Wednesday, November 16, 2016

ඊළඟ මොහොත ..!!!




අඩවන්
ජනෙල් පියනකි..
තිර රෙදි,
සුළඟට අනුව
නැටුමකි...

අඩක් අවසන්,
රතු වයින්
බඳුනකි...

මදක් පියවුණ
සුනිල් දෙනෙතකි...

ඉසිඹුවක් නැති
ලදළු දෙතොලකි...

ඊළඟ මොහොත
නොනිමි කවියකි...

~ ඉන්ටොක්සිකේටඩ් රයිටර් ~

1 comment:

  1. ඊලඟ මොහොත
    සිරිපොද වැස්සකි
    ගලන ගඟකි
    නිසල විලකි

    ReplyDelete