Saturday, November 5, 2016

කල්පෙකට පසු ඔබ..



කල්පෙකට පසු අද
ඔබව දුටුවෙමි...

දිගු නිද්‍රාවකින්
පසු ඇහැරුණ,
හිතද රවටා ගතිමි...

මගේ ප්‍රියතම
කොණ්ඩ මෝස්තරය,
ඔබ දමා ඇත්දැයි බලමි...

ඒ කොණ්ඩ කටු හා මුදුවද,
ලා පාට බෑගයද, මාලෙද,
මා තිලිණ දුන් ඒවා වගට
සහතික කර ගතිමි...

මෘදු ලැවැන්ඩර් සුවඳ
ළඟින් හමතැයි හඟිමි...

ඔබට ළංවී
තුරුළුව ඇවිදින,
තව කෙනෙකු දැක ගනිමි...
 
ඒ කවුරුදැයි
නොහඳුනමි...

ඉනික්බිති එය
සිහිනයක් බැව්
මම තනිව මුමුණාගමි,
කිසිත් සිදු නොවුණ සේ
යළිත් ආපසු හැරෙමි...

~ අන්අයිඩින්ටිෆයිඩ් රයිටර් ~

No comments:

Post a Comment