Monday, March 7, 2016

ඒ තරම් සෙන‍ෙහස


නිවෙන්නට
මොහොතකට
මත්තෙන්ද,
අවසාන තරුව
දෙතොල
තබාගෙනමය
හිටියේ අඳුරට

~ ඩාර්ක් රයිටර් ~

අවසාන තරු හාදු





නිවෙන්නට
මොහොතකට
මත්තෙන්ද,
අවසාන තරුව
දෙතොල
තබාගෙනමය
හිටියේ අඳුරට

~ ඩාර්ක් රයිටර් ~

Sunday, March 6, 2016

සලෙළු කළුවර





සලෙළු කළුවර
තැන තැන
අහුමුළු වල
ගස් යටය
තවමත්
නුරාගී ශ්වේත
සේද මිහිදුම්
සෙව්වන්දියක
තුරුළක

~ මිස්ට් රයිටර් ~

Thursday, January 2, 2014

මඩ පුවක් රසැති චුයින්ගම්

හාත්පස පැතිරිච්ච ඉර එලිය, ලෙසටම කාමරේ ජනෙල් කුරු අස්සෙන් ඇවිත් ඇස් දෙක වැහිලා තිබ්බ පිහාට්ට උඩ පිස්සු කෙලින්ඩ ගත්තායින් සරමේ ගැට්ට හපාගෙන සැප නින්දෙයි මර නින්දෙයි වෙනස අස්සේ ඉඟි බිඟි කර කර හිටපු මං අවාසනාවට වගේ දෛවෝපගතව ඇහැරුනා. මුණ පුරාම සිරියාවට තැවරිලා තිබ්බ කබ මිශ්‍ර කුණුකෙල තට්ටුවට උඩින් වතුර පොඩ්ඩක් ගාගෙන වලං අල්ලන රෙද්ද වගේ වෙච්ච වැලේ වනලා තිබුන තුවායෙන් මුණ පිහද පිහදා සාලේ පැත්තට ආවේ දවස ජීවයෙන් පටන් ගන්න හිතාගෙන.

තරුණ කාලේ කරන්ඩ පුළුවන් ඔක්කොම කුප්පකම් කරලා ඉස්තෝප්පුවට වෙලා බණපොත් කියවන අපේ බාප්පාගේ තාත්තා ඒ කියන්නේ අපේ තාත්තගෙත් තාත්තා, කරුමෙට මගේ සීයා,  කන්නාඩියට අක්කරයක් විතර පාතින් මං දිහා බලලා පොලවට ලම්බ සමච්ඡේදක වෙච්ච මෙසපොතෙමියස් හිනාවක් දැම්මා. ඒ හිනාවෙ යම්කිසි ඇවටියෙල් බවක් තියනවා කියලා මට තේරුනේ උන්දැගේ බොල් කටෙන් පිටවෙච්ච ඊළඟ වාක්කිය ඇහිලා.

"කොල්ලෝ මෙහෙන් ඈඳීගෙන මට විටක් කොටලා දීපංකෝ තරහ නැතුව" සීයා කියපි.

මේ හිරිමල් උදේ පාන්දර තරහ ගන්නැතුව කොහොමද යකෝ සීයේ විට කොටන්නේ. එහෙම හිතුවට,  කිව්වේ නෑ මට තව චිරාත් කාලයක් මේ වහල යට වසන්න ඕනි හින්දා.

"විට කන්ඩ හොඳ නෑ සීයේ පිළිකා හැදෙනවා..දවසට එක මිනිහෙක් මැරෙනවා, හෙට සීයද දන්නේ නෑ..සතියට හතක්, මාසෙට තිහක්, අවුරුද්දට රොම්බ ගානක්.."  මං සීයව බය කරා.

"අනේ පල යන්ඩ කෙප්ප නැතුව...කම්මැලිකමට, වැඩිහිටියෙක්ට සලකන්ඩ දන්නෑ තොපිලා.. උඹලා මගේ මුනුපුරෝ නෙමෙයි වල් ඌරෝ..තුහ්.. නොදකින්!" 

"හෙට අනිද්දා මැරිලා යන්න වයසක ඉන්න සීයා කෙනෙක් කියන කතාද මේ...? සික් අසික්කිත කුපාඩි කතා" මටත් ජුවල් හොඳටම...ඇයි  යකෝ මේ උදේ පාන්දර...

"කොල්ලෝ...එහෙනම් හංදියේ කඩේට අලුත් විට ජාතියක් ඇවිත් තියේ "බුලත්විට රසැති චුයින්ගම්" කියලා.. අනේ පින්සිද්ධ වෙයි මට එයින්  එකක් ගෙන්නෝලා දීපං. උඹට පිං සිද්ධ වෙයි." සීයා තොඳොල් වුණා.

"හැඃ...යකඩෝ ඒ මොනාද ඒ..?" මට මොංගල් වගේ...

"ඒ ඉදිච්ච පැහිච්ච තැලිච්චකම් වලින් වැඩක් නෑ හොඳ එකා වගේ මට ගෙනත් දීපන්කෝ.. මේ මතක් කරලා 'මඩපුවක් රසැති' එක ගෙනෙන් ඈ"

---
සුපුරුදු පරිදි අවුරුද්දේ අන්තිම දවසත් මුස්පේන්තු කරවන්ඩ රම්බා එනවා පේනවා ඈතින්, පස්සට ඔක්ටේන් අනු දෙක ගහලා වගේ පිඹගෙන.

"රයිටර්...වරෙන් යමන්"

"ඈ.. කොහෙද යකෝ"

"අඳනකඩේ බලවගන්න යන්න බං"


"ඈ...අඳනකඩේ බලවගන්න...යමං පලයන් පංසලට.. ගලේ වනලා ඇති ඕනේ තරම්"

"මොන රිලා කුනුහරුපයක්ද තෝ කියන්නේ හැකරල්ලෝ..මේ තියෙන්නේ අඳනකඩේ?" කියලා ඌ සාක්කුවෙන් රවුම් කරපු වේලිච්ච කොලයක් ඇදල අරං පෙන්නුවා.

ඌ කියපු අලුකුත්තේරු කතාව ඇහුණා නම් ලූස් මෝෂන් ටයිප් එකෙක්ට එතනම දෙපාරක් බඩයනවා . මම බොහොම අමාරුවෙන් ඉවසා වදාරා හිටියා.

"යකෝ වේලපත්කඩේ..වේලපත්කඩේ.. තොගේ අඳනකඩේ මගුලක් නෙමෙයි රෙද්ද.."


"ආ.. ආ..ඔව්..ඔව්.. ඒක තමයි..." රම්බා හතරට පහට අම්බරුනා. ලාමක ලජ්ජා සහගත ඉටිකිරිස් හුරතල් තාලෙට හිනා වුණා. මට සීයාගේ විට වංගෙඩියෙන් ඔලුවට තඩිබාගෙන මැරෙන්න හිතුනා.

"....අනේ රයිටර්... යමකෝ හන්දියේ ජෝතිෂ්‍යය පොට් එකට.. පොඩ්ඩක් බලවාගෙන එන්ඩ.. අලුත් අවුරුද්ද ලබන්නේ හෙටනෙ.. අම්මා කීවා පොඩ්ඩක් බලාගෙන වරෙන්ය කියලා."

මේ වගේ අවජාත පජාත මිත්‍රයෝ හින්ද එක විනාඩියක් ගෙදර ඉන්න විදිහක් නෑ..නෙද්දකින්....කොහේ හරි කුදලාගෙන යන්නමයි හදන්නේ.

මම ඇතුලට ගිහිං හම්පඩ වෙච්චි ඩෙනිම දෙපාරක් ඉඹලා එක පාරක් වැඳලා ඇඳගත්තා. මෙලෝ සිහියක් නැතුව වගේ දකුල් දෙකම එක කකුලට දාලා තව පොඩ්ඩෙන් මෙසේ ගැට්ටේ කොනක කන්ගැට්ට වැදිලා සදාතනික සුවයත් ලබනවා..

