Sunday, November 13, 2016

දිදුලනා වූ තනි තරුව



ආලෝක වර්ෂ
දස දහස් ගණනක්
එහා හිඳ
දිදුලනා වූ
තනි තරුවක්ය
"
නුඹ" ...

ඉතිං,
සාධාරණය...!!!,
දිදුලමින් පැවතීමම මිස
අහසින් බැස අවුද
හදවතක නතර වීමට
සිත් පහළ නොවීම.
එහෙත් තාරකාවියනි...,

තරුවකට පැවරුණා වූ
සියලු කාරණා හැර,
තරුවක් විසින්
"
තේරුම් ගත යුතුව ඇති"
කාරණාද
අපමණක් තිබෙන්නට
පුළුවන් බව,
තාරකාවකට
නොවැටහීමම,
කොයි තරම් නම්
ශෝකජනකද...?

~ ඇස්ට්‍රොනට් රයිටර් ~

1 comment:

  1. ලෝකයාට පෙනෙන්න
    පමණක් නොව
    ලෝකයාගේ හදවත් තුළ
    සදාකල් වැජඹීමට හැකිවන සේ
    දිදුලන්න.......

    ජයවේවා!!!

    ReplyDelete