වැහි ඇල්ලකින් පසු
පුරන් වූ යාය කෙලවර,
රුක්අත්තන මලක්
හිනැහෙයි,
කිරි අත්තාගේ
සොහොන පාමුල...
පුරන් වූ යාය කෙලවර,
රුක්අත්තන මලක්
හිනැහෙයි,
කිරි අත්තාගේ
සොහොන පාමුල...
උදැල්ලක පහසක්
කල්පෙකින්
නොවිඳිනා
පොළොවක්,
අදත් හඬගා කියයි
අත්තා,
හුස්ම ගනිමින්
හිඳිනා වගක්...
කල්පෙකින්
නොවිඳිනා
පොළොවක්,
අදත් හඬගා කියයි
අත්තා,
හුස්ම ගනිමින්
හිඳිනා වගක්...
~ බ්රීත්ලස් රයිටර් ~
අපේ මුතුන් මිත්තො දුන්න මතක විතරය් අපට දැන් තියෙන්නෙ
ReplyDeleteහුඟක් ගැඹුරු අදහසක් කියවෙනවා වගේ දැනෙනවා
ReplyDelete