Wednesday, August 1, 2012

"ෆේමස් රයිටර් මං" හා "මට අයිති නැති හිත"

 මට අයිති නැති මේ හිත පුරා
හොරෙන් කවියක් කුරුටු ගා
පද පේලි අමුණා හැඩ දමා
සිහින් ස්වරයෙන් මිමිනුවා

අහිමි කරගෙන තනුව ජීවිතේ
ඇවිද යමි නුඹ නැති මාවතේ
විහින් සිරකර හැඟුමන් ලයේ
විඳවන්න වෙන බැව් දනිමි මතුභවේ

  
සංසාර පුරුද්දට සෙනෙහසේ
ඇස් ගාව හිඳින්නට පිං නැතේ
යදම් බැඳලු සිත් ඉමේ 
නොයිඳ විගහින් යනු මැනේ

වෙනමම :

මොකක් හරි සීන් කොන් එකක් හින්ද, බ්ලොග් එක කියවන පිරිස අම්බානක අඩු වෙලා, එක්කෝ මං ලියන එව්වයේ රහක් නැතුවද, එහෙම නැත්තම් අන්තර්ජාතික කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්ද, එහෙමත් නැත්තම් මගේ අපල කාලයක්ද කියල හිත හිත ඉන්නකොට හිතට මෙන්ම ගතට කික් එකක් දැනෙන මාතෘකාවක් ගැන ලියන්නවත් ඕනේ කියල ටොපික් එකක් හොයා හොයා ඉන්නකොට මතක් වුනා " ඇයි දෙයියනේ මේ මං හොඳ මාතෘකාවක්නේ" කියල.  දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ...ඔය තියෙන්නේ, මම හිතෙන් හිතන් ඉන්නේ මම හෙන "ෆේමස් රයිටර්" කෙනෙක් කියලනේ.  අහන දකින එවුන්ගෙන් අහනවා ,
"මචන් මං බ්ලොග් එකක් ලියනවා දන්නවද" කියල
උන් හැරෙන තැපෑලෙන් අහනකොට
"ඇඃ උඹ බ්ලොග් ලියනවද" කියල, දිව හපාගෙන මැරෙන්න හිතෙනවා. අපේ ගමේ උන්ට මං බ්ලොගක් ලියනවා කියල කට කැඩෙනකන් කිව්වත් උන් නෙමෙයි විශ්වාස කරන්නේ. උන්ට තේරුම් කරලා දෙනවට වඩා හොඳයි පාරේ ඉන්න හිඟන්නෙකුට හෝඩිය උගන්වනවා.
උන් හිඟාකෑම අතැරලා හෝඩිපොත් හරි විකුණයි.


ජීවිතේ මේ දවස් වල ටිකක් ගල් බනිසුයි කිරි හොදියි වගේ වෙලා තියෙද්දී අර "තනිකම" කියන එක මාව මරාගෙන කන්න හදද්දී උඹලගේ/අක්කලාගේ අයියලාගේ බ්ලොග් වලට ගොඩවෙලා තමයි පොඩ්ඩක් හරි මූඩ් එක ෆික්ස් කරගන්නේ. ඉතින් උඹලගේ බ්ලොග් කික් එකේ නැගල යද්දී ඇයි දෙවියනේ මගේ එකට හිට් ටිකක් ගන්න බැරි කියල හිතෙනකොට කඳුළු කැට හෝ ගාල කඩා වැටෙනවා.
ඇයි ඉතින් මං හිතන් ඉන්නේ මම හෙන "ෆෙමස් රයිටර්" කියලනේ.
  
ජිල්බෝල හොද්දක් වගේ වෙලා තිබ්බ සිතුවිලි අස්සේ සෙල්ලම් කර කර ඉන්නකොට
තමයි මඩියා හෙවත් මඩිස්සලේ නිශාන් බ්ලොග් එක හිට් කරගන්න විදිහක් ගැන කියල තිබ්බේ. ඒවත් ආදර්ශෙට අරගෙන ඔන්න ළඟදීම ඉඳන් ලියවෙන "ෆේමස් රයිටර් මං" සීරිස් එක කියවන්න කැමති කට්ටිය අත උස්සන්න බලන්න...........!!! ආ...... දැන් අත පාත්දාල හොඳ ළමයි වගේ ඒක පාතින් ලියල යන්න..
කවි, කෙටිකතා විතරක් ලියල නිකන් හෙන ශාස්ත්‍රීය පොරක් වෙන්න මට බෑ අප්පා. මට ඕනේ මික්ස් පොරක් වෙන්න. ඔන්න උඹලත් මට හෙල්ප් කරන්ඩ ඕනේ හොඳේ !!
මගේ හීනේ හැබෑ කරගන්න...