"අනේ කොල්ලෝ..මතක් කරලා අරවයින් එකක් ගෙනෙන් ඈ" මං රම්බගේ දඬු මොණරේ නැගලා එන්න හෙල්මට් එක ඔලුවේ දාද්දිම අපේ සීයා කියපි.
----

"නෙද්දකින් යකෝ මේකේ ගඳ.." රම්බාගේ හෙල්මට් එක තනිකර බොම්බෙලි ගඳයි. මට ඔක්කාරෙට ආවා.

"ඔව් ඉතිං කරෝල දාපුහාම පොඩ්ඩක් ගඳයි තමයි" රම්බා පද්ද පද්ද කියපි.

"තොට හෙන ගහන්ඩ මොන ගල් කොරලියාද යකෝ හෙල්මට් එකේ කරෝල දාන්නේ"

ජෝතිෂ්‍යය පොට් එකට එද්දී අප්පට උඩු අම්බ සෙනගක් සූ ගාලා පෝලිමේ. පැය දෙකක් විතර පෝලිමේ ඉඳලා අපි ඇතුලට ගියා.

සුභ ඵල කේන්දර බැලීමට රුපියල් දාහයි
අසුභ ඵල සඳහා රුපියල් දෙසිය පනහයි 
කියලා ඇතුල් වෙන තැන දොරේ ගහල තිබුනා.

අනේ මේකේ අසුභ ඵල විතරක්ම තිබිය තිබිය කියලා ඒක දැකපු වෙලේ ඉඳන් රම්බා තොල් මතුරන්ඩ ගත්තා..

"ආ කොල්ලනේ ඉඳගන්ට... කෝ ගමු බලන්ඩ වේලපත්කඩේ "

විනාඩි දහයක් විතර ඇස් දෙක කේන්දරේ අලෝගෙන හිටපු ජෝතිෂ්‍යය අංකල් මුණට හෙන බැරෑරුම් පාර්ට් එකක් ගත්තා..
"මෙහෙමයි කොල්ලෝ.. කිව්වට තරහ වෙන්ඩ එපා..සාස්තරේට බොරු කරන්ඩ බැරි හන්දා ඇත්තම කියන්නම්. බොලාට උදා වෙන වසරනම් ඒහැටි හොඳ නැති පාටයි... ශනි  බුධගේ රේඛාවේ ගමන් කරන හින්දා යටපත් වෙච්ච තිරිසන් ගති මතු වෙන්න පුළුවන්. අත ගහන මෙලෝ මගුලක් හරියන්නේ නෑ... දෙයියම්පා.. සිකුරු සෙනසුරට මුවා වෙලා හින්දා මේ අවුරුද්දේදී ගෑනියෙක් තෝ දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ.."

රම්බාට දැන් ඇඩෙන සයිස්.... "ඉතින් අංකල් ඕකට ප්‍රතිකර්මයක් නැද්ද..?" කොච්චර වැඳ වැඳ හිටියත් රම්බා නහුතෙට බය වෙලා.

"මොකෝ නැත්තේ හාහ් හා හා මොකෝ නැත්තේ.... නිදියනකොට වැටකෙයියා මල් දාපු වතුර වීදුරුවක් කාමරෙන් තියාගෙන හිස් බඩ උදේට ඒක බීපං..... ගේ මිදුලේ මැද ඇඹුල් ගහක් හිටෝලා හැමදාම උදේට උදේට ඇහැරිලා උතුරු දිසාව බලාගෙන ඒකට මුත්‍රා කරාපන්.. ඊට අමතරව තව ගොඩක් ජාති තියේ.. මං ලියාලා දෙන්නම් ඒ විදිහටම කරාපන්.. වරදින්නේ  නෑ"

අපි රුපියල් දෙසිය පනහක් ගෙවලා ආපහු ගෙදෙට්ට විද්දා..

සීයා කට ඇරන් බලන් ඉන්නවා.. කිරි අප්පට මිලක් ෂේක් කිව්වලු...අමතක වුණා...

"බුලත්විට රසැති චුයින්ගම්"


01. "ෆේමස් රයිටර් මං" හා "මට අයිති නැති හිත"  
02. රම්බා මුණ පුම්බා මට මෙසේ කීවේය ?  
03.  එයත් එක්ක රෙදි අපුල්ලන්න ආසයි බං  
04. මම දෑවැදි ඉල්ලන මිනිහෙක් නෙමෙයි  
05. රයිටර් කසාද බැඳී වගනම්...!  
06. චිකෙයියා.......කනේ කොහෙද අනේ කන්යා0 පටල ?  
07. සික්ස් පැක් එන්නේ බඩේනේ රයිටර්...!!!  
08. කළු දොදොල් තමයි බං රහ  
09. "වොට්.....? හු ඊස් සෙනෙහෙ ලතා...?"  
10. "ජයන්ත....?...කවුද පරට්ටියේ ජයන්ත.....?"  
11. "චීඊ..චීඊ..සර්...අවකැපෙන කැත කතා කියන්න එපා. මේක ලයිව් ටෙලිකාස්ට් කරනවා.  
12. "තොගේ ආච්චිගේ හවරිය...යකෝ...මට...මට...වා...වා"  
13. "සෝරෝට කොහොම රිදිල්ලක් රිදෙනවා ඇත්ද නේද බං...?"  
14. ඇඩෝව් එතකොට උඹ බිහිවුනේ ස්පෝථනයෙන්ද.....?  
15. "පට්ටයි මචන්...ඒ පැත්තෙන් ඇවිත් යන්න"  
16. "අ.....නේහ්..!!!....එයාට රිදෙයි...!!! .පරිස්සමෙන්...අනේ"  
17. "රයිටර්..ඉක්මනට යමන්..අපේ නංගි පරල වෙලා  
18. ඇති දාට විතරයි නැති දාට බඩුම තමයි l  
19. අනේ අයියේ ප්ලී.....ස් දොර අරින්න  
20. "ඇයි බං රයිටර් අරූ මහා දවල් හෙඩ් ලයිට් දාගෙන යන්නේ....?"  
21. අපරාදේ කියන්න බෑ...යස අගේට පෙරෙනවා නැන්දම්මේ !  
22. මේ දන්සැලේ දෙන්නේ කෑම නෙමෙයි අයියේ.  
23. මට මේ මයිල් ගහේ පොටෝ එකක් ගහලා දියන් මචං  
24. "සියලු පෘටග්ජන මිනිසා පටෝස් ගා පත්තු වේ"  
25. ආනේහ්.......රයිටර් බයියා...!! කොයිවෙලේද ආවේ  
26. "සරමෙන් බැරිනම් අමුඩෙන්"  

Tuesday, October 22, 2013

නෑ මහත්තයා.. ඒ පටන් ගැන්ම විතරයි

 
මම ඉන්නේ ගොඩක් සන්තෝසෙන් කියලා වටේ ඉන්න මිනිස්සුන්ට පෙන්නන්න ඕනි නිසා මම අමාරුවෙන් මුණට හිනාවක් අලවගත්තා. මං හිතන්නේ ඒක තරම් අමාරු වැඩක් මේ ලෝකේ තවත් නැතුව ඇති. හැඟීම් යටපත් කරගෙන බොරුවට හිනා වෙන එක මහා කරුමයක්.  ඊටත් වඩා මිදුලේ රවුම් මේස වටේ ඉඳගෙන, විස්කි බ්‍රැන්ඩි තොලගාන ඩැඩීගේ යාලුවෝ, යාලුවන්ගේ ගෑණු, ඉස්සරහට ගිහින් අතට අත දීලා "හායි අංකල්....හායි ආන්ටී" කියන එක මහම මහා වාතයක්. සමහර  නාකි මනමාලයෝ කෙල හල හල මගේ ඇඟ දිහා කන්න වගේ බලනකොට මට පුදුම තරහක් එන්නේ. බීගත්තු ගෑණු, මිනිස්සු මගේ කම්මුලට කම්මුල තියලා හාදු දෙනකොට උන්ගේ කටින් එන අරක්කු ගඳට ඔක්කාරෙට එන එක මම නවත්තගෙන ඉන්නේ කියා ගන්න බැරි තරම් අපුලකින්.

