Thursday, March 10, 2016

විෂ ඇසිඩ් කවි





කමිස කොලරයෙන් ඇද
යටි බඩට දෙකක් ඇන
ඊයම් බරුද ගිල්ලන
කවක් ළඟ නමමි දණ

නිය පිටින් පහුරු ගාගෙන
දුර්වලම තැන් හදෙහි හොයාගෙන
ඒ මතින් විෂ ඇසිඩ් අතුරන
රළු කවක් ළඟ පසු බසිමි මම

~ ක්නෙල්ට් ඩවුන් රයිටර් ~

6 comments:

  1. කවිය සුපිරියි......

    ReplyDelete
  2. කවිය ත් ඇසිඩ් වගේ...
    හරියට හැලුවොත් පිච්චෙන සයිස්...
    ජයවෙව්ා

    ReplyDelete