මගේ "ෆේමස් රයිටර්" හීනේ

ලස්සනට කරගෙන ආව බ්ලොග් එක වනවෙයිද මන්ද

  
  

57 comments:

  1. හ්ම්ම්ම්.... මම අද තමා පැතුම් හෙවත් "ෆේමස් රයිටර්"ව බලන්න ආවේ.. ඒ සීරිස් එකෙන්ම පටන ගමුකො දිගටම කියවන්න.. ජය වේවා.. :)

    ReplyDelete
    Replies
    1. එල කිරි..!! ටච් එකේම ඉන්නකෝ. අපි බලමුකෝ මේ වැඩේ හරි යයිද කියල

      Delete
  2. මම අත උස්සගෙන ඉන්නෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හා හා උස්සගෙනම ඉන්න එපෝ. පාත්දාන්නෝ

      Delete
  3. මේ මමත් අත උස්සගෙන ඉන්නෙ!!
    (තමාටම) කඳුලු කැට කඩා වැ‍ටුනා ඒක කියවලා.. ඉහි.. ඉහි..!!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. දුක හිතෙනවනෙ අප්පා ඒකයි කඳුළු !

      Delete
  4. හි හී ඔන්න මම අත් දෙකම උස්සනවා හොදේ, ඉකමන්ටම ඔය සීරීස් එක පටන් ගන්න බලන්න එහෙනම්

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්...ඉන්නකෝ පොඩ්ඩක් එහෙනම් ට්‍රයි කරලා බලන්න

      Delete
  5. ඕං කකුලුත් එක්ක උස්සන් ඉන්නේ ඈ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. වරදවා හිතන්ඩ කාරි නෑ රජතුමනි, උඹ හරියටම ඉන්න විදිය කියනවද පොඩ්ඩක්. අත් කකුල් ඔක්කොම එකපාර උස්සගෙන ඉන්න මමත් ආසයි ඕං...

      Delete
    2. රජ තුමනි මුත්‍ර බරකද ඉන්නේ..

      Delete
    3. බොල අසරණයො, මුත්‍රා බරක් නම් එක කකුලයි නේද උස්සන්නෙ රජවරු? මූ තියෙන කකුල් ඔක්කොම උස්සං ඉන්නෙ!
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    4. හෙහ් හෙහ් හෙහ්. කකුල් ඔක්කම උස්සන් ඉන්නේ කොහොමද අප්පා. රජවරුන්ට ලැබෙන වරප්‍රසාදයක්ද දන්නේ නෑ. වරයක් වගේ එකක්

      Delete
  6. කොහොමත් සමහර කාලවල බ්ලොග් බලන්නන් ගාන අඩු වෙලා යනවා....ඒක හැටි....

    ReplyDelete
    Replies
    1. ගස්වලත් හැමදාම ගෙඩි නෑනේ නේද මචෝ. බොරුවට කලබල වෙන්නත් හොඳ නෑ එක අතකට

      Delete
  7. අයියෝ ඔය හිට්ස් බලාන ලියන්න එපා පැතුම්..
    එතකොට හැමදාම කියවන්න එන අපිට මොකද වෙන්නේ..
    අපිව බලාගන්න කවුරුත් නැද්දෝ..

    ReplyDelete
    Replies
    1. ඔයාල හැමදාම එනවනේ. ඒක ලොකු දෙයක්. හිට්ස් බලාගෙන ලියන එකත් වැඩක් නෑ තමයි. එත් ඒකාකාරී බවෙන් මිදෙන්න පොඩිම පොඩි ට්‍රයි එකක් දෙන්නේ.

      Delete
  8. ඕක ගනන් ගන්න එපා මලයා.. කාලෙන් කාලෙට ඕක වෙනස් වෙනවා.. වැදගත් ලියන එක.. මේ අපි එන්නේ මේ පැත්තේ..

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා දිනේෂ් අයියේ. පොඩි වෙනසකට ට්‍රයි එකක් දෙන්නේ

      Delete
  9. කොමෙන්ට් දාන්න බැරි වුනාට හැම පෝස්ට් එකම වගේ මමත් කියවනවා....ගනන් ගන්න එපා....

    ReplyDelete
    Replies
    1. පෙනේද...................!!! ඒකනේ ඒකනේ....කියවන එකත් ලොකු දෙයක්ය මට

      Delete
  10. ජයෙන් ජයම වේවා!!

    ReplyDelete
  11. ඔය හිට් ගාන අඩුවීම මටත් තියෙන ප්‍රශ්නයක් !
    මෙච්චර කාළයක් ලිව්වට මට කවදාවත් හොද හිට් ගානක් ලැබිලා නෑ. :)
    ඒ උනාට මම් නොලිය ඉන්නෙත් නෑ නොකියව ඉන්නෙත් නෑ.. :)

    ReplyDelete
    Replies
    1. අන්න හරි මධුරංග අයියේ. උත්සාහේ අතාරින්න හොඳ නෑ. මමත් මේ දවස් වල ප්‍රගුණ කරගෙන යනවා

      Delete
  12. 'ඇයි දෙවියනේ මගේ එකට හිට් ටිකක් ගන්න බැරි කියල හිතෙනකොට කඳුළු කැට හෝ ගාල කඩා වැටෙනවා.' මේ ටික හිතට දරුනුවටම දැනුනා සහෝ..අනේ මන්ද..ලියන්න ..නවත්තන්න එපා..ඔබේ මුළු හිතෙන්ම ලියන්න..
    සාර්ථකම වෙන්න කියල පතනවා ඔබට! :)

    ReplyDelete
    Replies
    1. සීරියස් ගන්න එපා හිරු...ආටක නාටක විතරයි

      Delete
  13. අඩේ අප්පා, එතකොට මට මොකද වෙන්නෙ උඹ ෆේමස් රයිටර් වුණා ම?

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පේ මමත් මේ පැල් බැඳගෙන කල්පනා කරන්නේ එකම තමයි බං මචෝ

      Delete
  14. මලයා... හිතට දැනෙන දේවල් ලියපං. කෘතිම වෙන්න හදන්න එපා. ලියන දේ හදවතින්ම ලියපං. කියවන්න කට්ටිය එයි. උඹට ජය...!

    ReplyDelete
    Replies
    1. උත්සාහයක් දීල බලනවා ප්‍රදීප් අයියේ මොකක්ද කරන්න පුළුවන් කියල

      Delete
  15. ෆේමස් රයිටර් හදුන්වා දීමේ වැඩසටහන බැලුවා. දැන් ඉතින් ලියපන්. ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. එල කිරි දිගටම ටච් එකේ ඉන්ටකො එහෙනම්. අපි බලමුකෝ මටත් මොනවා හරි කරන්න පුලුවන්ද කියල රෙප් මහත්තයා අයියේ

      Delete
  16. මික්ස් පොරක් වෙනවට මමත් කැමතියි...ජය වේවා :)

    ReplyDelete
  17. ෆේමස් රයිටර් බලන්න ෆේමස් කියවන්නොත් එන්න එපැයි ...

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං. ෆේමස් කියවන්නොත් නැත්තම් ඉතින් රයිටර්ලා අනාතම තමයි

      Delete
  18. අඩේ අයියෙ.. මට දැනුණෙ නෑනේ බං මෙහෙම කේස් එකක්.. පුදුමයි.. ඕං මමත් අත් කකුල් ඉස්සුවා.. ( හතර පාරකට ඉස්සුවෙ ප්‍රදීප් අයියෙ ඈ.. එකට නෙමේ.. :D ) වැඩි විස්තර ප්‍රයිවට් එකේ ඈ.. මාතෘකාවක් හිතට ආවා.. වචන ගැටගහන්න අමාරුයි.. ඒත් කොහොමහරි කියනවා.. කතා කරලම බලමුකෝ...

