සුරක්ෂිතව සඟවා ගත යුතුය'යි වැනි, උමතු ආශාවකිනුන් මා පෙළෙයි..
ප්‍ර්‍රේමය හටගත්තේ කවදාදැයි, කොතනකදැයි, එය කුමන පැහැයක් දැයි, ප්‍රේමයෙහි ඵල නෙලාගැනීමෙන් එහි ජීව ගුණය පිරිහෙන්නේයයි, වැනි සාම්ප්‍රදායික, බහුබූත, මනස්ගාත එවන් වූ මොහොතක සිහියට එළැඹීමත්, අතිශය බොළඳ ප්‍රේම ගීයක පදපෙලක් යටි සිතෙහි නොකඩවා මැතිරුමක් ලෙස ගායනය වීමත් ගැන මා වදවන අතරතුර, ඒ කිසිවක් නොහැඟෙන, නොතේරෙන ලෙස ඈ පියවර තබයි..
ප්‍රේමය හටගත්තේ කොතැනකද, නිතැතින්ම ඊට ඉතාමත් යාබද නිමේෂයකදී එය නිශේධ වීමක පළමු පියවර එළැඹෙනු ඇතැයි, කොහේ හෝ කියැවූ ඡේදයක කොටසක් මට සිහිවෙයි.
~ ඉන්සේන් රයිටර් ~
Wednesday, August 23, 2017
කවිද, මමද ?
සියළු තත් බිඳ,
කිසි දොසක්
නොනගන්න,
වීණාව වැරදි නැත,
මියුරු ස්වර
නොවැයීම ගැන,
කිසි දොසක්
නොනගන්න,
වීණාව වැරදි නැත,
මියුරු ස්වර
නොවැයීම ගැන,
යුෂ්මතිය ඔබ,
වැරදිකාරියද
නිවැරදිකාරියද,
කවියෙකුට කවි
අහිමි කරලීම
සම්බන්ධව,
වැරදිකාරියද
නිවැරදිකාරියද,
කවියෙකුට කවි
අහිමි කරලීම
සම්බන්ධව,
ස්වාමිනි ගරු,
ඔහු පැටැලුනේ
ඇස්වල,
ඉනික්බිති,
හදවතේ මැද,
ඔහු පැටැලුනේ
ඇස්වල,
ඉනික්බිති,
හදවතේ මැද,
කොයි ගෑණිටද
පුළුවන්,
ආදරේ බෙදා ගන්න,
පුළුවන්,
ආදරේ බෙදා ගන්න,
ස්වාමීනි ඔහු,
තීරණයක්
ගත යුතුව ඇත,
අදින් පසු,
කවිද, මමද ?
තීරණයක්
ගත යුතුව ඇත,
අදින් පසු,
කවිද, මමද ?
~ ව(ර්)ඩික්ටඩ් රයිටර් ~
Polluted Love | a Tired Kiss
දුම් දූලි දැලි
වැකුණු
ලයිට් කණුවල ලැග,
කුස ගින්දරෙන්
මර හඬ දෙති,
ලයිට් කණුවල ලැග,
කුස ගින්දරෙන්
මර හඬ දෙති,
කැහැටු කේඩෑරි
සිරුරක් හිමි,
වාචාල ගති ඇති
කාකයින් රැළ,
"ප්‍රේමියෙනි, අල්වා ගනු මැන
වැරෙන්, වැරෙන් මගෙ අත"
වැරෙන්, වැරෙන් මගෙ අත"
වසුරු පාවඩ
මතින් පියවර,
සොඳුර අර බලනු
මඩ පැහැති දියවර,
විස වැකුණු හුළඟින්
ළය පිරී පිපිරෙන'තර,
බේරේ වැව පිස හමා යයි
කොන්ක්‍රිට් බිල්ඩිමක ප්‍රාණය,
ළය පිරී පිපිරෙන'තර,
බේරේ වැව පිස හමා යයි
කොන්ක්‍රිට් බිල්ඩිමක ප්‍රාණය,
කාබන් රැස්
වළල්ලක් මැද,
කහ ඉර මියැදුණේ නම්
අදක, ඊයෙක,
කහ ඉර මියැදුණේ නම්
අදක, ඊයෙක,
දැදුරු වූ
ඕසෝන් වියන යට හිඳ,
සියක් දහසක් දෑස් මග හැර,
විඩාපත් ඔබේ නළල් තල මත
ධූලි සූඳැති හාද්දකටය අවසර...
සියක් දහසක් දෑස් මග හැර,
විඩාපත් ඔබේ නළල් තල මත
ධූලි සූඳැති හාද්දකටය අවසර...
~ පොලියුටඩ් රයිටර් ~
Subscribe to:
Posts (Atom)