මොකක් හරි දෙයක් අකමැත්තෙන් මට කරන්න සිද්ද වුනොත් දවස් දෙකක් තුනක් යනකම්, සමහර විට සතියක් එකහමාරක් යනකම් මගේ මුඩ් එක හොඳටම අප්සට් යනවා. ඒ බව දැන දැනත් මමී, අලුතෙන් ගෙනාව මැක්සි ස්කර්ට් එකට හරියන බ්ලවුස් එකක් ඇඳගන්න කියලා මගේ අතට විසික් කල වෙලාවේ ඇත්තමයි මට බැල්කනියෙන් පැනලා මැරෙන්න තරම් හිතුනා. මම ඩැඩීට කොච්චරනම් පින්සෙන්ඩු වුනාද,  මගේ පාඩුවේ කාමරේට වෙලා ඉන්න දෙන්න කියලා, එයාගේ සාදවලට මාව නොගාවගෙන. කොහෙද... එයාට ඕනි මාව ප්‍රදර්ශන භාණ්ඩයක් කරලා මිදුල පුරාම ඇවිද්දවල, ඒ ඇවිත් ඉන්න සල්ලිකාර මිනිස්සුන්ගෙන් කෙනෙක් අනාගත ලේලි විදිහට මාව තෝරාගන්නවා දකින්නනේ.

පාට පාට බල්බ් වලින් එලිය වැටුණු මිදුල පුරාම තැන තැන විසිරිලා ඉන්න මිනිස්සු ඇඹරි ඇඹරි ඩාන්ස් කරනවා. එක්කෝ වයිෆ් එක්ක නැත්තම් වෙන කාගේ හරි වයිෆ් කෙනෙක් එක්ක. සමහර විට ඔය ඩාන්ස් එක කෙලවර වෙන්නේ එක්කෝ, කාර් එකේ යතුරු හුවමාරුවෙන්, එහෙමත් නැත්තම් අපේ පහල තට්ටුවේ කාමරයකින්.  සමහරු මේ ලෝකේ රහක් නැති විහිලු කරලා මහා හයියෙන් හිනා වෙනවා. තොල් රතුකරගත්තු ගෑනු, ඇඟිලි කරුවට හිරකරගත්තු සිගරට් එකයි, ඒ අතේම තියාගෙන ඉන්න විස්කි වීදුරුවයි මහා උජාරුවෙන් තොල ගාන්නේ මතට මත්වුන ඇස් පිහාටුවල අනතුරු ඇඟවීමවත් ගානකට ගන්නේ නැතුව.

කොහොමත් මාසෙකට සැරයක්නම් අපේ ගෙදර මේ වගේ ග්‍රෑන්ඩ් ස්කේල් පාටියක් තියනවමයි. උපන්දිනයක්, සංවත්සර උත්සවයක් වගේ විශේෂ හේතුවක්ම ඕනි නෑ අපේ මමීටයි ඩැඩීටයි පාටි තියන්න. කොටින්ම හේතුවක් නැති එකත් හේතුවක් කරගෙන පාටියක් ඔර්ගනයිස් කරන්න අපේ මමීටයි ඩැඩීටයි ඒහැටි වෙලාවක් යන්නේ නෑ. "ගොඩ කාලෙකින් පාටියක් ඔර්ගනයිස් කලෙත් නෑනේ" ඕක තමයි මම අහන්න අකමැතිම වචන ටික. ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනි නෑනේ මට අවුරුද්දකට කන්න වෙලා තියන කටු ගැන. මට පාර්ටි එපා වෙන්න හේතුවුන ලොකුම හේතුව තමයි ඩැඩීගේ බිස්නස්වල ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් වුන ඇල්බට් අංකල්. ඇල්බට් අංකල් සුදුවෙච්ච කොන්ඩෙ කළු පාටින් ඩයි කරපු, මුණේ දෙපැත්තෙන් තරමක රැවුලක් තියෙන ටිකක් ඇඟපත තියන පිළිවෙලට අඳින මනුස්සයෙක්. අපේ ඩැඩීගේ බිස්නස් ගොඩක්ම දුවන්නේ ඇල්බට් අංකල්ගේ සල්ලි වලින්. ඉතින් බිස්නස් වැඩ රාජකාරි වැඩ නිසා ඇල්බට් අංකල් එයාලගේ ගෙදර ඉන්නවටත් වඩා වැඩිය ඉන්නේ අපේ ගෙදර. අපේ ඩැඩීටත් එයාට වඩා හොඳ මිනිහෙක් නැති තරම්. ඒ වුනාට ඇල්බට් අංකල් අපේ දිහා ආව වෙලාවල්වල ඩැඩීට හොරෙන් මං දිහා බලන බැල්ම නිසා මට එයා ගැන පුදුම කේන්තියක් දැනුණේ. මම පුදුම බයෙන් හිටියේ කවදා හරි මට ඇල්බට් අන්කල් හින්දා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයි කියලා. එහෙම නැත්තම් මං හන්දා ඇල්බට් අංකල්ට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයිද කියලා.

බැල්කනියේ කෙලවරේ පුටුවට වෙලා ඉන්න මට පහල වෙන ඔක්කොම හොඳට පේනවා. ඩැඩී යාලුවොත් එක්ක බර කතාවක. මමීගේ අතෙත් විස්කි වීදුරුවක් තියනවා දැක්කම මට හොඳටම තරහයි. මමී ආයේ ඩ්‍රින්ක්ස් ගන්නේ නෑ කියලා මට පොරොන්දු වෙලා සතියක් යන්නත් කලින් ඒ පොරොන්දුව කිසිම තැකීමක් නැතුව කඩකරනකොට මට මිදුල මැදට දුවගෙන ගිහින් හයියෙන් කෑ ගහලා කියන්න හිතුනා "දෙයියන්ගේ නාමෙන් මට මගේ ජීවිතේ දියං, මට මගේ පාඩුවේ ඉන්ඩ ඉඩ දීපල්ලා" කියල.

ඔලුව පුපුරන්න කැක්කුමයි. බැල්කනියට ඔලුව තියාගන්න හදන අන්තිම තප්පරේදී මම දැක්කා සමර් හට එකක් යටට වෙලා හිටපු ඇල්බර්ට් අංකල් මේ දිහාව බලාගෙන ඉන්නවා. මිනිහා ගොඩක් වෙලා ඉඳන් මං දිහා බලාගෙන ඉන්න ඇති කියල මට හිතුණේ දැන්. මම ගස්සාගෙන නැගිටලා ගිහිං කාමරේට වෙලා දොර වැහුවා. කවුරු කතා කලත්,  මැරුණත් දොර නම් අරින්නේ නෑ කියලා දොරේ යතුර අරං කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරා. ඇඳ උඩට වෙලා දනිස්දෙක අස්සේ ඔලුව ගහගෙන විනාඩි පහක් ඉන්න ඇති. මට ඇහුණා දොරේ අගුල කැරකෙනවා මම ඇඳෙන් බැහැලා එන්න හදනකොටම දොර අරගෙන මතු වුනේ ඇල්බට් අංකල්. අතේ විස්කි වීදුරුවකුයි සිගරට් එකකුයි තිබුනා. තොලකට ලේවකාපු උගේ මුණේ තිබුනේ තිරිසන් හිනාවක්.

