Friday, May 13, 2016

මගේ දුර්වලම තැන්




ඉකිබිඳින්නට
තතනන
බිමට බර
ඔබේ කවි ඇස්ද,
නලියනා වූ
දෙතොලද,
මගේ දුර්වලම
තැන් බැව්
ඔබ දන්නවා'දැයි
නොදනිමි...

මහත් වූ ආවේගයෙන්
මා මුවින් ගිලිහෙන,
වාග් දඬු චණ්ඩ සේනා
ඔබ දෑස්, දෙතොල අභියස
උණු වී නිවෙන බැව් නම්
ඉඳුරාම දනිමි...

එහෙයින් දයාවිය
මා, ජීවිතෙන් පරදින
තව තැනක් වේ නම්
ඒ එතැනය ...

~ වීක් රයිටර් ~

10 comments:

  1. පිරිමි ඔහොම තමා.........

    ReplyDelete
  2. ඔබ ඔබ මය
    මම මා මය.

    ReplyDelete
  3. මං මොකුත් කියන්නෑ ඔන්න.

    ReplyDelete
  4. දුර්වල තැන් ගැන ඔහොම කියන්න හොද නෑ.

    ReplyDelete
    Replies
    1. පස්ස‍ෙ තමන්ටම හරහට හිටිනවා න‍ෙහ් ?

      Delete
  5. හැමෝම දැනුවත් !
    දැන් පුලුවන් මුගෙ දුර්වලම තැනට පහර දෙන්න.

    ReplyDelete
    Replies
    1. හික්ස්... මේක ඇවිල්ලා යුධ උපක්‍රමයක් සතුරා මුලා කරන්ඩ හාාහාාාහහාහ

      Delete