Thursday, April 28, 2016

ගිවිසුම




මෙතුවක් කල් අපි
ගිවිසගත් පරිදිම,
එකම මාවතක
ඇවිදන් ගියද,
ඔබට කැමති
තැනකින්
හැරෙන්නට
අවසරය ඇත..,

ඉනික්බිති
අවැසි නම්
තනි මගක වුව
යන්නටද පුළුවන,
එතැනහිදිත්
යොදුනක් පසු පසින්
අනවසරයෙන් හෝ
ඔබ හඹා එන්නට
එවිට මට පුළුවන....

~ ෆලෝවින්ග් රයිටර් ~

6 comments:

  1. ගැඹුරු අදහසක්...

    ReplyDelete
  2. මේ තරං දුර නෑවිත් මගෙන් හැරෙන්නට තිබුනා..කියලා සිංදුවක් මේ දවස්වල ටෙලිනාට්ටියකද කොහෙද යනවා..

    ReplyDelete
    Replies
    1. හික්ස්... අපහාස කරනවා නෙම‍ෙයි... ඒත් අකුරු වලින් ඊටවඩා දෙයක් කරන්න පුලුවන්...

      Delete
  3. යකු මු උදේ හවස දානවා නේ..

    මම කිව්වෙ “පෝස්ට්“ ගැන

    ReplyDelete
    Replies
    1. ෂෙඩුල් ෂෙඩුල්

      හෙහ්... මාස දෙකකට ෂෙඩුල් කරලා තිය‍ෙන්න‍ෙ.. බය ව‍ෙන්න දෙයක් නෑ හාහාහාහාහා

      Delete