"තාත්තා මට එක්ස්ට්‍රා කී එක දීලා තිබුනේ" දැන් ඉතිං දැඟලුවට වැඩක් නෑ කියන්නැහේ ඌ කඩා පැන්නා මගේ ඇඟට. පාටියේ ඩිස්කෝ සද්දේ පරද්දන්න මගේ කෑ ගැහිල්ලේ සද්දේ මදිවෙනන ඇති. මම වෙට්ටුවක් දාලා දිව්වා සාලෙට, ඇල්බර්ට් අංකල් සාලෙට ආවේ වියරුවෙන්. මම දෙපාරක් හිතුවේ නෑ කැබිනට් එක උඩට නැගලා බිත්තියේ එල්ලලා දාපු ෂොට් ගන් එක අතට ගත්තා. ඇසිපිය ගහන ඇසිල්ලෙන් ගන් එකේ ට්‍රිගර් එක ගැස්සුනා. ඇල්බර්ට් අන්කල්ගේ විස්කි වීදුරුව තිබ්බ අතේ උරහිස ගාවින් පදාසයක් ගැලවිලා වැටෙද්දී පිටිපස්සේ බිත්තියේ ලේ පැල්ලම් යායක් බිමට රුටල වැටුණා මම දැක්කා.

------------------------------

"කණගාටුයි සර්....රැඳවියන් මුණ ගැහෙන්න තිබුන වෙලාව ඉවරයි" මැදිරියේ ජේලර්වරයෙක් ගුගුලෙන් මා ඈගේ ලෝකයෙන් මිදුණෙමි

"මට විනාඩියක් දෙන්න ප්ලීස්"  මම ඔහුට බැගෑපත් වුනෙමි.

"මට කියන්න ඔයා මේ හිරේ ඉන්නේ ඒ මිනීමැරුම් චෝදනාවටද.."

ඈ සුසුමක් හෙළුවාය. මැදිරියේ කවුලකින් පෙරී ආ හිරු එලිය දෙස බලාපොරොත්තු රහිත බැල්මක් හෙලු ඈ

"නෑ මහත්තයා.. ඒ පටන් ගැන්ම විතරයි"


ගිනියම් උඩු හුළඟ
වලාකුළු අතර
වල්මත්ව
සඳ සොයන සඳ
මහා දවාලේ...

වීදියක් පාසා
මිනිසුන්
නොමිසුන් අතර
තෙරපී
සුර ලොවක්
මවන ලඳ
ඈ කරුවලේ....

හමුවූ දිනෙක
ගිණි හුළඟ සඳ
එකිනෙක
මහ දවාලේ...
හමුවෙයි නුඹට
සුර සැප
කෙදිනක හෝ
ලැයිම් කාමරේ...

          ~ රයිටර් ~


Monday, October 14, 2013

"සරමෙන් බැරිනම් අමුඩෙන්"


ගමේ ගෑණු ටික එකතු වෙලා පිහිටවගත්තු "සීතා බලකාය" සංගමේ හදිසි වැටලීම් හින්දා ගමේ කොල්ලෙක්ටවත් නිදහසේ පාරට තොටට බහින්ඩ බෑ. මගුල... හිටපු ගමන් ගෙවල්වලට පැනලා සුදු රෙද්දක් ඔලුවට දාලා කොල්ලෝ පැහැරගෙන යනවා. කොල්ලෝ විතරක් නම් මදැයි පණ යන්ඩ ඔන්න මෙන්න තියන සීයාලත් අරං යනවා. කාන්තාවන්ගේ  මානව අයිතිවාසිකම් කඩ කරන හැම එකාටම "සීතා" දඬුවම් දෙනවාලු. බලකායේ ජාතික තේමාව "ලිප්බොක්කෙන් ඔබ්බට ගිය චීත්තයට හෙට දවසක්". සීතා බලකායේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හැටියට මුලික කාන්තා අයිතිවාසිකම් කියලා කියන්නේ,

1. කෙල්ලන්ට බූට් තියන කොල්ලන්ට එරෙහිව නැගී සිටීම,
2. බිරිඳගේ සති අන්ත සාප්පු සවාරිය, ඩිනර් අවුට් එක වර්ජනය කරන සැමියන්ට එරෙහිව සටන් කිරීම
3. දර පලා, වලන් හෝදා, ගෙදර දොර වැඩවලට උදව් නොකරන සැමියන්ට දඬුවම් දීම
4. අසල්වාසී කාන්තාවන් සමග වැඩිපුර අල්ලාප සල්ලාපයේ යෙදෙන ස්වාමියන්ට දඬුවම් දීම
5. වාර්ෂික සංවත්සර, උපන් දින, විවාහ සංවත්සර අතපසු කරන සැමියන් චෝදනාවට ලක්කිරීම
6. සැමියන්ගේ අනියම් බිරින්දෑවරුන්, තම සංවිධානයට බලෙන් බඳවා ගැනීම,
7. පිරිමින් බීමට ඇබ්බැහි කරන හන්දි වල, ටවුන්වල  තියන බාර් කුඩු පට්ටම් කර බිමට සමතලා කිරීම
8. පුරුෂයින්ගේ ශරීර මේද තට්ටුව වැඩි කර ස්ථුල භාවය වැඩි කරන හරක් මස් කඩ ගිණි තබා සැමියාගේ සෞඛ්‍ය රැක ගැනීම.
9. මාසික පඩිය මුළුමනින් අතට ගෙන වියදම් කළමනාකරණය කිරීමේ බලය කාන්තාවන්ට ලබාගැනීම

තව ලොට්ටයක් තියේ මට නම් මතකත් නෑ.

අපේ රම්බා, උගේ කෙල්ල සකුන්තලාට අඩිය උස හෙන පතරංග බූට් එකක් දීලා. ඌ නම් කිව්වේ කෙල්ල බුට් එකක් ඉල්ලලාමයි කෑවේ  කියලා. කොහොමෙන් කොහොම හරි කෙල්ල සකුට මල පැනපු පාරට දහ අතේ හැපිලා වැලපිලා අන්තිමට බැරිම තැන "සීතාබලකායේ" හෙඩ් ඔෆිස් එකට කම්ප්ලේන් කරලා. හුට්ටප්පරේ කියන්නේ බලකාය රන් කරන කෙසෙල්කොටේ වත්තේ සොෆිනස් අක්කා එදාම මහා රෑ එක පාරට, සීතා බලකායෙ සෙබලියෝ එක්ක ෆ්ලෑෂ් රෙයිඩ් එකක් දාලා රම්බාව උස්සලා. බලකායේ සෙබලියෝ ටික එකතුවෙලා රම්බාට නොසෑහෙන්න අතවර කරා කියලා තමයි රට්ටු නම් කතා වෙන්නේ.

මේ සිද්ධ වෙන අසාධාරණේ තවත් ඉවසන්ඩ බැරි හින්දා මම, රම්බා ප්‍රධාන කොටගෙන ගමේ පීඩිත, නිර්ලජ්ජිත පිරිමි කැල එක්කාසු කරගෙන පිහිටුවාගත්තා "මහා රාමා බලකාය" කියලා අන්තර්ජාතික සංවිධානයක්. මේ දවස්වල රාමායනයේ චරිතවල පුනරාගමනයෙන් රටේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න වලට හෙන තිරස්චීන විසඳුම් දෙන එකේ ඉතිං අපිත් හිතුවා රට වෙනුවෙන් මලත් කමක් නෑ  "සරමෙන් බැරිනම් අමුඩෙන්" කියලා පාරට බහින්ඩ. ගමක් ගමක් ගානේ ගිහින් අපි දැනුවත්කිරීම් කරා. ප්‍රාදේශීය මට්ටමෙන් "මහා හනුමා බලකාය" කියලා උප සංවිධානයක් පිහිටුවලා අපේ බලය තරකරගත්තා. දැන් ඉතිං කවර කතාද. අපි තමයි පොරවල්.