    ReplyDelete
  19. මම මේ දැන් එක දෙයක් දැක්ක අයියේ.. උඹ බ්ලොග් එක පටං අරගෙන තියෙන්නෙත් මම පටං ගත්ත කාලෙමයි.. මගේ පෝස්ට් 19 යි.. උඹේ පොස්ට් 35 යි.. උඹේ හිට්ස් මේ වෙනකොට 12340.. මගේ හිට්ස් මම හිතන්නෙ 2100 කට ටිකක් වැඩිද කොහෙද.. ( මතක නෑ බං.. :/ ) එතකොට මගේ එක පොස්ට් එකකට හිට්ස් සාමාන්‍ය 110 කට ටිකක් වැඩියි.. උඹේ හිට්ස් සාමාන්‍ය ගනං කරල බැලුවාම 352 කට වැඩියි.. මගේ පෝස්ට් එකකට ආපු වැඩිම කොමෙන්ට්ස් 60 ගානක්.. උඹට වැඩිම කොමෙන්ට්ස් ඇති අනිවා ඊට වඩා.. මොන කෙහෙල්මලක්ද යකෝ ඉතිං..? රෙද්ද.. අහුවෙයංකො තොට කියන්න මම කනේ ඇඟිලි ගහගන්න.. හිකනලා..

    ReplyDelete
    Replies
    1. බට්ටාගේ ගණිත දැනුම මරු ආ සාමාන්‍ය පෙළ ගේමක් නැති වෙන්න ඇති නේද බං ?


      එකනේ එකනේ උඹ කියන විදිහට මම ෆේමස් නේද බං දැන් ?

      Delete
    2. අඩේ ඔය තියෙන්නෙ හිට්ස්.. පෝස්ට් දෙකකට 1000 කට කිට්ටුයිනෙ..
      …මගේ කෙහෙල්මල් ගණිත දැනුම නෙමේ.. කැල් එකේ පිහිටෙන් හැදුවෙ... ;)
      …උඹ ෆේමස් කියල කිව්වෙ නෑ අනික.. මම ඇහුවෙ මෙච්චර හිට්ස් කොමෙන්ට් අරගෙන ඇයි උඹ මෙහෙම කියන්නෙ කියල.. මම කොහොම කියන්න ඕනෙද එහෙමනං..??? :)

      Delete
  20. ඒ මටත් කියපන් ඉතිං කොහොමද ඒ වැඩි කරගන්නේ කියල. මික්ස් පොරක් වෙන එකනම් හොඳයි බැරි කවි ලියන එක නේ.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා හොයා ගත්ත දවසට කියනවා. ලොවෙන් එකෙක් කීප දේකට වෙයි සමත කියල වැකියක් තියනවනේ අසාර් අයියේ.

      Delete
  21. ඔන්න මාත් අත් දෙකම උස්සන් ඉන්නේ ඈ.
    මම හිතන විදියට උඹ ලියන්න කල් ගන්නවා බං.සතියට හතරක් විතර ලියපන් එතකොට කට්ටිය අතරට බ්ලොග් එක යනවා.එතකොට හිට්ස් වැඩි වෙයි.මට මඩියා කියලා මුලින්ම කිව්වේ උඹ තමයි දැන් හැමෝම කියනවා බං සික් ඒක සමහරු මැඩියා ලෙසත් හරවල බං :(.

    ReplyDelete
    Replies
    1. \\කවි, කෙටිකතා විතරක් ලියල නිකන් හෙන ශාස්ත්‍රීය පොරක් වෙන්න මට බෑ අප්පා. මට ඕනේ මික්ස් පොරක් වෙන්න.//

      මම නම් හිතන්නේ මම ඔය උඹ කියන ජාතියේ පොරක්.වරෙන් අපි එක බෝට්ටුවේ යමන්.මට පුළුවන් උපරිම සප් එක දෙන්නම්.

      Delete
    2. හරි හරි ඉතින් මඩියා නම ලස්සනයි බං. හුරතල්.

      හම්බෝ සතියට හතරක් ලියන්න තිබ්බ මගේම කියල ලැපක්වත් තිබුනානම්. බෝස්ගේ පෙට්රෝල් වලින් එච්චර හපන් කමක් කරන්න බෑ මඩියෝ. උපරිම සතියට එකයි. සමහර දාට එකවත් නෑ.


      එල කිරි මචන් එහෙනම් පැදගෙන යමු අනන්තයටම

      Delete
  22. ඔයා ෆේමස් රයිටර් කෙනෙක් තමයි පැතූ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ අනු....කියන්නේ

      Delete
  23. අයියෝ අයියේ මේ යන විදිය මටනම් හොඳටම හොඳයි.මම ආසයි ඔයාගේ අමුතුම කතා කියවන්න මම සෑහෙන්න තෘප්තියක් ලබනවා ඔයාගේ කතා කියවන්න මෙහෙට ගොඩවෙන හැමෝම එහෙමයි මම හිතන විදියට.ඔයා.. ඔයාව නැතිකරගන්නයි යන්නේ අයියේ....

