Tuesday, April 5, 2016

මැටිල්ඩා



දුර්වල කවියෙක්ට
මේ ඉර, හඳ, තරු, මල්
කොයි තරම් නම් නීරසද
මම කියා තිබෙනවා ඔබට...

එකම රාමුවක වටේ ඇවිදීම
කොයි තරම් ලස්සන වුණත් උයන
මල් සුවඳ නැහැයට නොදැනී යාම,
වැළක්විය නොහැක්කක් සේම
අකුරු කන්දක අතරමං වීමත්
උමතු භීතියක් කවියෙක්ට...

"මැටිල්ඩා"....
අපි හදමු අලුතින්
පාරිභාෂික
වචන මාලාවක්"

"ඔව්...."
ඔබ, මම, අපි ගැන
වැඩියෙන්ම කියවෙන
උපමා සමුච්චයක්...

මං හිතන්නේ ඔබට
ඇහැකි වෙයි මට
උදව් වෙන්න,
මේ දුර්වල
කවිකමෙන්
අත් මිදෙන්නට


~ වීක් රයිටර් ~

4 comments:

  1. සීමාවෙන් ඔබ්බට බලන්න.......... එවිට ඒ දේවල් හම්බේවි............

    ReplyDelete
  2. කුණු කානු, බෝක්කු, කැඩුණු පාලම්
    මලකඩ උණත් නරක නෑ උපමාවට...

    ReplyDelete
  3. කවියා දුර්වල නැති නිසා තමා නව උපමා හොයාගෙන යන්නෙ..!!

    ReplyDelete