ගමේ ගෙවල්වල ළමයි ඉස්කෝලේ යන්නේ නෑ, කන්නේ නෑ, බොන්නේ නෑ, ළිං වලට වැටෙනවා, හොයන්න බලන්න කවුරුවත් නෑ, ඇඟට  ටීවී පෙරලගන්නවා.. ඇයි හත්වලාමේ අම්මා "සීතා බලකායේ" උන්නතිය වෙනුවෙන් කැප වෙනවා, තාත්තා "රාමා බලකායේ උන්නතිය වෙනුවෙන් කැපවෙනවා. ළමයි අයාලේ යනවා.

මේ ලඟදි දවසක "සීතා බලකාය" ගමේ  හංදිය ගාවා පාර හරස් කරලා වලං මුට්ටි, සාස්පාන්  පොලේ ගහල හෙන සද්දයක් දැම්මා. අන්තිමට පාරේ වලං කටු විතරයි. පෙළපාලිය ඉවර වෙලා යන ගමන් වලං කඩෙන් වලං අරන් ගියේ. අපි ඒ රැලියට විරුද්ධව සරම විතරක් ඇඳගෙන සාමාකාමී පෙළපාලියක් ගියා. ඇයි යකෝ අපේ ප්‍රශ්න වෙනුවෙන් අපි හඬ නගන්නේ නැතුව අපේ මරුන සීයා වලෙන් නැගිටලා ඇවිත් හඬ නගන්නයෑ.. මේ දවස්වල අම්බානක බිසී, කතාවක් ලියාගන්නවත් වෙලාවක් නෑ, අර හමු, මේ හමු ජනහමු, කෙළවරක් නෑ..ළඟදීම හොමෙබෙන් ගිහිං හොට බිම ඇනුන ගමන් ආයේ මොනා හරි ලියන්න හිත හදාගන්නකම් මේ මදැයි.


Monday, September 2, 2013

බටකොළ ආච්චිගේ චරිතාපදානය

ගමේ කවුරුත් උන්දැ හැඳින්නුවේ "ශාන්තිලගේ අම්මා" කියලා. ඒ වුනාට අපි කොල්ලෝ කුරුට්ටෝ කටේ ලේසියට උන්දැ හැඳින්නුවේ "ගිරා ආච්චි කියලා". තව  "බටකොළ ආච්චි" කියලත් කිව්වා. "ගිරා ආච්චි" කියලා කීවේ නම් ඕනෙවට වඩා දිග, ගිරා හොටයක් වගේ නහයක් තිබුණ හින්දා. "බටකොළ ආච්චි" කියලා කිව්වේ උන්දැට ඒ අසාමාන්‍ය නහයට අමතරව "බටකොළ ආච්චි" හා සමාන රුපකායක් තිබුන හින්දා. කෙසඟ සිරුරකට උරුමකම් කිව්ව ඈ ඇන්දේ රෙද්දයි හැට්ටෙයි. කලුපාට දුර්වර්ණ හමයි සුදු වෙච්ච කෙස් ගස් ටිකයි, වලගැසුණු දෙකම්මුල්ලුයි උන්දැගේ පෙනුමට අඩුවැඩිය එක්කරා. මට මතක ඇති කාලෙක දැකපු විදිහමයි උන්දැ අදත්. ගමේ හිටපු වයස නොයන ලයිස්තුවේ මුලින් හිටපු කෙනෙක් තමයි ගිරා ආච්චි. අපි පුංචි සංදියේ දකින්න භයංකාරම කාරණාවලින් එකක් තමයි උන්දැගේ අතේ ඉදලක් හරි කොස්සක් හරි තියන එක. ඒ කොයි වෙලාවේ හරි භයංකාර විදිහට පියාඹලා යාවි කියලා අපිට හිතුන නිසා.

කවුරු හරි කෙනෙක් උන්දැ කෝපවෙන මොකක් හරි කොලොප්පමක් කලොතින් කොලොප්පම කරන එකාට සිද්ධ වෙන දේ හිතාගන්න අමාරුයි. එක්කෝ කන්දෙක පිරෙන අමු තිත්ත කුණුහරුප අහගන්න වෙනවා, එක්කෝ කොලොප්පම කරපු එකා ගැන අහේතුකව දුෂමාන ආරංචියක් ගමේ පැතිරෙන්න පුළුවන්, එහෙමත්. නැත්තම් උන්දැ කරවන ගුරුකමකට බිලි වෙලා අකාලයේ ජීවිතෙන් තොලොංචි වෙන්න හරි සදහටම අබ්භාගාත වෙන්න බැරිකමකුත් නෑ.ඒ ගැන හොඳට දන්න කියන එකෙක් වුනත් උන්දැ එක්ක කොලොප්පමකට හරි එකකට එක කියාගෙන ගියොත් හරි  ඒ යන්නේ ජීවිතේට තියන ආසාව අතෑරලා කට පියාගෙන ඉන්න බැරිම තැන තමයි.

"උඹලට ගහන්නේ ඉලපතට හුජ්ජ කරලා දැනගනින්" ඇයව උසුළු විසුළුවට ඈඳ ගන්න නොසන්ඩාල කොල්ලන්ව මට්ටු කරන්න උන්දැගේ කටෙන් නිතරම පිටවෙච්ච හරුපේ තමයි මේ.

උන්දැ එක්ක ඉඩම් ප්‍රශ්න, වතුර ප්‍රශ්න දාගත්තු හමේ දෙතුන් දෙනෙක් ජීවිතෙන් වන්දි ගෙවන්න තරම් අවාසනාවන්ත වුනා කියල සමහරු කියන්නේ බොරුවට හේතුවක් නැතුව නෙමෙයි. ඒවගේ ප්‍රශ්න දාගන්න උදවියගේ පවුල් පිටිං බලාගෙන ඉඳිද්දී බංකොලොත් වෙලා හැඳිගෑවිලා ගියා. මිනිස්සු ගෙවල් අතැරලා ගියා.  අසනීප පිට හිටියත් එච්චර අමාරුවක් නැතුව හිටපු අපේ ලොකු අම්මටත් හදිසියේ රෝගය උත්සන්න වෙලා ජීවිතේ අතැරලා යන්න වුනේ උන්දැගේ ගුරුකමක් වැඩකරපු හින්දදෝ කියලා වෙලාවකට මට හිතෙනවා. අනික අපේ ගෙදර හිටපු බල්ලට අත්වුනෙත් ඒ ඉරණමම තමයි කියලා මට හිතෙන්නේ සිය දෙනෙක්ගේ විතර හපා කාලා යහතින් හිටපු ඌ, අන්තිම පාරට උන්දැව හපා කෑවට පස්සේ මාස හතර පහකට පස්සේ එකපාරට මැරුණ හින්දා.

එහා ගෙදර කේලම් මෙහා ගෙදරටත්, රටේ නැති ඕපාදුප කියවන්නත් අපේ ගෙදරත් ඇතුළුව උන්දැ නිතර යන එන ගෙවල් කීපයක් තිබුනා. ඒ යන එක ගෙදරකින්වත් උන්දැගේ මේ කෙරුවාවට පොඩ්ඩක්වත් තියා කොහොමවත් මනාපයක් නෑ කියලා අපි දන්නේ අත්දැකීමෙන්. එකකට එකක් වෙනස් මහා පුදුම ගතිගුණ කෝටියක් විතර පිහිටලා තිබ්බ මේ බටකොළ ආච්චි හරි අමුතු චරිතයක්. කා එක්ක හරි කතාවට වැටුනාම නතර වෙන්නේ නැති තරම්. අපේ දිහා ආවම උන්දැගේ කතුර වගේ කියවිල්ල අහලා අම්මට ඔලුවේ කැක්කුම හැදිච්ච වාර ගාන අනන්තයි. ඔය හේතුව හන්දා අපි උන්දැ එක්ක කේන්තියෙන් ඉන්නේ කියලා දැන දැනත් උන්දැ නෙමෙයි පුරුද්ද නතර කරන්නේ. 

