Monday, March 21, 2016

ඉන්ද්‍රජාලික හදවත



ඔබ එතැයි සිතූණු
බොහෝ සැඳෑවල,
හාදු අමුණා
ඔබ එවන ලද,
සියලු කෙටි
පණිවිඩ පත්
එකක් නෑරම
ඔබේ හඬින්
කියෙව්වෙමි...

ඉනික්බිතිව,
ඔබ ඇවිත්
ගියා'යැයි
රැවටුණ,
ඉන්ද්‍රජාලික
හදවතෙහි,
අකීකරු
මනෝභාවයන් හා
අමනාපව
සර්ව රාත්‍රිය
නිදිවර්ජිතව
පහන් කලෙමි..

~ ස්ලීප්ලස් රයිටර් ~

6 comments:

  1. ළදබොළඳ
    ගතියයයි
    කිවොත් හෙම
    නුරුස්සමි

    ReplyDelete
    Replies
    1. ලද බොලද ගති
      තිබිය යුතුමය
      ප්‍රේමයකට

      Delete
  2. ඇන්ඩ්‍රොයිඩ් හදවතක යුනිකෝඩ් හැඟුම්.

    ReplyDelete
    Replies
    1. මරු හෙඩිම ඩූඩ් අයිය‍ෙ..... :D :D :D

      Delete