Saturday, November 19, 2016

පළමු හමුවීමකට සුදානම් වීම



ඔබ හිතනා තරම්
පහසු නැත,
පළමු හමුවීමකට
සුදානම් වීම...

කල්පයක් හිත
රැඳෙනු පිණිස,
සිහි තබා ගත යුතුව ඇත
එකදු බැල්මක්වත්
මග නොහැර...

වෙන්වී යන්නට
සිදුවූ දාක අපිට,
යළි යලිත් සිහිකර
හඬන්නට දෙයක්
සන්තකව විය යුතුය..

මරණ මංචය මත
හෙළනා දිනක
අවසාන සුසුම,
සිහි කැඳවා ගත
යුතුව ඇත
ඉතාමත් පැහැදිලිව,
පළමු හමුවීම දා
ඔබගේ මුහුණ...

එහෙයින් සොඳුර
ඒ පළමු හමුවීමට
සූදානම් වීම,
ඔබ කියනා තරම්
පහසු නැත...

~ බැක්පැක්ඩ් රයිටර් ~

No comments:

Post a Comment