උන්දැගේ මනුස්සයා මැරිලා තියෙන්නේ ගොඩක් ඉස්සර මුන්දැ තරුණ කාලේ. ඒ ගමේම හිටපු මිනිහෙක්ගෙන් පිහි පාරක් කාලා . එදා මේ සිද්ධිය වෙන වෙලාවේ පාන්දර මුන්දැ මිනීමරුවා එක්ක පොරබදලා හටන් කරලා. වියරු වැටිච්ච මිනීමරුවා මුන්දැ ගේ බෙල්ලටත් පිහියෙන් ඇනලා පැනලා ගිහිං. මිනීමරුවා පස්සේ අවුරුදු ගානකට පස්සේ හිරේ විලංගුවේ වැටුනා කියලයි ආරංචිය. "මරනවෝ.....මරනවෝ" කියලා හයියෙන් කෑ ගහපු හින්දා එදා මුන්දැට ජීවිතේ බේරගන්න වාසනාව තිබුනා කොහොම හරි. බටකොළ ආච්චි අපේ අම්මා එක්ක කතා පෙට්ටිය ඇරගෙන ඉන්න වෙලාවක ඔය කතාව ඇදිලා ඇවිත්.

"එදා බෙල්ලට වැදුන පිහිපාරෙන් මගේ ඇඟේ තිබුන ඔක්කොම ලේ ටික පිටවුනා, තෙල් වතුර ඉස්ම ටික පවා පිට වුණා, දැන් ඇඟේ ලේ කලඳක් නෑ, ඒකයි ඔය නිතර නිතර කලන්තේ ගතිය, අර අමාරු මේ අමාරු හැදෙන්නේ, ඉස්පිරිතාලෙන් ලේ දුන්නෙත් නෑ."

ඉතින් අපේ අම්මා පිට පයින හිනාව බොහොම අමාරුවෙන් ගිලගෙන "අනේ ඇත්තද...බලන්නකෝ නේද නැන්දේ...ඉස්පිරිතාලවල ඔහොම තමයි" කියනවලු.

අවුරුදු හැත්තෑවකට වැඩි මිස අඩු නැති  බටකොළ ආච්චිට ගෑනු පිරිමි දරුවෝ පස් හය දෙනෙක් හිටියා මගේ මතකේ හැටියට. දැන් උන්දැගේ ගේපැල වටේ ගෙවල් කෑලි දෙක තුනක් අටෝගෙන දරුමල්ලෝ දෙතුන් දෙනෙක් වෙනම පදිංචි වෙලා ඉන්නවා. ඉඳහිට හැදෙන කොන්දේ කැක්කුමක්, උණක් හෙම්බිරිස්සාවක් ඇරුනාම එහාට මෙහාට දුවලා පැනලා ඉන්න පුළුවන් හොඳ නීරෝගී ජීවතයක් උන්දැට මෑතක් වෙනකම් තිබුණා.

ආයේ මේ මෑතක, ඒ කියනේ 1998 විතර දවසක මේසන් බාසුන්නැහේ කෙනෙක් වෙච්ච මුන්දැගේ පුතෙක් බයිසිකල් එකේ යද්දී බස් එකක හැප්පුනා. සිද්ධිය වෙලාවේ බස් කාරය පැනලා ගිහිං. බයිසිකලේට වෙච්ච අලාබෙ දැක්කාම මනුස්සය බේරුන එක පුදුමයිලු කියලා ගම්මු කතා වුනේ. මාස ගානක් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලැගලා ආවට දැන් වුනත් මනුස්සය ඇවිදින්නේ කකුලට හයි කරපු යකඩ පට්ටමක පිහිටෙන්, එක කකුලක් දනිස්සෙන් නමන්න බෑ, කොර ඇන ඇන යන්නේ.  මිනිස්සුනම් කියන්නේ මහ ගෑනි අනුන්ට කරන දේවල් දරුවන්ගේ පිටින් යනවයි කියලා. මම ඕවට හුමිටි තියන්න ගියේ නැත්තේ උන්දැගේ හැටි හොඳට දන්න නිසා. සතියකට විතර පස්සේ බස් එකක් උන්දැගේ පුතා හැප්පිලා වැටිලා හිටිය තැන කඩේ ගාව ඉවුරේ ගලක හැප්පිලා පොඩි පට්ටම් වෙලා තිබුනා. අවාසනාවට  බස් එකේ ඩ්‍රයිවර්ගේ පණ ටික එතනම ගිහින් තිබුනා. ගමේ  තැනින් තැන කතා වුනේ බටකොළ ආච්චිගෙන් පුතා හප්පපු එකේ සම්බුව උන්දැට පලිසන් දුන්නයි කියලා. 

ඔය කතාවේ සිද්ධියක් ඇදිලා ආව දවසක බටකොළ ආච්චි කියනවලු,

"එදා අපේ පුතාගේ කකුලේ තුවාලේ හින්දා ලේ බාල්දි ගානක් ගිහිං, ඒ වෙනුවට ඉස්පිරිතාලෙන් දීල තියෙන්නේ වෙන කාගෙද වැරදි ලේ. දැන් ඇඟේ දුවන්නේ කලවම් ලේ, එකයි ඔය පොඩි එකාට තියන ලෙඩේ හරියකට හොයා ගන්න බැරි"

අපේ ගෙදර මොනවා හරි විශේෂ කෑමක් හැදුවොත්, අපේ අම්ම ඉඳල හිටලා උන්දැටත් පංගුවක් අරිනවා. මුන්දැගේ ගතිය තමයි පහුවදා හරි දවස් කීපයකට පස්සේ හරි  අම්මා හදපු කෑමම හදාගෙන ඇවිත් අම්මා යවපු එකේ අඩුපාඩු කියන එක.

"අරකට පොල් බැදිලා වැඩියි...මිරිස් ටිකක් අඩු වුනා නම් හොඳයි, කර රහ එනවා වගේ" 

ඒවගේ අගුණදොස් විචාරේ ලැබෙන බව දැන දැනත් අපේ අම්මා උන්දැගේ පංගුව වෙන් කරන්න අමතක කලේ නෑ.

අලුත් අවුරුද්දේ ආහාර අනුභවයේ නැකත ගෙවිලා පැය දෙක තුනක් යන්නත් කලින් හා පුරා කියල නෑයෝ විදිහට අපේ දිහාට ඉස්සෙල්ලම එන්නේ උන්දැ තමයි. නිකන්ම නෙමෙයි ගල් ගෙඩි වගේ හයිය මුං කැවුම්, කොකිස් පාර්සලයක් අරගෙන. ඒ ඇවිල්ලත් පැයක් දෙකක් ඉඳලා කාගේ හරි ඔප දුපයක් අඹරලා තමයි යන්නේ. ගෙදර උදවිය ගෙදරින් එලියට බැහැලා ගියොත් මිසක ඒ වාචාල කටෙන් ගැලවෙනවා බොරු. මම ගෙදර ඉන්න දවසට උන්දැ අපේ දිහා එනවට මං අමනාප මට අම්ම එක්ක කයියක් දාන්න තියන වෙලාව උන්දැ බලහත්කාරයෙන් ගන්න හින්දා.

ඉඩම් ප්‍රශ්න විසඳන්න කට උත්තර ගන්න එන පොලිසියේ මහත්තරුන්ට පවා මුන්දැ නෙමෙයි සලෙන්ඩර් වුණේ. අන්තිමට පැමිණිල්ල පොතේ ලියවෙනවා විතරයි, විභාගයක් නෑ.  බස් එකක ගමනක් ගියොත් කොන්දොස්තරගෙයි, ඩ්‍රයිවර්ගෙයි දෙමවුපියන්ගේ ගුණ නොගයන දවසක් නැති තරම්. ඉතුරු සල්ලි නොදී, හෝල්ට් එක පහු කරන් ගියපු බස් කාරයෝ තමයි ඒ ඉරණමට කොච්චරවත් මුණ දුන්නේ.

