Friday, March 25, 2016

රළු පිරිමි පපු





මෘදු මලින් පිරි
විල්, ගඟුල්, දිය
කොතෙක් තිබුණද
මහ පොලව මත...,

රළු පිරිමි පපුවක
රොද බැඳුනු
මුහුලස අතර
තරම් හොඳ
වෙන තැනක් නැත,
සොයා කිමිදෙන්නට
පතුළ,
ගැහැණියකට...

~ ඩයිවින්ග් රයිටර් ~

4 comments:

  1. වෙන තැනක් නැතුවමද?

    ReplyDelete
    Replies
    1. හහ සෑම් අයියලා දන්නවැතින‍ෙ...... :D :D :D :D

      Delete
  2. ඒ උඹ හිතන හැටි.

    සොයාගෙන කිමිදෙන්න
    බැංකු ගිණුමක පතුල
    වගේ තව හැඟීමක්
    තියේවිද මේ ලොවේ?


    Realistic Dude

    ReplyDelete
    Replies
    1. බැංකු ගිණුමක පතුළ
      සොයා කිමිදමි මම
      හැම සති අන්නතෙකම
      ඒ.ටී.එම් මැෂිම ළඟ

      Delete