Friday, November 18, 2016

ගිණි නිවාලන පහනක්




ශීත බිඳු දිය

බිඳිති බේරෙන

ඔබේ පිට මැද

කුඩා දිය ඇල්ලක්...



සලිත වී සියොළඟ

සිපගනිමි එකිනෙක

පිපුණු හීගඩු යායක්...



මැණික, ඔබ

දැල්වී දැල්වී

ලසෝ ගිණි

නිවාලන පහනක්



~ මෙල්ටඩ් රයිටර් ~

1 comment:

  1. මට මේක දකිද්දි මතක් උනේ “කුසලානය“ කියන පැදි පෙල

    ReplyDelete