දවසක් අපේ පුද්ගලික ඉඩමක වැට මායිම් ප්‍රශ්නයක් වෙලා අල්ලපු ගෙදර උදවිය එක්ක පොඩි බහින් බස් වීමක් වුණා. අපි ඒ ප්‍රශ්නේ කොහොම හරි ගොඩින් කතා කරලා බේරාගත්තා. මොකක් හරි හේතුවක් නිසා එදා බටකොළ ආච්චිත් අපේ දිහා හිටියේ.

"මම එහෙම නම් ලේසියෙන් අරින්නේ නෑ.. මතකනේ සොමසිරිගේ පවුලට වෙච්ච දේ, මගෙත් එක්ක කට ගහගෙන ආවා, අන්තිමට මොකද වුනේ.."

කලබලේ අස්සේ වෙන කල්පනාවක් පිටද කොහෙද ගිරා ආච්චිගේ කටින් නිකන්ම කියවුන ඒ වචන පේලිය මාව සසල කරේ සොමසිරිගේ පවුලට සිද්ධ වුන අවාසනාවන්ත ඉරණම මම දැනන් උන්න හින්දා.  ගහක් ගලක් වගේ හිටපු සොමසිරිගේ පවුලට පලවෙනි ළමයා හම්බෙනකොට මේ ලෝකෙන් යන්න වුනේ දරුවාට අම්මගේ මුණවත් දකින්න ඉඩක් ඉතුරු නොකරම.  මරණෙට හේතුව වෛද්‍ය විද්‍යාත්මකව මොකක් වුනත් මට සිද්ධ වුණා ඒ දේ වුණේ ගිරා ආච්චිගේ ගුරුකමක් නිසාමයි කියලා විශ්වාස කරන්න. වැරදීමෙන් කියවුන ඒ කතාව වහන්න ගිරා ආච්චි ට්‍රැක් එක වෙනස් කරන්න අමාරුවෙන් දත කන්න දඟලපු හැටි මට හොඳට මතකයි.

මම උන්දැ ගැන මෙහෙම කතාවක් කිව්වා කියලා  බැරිවෙලාවත්උන්දැට ආරංචි වුනොතින් තුන්වරුවක් යන්නත් කලින් මට ඒ වගේ අවාසනාවන්ත වින්නැහියක් වෙන්න බැරිකමකුත් නෑ. ඒක හින්දා උන්දැගෙ හොඳ ගතියක් දෙකක් ලියලා ජාමේ බේරගන්න වෙනවා.

අපි පොඩි කාලේ මට අවුරුදු තුනක් හතරක් ඇති, අපේ මල්ලිට අවුරුද්දක් දෙකක් වෙද්දී තාත්තට හදිසියේ අසනීප වෙලා ඉස්පිරිතාලේ නැවැත්තුවා. ඉතින් අම්මා එහාට මෙහාට මල්ලිත් කිහිලි ගහගෙන ඉස්පිරිතාලේ යනකොට මව නතර කරලා ගියේ උන්දැගේ ගෙදර. මං පොඩියි කියලා කර අරින්නැතුව තමන්ගේම දරුවෙක් වගේ මාව බලාගත්තා,  මොනා කලත් අදත් අපේ අම්මා ඒ ගැන මතක් කරන්නේ පිං දිදී. කොයි තරම් ජඩ ගති තිබුනත් අබ මලක රේණුවක් වගේ හොඳ ගතියක් මිනිහෙක්ට තියනවා වගේ, කොයි තරම් හොඳ වැඩ කලත් පොඩි හරි ජඩ ගතියකුත් තියන නිසා ගිරා ආච්චි එක අතකට මේ ලෝකෙට ඉපදුන වෙනස් ගති ලක්ෂණ තියන තවත් එක ගැහැනියක් විතරයි.

සම වයසේ ඉන්න ආච්චිලා සිල් ගනිද්දී මුන්දෑ කොර ඇන ඇන අනුන්ගේ පොල්වතු ගානේ ගිහින් පොල් පුවක් රෙද්ද අස්සේ ගහගෙන ඇවිත් කාට හරි දීලා කීයක් හරි හොයා ගන්නවා. කුකුලෝ ඇති කරලා ගම්බිත්තර විකුනනවා කොහිල කොටුවේ කොහිල කඩේට දානවා.  ගිහින් දෙන බත් පිඟානේ අගුණ දොස් අහන්නයි, වත්තේ වැටෙන දර අත්තයි, පොල් ගෙඩියයි, පුවක් ගෙඩියයි තව චිරාත් කාලයක් ඇහිදින්න උන්දැට ශක්තිය වාසනාව ලැබෙන්න ඕනි කියලා මම ප්‍රර්ථනා කරනවා.


http://www.google.lk/imgres?imgurl=http://thegraphicsfairy.com/wp-content/uploads/blogger/-iad4v2tL68Y/TlO4_kUxeEI/AAAAAAAAN20/3f8petFnYew/s1600/halloween%252Bwitch%252Bvintage%252Bimage%252Bgraphicsfairy.jpg&imgrefurl=http://thegraphicsfairy.com/vintage-halloween-clip-art-witch-with-moon/&usg=__XAhHIuAAdpyrp3OXYeKzWybD8Jc=&h=1202&w=1350&sz=162&hl=en&start=13&sig2=aEXSmqUXiAYkiZZD0hXhFA&zoom=1&tbnid=pFZaORS-Ed_6DM:&tbnh=134&tbnw=150&ei=hXAkUvqqIYTCtAasooGoCQ&um=1&itbs=1&sa=X&ved=0CEMQrQMwDA
Image - Google

Thursday, August 15, 2013

ආනේහ්.......රයිටර් බයියා...!! කොයිවෙලේද ආවේ

රම්බා අපේ ගෙදෙට්ට පණිවිඩයක් එවලා උන්ගේ දිහා පුළුවන් තරම් කලින් එන්ඩයි කියලා. හදිස්සියක්ලු.. උන්ගේ ලොකු මාමගේ දුවගේ දරු පවුල, ස්කොලේ නිවාඩුවට උන්ගේ දිහා ඇවිල්ලලු. මූ  නම් කියන්නේ ආපහු යන පාටක් නෑය කියලා. ලොකු මාමට, සති දෙකකට විතර කලින් ලමිස්සියෙක් උන දෝණිඇන්දා කෙනෙක් ඉන්න හන්දා ඒක නම් එච්චර අවුලක් නෑ කියලයි පස්සේ රම්බා කීවේ. ඌට අවුලක් නැත්තම් ඉතින් මට කොහොමත් අවුලක් නැති එකේ දත කට මැදගෙන බෝලකුඩුවේ එල්ලලා තිබ්බ ඩෙනිම අතට ගත්තා. 

හත් ඉලව්වට පායපු උල්කාපාතේ වගේ කලිසමේ වම් කකුලේ වාටියේ අග රණ කුඹලෙක් ගෙයක් හදලා. අපේ ආච්චි නම් කියන්නේ රණ කුඹල් ගෙවල් කඩපුහාම බඩේ අමාරු හැදෙනවයි කියලා. ඕනේ පොකිරිස්සෙක් කිලෝ එකයි තුන්කාලයි කියලා මම කෝකටත් රාක්කේ තිබුන අසමෝදගම් බෝතලේ අරගෙන ගුඩු ගුඩු ගාලා උගුරු තුනක් කට පුරෝලා බිව්වා. ඇස් දෙක පියාගෙන"පාණාති පාතා" පදේ මතුරන ගමන්, රණ කුඹල් ගේ අඹරලා සුන්නඃධුලී කරලා දාලා ඩෙනිම දාගත්තා. වැඩි හොඳට රම්බාගේ දිහා ගිහිං කෝපි එකකුත් හදාගෙන බොන්නං කියලා හිතා ගත්තා.

