Wednesday, May 25, 2016

හදවතක තෙත




හදවතක තෙත
ඉක්මවා ගිය
දයාබර මීවිතක තෙත
ඉතිං දෙතොලග
තැවරෙන්නටය
අවසර...
ඇය ඇවිත් යන වගට
සහතික විය නොහැකිමුදු
ඒත් ඒ සිහිනයකම මිස
හැබැහින් නොවන වග පවසමි
මැලවී කෘශව ගිය දෙතොලග
ඈ ඉතිරි කර ගිය
එකදු හෝ සටහනක් වේ නම්
හඬ නගා කියවන්නටය
ඉතින් මීවිත
ඔබට මේ අවසරය

~ ඩ්‍රන්කන් රයිටර් ~

2 comments: