Monday, April 11, 2016

හාට් ඇටෑක්





හාට් ඇටෑක්
හැදී මිය ගිය
ඔස්ටින්
මුදලාලිට
හදවතක්
තිබුණු බව,
අවසන, ගම්මු
නොකැමැත්ත‍ෙන්
හෝ වුව පිළිගත්හ

~ රියලයිස්ඩ් රයිටර් ~

11 comments:

  1. //නොකැමැත්ත‍ෙන්
    හෝ වුව පිළිගත්හ//

    අපූරු නිර්මාණයක් !

    ReplyDelete
  2. මේක විවේචනයක් ලෙසට ගන්න එපා. යෝජනාවක් විදියට ගන්න.
    'හාට් ඇටැක්' කිව්වත්
    'හෘදයාබාධයක් ' කිව්වහම මුදලාලිට වඩා ගම්මුන්ට සාධාරණයක් වෙයි කියල හිතුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... පිළිගමි

      ඒ වචනේ ගැන එච්චර හිතුවේ නෑ... ඔව් එහෙම ගන්නත් පුළුවන්...

      මට දැන් මෙහෙම හිතෙනවා (ලියද්දි ලිවේ එහෙම හිතල නෙමෙයි.) ඒ කතාව මං කියන්න හදන්නේ ඔස්ටින් මුදලාලිගේ පැලැන්තියේ අයට කියා..

      Delete
    2. ගම්මු මොඩන් උනාට තාම උන්ට හැදෙන්නේ 'හෘදයාබාධ' නේද? එක්කෝ පපුවේ අමාරු.

      කිසි අවුලක් නැහැ. සමහර වෙලාවට මමත් දන්නේ නැහැ මම ලියන කවි වලට ඒ යෙදුම ආවේ කොහොමද කියල. පස්සේ බලනකොට මට ඒකට සාධාරණ හේතුවක් හොඳටම පේනවා.

      Delete
    3. ඔව්... ගම්වල හැබැයි බ‍ොහ‍ෝ දුරට අතී නුගත් ගැමිය‍ො පවා කැඩිච්ච ඉංග්‍රීසි වචන භාවිතා කරනවා... බවුන්ඩේසම් (Foundation) | ප්ලේන්ට් (Paint) | වග‍ේ ඒවා....

      Delete
  3. 'හෘදයාබාධයක් ' කිව්වහම මුදලාලිට///// මොඩර්න් ලංකාවේ FMචැනල් උදේ හවස අහන ගම්මු එහෙමම කියයිද

    ReplyDelete
    Replies
    1. ලියන වෙලාවේ එහෙම මොන අදහසකින් වත් ලිව්වේ නැ .
      හිතට ආව විදිහට ලිව්වේ

      ( "ඇනෝ" කියන විදිහට, හාට් ඇටෑක් කියන වචනේ එතරම්ම දුලබත් නෑ ගම්වල)

      Delete
  4. හාට් ඇටෑක් එකකින් මුදලාලි මලා..
    දැන් ගමේ අයගේ පොතේ ලියපු ණය..
    ඒ ටික එලෙසමයි.මුදලාලි හාමිනේ හෝ පුතා ඒවා ආපහු ඇදලා ගනීවි..

    ReplyDelete
    Replies
    1. ඊට පස්ස‍ෙ මුදලාලි හාමිනේගයි පුතාගෙයි හදවත් ගැන ගම්මු දැනගනීවි

      Delete
  5. කාලයක් හදවතක් නෑ වගේ හිටියම ආබාද එන එක පුදුමයකුත් නෙමෙයි කියලා මිනිස්සු හිතන්න ඇති.

    ReplyDelete