Tuesday, November 22, 2016

තරු සිරුරු




දවාලෙහි කාශ්ඨෙට ඇවිලුණු
තරු සිරුරුවල අඟුරුය,
කළුවරක් සේ අහසින්
ඇද හැලෙන්නේ රෑට...

උනුන් මිහිදන් කළ
ඒ සොහොන් කොත් මත
සංවේගයෙන් දල්වන
පන්දම් පහන් එළියකි
ඔබ දකින්න‍නේ තරුවක් විලස...

~ වොරීඩ් රයිටර් ~

2 comments:

  1. අඩේ මට පට්ට ආසයි බන් උඹ ලියන ස්ටයිල් එකෙන් කවි ලියන්න.

    වෙලාවක ට්‍රයි එකක් දාලා බලා ෆේස්බුක් එකේ කොමෙන්ට් එකක් දාන්නම්

    ReplyDelete