Friday, November 11, 2016

දුවක් වී නම් ගෙදරක




බලාගෙනමයි
උන්නෙ මම
වරු ගාණක සිට,
එක දිගට ඔබ
මට හොරෙන්
හැඬූ වග...

වාවගන්නට බැරි
තැනකදී උපරිම,
නාඩන්න'යැයි
නොකියමි මැණික...

ගුලි කරන්
පපුවට ඔබ,
සිඹිමින් හඬන ගවුමම,
මං ගාවය තිබුණෙ,
ඩිංගිත්තකට පෙර...

වෙන්කර ගත
ඇහැකි නම්
පැහැදිලිව,
දකින්නට හැකිවෙයි ඔබටද,
හරියටම ඉන් අඩක්
මගෙත් කඳුළු වග...

හදා ගත යුතුව ඇත
මැණිකේ අපි, අපේ හිත,
දුවක් වී නම් ගෙදරක
යා යුතුවම ඇත දීගෙක...

~ සීක්‍රට්ලි ක්‍රයින්ග් රයිටර් ~

1 comment:

  1. ගෙදරක දුවක් ඉන්නවා කියන්නේ කොච්චර සිරියාවක්ද අප්පා. හැබැයි ඉතින් උනුත් අපි වගේම සම්ප්‍රදායට කොටු වෙන්න ඕනනේ.

    ReplyDelete