මං රම්බාගේ ගෙවල් වැට මායිමට යනකොට ඉඳි ගහට පයින වයසේ ඉන්න සුකිරි බඩිලි කොලු පැට්ටෙක් යටි ගිරියෙන් කෑ මොර දීගෙන කෙහෙල් ගහකට උඩ දාගෙන තඩි බානවා "ජාතිවාදියා... ජාතිවාදයා.... දේශ මාමකයා..... පරදේශක්කරයා...., ස්වදෙශිකයා..." කියා කියා. කෙහෙල් කඳ පරඞැල් වෙලා,  කීතු කීතු වෙලා පට්ට ගැලවිලා ඉස්ම පෙරනවා.  රම්බාගේ තාත්තා පැත්තක ඉඳන් "කමෝන් පුතා කමෝන්" කියලා පොඩි එකාට අප්පුඩියක් ගහලා චියර් පාරක් දුන්නා" ඒකෙන් තව ටිකක් ෆෝම් උණ කොල්ලා බිම තිබුණ ගඩොල් බාගයක් අරගෙන රවුමක් එහෙමකැරකිලා කෙලියා ගිරිය පුප්පගෙන කෙහෙල් ගහට. කරුමෙට කෙහෙල් දල්ල ලාවට ඉඹගෙන ආව  ගඩොල් බාගේ "දීඩීරියං" ගාලා  අහක හිටපු මගේ දරුගහ මුල වැදීලා කකුල් දෙක මුලට වැටුනා. පොඩි එකාව උප්පද්දවන්ඩ දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙච්ච දෙමහල්ලොන්ගේ මුණ පවා මැවිලා පෙනෙද්දී මම දිව හපාගෙන බිම ඉඳගත්තේ බඩ කොර වෙච්චි පාරට.

බඩ ගාගෙන වගේ දෙකට නැමීගෙන ගේ ඇතුලට ගිහිං රම්බාට කතා කරා. ඌ උන්ගේ ගෙදරට ආව නැන්ද අල්ලාගෙන හෙන දේශනාවක් දෙනවා. ඌ කතාවේ ගැඹුරටම බැහැල හිටපු විත්තිය මට තේරුනේ, උට පිටිපස්සේ හිටපු මං නොදැකපු හින්දා.

"නැන්දට කියන්න නැන්දේ දැන් වතුර වල හෙනට විෂ, එතකොට කිරිපිටිවල විස අප්පට උඩු ඊට හපන්, කවුද දන්නේ නැන්දේ නැන්දා ඔය පොඩි එකාට පොවන මව් කිරිවල ඩී.වී.ඩී. ද මොනවද ඒවා තියනවද කියලා, කොහෙද ඉතින් මාමටවත් තේරෙන එකක් යෑ. ඉතිං එහෙව් එකේ කොහොමද පොඩි එකාට තේරෙන්නේ"

"හැබෑව නේන්නම් පුතේ හැබෑව"  කටට ආපු පලියට එහෙම කිව්වට නැන්දට ඌ කිව්ව කාරණාව ඇතුලේ තිබ්බ අලුකුත්තේරු කුපාඩි ඇවටියෙල් කතාව තේරුනේ පස්සෙද කොහෙද. ටික වෙලාවකින්  නැන්දගේ ඇස් දෙක සුදුමැලි වුණා. අතේ හිටපු කිරි දරුවා කිහිල්ලේ ගහගෙන නැගිට්ටේ කිරි පිටි හදන එවුන්ගේ හතර වරිගේ මතක් කර කර. "වල් හැත්ත.. දරුවෙක්ට කිරි ටිකක් පොවන්ඩ නෑ,, කාලාකන්නි කිරිපිටි කාරයෝ.. හැඳි ගෑවිලා මකබෑවිලාම පල ඕකුං..." ටික වෙලාවකට පස්සේ නැන්දා සර්වබලධාරියෝ අල්ලලා බැන්නා රම්බාත් පැත්තකින් අහුවෙන නොවෙන ගානට.

"ආනේහ්.......රයිටර් බයියා...!! කොයිවෙලේද ආවේ...!, ඉන්න මං අපේ භයියා ජීට එන්න කියන්නම්" රම්බාගේ නංගි චාරු පද්දල පද්දලා කිව්වා.

"හලෝ මයි බොක්ක රයිටර්...වරෙන් වරෙන්"

"මොකටද මට පයිණ්ඩයක් එව්වේ එන්ඩ කියලා"

"ආ ඔව් බං අපේ නැන්දගේ පොඩි එකාට සිංහල පාඩම් වගයක් කරගෙන යන්ඩ දීලා නිවාඩුවට. මෙහෙ කොහොද බං සිංහල දන්නා එවුං..උඹ හෙන රයිටරනේ...යමක් කමක් තේරෙනවනේ..අනේ බං පොඩ්ඩක් පොඩි එකාට කියලා දියන්කෝ...."

"අපෝ බෑ බං.... කෝ අර පොඩි කෙල්ල.. ඕනේ නම් ඒකිට නිදිමරාගෙන වුනත් උගන්වන්නම්"

"ආ... නෑ නෑ.. උඹ කරදර වෙන්ඩ එපා...මම කොහොමත් එයාට පාඩම් වගයක් කියාදෙන්න ඉන්නේ...."


පොඩි එකා විසිල් එකක් බාගෙන කොපි පොතක් කිහිල්ලේ ගහගෙන ඇවිත් පොත මගේ ඔඩොක්කුවට විසික් කලා.

"ඔය කෙටි යෙදුම් ටික කියලා දෙන්ඩකෝ සර් අයියේ" ඌ කින්ඩි හිනාවක් දාල මගේ දිහා බැලුවා.

"එහෙම බෑ.. ඉස්සෙල්ල මල්ලි පුතා උත්සාහ කරලා බලන්ඩ.. මම හරිද කියලා බලන්නම්" මමත් හෙන ආදරෙන් කිව්වා.

පොඩි එකාට දැන්  හිටගෙන මල විදින සයිස් එක. පොර දත් මිටිකනවා. ටිකක් වෙලා කල්පනා කර කර ඉඳලා පොර ටික වෙලාවකට පස්සේ  මට පොත ගෙනත් දුන්නා. මම හිතාගෙන හිටියේ කොල්ලා දස්සයා වෙන්ඩෑ කියලා.

ලං.වී.ම = ලංකා විදුලිබලු මන්ඩලය - "මේක ටිකක් හරි පුතා.. හැබැයි  "බලු" නෙමෙයි "බල" හොඳේ". පොඩි එකා ඔලුව වනලා හිනා වුණා. 


රා.සේ.පි = රාජ්ජ සේවය පිනට - "හෙහ් හෙහ් මල්ලි පුතා.. පිණට නෙමෙයි පිණිස හොඳේ.. පුතා හොඳයිනේ..ඈ..ඔය ලියලා තියෙන්නේ හොඳට"

අ.පි.බ = අපිට පිස්සු බං - "මේක නම් වැරදි පුතෝ.."

ජ.වී.පෙ. = ජනතාව වීදිබැස පෙරට = "කතාව ඇත්ත වුනාට තේරුම වැරදියි පුතා මේකෙත් හොඳේ"

ග.නි.ස.ම = ගණිකා නිවාස සංවර්ධන මණ්ඩපය - " ග..ග...ග.. ගණිකා....කො..කො  කොහෙන්ද පුතා මේක හොයාගත්තේ.. මාව විහිළුවකට ගත්තද.." මට හොඳටම මළ. පොඩි එකා අඬන්න ඔන්න මෙන්න.  මම රම්බාට කතා කළා. පොඩි එකා ඒ අස්සේ අඬ අඬා කඳුළු අස්සෙන් තටම තටම කිව්වා

"ඒක ගැන විතරයි සර් හරියටම සුවර් එකක් තියාගෙන හිටියේ"