    මම නම් මට වෙච්චි දෙයක් ලියද්දි ගොඩක් වෙලාවට කරන්නේ මම මගෙ යාළුවෙක්ට සිද්ධියක් කියනවා වගේ ලියන එක.ඒ වෙලාවට අපිට කියවෙන වචන ඒ විදියටම ලිව්වම කියවන කෙනාටත් ආසා හිතෙයි කියලා මට හිතුනා.ටිකක් විතර සාර්ථකයි මං හිතන්නේ.ඔයා කතාවක්ම ලියනවා කියන ගතියෙන් ටිකක් පිට පැන්නම ඇති අවශ්‍ය දේට විතරක්.

    කතා ලියන්න ගියාම මට වෙච්චි දේ තමයි ඒ කතාව තුල ජීවත් වෙන්න බැරිවෙච්චි එක.මට උපදෙස් දුන්නු සහෝදර සහෝදරියන් නිසා මම ඒකටත් පුරුදු වුනා.ඒත් ඔයාට එහෙම පුරුදුවෙන්න දෙයක් නෑ.ඔයා කතාවක් ලියද්දි නිකන්ම ඒ චරිතයට ආරූඩ වෙනවා කියලා මට තේරිලා තියෙනවා.එහෙම කරන දෙතුන් දෙනයි මම දැකලා තියෙන්නේ.එක්කෙනෙක් වෙනි අයියා අනික් කෙනා පුංචි කුමාරිහාමිගෙ වලව්ව ලියන අක්කා.මම නම් ඔයාව දකින්නේ හොඳ ලියන්නෙක් විදියට....

    අළුත් වෙනසත් බලමුකෝ හොඳ නරක කියන්න ඒකේ.ජය වේවා අයියේ කොහොම හරි ලියනවනම් එච්චරයි ඕනේ

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ මේ ඇගයීමට ගොඩක් ස්තුතියි මලේ.

      මම පොඩි වෙනසක් කරන්න හිතුවේ ගැමි මල්ලි. මටත් හිතෙනවා චා වෙයි කියල. ඒත් පුරුදු විදිහෙන් සම්පුර්ණයෙන්ම වෙනස් නොවී තමයි ලියන්නේ. මොකද සමහරු හිතන්නේ මම හෙන ගුප්ත ඩයල් එකක් කියල. ඒකයි. මට ඒක පොඩ්ඩක් නිකන් ටින් ටින් වගේ. ඒකයි මෙහෙම කරන්න හැදුවේ. පොඩි උත්සාහයක් විතරයි.

      Delete
  24. ඔයා කැමති විදියට ලියන්න....ඒ වගේම අනෙක් අයගෙ බ්ලොග් වලට ගිහින් කමෙන්ට් එකක් දාලා හිතවත් කම refresh කරගන්න,....හිට් කවුන්ටරේ නියම වේගෙන් කැරකෙයි.

    මම තාම පොස්ට් 3යි දැම්මෙ ඇනෝ ප්‍රහාරයටත් ලක්වුනා. හොදට හිට් වෙන බවත් පේන්න තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇස් වහක් කටවහක් නෑ සුමිත් අයියේ ජය වේවා. පුළුවන් උපරිමෙන් කියවනවා. කමෙන්ට් කරනවා. ඒත් කමෙන්ට් දැම්මොත්නේ කමෙන්ට් හම්බෙන්නේ කියන තර්කෙ උඩ ඉඳන් නෙමෙයි. කියවල හොඳ දේට හොඳයි කියනවා. නරක දේට නරකයි කියනවා.

      Delete
  25. පරක්කු වෙලා හරි ඔන්න මමත් අත ඉස්සුවා හොදේ!!!!

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හරි හරියෝ...මම දැක්කෝ අන්තිමට දුවගෙන දුවගෙන ඇවිත් අතක් උස්සනවා

      Delete
  26. හරිම ලස්සනයි මල්ලි මේ කවිය....
    තවත් මේ වගේ ලස්සන කවි ලියන්න මං ඔයාට සුභ පතනවා....

    ReplyDelete